Divaina - ගැඹුරු තෙලට පොල්තෙල්, තෙම්පරාදුවට එළවළු තෙල්.... හදගැස්ම රැකගෙන කටගැස්ම හදාගන්න! තරුපහේ හෝටල් කුස්සියෙනුත් වෙළෙඳපොළට තෙල් උනනවා

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පාම්තෙල් බෝතල් ලේබලයේ එළවළුවල පිංතූර
 
 
සනත්එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
oil2 
”ෆාම්තෙල් ලීටරය ... යි” යනුවෙන් සඳහන් වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළෙඳසලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණන ද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්ත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ල ද මහත් මානසික වධයක් බවට පත්වී තිබේ. ‘ෆාම්‘ (farm)* යනු ගොවිපොළයි. මෙම වචනය යම්කිසි කෘෂි නිෂ්පාදනයක් ඉදිරියෙන් යෙදූවිට එය පාරිභෝගික සිතට වැඩිපුර සමීප වෙන තත්ත්වයක් තිබේ. වඩාත් සෞඛ්‍යාරක්ෂිත බවක්ද දැනෙන්නේය. හොඳට ඉංග‍්‍රීසිය හසුරවන්නන් පවා ඇතැම් අවස්ථාවල ‘ෆාම් ඔයිල්‘ යන යෙදුම භාවිතා කරනවා මා අසා තිබේ. විටෙක මා එය ඇසුවේ රූපවාහිනී නිවේදකයෙකු

 ගෙන්ය. මේ කියන්නේ ‘පාම්’ (Palm)* ශාක නොහොත් තාල වර්ගයේ ශාකයක් වන ‘ඔයිල් පාම්’ ශාකයෙන් ලබාගන්නා, ‘පාම් ඔයිල්’ ගැනය. තවත් තේරෙන විධියට කියනවා නම් කටුපොල් තෙල් ගැනය. එක අකුරක වෙනසින් එයට ලැබුණු සුචරිතභාවය කෙතරම්ද කියනවානම් අද රටේ කී දෙනෙක් වැඩි හොඳට යයි කියා, ෆාම් තෙල් (පාම් තෙල්* අනුභව කරනවා ඇත්ද? ඒ සිල්ලර කඩයේ තත්ත්වයයි. පහළ මධ්‍යම පාන්තිකයා සිට යන්නට පුරුදු වී ඇති සුපිරි වෙළෙඳසලේ තත්ත්වය මීටත් වඩා නරකය. එහිදී ඇතැම්විට පාම් තෙල් හඳුන්වන්නේ ‘එළවළු තෙල්‘ නොහොත් දිවට වඩාත් හුරු පරිදි වෙජිටබල් ඔයිල් වශයෙනි. ටොක්ක අනින්නට පෙර බොහොම සනීපෙට හිස අතගාන පරිද්දෙන් රාක්කවල අසුරා ඇති වෙජිටබල් ඔයිල් බෝතල්වල පාට පාට දවටනයන්හි, වයිවාරන එළවළු වර්ගවල පිංතූර පිරිලාය. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස් ආදියෙන් බෝතල් පිරෙන්නට තෙල් හිඳින්නට හැකිදැයි දෙපාරක් නොසිතනා පාරිභෝගික නෝනලා, රාක්ක අතරින් සීරුවට තල්ලූ කරන ට්‍රොලියට වෙජිටබල් ඔයිල් බෝතලයක් ඔබාගන්නේ අල්ලපු රාක්කයේ ඇති පොල්තෙල් බෝතල් දෙසට වපර ඇසින් බැල්ම හෙළමිනි. තම ලේ නෑයාට ලැබෙන සත්කාරය ගැන ඉරිසියා නොකරන තරමට පොල්තෙල් බෝතලය නිහතමානී වී ඇති බව නම් ඇය නොදන්නීය.
 
oil1 මේවා එළවළු තෙල් නොවේ. සරල කටුපොල් තෙල්මය. වගකීමෙන් බේරෙන්නට අවශ්‍ය නිසා ආනයනකරුවන් විසින් බොහොම පුංචි අකුරෙන් එහි ඇත්තේ පාම් තෙල් බව ඉංග‍්‍රීසියෙන්ම සඳහනක් ද කර තිබේ. පින්තූරවල විචිත‍්‍රත්වයෙන් කුල්මත්වී ට්‍රොලි පුරවන්නාට ඒවා පෙනෙන්නේ නැත. ගමේ එකා ඇඟට අගුණ පොල්තෙල් බුදිද්දී, අපි නම් ෆ‍්‍රයි කරන්නේ වෙජිටබල් ඔයිල් වලින් යයි සිහින් ආඩම්බරයක් නාගරිකයාට තිබේ. නමුත් නොදන්නාකම නිසාම ඔවුහු කකුල් දෙකෙන්ම වලිගය පාගාගෙන සිටිති. එළවළු තෙල් නමින් හඳුන්වන ආහාරයට ගන්නා තෙල් වර්ග පන්තියක් ද ලොව පුරා භාවිතා කෙරේ. සූරියකාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිඟු තෙල් ආදිය මේ අතරින් අප රටෙහි ද සුලභය. මීට අමතරව විදෙස් රටවල නම් ඔලිව් තෙල්, කැනෝලා තෙල්, අලිගැටපේර තෙල්, රටකජු තෙල් ආදිය ද තිබේ. මේ හැම තෙලකම ගුණ අගුණ දෙකම ඇති නිසා නොදැන ගියොත් නම් අතරමගමය.
 
 ”පොල්තෙල් උනත්, පාම් තෙල් උනත් ඔය දෙකේම වැඩිපුර තියෙන මේද අම්ල, සංතෘප්ත මේද අම්ල කියලයි වර්ග කරලා තියෙන්නේ. පාම් තෙල්වල නම් පොල් තෙල්වලට වඩා තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒත් පොල්තෙල් වල නම් 92% ක්ම සංතෘප්ත මේද අම්ල. පාම් තෙල් වලට එළවළු තෙල් කියනවා නම් පොල්තෙල්වලටත් එහෙමම කියන්න වෙනවා. සත්ව තෙල්වල තියෙන්නේත් වැඩිපුරම ඒ  වර්ගයේ මේද අම්ල. රුධිරයේ ‘නරක කොලෙස්ටරෝල්’ (LDL) කියන වර්ගය වැඩි කරවන්නේ මේවා විසින්. ඒ හරහා හෘදයාබාධ අවදානම ද ඉහළ යනවා. නමුත් නියම එළවළු තෙල් ගණයට වැටෙන තෙල් වර්ගවල තියෙන්නේ ‘අසංතෘප්ත මේද අම්ල’ කියන ඒවා.”

 

oil2man
බැටළු වෙස්ගත් වෘකයෙක් බඳු වූ පාම් තෙල් නමැති ඊනියා වෙජිටබල් ඔයිල් ගැන මූලික හැඳින්වීමක් ලබා දුන්නේ කෘෂි විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතායි. හෙතෙම කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානියා ද විය. පාම්තෙල් ලබාදෙන කටුපොල් වගාව ගැන අපටත් විවේචන තිබේ. ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවල් කටුපොල් වවා රන්කාසි නෙළන්නේ පරිසරය උගසට තබමින් බව නම් සැබෑවකි. කෙසේ නමුත් එරට ජනයා අප තරමට තම මව්බිම වෙනුවෙන් කටුපොල් වගාවට එරෙහිව කෑ ගසන්නේ නම් නැත. කටුපොල් වවා පරිසරය වනසා ගැනීමට ඔවුන් කටයුතු කළ ආකාරයට හොඳම උදාහරණයක් වන්නේ ඔරංඔටං ගේ ඛේදවාචකයයි. මේ සත්වයාගේ නිජබිම වී තිබුණේ සුමාත‍්‍රා සහ බෝනියෝ දූපත්වලට අයත් වැසි වනාන්තරයි. සොබාදහම සුරැුකීමේ ජාත්‍යන්තර සංගමය විසින් අද වනවිට බෝනියෝහි ඔරංඔටං, අන්තරායට පත් සත්වයෙක් ලෙස වර්ග කර තිබේ. සුමාත‍්‍රා හි ඔරංඔටං, අතිශයින්ම අන්තරායට පත්වූ එකෙකි. තව වසර 10-20 ක් අතරතුර ඔරංඔටං කෘතිම සත්තු වත්තකට සීමාවූවෙකු වෙනවා ඇත. මීට හේතුව ඉහත රටවල ශීඝ‍්‍රව ව්‍යාප්ත වෙන කටුපොල් වගාවයි. එම දූපත් වාසීහු ඔරංඔටංගේ නිවස්නය වූ ස්වභාවික වැසි වනාන්තර කපා ගිනි තබා කටුපොල් වගා කරති. වන විනාශයේ වේගය   ගැන එක වාර්තාවක සඳහන් කර තිබුණේ පැයකට පාපන්දු පිට්ටනි 300 ක තරම ප‍්‍රදේශයක වනාන්තරයක් කපා බිම හෙළනා බවයි.
 
 අපේ රටේ නම් බැලූ බැල්මට ඔරංඔටංලා නැත. ඒ නිසා කටුපොල් වගාවෙන් සිදුවෙන පරිසර විනාශයක් ඇත්නම් එය වෙනම කෝණයකින් අධ්‍යයනය කළ යුතු වේ. මෙම ලිපියට එය අදාළ නොවන නිසා වැඩිදුරට ඒ   ගැන නොලියමි.
 
 අප අනාදිමත් කාලයක සිට පොල්තෙල් අනුභව කරන්නෙමු. එකල කෑමට වෙනත් තෙලක් තිබුණේ ද නැත. හොඳට පොල්කිරි දමා ව්‍යංජන ද පිසගත්තෙමු. මෙම අනුභව රටාව මත හදවත් රෝග වැළඳෙන බවක් එකල හඬනගා කීවේ ද නැත. සෑදෙන පපුවේ කැක්කුමක්, ඇම්මක් හෝ වාත අමාරුවක් සේ සලකන්නටත්, හදිසියේ සිදුවෙන මිය පරලොව යෑමක් අදෘශ්‍යමාන බලවේගයකට භාරකරන්නටත් පැරණි ගැමියා පුරුදු වී සිටි නිසා එසේ වූවා විය හැකිය. නමුත් පසු කලෙකදී පොල්තෙල් භාවිතයේ අගුණ බව පෙන්වන වාර්තා කරළියට එන්නට පටන් ගැනුනි. මෙය තමාගේ සූරියකාන්ත තෙල් ටික විකුණාගන්නට බලවත් රටවල් විසින් කුමන්ත‍්‍රණකාරීව පතුරුවා හරින මිථ්‍යාවක් යයිද අදහස් ප‍්‍රකාශ කෙරුණි. මීට සම්පාතව ‘කුමන්ත‍්‍රණය’ පරාද කරනු වස්, විදේශයන්හිම කරන ලද පොල්තෙල්වලට හිතවාදී පර්යේෂණ වාර්තා ද ගෙනහැර පෑමටද පොල්තෙල් පාක්ෂිකයින් කටයුතු කරනවා දක්නට ලැබුණි. පොල්තෙල්වල සුගුණ සොයන්නට පිලිපීනය පැත්තේ විද්‍යාගාරවල දොරපියන් දිවා ? විවෘතව තැබුණි. මන්දයත් පොල්තෙල් කර්මාන්තය ඔවුන්ගේ ප‍්‍රධාන විදේශ විනිමය උල්පතක් නිසාය. ඔවුනට පොල්තෙල් රැුකගැනීම තම හුස්ම රැුකගන්නවාටත් වඩා වටින්නේය.
 
 ”පොල්තෙල් හොඳයි කියන විදෙස් පර්යේෂණ වාර්තා අරගෙන පරිස්සමෙන් බැලූවොත් පේනවා ඒ පර්යේෂණ සේරෝම විද්‍යාගාර ඇතුලේ කරලා තියෙන්නේ අපි වෙළෙඳපොළෙන් ගන්න විධියේ පොල්තෙල් අරගෙන නෙවෙයි. ඔවුන් තමාගේ පර්යේෂණ සඳහාම ඉතා ක‍්‍රමවත්ව, පිරිසිදු පොල්තෙල් හදලා, ඒවායින් තමයි පර්යේෂණ කරලා තියෙන්නේ. මේවා අදූෂිත නොහොත් පිරිසිදු පොල්තෙල් (virgin coconut oil)'. එතකොට හොඳ ප‍්‍රතිපල එන්න පුළුවන්. ඒත් අද සිල්ලර කඬේ තියෙන පොල්තෙල්වල තත්ත්වයට මේ පර්යේෂණ වාර්තා ගලපන්න බෑ. වෙළෙඳපොලේ තියෙන බාල පොල්තෙල් ඉතා රළු ක‍්‍රමයට හදපුවා. නිෂ්පාදන ක‍්‍රමවේදය තුළදී ඒ තෙල්වලට ගොඩක් වෙනස්කම් සිදුවෙනවා. ජනතාව අනුභව කරන්නේ ඒවායි. හානිය වෙන්නේ ඒවායිනුයි. එතැන නිවැරදි නොකර පොල්තෙල් හොඳයි කියන්න බෑ.”
 
 පොල්තෙල් හා පාම්තෙල් යන දෙකම එක ළඟින් යන තෙල් වර්ග නම්, සුපිරි වෙළෙඳසලේ වායුසමන තත්ත්වය යටතේ තිබෙන පොල්තෙල් බෝතල් මිදී, සුදු පැහැයට තිබෙත්දී පාම්තෙල් බෝතල් යස අගේට රන්වන් දියර තත්ත්වයෙන් තිබෙන්නේ කෙසේද යන්නත් අප විසඳාගත යුතුය. පොල්තෙලේ ළඟ නෑදෑයා වන කටුපොල් ගසේ තෙල් එසේ හැසිරෙන්නේ නැත්තේ ඇයි? ආහාර විද්‍යාඥයා පිළිතුර අසලය.
 
 ”කටුපොල් තෙල්වලට පොඩි වෙනසක් කරනවා. කර්මාන්තයේදී මේ තෙල් ක‍්‍රමයෙන් ශීත කරන කොට පොල්තෙල් වගේම කොටසක් මිදෙනවා. එතැන තියෙන්නේ වැඩිපුර අගුණ කොටස් තමයි. පෙරීම හරහා ඒ ටික ඉවත් කෙරෙනවා. වෙනත් කර්මාන්තවලට ඒවා යොදා ගන්නවා. ඉතිරි දියරය කාමර උෂ්ණත්වයේදී මිදෙන්නේ නෑ. දැන් ඒකට වෙන නමකුත් කියනවා. ‘පාම් ඔලීන්’ කියන්නේ මේ ද්‍රව්‍යය. මෙය පාම් තෙල්වලට වඩා මිල වැඩියි. ඒ වගේම ශරීරයට හොඳයි නෙවෙයි, හානිය අඩුයි. මෙරට විකුණන පාම් තෙල් බෝතල්වලත් ඔය නම සඳහන් කරලා තියෙනව නම් ඒවා ඔය කියන නියම එළවළු තෙල්වලට බොහෝ දුරට ගතිගුණවලින් ළඟයි.”
 
 හෙතෙම පවසන මෙම ශීතකිරීමේ ක‍්‍රමවේදය හඳුන්වන්නේ ‘ශිශිරකරණය’ (Winterization* යනුවෙනි. ආරම්භයේදී කැටිගැසුණු තෙල් කොටස් ඉවත්වූ පසු ඉතිරි වන දියර තෙලෙහි වැඩිපුර ඇති මේද අම්ල වන්නේ ඔලෙයික් හා ලිනොලෙයික් අම්ලය වැනි අසංතෘප්ත මේද අම්ලයන්ය. ඒවා මිදෙන්නේ සෙන්ටි‍්‍රගේට් අංශක 18-20 අතර උෂ්ණත්වයකදී නිසා අංශක 25 කට පරිසර උෂ්ණත්වය සැකසූ සුපිරි වෙළෙඳසල් රාක්කය මතදී වුවත් ඒවා මිදෙන්නේ නැත. ඔලෙයික් අම්ලය යනු අගනා එළවළු තෙලක් වන ඔලිව් තෙල්වල බහුලව ඇති සංඝටකයයි. එසේ නම් ‘පාම් ඔලීන්’ ලෙස නම් කර ඇති තෙල් බෝතලය, එළවළු තෙල් යයි සිතා මිලදී ගැනීමේදී පාරිභෝගිකයාගේ මුලාවීම, පාම්තෙල් මිලදී  ගන්නා තරමට සැර නැත.
 
 සංතෘප්ත මේද අම්ල 92.1% ක් සහිතව සත්ව තෙල්වලට සමීපව සිටිනා පොල්තෙල්වලට සාපේක්ෂව කටුපොල් තෙල්වල ඇත්තේ සංතෘප්ත මේද අම්ල 50% ක ප‍්‍රමාණයකි. නියම එළවළු තෙල් යයි මෙම ලිපියේ අප හඳුන්වාදුන් මෙරට සුලභව භාවිතා කරන තෙල් වර්ග තුනක් වන සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල්වල සංතෘප්ත මේද අම්ල ප‍්‍රතිශතයන් පිළිවෙළින් 11%, 13% හා 15% ක් වේ. එනම් වැඩිපුර තිබෙන්නේ අසංතෘප්ත මේද අම්ලයන්ය. මෙය පොල්තෙල්වලට මුළුමනින්ම පරස්පර තත්ත්වයකි. එසේ නම් අපගේ සූපවේදී ක‍්‍රියාකාරකම් තුළ පොල්තෙල් හා එළවළු තෙල් එකම විධියට හැසිරෙනවා යයි සිතන්නට බැරිය.
 
 තෙල් පරිභෝජනය බැහැර කළ හැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප‍්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැයි කිව්වත්, පිසින ක‍්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත. මීට අමතරව මේදයේ පමණක් දියවෙන විටමින් වර්ග දේහය තුළ ඒ මේ අත පරිවහනය කරන්නටත් තෙල් නැතිවම බැරිය. හෝමෝන වැනි ද්‍රව්‍යයන් නිපදවන්නටත් අමුද්‍රව්‍ය සපයන්නේ තෙල් මගින්ය. මෙවැනි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයක් බිහිසුණු කාල බෝම්බයක් තරමට අර්ථ දක්වන සමාජයක් අද බිහිවී ඇත්තේ, තෙල් පරිභෝජනය ආවාට ගියාට සිදුකිරීමේ හේතුවෙන්ය. අප තෙල් පරිභෝජනය කරන්නේ ගැඹුරු තෙලේ දමා බැදගත් ආහාර හෝ තෙම්පරාදුවක් ලෙස පිළියෙල කළ කෑම සමගය. තෙල් තාච්චිය පෙන දමන්නට උතුරවන විට බාහිර ඔක්සිජන් තෙල් තුළට රිංගන්නට බලයි. තෙල් අසංතෘප්ත නම් වැඬේ පහසුය. එනම් අසංතෘප්ත මේද අම්ල බහුල සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයාවල මෙම ඔක්සිකරණය පහසුවෙන් සිදුවේ. එනම් ඒවා උතුරන තෙල් තාච්චිය තුළදී පොල්තෙල් තරමට ශක්තිමත්ව, ස්ථායීව හැසිරෙන්නේ නැත.
 
 ”අසන්තෘප්ත තෙල් වලින් ‘මුක්ත ඛණ්ඩක’ කියල අංශු විශේෂයක් මුදා හරිනවා. කල් ගතවෙනකොට මේ වැඬේ ඉබේටම සිදුවෙන දෙයක්. ආලෝක කිරණ, තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වගේ තත්ත්වයන් මත මෙය පහසුයි. පිටරටින් ගෙනෙන ඔලිව් තෙල් එහෙම කළුපාට බෝතල්වල දාල සීල් කරලා තියෙන්නේ මේ ඔක්සිකරණය නවත්තන්න. අපි තෙල් උණු කරනකොටත් මේ වැඬේම වෙනවා. එතකොට බැදපු ආහාරයත් සමග මුක්ත ඛණ්ඩක ශරීර ගතවෙනවා විතරක් නෙවෙයි, දම්වැල් ප‍්‍රතික‍්‍රියාවක් වගේ ආහාරයේ තිබෙන අනෙක් තෙල් සමගත් ප‍්‍රතික‍්‍රියා කරමින් මුක්ත ඛණ්ඩක ‘පැටවු ගහනවා’. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, දේහ ෙසෙලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක‍්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය ලෙඩ වෙනවා. හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්ත්වයන් මේවාට උදාහරණ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප‍්‍රතිඔක්සිකාරක’ Antioxidants නම් ද්‍රව්‍ය හරහා ඉහත කී මුක්ත ඛණ්ඩක ඇති කරන ප‍්‍රචණ්ඩත්වය සමනය කරන්න පුළුවන් බවයි. හැබැයි ඒ වගේම සාධාරණ නැත්ද අපේ ආහාර පිළියෙල කිරීමේ රටාව එහා මෙහා කරලා මුක්ත ඛණ්ඩක හැකිතරම් අඩුවෙන විධියට කෑම ටික හදා ගත්තොත්?”
 
 ආහාර විද්‍යාඥ සෙනරත් ගේ විමසීම හෝ යෝජනාව පැහැදිලිය. පිටරටවල ධනවත් ඇත්තෝ ගැඹුරු තෙලේ යමක් බැද්දත් ඒ තෙල් ටික නැවත භාවිතා කරන්නේ නැත. ඔය කියන විධියට බැදීමෙන් පසු එම තෙලේ මුක්ත ඛණ්ඩක පිරිලාය. නැවත රත් කළහොත් ඔක්සිකරණය තව ටිකක් සිදුවී තවත් මුක්ත ඛණ්ඩක ටිකක් තෙල් ගොඩට මෙන්ම එයින් බදිනා ආහාරයට ද එකතු වන්නේය. එම තෙල රත් කරන වාරයක් පාසා මේ ආකාරයට මුක්ත ඛණ්ඩක සාන්ද්‍රණය එහි වැඩි වන්නේය. ‘බැදුම් තෙල්’ භාවිතා කිරීමේ අවදානම ඇත්තේ එතැනයි. සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල් වැන්නක් ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කරන්නේ නම් මේ අවදානම වැඩිය. මන්දයත් ඒවා අසංතෘප්ත තෙල් බැවින් පහසුවෙන් ඔක්සිජන් සමග ක‍්‍රියාකරන බැවිනි. ගැඹුරු තෙලේ බැදුමට එළවළු තෙල්වලට වඩා පාම් තෙල් හොඳය. පොල්තෙල් ඊටත් වඩා සුදුසුය. මන්දයත් එහි 92% ක් ම සංතෘප්ත මේද අම්ල ඇති බැවිනි. එසේ නම් අප කොබෙයියා බැදගත යුත්තේ පොල්තෙලෙන් මිස එළවළු තෙලෙන් හෝ පාම් තෙලෙන් නොවේ! ගැඹුරු තෙලේ වැඩි වේලාවක් ගිල්ලවාගෙන බදිනා, කැවුම්, කොකිස්, ආස්මි, උඳුවැල් ආදී අපගේ සාම්ප‍්‍රදායික ආහාර පිසීමේදී අතීතයේ භාවිතා කරනු ලැබුවේ පිරිසිදු පොල්තෙල්ය. අවුරුදු මේසය පිරෙන්නට තෙල් බේරෙන කැවිලි හදන්නට සොබා දහම විසින්ම සංතෘප්ත මේද අම්ල සහිත තෙල් බඳුනක් තෝරා දීම කෙතරම් සුන්දර සිදුවීමක්ද? එහෙත් අද දවසේ වැඩි හොඳට යයි කියාගෙන සූරියකාන්ත හෝ වෙනත් මිල අධික තෙලකින්, ගම අමතක වුණු ටවුන් වැසියෝ කීදෙනෙක් කොකිස් උඳුවැල් බදිනවාදැයි අප දන්නේ නැත. ඊළඟ අවුරුදු කෑමේදීවත් ඔවුන් පොල්තෙල්වලට මාරුවිය යුතුය.
 
 තරු පහේ හෝටල්වල නවතින ධනවතුන් උදෙසා සුපිරි ආහාර වර්ග පිළියෙල කරන හෝටල් මුළුතැන් ගෙවල්හි වරක් භාවිතා කළ තෙල් නැවත රත් කරන්නේ නැත. ධනවතාගේ පර්වත සිරුරට ආහාරයත් සමග යහමින් මුක්ත ඛණ්ඩක ඇතුල් විය හැකි බැවිනි. එහෙත් පසුගිය දිනෙක අසන්නට ලැබුණේ එතැන භාවිතා නොකරන මෙම පාවිච්චි කළ තෙල්, මිලට
 
 ගැනීමට තවත් පිරිසක් තරු පහේ කුස්සියට පිළිකන්නෙන් රිංගන බවයි. මෙය හෝටල් පාලකයින්වත් නොදන්නා කිචන් ගනුදෙනුවකි. ඔවුන් එය පරිස්සමට පෙරා රොඩුබොඩු ඉවත් කර වෙනත් තෙල්වලට මිශ‍්‍රකර ගමේ කඩවලට බෙදා හරින අතර ආර්ථික අහේනිය හමුවේ ලාබ තැනක් සොයමින් ඉව අල්ලන ගමේ එකා මුක්ත ඛණ්ඩක පිරුණු මෙම බාල තෙල් ගුදම අසල නවතී. එයින් ටිකක් ගෙදර
 
 ගෙනගොස් නිවී හැනහිල්ලේ කරවල කෑල්ලක් ද බැදගනී. මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඬේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලූත් තෙල් පුරවනවා යයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුළ කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.
 
 අප පෝෂණවේදීන් හෝ වෛද්‍යවරුන් නොවුණත්, දැනට ප‍්‍රකාශයට පත්ව ඇති විද්‍යාත්මක ලේඛනවලට අනුව සමාජයේ පොදු ජනතාවට වරදින තැන් පෙන්වාදීමේ වගකීම අතහැරිය යුතු නොවේ. ගැඹුරු තෙලේ බදිනවා නම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවා නම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසංතෘප්ත මේද අම්ල සහිත එළවළු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත. හදගැස්මට
 
 ගැටලූවක් ඇති නොවන පරිද්දෙන් කටගැස්මට සුදුසු තෙල තෝරාගත යුතු යයි අප පවසන්නේ වෙළෙඳපොළේ ඇති තෙල් වර්ග පෙන්වන මේ පරස්පර හැසිරීම නිසාය. 

 
 
 
 
 

 

 

 

ගැඹුරු තෙලට පොල්තෙල්,

තෙම්පරාදුවට එළවළු තෙල්

හදගැස්ම රැුකගෙන කටගැස්ම හදාගන්න!



තරුපහේ හෝටල් කුස්සියෙනුත් වෙළෙඳපොළට තෙල් උනනවා



පාම්තෙල් බෝතල් ලේබලයේ එළවළුවල පිංතූර



සනත්එම්. බණ්ඩාර

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



”ෆාම්තෙල් ලීටරය ... යි” යනුවෙන් සඳහන් වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළෙඳසලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණන ද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්ත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ල ද මහත් මානසික වධයක් බවට පත්වී තිබේ. ‘ෆාම්‘ (ේරප* යනු ගොවිපොළයි. මෙම වචනය යම්කිසි කෘෂි නිෂ්පාදනයක් ඉදිරියෙන් යෙ¥විට එය පාරිභෝගික සිතට වැඩිපුර සමීප වෙන තත්ත්වයක් තිබේ. වඩාත් සෞඛ්‍යාරක්ෂිත බවක්ද දැනෙන්නේය. හොඳට ඉංග‍්‍රීසිය හසුරවන්නන් පවා ඇතැම් අවස්ථාවල ‘ෆාම් ඔයිල්‘ යන යෙදුම භාවිතා කරනවා මා අසා තිබේ. විටෙක මා එය ඇසුවේ රූපවාහිනී නිවේදකයෙකුගෙන්ය. මේ කියන්නේ ‘පාම්’ (ඡු්කප* ශාක නොහොත් තාල වර්ගයේ ශාකයක් වන ‘ඔයිල් පාම්’ ශාකයෙන් ලබාගන්නා, ‘පාම් ඔයිල්’ ගැනය. තවත් තේරෙන විධියට කියනවා නම් කටුපොල් තෙල් ගැනය. එක අකුරක වෙනසින් එයට ලැබුණු සුචරිතභාවය කෙතරම්ද කියනවානම් අද රටේ කී දෙනෙක් වැඩි හොඳට යයි කියා, ෆාම් තෙල් (පාම් තෙල්* අනුභව කරනවා ඇත්ද? ඒ සිල්ලර කඩයේ තත්ත්වයයි. පහළ මධ්‍යම පාන්තිකයා සිට යන්නට පුරුදු වී ඇති සුපිරි වෙළෙඳසලේ තත්ත්වය මීටත් වඩා නරකය. එහිදී ඇතැම්විට පාම් තෙල් හඳුන්වන්නේ ‘එළවළු තෙල්‘ නොහොත් දිවට වඩාත් හුරු පරිදි වෙජිටබල් ඔයිල් වශයෙනි. ටොක්ක අනින්නට පෙර බොහොම සනීපෙට හිස අතගාන පරිද්දෙන් රාක්කවල අසුරා ඇති වෙජිටබල් ඔයිල් බෝතල්වල පාට පාට දවටනයන්හි, වයිවාරන එළවළු වර්ගවල පිංතූර පිරිලාය. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස් ආදියෙන් බෝතල් පිරෙන්නට තෙල් හිඳින්නට හැකිදැයි දෙපාරක් නොසිතනා පාරිභෝගික නෝනලා, රාක්ක අතරින් සීරුවට තල්ලූ කරන ට්‍රොලියට වෙජිටබල් ඔයිල් බෝතලයක් ඔබාගන්නේ අල්ලපු රාක්කයේ ඇති පොල්තෙල් බෝතල් දෙසට වපර ඇසින් බැල්ම හෙළමිනි. තම ලේ නෑයාට ලැබෙන සත්කාරය ගැන ඉරිසියා නොකරන තරමට පොල්තෙල් බෝතලය නිහතමානී වී ඇති බව නම් ඇය නොදන්නීය.

මේවා එළවළු තෙල් නොවේ. සරල කටුපොල් තෙල්මය. වගකීමෙන් බේරෙන්නට අවශ්‍ය නිසා ආනයනකරුවන් විසින් බොහොම පුංචි අකුරෙන් එහි ඇත්තේ පාම් තෙල් බව ඉංග‍්‍රීසියෙන්ම සඳහනක් ද කර තිබේ. පින්තූරවල විචිත‍්‍රත්වයෙන් කුල්මත්වී ට්‍රොලි පුරවන්නාට ඒවා පෙනෙන්නේ නැත. ගමේ එකා ඇඟට අගුණ පොල්තෙල් බුදිද්දී, අපි නම් ෆ‍්‍රයි කරන්නේ වෙජිටබල් ඔයිල් වලින් යයි සිහින් ආඩම්බරයක් නාගරිකයාට තිබේ. නමුත් නොදන්නාකම නිසාම ඔවුහු කකුල් දෙකෙන්ම වලිගය පාගාගෙන සිටිති. එළවළු තෙල් නමින් හඳුන්වන ආහාරයට ගන්නා තෙල් වර්ග පන්තියක් ද ලොව පුරා භාවිතා කෙරේ. සූරියකාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිඟු තෙල් ආදිය මේ අතරින් අප රටෙහි ද සුලභය. මීට අමතරව විදෙස් රටවල නම් ඔලිව් තෙල්, කැනෝලා තෙල්, අලිගැටපේර තෙල්, රටකජු තෙල් ආදිය ද තිබේ. මේ හැම තෙලකම ගුණ අගුණ දෙකම ඇති නිසා නොදැන ගියොත් නම් අතරමගමය.

”පොල්තෙල් උනත්, පාම් තෙල් උනත් ඔය දෙකේම වැඩිපුර තියෙන මේද අම්ල, සංතෘප්ත මේද අම්ල කියලයි වර්ග කරලා තියෙන්නේ. පාම් තෙල්වල නම් පොල් තෙල්වලට වඩා තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒත් පොල්තෙල් වල නම් 92% ක්ම සංතෘප්ත මේද අම්ල. පාම් තෙල් වලට එළවළු තෙල් කියනවා නම් පොල්තෙල්වලටත් එහෙමම කියන්න වෙනවා. සත්ව තෙල්වල තියෙන්නේත් වැඩිපුරම ඒ

වර්ගයේ මේද අම්ල. රුධිරයේ ‘නරක කොලෙස්ටරෝල්’ (ඛෘඛ* කියන වර්ගය වැඩි කරවන්නේ මේවා විසින්. ඒ හරහා හෘදයාබාධ අවදානම ද ඉහළ යනවා. නමුත් නියම එළවළු තෙල් ගණයට වැටෙන තෙල් වර්ගවල තියෙන්නේ ‘අසංතෘප්ත මේද අම්ල’ කියන ඒවා.”

බැටළු වෙස්ගත් වෘකයෙක් බඳු වූ පාම් තෙල් නමැති ඊනියා වෙජිටබල් ඔයිල් ගැන මූලික හැඳින්වීමක් ලබා දුන්නේ කෘෂි විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතායි. හෙතෙම කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානියා ද විය. පාම්තෙල් ලබාදෙන කටුපොල් වගාව ගැන අපටත් විවේචන තිබේ. ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවල් කටුපොල් වවා රන්කාසි නෙළන්නේ පරිසරය උගසට තබමින් බව නම් සැබෑවකි. කෙසේ නමුත් එරට ජනයා අප තරමට තම මව්බිම වෙනුවෙන් කටුපොල් වගාවට එරෙහිව කෑ ගසන්නේ නම් නැත. කටුපොල් වවා පරිසරය වනසා ගැනීමට ඔවුන් කටයුතු කළ ආකාරයට හොඳම උදාහරණයක් වන්නේ ඔරංඔටං ගේ ඛේදවාචකයයි. මේ සත්වයාගේ නිජබිම වී තිබුණේ සුමාත‍්‍රා සහ බෝනියෝ ¥පත්වලට අයත් වැසි වනාන්තරයි. සොබාදහම සුරැුකීමේ ජාත්‍යන්තර සංගමය විසින් අද වනවිට බෝනියෝහි ඔරංඔටං, අන්තරායට පත් සත්වයෙක් ලෙස වර්ග කර තිබේ. සුමාත‍්‍රා හි ඔරංඔටං, අතිශයින්ම අන්තරායට පත්වූ එකෙකි. තව වසර 10-20 ක් අතරතුර ඔරංඔටං කෘතිම සත්තු වත්තකට සීමාවූවෙකු වෙනවා ඇත. මීට හේතුව ඉහත රටවල ශීඝ‍්‍රව ව්‍යාප්ත වෙන කටුපොල් වගාවයි. එම ¥පත් වාසීහු ඔරංඔටංගේ නිවස්නය වූ ස්වභාවික වැසි වනාන්තර කපා ගිනි තබා කටුපොල් වගා කරති. වන විනාශයේ වේගය

ගැන එක වාර්තාවක සඳහන් කර තිබුණේ පැයකට පාපන්දු පිට්ටනි 300 ක තරම ප‍්‍රදේශයක වනාන්තරයක් කපා බිම හෙළනා බවයි.

අපේ රටේ නම් බැලූ බැල්මට ඔරංඔටංලා නැත. ඒ නිසා කටුපොල් වගාවෙන් සිදුවෙන පරිසර විනාශයක් ඇත්නම් එය වෙනම කෝණයකින් අධ්‍යයනය කළ යුතු වේ. මෙම ලිපියට එය අදාළ නොවන නිසා වැඩිදුරට ඒ

ගැන නොලියමි.

අප අනාදිමත් කාලයක සිට පොල්තෙල් අනුභව කරන්නෙමු. එකල කෑමට වෙනත් තෙලක් තිබුණේ ද නැත. හොඳට පොල්කිරි දමා ව්‍යංජන ද පිසගත්තෙමු. මෙම අනුභව රටාව මත හදවත් රෝග වැළඳෙන බවක් එකල හඬනගා කීවේ ද නැත. සෑදෙන පපුවේ කැක්කුමක්, ඇම්මක් හෝ වාත අමාරුවක් සේ සලකන්නටත්, හදිසියේ සිදුවෙන මිය පරලොව යෑමක් අදෘශ්‍යමාන බලවේගයකට භාරකරන්නටත් පැරණි ගැමියා පුරුදු වී සිටි නිසා එසේ වූවා විය හැකිය. නමුත් පසු කලෙකදී පොල්තෙල් භාවිතයේ අගුණ බව පෙන්වන වාර්තා කරළියට එන්නට පටන් ගැනුනි. මෙය තමාගේ සූරියකාන්ත තෙල් ටික විකුණාගන්නට බලවත් රටවල් විසින් කුමන්ත‍්‍රණකාරීව පතුරුවා හරින මිථ්‍යාවක් යයිද අදහස් ප‍්‍රකාශ කෙරුණි. මීට සම්පාතව ‘කුමන්ත‍්‍රණය’ පරාද කරනු වස්, විදේශයන්හිම කරන ලද පොල්තෙල්වලට හිතවාදී පර්යේෂණ වාර්තා ද ගෙනහැර පෑමටද පොල්තෙල් පාක්ෂිකයින් කටයුතු කරනවා දක්නට ලැබුණි. පොල්තෙල්වල සුගුණ සොයන්නට පිලිපීනය පැත්තේ විද්‍යාගාරවල දොරපියන් දිවා ? විවෘතව තැබුණි. මන්දයත් පොල්තෙල් කර්මාන්තය ඔවුන්ගේ ප‍්‍රධාන විදේශ විනිමය උල්පතක් නිසාය. ඔවුනට පොල්තෙල් රැුකගැනීම තම හුස්ම රැුකගන්නවාටත් වඩා වටින්නේය.

”පොල්තෙල් හොඳයි කියන විදෙස් පර්යේෂණ වාර්තා අරගෙන පරිස්සමෙන් බැලූවොත් පේනවා ඒ පර්යේෂණ සේරෝම විද්‍යාගාර ඇතුලේ කරලා තියෙන්නේ අපි වෙළෙඳපොළෙන් ගන්න විධියේ පොල්තෙල් අරගෙන නෙවෙයි. ඔවුන් තමාගේ පර්යේෂණ සඳහාම ඉතා ක‍්‍රමවත්ව, පිරිසිදු පොල්තෙල් හදලා, ඒවායින් තමයි පර්යේෂණ කරලා තියෙන්නේ. මේවා අ¥ෂිත නොහොත් පිරිසිදු පොල්තෙල් (ඩසරටසබ ජදජදබමඑ දසක*. එතකොට හොඳ ප‍්‍රතිපල එන්න පුළුවන්. ඒත් අද සිල්ලර කඬේ තියෙන පොල්තෙල්වල තත්ත්වයට මේ පර්යේෂණ වාර්තා ගලපන්න බෑ. වෙළෙඳපොලේ තියෙන බාල පොල්තෙල් ඉතා රළු ක‍්‍රමයට හදපුවා. නිෂ්පාදන ක‍්‍රමවේදය තුළදී ඒ තෙල්වලට ගොඩක් වෙනස්කම් සිදුවෙනවා. ජනතාව අනුභව කරන්නේ ඒවායි. හානිය වෙන්නේ ඒවායිනුයි. එතැන නිවැරදි නොකර පොල්තෙල් හොඳයි කියන්න බෑ.”

පොල්තෙල් හා පාම්තෙල් යන දෙකම එක ළඟින් යන තෙල් වර්ග නම්, සුපිරි වෙළෙඳසලේ වායුසමන තත්ත්වය යටතේ තිබෙන පොල්තෙල් බෝතල් මිදී, සුදු පැහැයට තිබෙත්දී පාම්තෙල් බෝතල් යස අගේට රන්වන් දියර තත්ත්වයෙන් තිබෙන්නේ කෙසේද යන්නත් අප විසඳාගත යුතුය. පොල්තෙලේ ළඟ නෑදෑයා වන කටුපොල් ගසේ තෙල් එසේ හැසිරෙන්නේ නැත්තේ ඇයි? ආහාර විද්‍යාඥයා පිළිතුර අසලය.

”කටුපොල් තෙල්වලට පොඩි වෙනසක් කරනවා. කර්මාන්තයේදී මේ තෙල් ක‍්‍රමයෙන් ශීත කරන කොට පොල්තෙල් වගේම කොටසක් මිදෙනවා. එතැන තියෙන්නේ වැඩිපුර අගුණ කොටස් තමයි. පෙරීම හරහා ඒ ටික ඉවත් කෙරෙනවා. වෙනත් කර්මාන්තවලට ඒවා යොදා ගන්නවා. ඉතිරි දියරය කාමර උෂ්ණත්වයේදී මිදෙන්නේ නෑ. දැන් ඒකට වෙන නමකුත් කියනවා. ‘පාම් ඔලීන්’ කියන්නේ මේ ද්‍රව්‍යය. මෙය පාම් තෙල්වලට වඩා මිල වැඩියි. ඒ වගේම ශරීරයට හොඳයි නෙවෙයි, හානිය අඩුයි. මෙරට විකුණන පාම් තෙල් බෝතල්වලත් ඔය නම සඳහන් කරලා තියෙනව නම් ඒවා ඔය කියන නියම එළවළු තෙල්වලට බොහෝ දුරට ගතිගුණවලින් ළඟයි.”

හෙතෙම පවසන මෙම ශීතකිරීමේ ක‍්‍රමවේදය හඳුන්වන්නේ ‘ශිශිරකරණය’ (උසබඑැරස‘්එසදබ* යනුවෙනි. ආරම්භයේදී කැටිගැසුණු තෙල් කොටස් ඉවත්වූ පසු ඉතිරි වන දියර තෙලෙහි වැඩිපුර ඇති මේද අම්ල වන්නේ ඔලෙයික් හා ලිනොලෙයික් අම්ලය වැනි අසංතෘප්ත මේද අම්ලයන්ය. ඒවා මිදෙන්නේ සෙන්ටි‍්‍රගේට් අංශක 18-20 අතර උෂ්ණත්වයකදී නිසා අංශක 25 කට පරිසර උෂ්ණත්වය සැකසූ සුපිරි වෙළෙඳසල් රාක්කය මතදී වුවත් ඒවා මිදෙන්නේ නැත. ඔලෙයික් අම්ලය යනු අගනා එළවළු තෙලක් වන ඔලිව් තෙල්වල බහුලව ඇති සංඝටකයයි. එසේ නම් ‘පාම් ඔලීන්’ ලෙස නම් කර ඇති තෙල් බෝතලය, එළවළු තෙල් යයි සිතා මිලදී ගැනීමේදී පාරිභෝගිකයාගේ මුලාවීම, පාම්තෙල් මිලදී

ගන්නා තරමට සැර නැත.

සංතෘප්ත මේද අම්ල 92.1% ක් සහිතව සත්ව තෙල්වලට සමීපව සිටිනා පොල්තෙල්වලට සාපේක්ෂව කටුපොල් තෙල්වල ඇත්තේ සංතෘප්ත මේද අම්ල 50% ක ප‍්‍රමාණයකි. නියම එළවළු තෙල් යයි මෙම ලිපියේ අප හඳුන්වාදුන් මෙරට සුලභව භාවිතා කරන තෙල් වර්ග තුනක් වන සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල්වල සංතෘප්ත මේද අම්ල ප‍්‍රතිශතයන් පිළිවෙළින් 11%, 13% හා 15% ක් වේ. එනම් වැඩිපුර තිබෙන්නේ අසංතෘප්ත මේද අම්ලයන්ය. මෙය පොල්තෙල්වලට මුළුමනින්ම පරස්පර තත්ත්වයකි. එසේ නම් අපගේ සූපවේදී ක‍්‍රියාකාරකම් තුළ පොල්තෙල් හා එළවළු තෙල් එකම විධියට හැසිරෙනවා යයි සිතන්නට බැරිය.

තෙල් පරිභෝජනය බැහැර කළ හැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප‍්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැයි කිව්වත්, පිසින ක‍්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත. මීට අමතරව මේදයේ පමණක් දියවෙන විටමින් වර්ග දේහය තුළ ඒ මේ අත පරිවහනය කරන්නටත් තෙල් නැතිවම බැරිය. හෝමෝන වැනි ද්‍රව්‍යයන් නිපදවන්නටත් අමුද්‍රව්‍ය සපයන්නේ තෙල් මගින්ය. මෙවැනි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයක් බිහිසුණු කාල බෝම්බයක් තරමට අර්ථ දක්වන සමාජයක් අද බිහිවී ඇත්තේ, තෙල් පරිභෝජනය ආවාට ගියාට සිදුකිරීමේ හේතුවෙන්ය. අප තෙල් පරිභෝජනය කරන්නේ ගැඹුරු තෙලේ දමා බැදගත් ආහාර හෝ තෙම්පරාදුවක් ලෙස පිළියෙල කළ කෑම සමගය. තෙල් තාච්චිය පෙන දමන්නට උතුරවන විට බාහිර ඔක්සිජන් තෙල් තුළට රිංගන්නට බලයි. තෙල් අසංතෘප්ත නම් වැඬේ පහසුය. එනම් අසංතෘප්ත මේද අම්ල බහුල සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයාවල මෙම ඔක්සිකරණය පහසුවෙන් සිදුවේ. එනම් ඒවා උතුරන තෙල් තාච්චිය තුළදී පොල්තෙල් තරමට ශක්තිමත්ව, ස්ථායීව හැසිරෙන්නේ නැත.

”අසන්තෘප්ත තෙල් වලින් ‘මුක්ත ඛණ්ඩක’ කියල අංශු විශේෂයක් මුදා හරිනවා. කල් ගතවෙනකොට මේ වැඬේ ඉබේටම සිදුවෙන දෙයක්. ආලෝක කිරණ, තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වගේ තත්ත්වයන් මත මෙය පහසුයි. පිටරටින් ගෙනෙන ඔලිව් තෙල් එහෙම කළුපාට බෝතල්වල දාල සීල් කරලා තියෙන්නේ මේ ඔක්සිකරණය නවත්තන්න. අපි තෙල් උණු කරනකොටත් මේ වැඬේම වෙනවා. එතකොට බැදපු ආහාරයත් සමග මුක්ත ඛණ්ඩක ශරීර ගතවෙනවා විතරක් නෙවෙයි, දම්වැල් ප‍්‍රතික‍්‍රියාවක් වගේ ආහාරයේ තිබෙන අනෙක් තෙල් සමගත් ප‍්‍රතික‍්‍රියා කරමින් මුක්ත ඛණ්ඩක ‘පැටවු ගහනවා’. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, දේහ ෙසෙලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක‍්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය ලෙඩ වෙනවා. හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්ත්වයන් මේවාට උදාහරණ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප‍්‍රතිඔක්සිකාරක’ (්බඑසදංසා්බඑි* නම් ද්‍රව්‍ය හරහා ඉහත කී මුක්ත ඛණ්ඩක ඇති කරන ප‍්‍රචණ්ඩත්වය සමනය කරන්න පුළුවන් බවයි. හැබැයි ඒ වගේම සාධාරණ නැත්ද අපේ ආහාර පිළියෙල කිරීමේ රටාව එහා මෙහා කරලා මුක්ත ඛණ්ඩක හැකිතරම් අඩුවෙන විධියට කෑම ටික හදා ගත්තොත්?”

ආහාර විද්‍යාඥ සෙනරත් ගේ විමසීම හෝ යෝජනාව පැහැදිලිය. පිටරටවල ධනවත් ඇත්තෝ ගැඹුරු තෙලේ යමක් බැද්දත් ඒ තෙල් ටික නැවත භාවිතා කරන්නේ නැත. ඔය කියන විධියට බැදීමෙන් පසු එම තෙලේ මුක්ත ඛණ්ඩක පිරිලාය. නැවත රත් කළහොත් ඔක්සිකරණය තව ටිකක් සිදුවී තවත් මුක්ත ඛණ්ඩක ටිකක් තෙල් ගොඩට මෙන්ම එයින් බදිනා ආහාරයට ද එකතු වන්නේය. එම තෙල රත් කරන වාරයක් පාසා මේ ආකාරයට මුක්ත ඛණ්ඩක සාන්ද්‍රණය එහි වැඩි වන්නේය. ‘බැදුම් තෙල්’ භාවිතා කිරීමේ අවදානම ඇත්තේ එතැනයි. සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල් වැන්නක් ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කරන්නේ නම් මේ අවදානම වැඩිය. මන්දයත් ඒවා අසංතෘප්ත තෙල් බැවින් පහසුවෙන් ඔක්සිජන් සමග ක‍්‍රියාකරන බැවිනි. ගැඹුරු තෙලේ බැදුමට එළවළු තෙල්වලට වඩා පාම් තෙල් හොඳය. පොල්තෙල් ඊටත් වඩා සුදුසුය. මන්දයත් එහි 92% ක් ම සංතෘප්ත මේද අම්ල ඇති බැවිනි. එසේ නම් අප කොබෙයියා බැදගත යුත්තේ පොල්තෙලෙන් මිස එළවළු තෙලෙන් හෝ පාම් තෙලෙන් නොවේ! ගැඹුරු තෙලේ වැඩි වේලාවක් ගිල්ලවාගෙන බදිනා, කැවුම්, කොකිස්, ආස්මි, උඳුවැල් ආදී අපගේ සාම්ප‍්‍රදායික ආහාර පිසීමේදී අතීතයේ භාවිතා කරනු ලැබුවේ පිරිසිදු පොල්තෙල්ය. අවුරුදු මේසය පිරෙන්නට තෙල් බේරෙන කැවිලි හදන්නට සොබා දහම විසින්ම සංතෘප්ත මේද අම්ල සහිත තෙල් බඳුනක් තෝරා දීම කෙතරම් සුන්දර සිදුවීමක්ද? එහෙත් අද දවසේ වැඩි හොඳට යයි කියාගෙන සූරියකාන්ත හෝ වෙනත් මිල අධික තෙලකින්, ගම අමතක වුණු ටවුන් වැසියෝ කීදෙනෙක් කොකිස් උඳුවැල් බදිනවාදැයි අප දන්නේ නැත. ඊළඟ අවුරුදු කෑමේදීවත් ඔවුන් පොල්තෙල්වලට මාරුවිය යුතුය.

තරු පහේ හෝටල්වල නවතින ධනවතුන් උදෙසා සුපිරි ආහාර වර්ග පිළියෙල කරන හෝටල් මුළුතැන් ගෙවල්හි වරක් භාවිතා කළ තෙල් නැවත රත් කරන්නේ නැත. ධනවතාගේ පර්වත සිරුරට ආහාරයත් සමග යහමින් මුක්ත ඛණ්ඩක ඇතුල් විය හැකි බැවිනි. එහෙත් පසුගිය දිනෙක අසන්නට ලැබුණේ එතැන භාවිතා නොකරන මෙම පාවිච්චි කළ තෙල්, මිලට

ගැනීමට තවත් පිරිසක් තරු පහේ කුස්සියට පිළිකන්නෙන් රිංගන බවයි. මෙය හෝටල් පාලකයින්වත් නොදන්නා කිචන් ගනුදෙනුවකි. ඔවුන් එය පරිස්සමට පෙරා රොඩුබොඩු ඉවත් කර වෙනත් තෙල්වලට මිශ‍්‍රකර ගමේ කඩවලට බෙදා හරින අතර ආර්ථික අහේනිය හමුවේ ලාබ තැනක් සොයමින් ඉව අල්ලන ගමේ එකා මුක්ත ඛණ්ඩක පිරුණු මෙම බාල තෙල් ගුදම අසල නවතී. එයින් ටිකක් ගෙදර

ගෙනගොස් නිවී හැනහිල්ලේ කරවල කෑල්ලක් ද බැදගනී. මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඬේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලූත් තෙල් පුරවනවා යයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුළ කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

අප පෝෂණවේදීන් හෝ වෛද්‍යවරුන් නොවුණත්, දැනට ප‍්‍රකාශයට පත්ව ඇති විද්‍යාත්මක ලේඛනවලට අනුව සමාජයේ පොදු ජනතාවට වරදින තැන් පෙන්වාදීමේ වගකීම අතහැරිය යුතු නොවේ. ගැඹුරු තෙලේ බදිනවා නම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවා නම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසංතෘප්ත මේද අම්ල සහිත එළවළු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත. හදගැස්මට

ගැටලූවක් ඇති නොවන පරිද්දෙන් කටගැස්මට සුදුසු තෙල තෝරාගත යුතු යයි අප පවසන්නේ වෙළෙඳපොළේ ඇති තෙල් වර්ග පෙන්වන මේ පරස්පර හැසිරීම නිසාය. 

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles