Divaina - ඩොලර් - යුරෝ කැලේ.... ගනුදෙනු පාලනය සයිබරයට... මොනවද මේ ක‍්‍රිප්ටෝකරන්සි.. හොර බොරු නැතුව ගනුදෙනු කරන්න මුදල් ඒකකයක්

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

බැංකු ,මහා බැංකු නැත, විසුරුණු පාලන ඒකකයක්
ක‍්‍රිප්ටෝකරන්සි හිමිකාරිත්වය රහසිගතයි
ඒකකයට උපදෙස් දෙකක් එකවර නිකුත් වුවහොත් එය අක‍්‍රිය වේ

නන්දජීව සූරියබණ්ඩාර
 
 kripto3
 
 ඬේවිඞ් ලී චෞම් යනු ඇමෙරිකානු පරිගණක විද්‍යාඥයෙක් සහ ගුප්ත ලේඛන ශිල්පියෙකි. 1955 ජනවාරි 1 වන දින ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි යුදෙව් පවුලක උපත ලද චෞම් නූතන ක‍්‍රිප්ටොකරන්සි හෙවත් අන්තර්ජාල රසහ්‍ය මුදල් භාවිතයේ පියා ලෙස සැලකේ. 1980 දශකයේ මුල් භාගයේ ඬේවිඞ් ලී චෞම් විසින් පාර්ශ්වයන් අතර සුරක්‍ෂිත සහ වෙනස් කළ නොහැකි තොරතුරු හුවමාරුවකට ඉඩ සලසන ”අන්ධ ඇල්ගොරිතමයක්” සොයා ගන්නා ලදි. (නිශ්චිත කාර්යයක් ඉටුකරලීම සඳහා නිර්මාණය කරන ලද උපදෙස් සමූහයක් ඇල්ගොරිතමයක් ලෙස සරලව හැඳින්විය හැකි අතර
 
 ඇල්ගොරිතමය අන්ධ කිරීම යනු උපදෙස් මාලාව කේතාංකීකරණය කිරීමයි. එමගින් ආදානය හා ප‍්‍රතිදානය නොදන්වා සේවාදායකයෙකු හට සේවාවක් සැපයිය හැකි අතර එමගින් තුන්වන පාර්ශ්වයක ප‍්‍රහාරයකට ලක්වීමේ අවදානම අහුරයි.*
 
 1980 දශකයේ අගභාගයේදී තම අන්ධ ඇල්ගොරිතමය වාණිජකරණය කිරීමේ උත්සාහයක නියැලූන චෞම් නෙදර්ලන්තයට සංක‍්‍රමණය වී ”ඩිජි කෑෂ්” නමින්  සමාගමක් ආරම්භ කරන ලදී. එම සමාගම ”ඊ-කෑෂ්” නමින් ඉලෙක්ට්‍රෝනික මුදල් ඒකකයක් නිර්මාණය කළ අතර මෙය නූතන ක‍්‍රිප්ටෝකරන්සි ඒකකවල මූලාරම්භයයි. නූතන අන්තර්ජාල මුදල් ඒකකයන්ට වඩා මෙහි ඇති විශේෂත්වය නම් සම්මත මුදල් මෙන් මධ්‍යගත පාලනයකට ලක්කර තිබීමයි. සැපයුම පිළිබඳ ඒකාධිකාරයක් හා පාලනයක් ඩිජි කෑෂ් සමාගමට තිබුණි. සමාගමේ අරමුණ වූයේ පුද්ගලයන් සඳහා තති තනිව මෙම මුදල් ඒකකය විකිණීම වුවත් නෙදර්ලන්ත මහ බැංකුව ඒ සඳහා ඉඩ ලබා නොදුන් බැවින් බලපත‍්‍රලාභී බැංකුවලට පමණක් විකිණීම සඳහා එකඟ වීමට අවසානයේදී ඩිජි කෑෂ් සමාගමට සිදුවිය.

kripto2
 
 මේ අතර ”වෙයි ඩයි” නම් පරිගණක ඉංජිනේරුවරයකු විසින් ”බී කෑෂ්” නම් අතත්‍ය මුදල් ඒකකයක් නිර්මාණය කරන ලද නමුත් එය සාර්ථකව වාණිජකරණය කිරීමට ඔහු සමත් වූයේ නැත. කෙටි කලකට පසු චෞම්ගේ සහායකයකු වශයෙන් කටයුතු කළ නික් සාබෝ නම් පුද්ගලයෙකු විසින් බිට් ගෝල්ඞ් නම් අතත්‍ය මුදල් ඒකකයක් නිර්මාණය කර බෙදාහරින ලද නමුත් එයද වෙළෙඳපළ තුළ ස්ථාවර වීමට සමත් වූයේ නැත.
 
 1990 සහ 2000 දශකවලදී වඩාත් කැපී පෙනෙන අතත්‍ය මුදල් ඒකකයක් ලෙස ”ඊ-ගෝල්ඞ්” එක්සත් ජනපදයේ සැලකිය යුතු වර්ධනයක් අත්කරගැනීමට සමත්විය. ප්ලොරිඩාවේ පිහිටුවා තිබූ ඊ-ගෝල්ඞ් සමාගම මූලික වශයෙන් පැරණි රන් ගැණුම්කරුවකු ලෙස කටයුතු කළ අතර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පැරණි රන් බිස්කට්, ස්වර්ණාභරණ හෝ රන් කාසි ඊ-ගෝල්ඞ් සමාගම වෙත භාරදී ඒ වෙනුවට ඩිජිටල් රන් ඒකක ලබාගැනීමේ හැකියාව තිබුණි.මෙම ඩිජිටල් රන් ඒකක පසුව වෙනත් ගනුදෙනුකරුවන් සමග වත්කම් සඳහා හුවමාරුවට, නැවත රත්රන් බවට පරිවර්තනය කර
 
 ගැනීමට හෝ ඩොලර් බවට පත්කර ගැනීමට හැකියාව තිබුණි. මෙම ඊ-ගෝල්ඞ් පද්ධතියේ තිබූ සාපේක්‍ෂ අඩු ආරක්‍ෂිතභාවය හේතුවෙන් එය ඉක්මනින්ම පරිගණක හැකර්වරුන්ගේ ප‍්‍රහාරයට ලක්වන අතර ඒ හේතුවෙන් විශාල වශයෙන් අලාභ ලැබීමට හේතු විය. ඒ හා සමගම උද්ගත වූ නීතිමය අවුල් සහගත තත්ත්වයන් හේතුවෙන් 2009 පමණ වන විට සමාගම වසා දැමිණි.
 
 නූතන අතත්‍ය මුදල් භාවිතය වඩාත් සාර්ථක ලෙස
 
 ප‍්‍රායෝගිකත්වය සමග ගැලපූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජපන් ජාතික සතෝසි නකමොටෝය. (මෙම ක‍්‍රියාවලිය කිසියම් සැඟවුණ පුද්ගලයකු හෝ කණ්ඩායමකගේ කටයුත්තක් ලෙස සැලකෙන අතර සතෝසි නකමොටෝ නාමය ආවරණ නමක් ලෙස යොදාගන්නා ලද බව කියැවේ.* 2009 වසරේදී ඔහු බිට්කොයින් අතත්‍ය මුදල් ඒකකය හඳුන්වා දුන් අතර පුළුල් විමධ්‍යගත පාලනය, දැඩි ආරක්‍ෂක ක‍්‍රමවේද, පුද්ගල නිර්ණාමිකභාවය මෙන්ම දියුණු බ්ලොක්චේන් තාක්‍ෂණය භාවිතා කිරිම ආදී හේතු නිසා එය ඉක්මනින් ජනප‍්‍රිය විය. (බ්ලොක්චේන් තාක්‍ෂණය යනු රහස්‍ය පරිගණක වැඩසටහන් මගින් එකිනෙක හා සම්බන්ධ කර ඇති ගිණුම් වාර්තා ඒකක කිහිපයකි. නිරන්තරයෙන් වර්ධනය වන මෙම දත්ත වෙනස් කළ නොහැකි අතර බාහිර පිවිසුම් ප‍්‍රතිරෝධී වේ. දායකයකු විසින් ලබාදෙන පේ‍්‍රෂණයක් පද්ධතියේ ඇති එක් බ්ලොක් ඒකකයකට ඇතුල්වන අතර ආදායකයාට එය ලැබෙන්නේ පද්ධතියේම වන වෙනත් බ්ලොක් ඒකකයක් හරහාය. මෙමගින් පුද්ගල නිර්නාමකරණය උපරිම ලෙස පවත්වා  ගැනීමට හැකි අතර තෙවන පාර්ශ්වයක ප‍්‍රවේශය ද සාර්ථක ලෙස අහුරාලනු ලබයි.*
 
 

kripto1

මේ හා සමගම ලිට්කොයින් (2011*, නේම් කොයින් (2011*, පියර්කොයින් (2012*,
 
 ඩොග්කොයින් (2013*, ප‍්‍රයිම්කොයින් (2013*, රිපල් (2013*, එතෙරියම් (2015* ආදී වශයෙන් අතත්‍ය මුදල් ඒකක විශාල ප‍්‍රමාණයක් භාවිතයට පැමිණි අතර
 
 ”ඉන්වෙස්ටින් ඩොට් කොම්” වෙබ් අඩවියට අනුව මේ වන විට 1600 කට ආසන්න අතත්‍ය මුදල් ඒකක ප‍්‍රමාණයක් භාවිතයේ පවතී. අතත්‍ය මුදල් වෙළෙඳපළේ ඉහළම කොටස අත්පත් කරගත් බිට්කොයින් ඇමෙරිකන් ඩොලර් බිලියන 191 ක වත්කම් කළමනාකරණය කරන අතර එතෙරියම් ඇමෙරිකන් ඩොලර් බිලියන 105 ක් සහ රිපල් ඇමෙරිකන් ඩොලර් බිලියන 48 ක කොටසක් දරමින් දෙවන සහ තෙවන ස්ථානයන්හී සිටියි. මෙම ඒකකයන්ට සාපේක්‍ෂව අනෙකුත් මුදල් ඒකකවලට අත්පත්  කරගැනීමට හැකිව ඇත්තේ අතත්‍ය මුදල් වෙළෙඳපළෙන් සුළු ප‍්‍රතිශතයක් පමණි. අතත්‍ය මුදල් ඒකක තම වෙළෙඳපළ ඉල්ලූම ඉහළින් පවත්වාගැනීම සඳහා සැපයුම සීමාකරන අතර එමගින් හුවමාරු වටිනාකම ඉහළින් තබා
 
 ගැනීමට බලාපොරොත්තු වේ. වෙළෙඳපළේ ඉහළම හුවමාරු වටිනාකමක් ලබාගැනීමට සමත්ව සිටින බිට් කොයින් 1 ක හුවමාරු වටිනාකම ඩොලර් 5671 ක් තරම් ඉහළ අගයක් ගැනීම මගින් මේවාට ඇති ඉල්ලූම අවබෝධ කරගත හැකිය.
 
 චෙක් ජනරජයේ, මුදල් හා පරිපාලනය විශ්වවිද්‍යාලයේ, පරිගණක විද්‍යා හා ගණිත දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධාන ආචාර්ය ජෑන් ලැන්ස්කි, ක‍්‍රිප්ටොකරන්සි අර්ථදැක්වීම සඳහා කරුණු 6 ක් භාවිතා කරයි. එනම්...
 
 ක‍්‍රිප්ටොකරන්සි පද්ධතිය සඳහා මධ්‍යම අධිකාරියක් අවශ්‍ය නොවේ. විමධ්‍යගත පාලනයකින් සහ එකඟතාවයකින් යුක්තව ක‍්‍රියාත්මක වේ.
 
 1. ක‍්‍රිප්ටෝකරන්සි ඒකක සහ එහි හිමිකාරිත්වය පිළිබඳ දල විශ්ලේශණයක් පද්ධතිය මගින් පවත්වා ගනී.
 
 2. නව ක‍්‍රිප්ටොකරන්සි ඒකක නිර්මාණය කිරීම හෝ එහි හිමිකාරිත්වය තීරණය කිරීම සිදුවන්නේ පද්ධතියේ අර්ථ දැක්වීම හා විශ්ලේෂණ අභිමතය පරිදිය.
 
 3. ක‍්‍රිප්ටොකරන්සි ඒකකවල හිමිකාරිත්වය තහවුරු කළ හැක්කේ ක‍්‍රිප්ටොග‍්‍රැෆි හෙවත් රහසිගත ක‍්‍රමලේඛනයන්ට අනුව පමණි.
 
 4. ක‍්‍රිප්ටොකරන්සි ඒකකවල හිමිකාරිත්වය වෙනස් කිරිමට, හුවමාරුවට හෝ විකිණීමට පද්ධතිය ඉඩ ලබාදෙයි.
 
 5. එක ක‍්‍රිප්ටොකරන්සි ඒකකයක කටයුත්තක් සඳහා වෙනස් උපදෙස් දෙකක් එකවර නිකුත් වුවහොත් පද්ධතිය ඉන් එකක්වත් ක‍්‍රියාත්මක නොකරයි.

kripto4
 
 2012 අගභාගයේදී ගෙවීම් මාධ්‍යයක් ලෙස බිට්කොයින් පිළිගත් පළමු පිළිගත් වෙළෙඳ ආයතනය බවට වර්ල්ඞ්ප්‍රෙස් ආයතනය පත්වූ අතර අනතුරුව මයික්‍රොසොෆ්ට්, නිව්එග් කොම්, එක්ස්පීඩියා, ඕවර්ස්ටොක්ස්, පේපෑල්, සබ් වේ, ෂොෆි ෆයි සහ පීසාෆෝර්කොයින් ආදී ආයතන රැුසක් ගෙවීම් මාධ්‍යයක් ලෙස ක‍්‍රිප්ටොකරන්සිස් පිළිගත්තේය. ඇමෙරිකාව, කැනඩාව ඇතුළත් උතුරු ඇමෙරිකාවේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ලෙස සලකන අතර යුරෝපය, ඔස්ටේ‍්‍රලියාව, ජපානය, දකුණු අප‍්‍රිකාව සහ දකුණු ඇමෙරිකාවේ බොහෝ රටවල්ද එය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල බව පිළිගනී. සිංගප්පූරුව සහ මැලේසියාව ඇතුළත් අග්නිදිග ආසියාතික රටවල් බොහොමයක ද මෙම ගනුදෙනු නීත්‍යනුකූලය. චීනය, රුසියාව, ඉන්දියාව වැනි රටවල ක‍්‍රිප්ටොකරන්සි භාවිතය සීමා කිරීම්වලට සහ නීතිමය පාලනයන්ට යටත් කර ඇති නමුත් සම්පූර්ණයෙන්ම තහනම් නොවේ.
 
 ඇල්ජීරියාව, ඊජිප්තුව, මොරොක්කෝව, බොලීවියාව, ඉක්වදෝරය, නේපාලය, පාකිස්ථානය, ශී‍්‍ර ලංකාව ආදී රටවල ක‍්‍රිප්ටොකරන්සි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය.
 
 අන්තර්ජාල ආශ‍්‍රිත සේවා සපයන ඇමෙරිකානු සමාගම් වන ෆේස් බුක්, ගූගල්, ට්විටර්, ලින්කඩින් ආදී සමාගම් ද චීන බයිඩූ, ටෙන්සෙන් සහ වෙයිඩූ සමාගම් ද ජපන් ලයින් මෙන්ම රුසියානු යැන්ඩෙක්ස් සමාගම ද තම සේවාවන්හී ක‍්‍රිප්ටොකරන්සි ප‍්‍රවර්ධන දැන්වීම් තහනම් කර තිබේ.
 
 ලොව පුරා බොහෝ රටවල ක‍්‍රිප්ටොකරන්සි භාවිතය තහනම් කර නොමැති නමුත් භාවිතයේ ආරම්භයේ සිටම මේ දක්වා පවතින ප‍්‍රධාන ගැටලූවක් වන්නේ අන්තර්ජාල මුදල් ගනුදෙනු සම්බන්ධ නෛතික තත්ත්වයේ පවතින දුර්වල සහ අවුල් සහගත ස්වභාවයයි. නමුත් දිනෙන් දින අන්තර්ජාල මුදල් භාවිතය ජනප‍්‍රිය වෙමින් පවතින අතර නුදුරු අනාගතයේ ලොව ප‍්‍රධාන මූල්‍ය මෙවලම ක‍්‍රිප්ටොකරන්සි විය හැකි බවට ඉඟි පළවෙමින් ඇත. ක‍්‍රිප්ටොකරන්සි භාවිතා කරමින් සිදුකෙරෙන ගනුදෙනු බැංකු පද්ධතියෙන් පරිබාහිරව සිදුවන අතර එම නිසා බදු පැහැරහැරිම්, කළු සල්ලි පිරිසිදු කිරීම සඳහා යොදාගැනීම මෙන්ම තිරයෙන් පිටුපස සිට සිදු කෙරෙන බොහෝ රහස්‍ය ගනුදෙනු සඳහා භාවිතා කිරීම සිදුවන අතර එය ගෝලීය තර්ජනයක් බවට පත්වීමේ හැකියාවක් ද නැත්තේ නොවේ. විශේෂයෙන් ඩාර්ක්නෙට් හා ඞීප්නෙට් හරහා සිදුවන බොහෝ නීතිවිරෝධී කටයුතුවල ගෙවීම් මාධ්‍ය ලෙස ක‍්‍රිප්ටොකරන්සි භාවිතා කරන මෙහි රහසිගතභාවය එවැනි නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට හේතු වී ඇත.
 
 අන්තර්ජාල අපරාධකරුවන්ගේ මෙවලමක් බවට මෙම අතත්‍ය මුදල් ඒකක පත්වීමේ තර්ජනය නිසාවෙන් ලොව බොහෝ රටවල් දැන් දැන් නෛතික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින නමුත් මෙම සංකීර්ණ සහ ගුප්ත ක‍්‍රියාවලිය නියාමනය කිරීම ප‍්‍රායෝගික වශයෙන් ඉතා දුෂ්කර වන බව යථාර්ථයයි.
 
 2013 වර්ෂයේ කැනඩාවෙන් ඇරඹුන රොබෝකොයින් ස්වයංක‍්‍රීය ටේලර් යන්ත‍්‍ර මගින් මුල් කාලයේ වන් වේ
 
 ගනුදෙනු සඳහා ඉඩ සලසා තිබුණ අතර වර්තමානයේ ඇමෙරිකාවේ සහ තවත් රටවල් කිහිපයක භාවිතා වන නවීන ටෙලර් යන්ත‍්‍ර මගින් ද්විත්ව මාර්ග හෙවත් ටූ වේ ගනුදෙනු සඳහා ද පහසුකම් සලසා තිබේ. එම යන්ත‍්‍ර මගින් ක‍්‍රිප්ටොකරන්සි මුදල් ඒකක මිලදී ගැනීම මෙන්ම විකිණීම ද සිදු කළ හැකිය. ක‍්‍රිප්ටොකරන්සි මුදල්
 
 ගනුදෙනු සඳහා අය කරන ගාස්තු අදාළ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ ජාල ධාරිතාවය සහ ඉල්ලූමට සාපේක්‍ෂ සැපයුම් අනුපාතය මත තීරණය වන අතර වේගවත් ගනුදෙනුවක් සඳහා ඉහළ ගාස්තු ප‍්‍රතිශතයක් අය කළ හැකිය. ගාස්තු ප‍්‍රතිශතය සැපයුම්කරුගේ අභිමතය පරිදි තීරණය වන බැවින් සැපයුම සීමිත වන විට මුදල් සැපයුම්කරු ඉහළම ඉල්ලූමට සිය සැපයුම මුදා හරිනු ලබයි.
 
 කෙතරම් රහසිගත ආරක්‍ෂිත උපක‍්‍රම භාවිතා කළ ද අතත්‍ය මුදල් වෙළෙඳපොළ වංචාකරුවන්ගේ සහ
 
 පරිගණක හැකර්වරුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන අවස්ථාද දක්නට ඇත. 2014 පෙබරවාරි මාසයේදී ලොව විශාලතම ක‍්‍රිප්ටොකරන්සි හුවමාරුවක් වන ජපානයේ මවුන්ට් ගොක්ස් බංකොලොත්භාවය ප‍්‍රකාශ කළ අතර හැකර්වරුන් පිරිසක් විසින් කරන ලද සොරකමකින් ඩොලර් මිලියන 40 කට අධික ප‍්‍රමාණයක් අහිමි වීම එයට හේතු විය. එම ප‍්‍රමාණය බිට් කොයින් 750000 හෙවත් පවතින බිට් කොයින් තොගයෙන් 7% ක ප‍්‍රමාණයකි.
 
 රත්තරන් වැනි වටිනා ලෝහ මෙන් ක‍්‍රිප්ටොකරන්සි උද්ධමනයට එරෙහි ආරක්‍ෂාවක් ලබාදීම, රජයේ මුදල් ඒකාධිකාරය ලිහිල් කිරීම, ස්වයං පාලිත ක‍්‍රියාකාරිත්වය, ශක්තිමත් රහස්‍යතා ක‍්‍රමවේදය, රජයන් විසින් කරන මූල්‍යමය අත්පත් කරගැනීම්වලින් මුක්තිය, සාම්ප‍්‍රදායී ඉලෙක්ට්‍රෝනික ගනුදෙනුවලට වඩා ලාභදායී වීම, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සඳහා බාධක හා පිරිවැය අවමවීම ආදිය මෙම මුදල් ඒකක භාවිතයේ වාසි ලෙස සැලකෙන අතර කළු සහ ඩාර්ක්නෙට් වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සැපයීම, බදු ගෙවීම පැහැර හැරීම, දත්ත මකා දැමීම හා හැක් කිරීම නිසා පාඩු සිදු විය හැකි වීම, මිල අස්ථාවරත්වය, සාම්ප‍්‍රදායික මුදල් ඒකක හා හුවමාරුවේදී ඇතිවන දුෂ්කරතා, මුදල් ආපසු ගෙවීම සඳහා පහසුකම් නොමැති වීම ප‍්‍රධාන අවාසි සහගත තත්ත්වයන් ලෙස හඳුනාගත හැකිය.

  

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles