Divaina - ඕරාවෙන් ලෙඩ සුවකරන ක‍්‍රමවේදය

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සාකච්ඡා කළේ - සංඛනාද වෙදගෙවත්ත

 

ora135

 

ජ්‍යෝතිෂ්‍යවේදී, ආධ්‍යාත්ම පර්යේෂක, රේඛී මාස්ටර්
කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර



ආධ්‍යාත්මික විද්‍යාව සහ ආගමික විශ්වාසවල ලෝක ව්‍යාප්ත පැතිර යෑම මෙයට අවුරුදු දෙදහසකට පමණ පෙර ඇරඹුණත් ඒවා බටහිර ලෝකය තුළ මුල් බැස ගන්නේ 1970 න් පසුය. මේ වකවානුවේදී ආධ්‍යාත්මික විද්‍යාව සහ ආගමික විශ්වාසයන් බටහිර ලෝකය පුරා පැතිරීම හඳුන්වන්නේ New Age ලෙසය. New Age වකවානුව තුළ අලූත් ආගම් සමූහයක් ද බිහිවිය. ඒ අතර මිනිසුන්ගේ අධි මානසික ශක්තිය Astral Body හෙවත් මනෝකාය, යෝග ශාස්ත‍්‍රය, භාවනා ක‍්‍රම, පරචිත්ත විජානනය වැනි මාතෘකා කෙරෙහි බටහිර ලෝක වාසීන්ගේ උනන්දුව පුළුල් විය. එසේම මනුෂ්‍ය ශරීරය වටා ඇති වර්ණාවලී ප‍්‍රභා කදම්භය හෙවත් ඕරාව (Aura) පිළිබඳ බොහෝදෙනා පර්යේෂණ පවත්වන්නට විය. මුලදී මේ ගැන පර්යේෂණ කළේ භෞතික විද්‍යාඥයන් පමණි. එහෙත් කල් යත්ම මනෝ විද්‍යාඥයෝද, ආධ්‍යාත්ම පර්යේෂකයෝද,  ජ්‍යෝතිෂ්ශාස්ත‍්‍රඥයෝද දිගින් දිගටම මේ ගැන පර්යේෂණ කරන්නට පටන් ගත්හ. වසර විසි පහක් පමණ තිස්සේ ජ්‍යෝතිෂ්‍යවේදියකු ලෙසත් ආධ්‍යාත්ම විද්‍යා පර්යේෂකයකු ලෙසත් කටයුතු කරන බත්තරමුල්ලේ කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව ගැන පර්යේෂණවල නිරත වන කෙනෙකි. මේ පිළිබඳව ඔහු දරන මතවාද සහ ඔහුගේ පර්යේෂණවලදී ඔහු ලැබූ විචිත‍්‍ර අත්දැකීම් පිළිබඳව අද සිට මේ ලිපි පෙළ මගින් සාකච්ඡුා කරනු ලැබේ.

ora1

ප‍්‍රශ්නය - ඕරාව නිසි පරිදි පරික්ෂා කිරීමේ ක‍්‍රමවේදය තුළින් මනුෂ්‍ය ශරීරයේ හටගන්නා විවිධ රෝග වලට ප‍්‍රතිකාර කළ හැකිද?

පිළිතුර - ඕරාව පෙන්වන නවීන පරිඝනක යන්ත‍්‍රය මගින් කෙනකුගේ ශරීරයේ තිබෙන චක‍්‍ර හත බලා ගැනීමට පුළුවන්. එසේම ඒ චක‍්‍ර වලින් දුර්වල වී තිබෙන චක‍්‍ර මොනවාද කියන එකත්, කෙනකුගේ ශරීරයේ දුර්වල වන චක‍්‍ර වලට සාපේක්ෂව හටගෙන තිබෙන ලෙඩ රෝග ආදියත්, හට ගැනීමට ඉඩ තිබෙන ලෙඩ රෝග ආදියත් මොනවාද කියන කාරනය, ඕරාව පරික්ෂා කිරීමේදී අදාළ යන්ත‍්‍රය මගින් දැක බලා ගන්නට පුළුවන්. එවිට ආයුර්වේදය, බටහිර වෛද්‍ය ක‍්‍රමය, යුනානි වෙදකම, දෙමළ ජනයාගේ සිද්ධ වෙදකම, ස්වදේශික ගොඩ වෙදකම හෙවත් ශාඛසාර මාර්ගයෙන් කරන වෙදකම,ජෝතිෂ්‍යය සහ එහි මග පෙන්වීම යටතේ සිදුකෙරෙන විකල්ප වෙදකම්, ගුප්ත ශාස්ත‍්‍රය යනාදී ඕනෑම වෛද්‍ය ක‍්‍රමයකින් තමන්ට අභිමත ප‍්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්.

ප‍්‍රශ්නය - බටහිර ලෝකය තුළ ඕරාව කොපමණ ජනප‍්‍රිය ද?

පිළිතුර - ඕරාව නමැති සංකල්පය පහළ වුනේ ආධ්‍යාත්මවේදය, ජෝතිෂ්‍යය, ගුප්ත විද්‍යාව වැනි සංකල්පවල මාතෘ භූමිය වූ ආසියාවෙන් බව ඇත්ත. එහෙත් පසුගිය සතියේදී අප සඳහන් කළ පරිදි එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලදී බටහිර ලෝකයේ පහළ වූ New Age සංකල්පය යටතේ ආධ්‍යාත්මවේදය, පෙරදිග ආගම්, ගුප්ත ශාස්ත‍්‍රය,භාවනා ක‍්‍රම යනාදිය ජනප‍්‍රිය වීමට පටන් ගත්තා. එසේම Complimentary Medicine (අනුපූරක වෛද්‍ය ක‍්‍රම* , Complimentary and Alternative Medicine  (අනුපූරක සහ විකල්ප වෛද්‍ය ක‍්‍රමය*, Integrated Medicine (ඒකාබද්ධ වෛද්‍ය ක‍්‍රමය*, Holistic Medicine (සාකල්‍ය ප‍්‍රවේශ වෛද්‍ය ක‍්‍රමය* යන වෛද්‍ය ක‍්‍රම මේ යුගයේදී ඉතා වේගයෙන් ජනප‍්‍රිය වීමට පටන් ගත්තා. මේ ජනප‍්‍රියවීම ඔස්සේ බටහිර වෛද්‍ය ක‍්‍රමය හෙවත් ඇලොපතික වෛද්‍ය ක‍්‍රමයට අභියෝග එල්ලවීමට පටන් ගත්තා. මේ අභියෝගයත් සමගම ඇලොපතික වෛද්‍ය ක‍්‍රමයේ හෙවත් බටහිර වෛද්‍ය ක‍්‍රමයේ අඩු පාඩු ගැනත් සංවාදයක් ,

ගොඩනැගුනා. එම සංවාදයට අදාළ පලවෙනි කාරණය තමයි බටහිර වෛද්‍ය ක‍්‍රමයේ අතුරු ආබාධ. උදාහරණයක් වශයෙන් ඇතැම් අසනීප වලට කරන බටහිර ප‍්‍රතිකාර වලදී රෝගය සනීප උනත් වකුගඩු නරක් වෙනවා. මෙහිදී රෝගියා කලින් කී රෝගයෙන් මැරෙනවා වෙනුවට වකුගඩු නරක් වීමෙන් මියයාම සිදු වෙනවා. තවත් උදාහරණයක් වශයෙන් ඇදුම වැනි රෝගයක් ගනිමු. ඇදුමට කරන බටහිර ප‍්‍රතිකාරයේදී ඇදුම පාලනය උනත් හර්දය වස්තුව ඉදිමීම හෙවත් Heart Enlargement තත්ත්වයක් ඇතිවෙනවා. එසේම සෙම වියලීමට දෙන ප්‍රෙඞ්නිසිලෝන් ඖෂධය දිගු කලක් ගත්තම අස්ථි විකෘතිතා හට ගන්නවා. නිව් ඒජ් සංකල්පය යටතේ මෙවැනි අගතිගාමී දේවල් එළිදරව් වෙනකොට මිනිසුන් පෙරදිග වෛද්‍ය ක‍්‍රම වලට ඇදී ගියා. එයට හේතුව රෝගයට නොව රෝගියාට වෙදකම් කර රෝග සුවපත් කිරීමේ ක‍්‍රමවේදයක් ආසියානු සහ විකල්ප වෛද්‍ය ක‍්‍රම තුළ තිබීමයි. ඕරාව පිලිබඳ දැනුම සොයා ගැනීම තමයි මේ තත්ත්වය යටතේ හටගත් ප‍්‍රමුඛතම ඵලය. අද වනවිට බටහිර ලෝකයේ හැම දියුණු රටකම ඕරාව පරික්ෂා කිරීමේ යන්ත‍්‍ර තිබෙනවා. (මෙවැනි යන්ත‍්‍ර ලංකාවේ තිබෙන්නේ තුනක් පමණයි. එයින් එකක් මා සතුව තිබෙන අතර එම යන්ත‍්‍රයට අදාළ ස්කෑනරය සහ මෘදුකාංගය අලූ‍ත්ම පරම්පරාවේ ඒවා බව කිව යුතුයි)

ප‍්‍රශ්නය - ඕරාව වර්ණාවලියකින් සමන්විත බව ඔබේ යන්ත‍්‍ර පරික්ෂා කිරීමේදී අපට පෙනී ගියා. මෙම වර්ණ වලට අර්ථයක් තිබෙනවාද?

පිළිතුර - ඕරාවේ වර්ණ වලට අර්ථයක් තිබෙනවා. එය වර්ණ සතකින් සමන්විත වර්ණාවලියක්. මුල් යුගයේදී ඕරාව පරික්ෂා කිරීම කළේ කිරිලියන් සහ ගැමා කැමරා වලින් බව අප පසුගිය සතියේ ඔබට හෙළි කළා. මේ කැමරා ප‍්‍රාථමික තත්ත්වයේ පැවතුනු අතර ඒවායින් ඕරාව සටහන් කෙරුනේ බොහෝවිට එක් වර්ණයකින් විතරයි. කිරිලියන් කැමරාවේ ඕරාව පෙන්නුවේ දීප්තිමත් සුදු පාටකින්. ගැමා කැමරාවේ ඕරාව පෙන්වන්නේ රතු පැහැයේ විවිධ ප‍්‍රභේධ වලින්. එනම් ඕරාවේ ලා රතු කොටස ලෙස සඳහන් වුනේ එතරම් කලබල නැති සමහන් වූ තත්ත්වයක් ලෙසටයි. තද රතු ඕරාවක් ඇති අය ටිකක් කළහකාරී අය උනා. ඊළඟට කළුවට හුරු රතක් සහිත ඕරාව ඇති අය දැඩි කලහකාරිත්වයක් ඇති නොසන්සුන් මානසික ව්‍යාධි සහිත අය වුනා. මුල් කාලයේ කැමරා වලින් ඕරාව බලාගත්තට චක‍්‍ර බලා

ගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ. එහෙත් අද තිබෙන අති නවීන මෘදුකාංග මගින් චක‍්‍ර හත සහ එම චක‍්‍ර වල දුර්වල චක‍්‍ර මොනවාද කියන එකත් බලාගන්නට පුළුවන්. මෙසේ චක‍්‍රවල තිබෙන අඩුපාඩු හඳුනාගෙන එම අඩු පාඩු මහහැර ගෙන නිසි භාවනා ක‍්‍රම ඔස්සේ යාමෙන් කුණ්ඩලිණි යෝගය අවධි කරගැනීම දක්වා වූ ගමනක යෙදෙන්නට පුළුවන්. කුණ්ඩලිණි යෝගය කියන්නේ මේ ලෞකික ජීවිතයේදී කෙනකුට අවදි කරගත හැකි උසස්ම යෝගයයි. කුණ්ඩලිණි යෝගය අවධි කරගත් විට කාල තරණ ශක්තිය හෙවත් ටයිම් ට‍්‍රැවලිං ශක්තිය ලබා ගන්නට පුළුවන්.

(ලබන සතියේ තව කොටසක්)

  

 

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles