Divaina - අතේ සතේ නැති වුණත් හිතේ දිරියෙන් අනුන්ට පිහිට වෙන බෝසත් තරුණයෙක්....

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 මේ වන විට ආබාධිත විශාල පිරිසකට රෝද පුටු අරගෙන දීලා
 අනෙක් අයගේ ආධාර උපකාර ද ගෙන නැති බැරි අයට නිවාසත් හදලා දීලා
 කෙනෙකුගේ දුකක් වෙනුවෙන් ඕන දුරක් යනවා
 
rewan1ඔහු නමින් රත්නායක කංකානම්ගේ රුවන් කුමාරය. අංක 54, දහයේ කණුව, ඇඹිලිපිටිය පාර, සූරියවැව ලිපිනයේ පදිංචි රුවන් කුමාර තවමත් 27 හැවිරිදි වියේ පසුවන අවිවාහක තරුණයෙකි. හ/වීරියගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රුවන් කුමාරගේ එකම බලාපොරොත්තුව වූයේ ගුරුවරයෙකු වීමය. රුවන් කුමාරට තවත් වැඩිමල් සහෝදරයකු ද වෙයි. 29 හැවිරිදි වියේ පසුවන ඔහු විවාහකයෙකි. රුවන් කුමාරත් 61 හැවිරිදි ඔහුගේ මවත් පමණක් සූරියවැව කුඩා නිවසේ පදිංචිව සිටිති.
 
 ඉස්කෝල මහත්තයකු වන්නට සිහින මැවූ රුවන් කුමාරගේ සියලූ බලාපොරොත්තු සුන් වී යන්නේ රුවන් කුමාරට වයස අවුරුදු 10 දීය. ඒ ඔහුගේ පියා දිය නෑම සඳහා අසල වූ ඇළකට ගිය අවස්ථාවේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇළට වැටී මියයෑම හේතුවෙනි. සිය පියාගේ හදිසි අභාවයෙන් පසු රුවන්ගේ මවත්, අයියාත් රුවන් කුමාරත් නිවසේ තනි වූහ. කුලී වැඩ කර පාසල් යන වයසේ පසු වූ දරුවන් දෙදෙනකු නඩත්තු කිරීමට තරම් රුවන්ගේ මව අපොහොසත් වූවාය. මේ නිසාම රුවන්ගේ අයියා පාසලේ 7 වසරේදීම පාසල් අධ්‍යාපනයට සමුදී අම්මා සමග කුලියට ගියේ ගෙදර තිබූ අඩුපාඩු පිරිමසා ගත යුතු වූ නිසාත් මල්ලී පාසල් යැවිය යුතු වූ නිසාත්ය. කෙසේ හෝ රුවන් කුමාර සාමාන්‍ය පෙළ විභාගය දක්වා දැඩි ආර්ථික අපහසුතා මැද සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය. උසස් පෙළට පෙනී සිටීම සඳහා රුවන් කුමාරට ලකුණු තිබුණත් නිවසේ පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් ඔහුද පාසල් ගමන නතර කර දමා පුද්ගලික ආයතනයක මුර රැකියාවකට ගියේය. විවිධ රැුකියා කරමින් රුවන් කුමාර ද වයෝවෘද්ධ මව රැුක ගැනීම වෙනුවෙන් වෙහෙස විය. විවිධ බාධක හා අභියෝග මැදින් ගලා ගිය රුවන් කුමාරගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ මේ අවධියේදීය.
 
 ඔහු තමන්ගේ ජීවිත කතාව මෙලෙස අප සමග පැවසීය.
 
 ”මං ඉස්කෝලේ මහත්තයෙක් වෙන්න තමයි හීන දැක්කේ. ඒ කාලේ ගමේ අය පවා මට විහිළු කළා පුංචි ඉස්කෝලේ මහත්තයා කියලා. මම හැමදාම පන්තියේ පළවැනියා නැත්නම් දෙවැනියා. හැබැයි තාත්තා නැති වුණාට පස්සේ අපිට ගොඩක් ප‍්‍රශ්න ආවා. තාත්තගේ තිබුණු ඉඩකඩම් දේපළ පවා නෑදෑයෝ උදුර ගත්තා. අයියටවත් මටවත් ඒවා පිළිබඳ ඒ කාලේ ඒ තරම් අවබෝධයක් තිබුණේ නෑ. අපේ අම්මටත් ඒවට මුහුණ දෙන්න ශක්තියක් තිබුණේ නෑ. මොකද අපේ අම්මා අරන් හදාගත්ත කෙනෙක්. ඒ නිසා අද වෙනකනුත් මගේ අම්මා එයාගේ අම්ම තාත්තා ගැන තියා ඥාතියෙක් ගැනවත් දන්නේ නෑ. අම්මට උදව්වට හිටියේ අහල පහල අය විතරයි.
 
 අම්මා අපිට උගන්වන්න කියලා පුදුම විදියට දුක් වින්දා. කුලී වැඩට ගියා. මාත් ස්කෝලේ ගිහින් ඇවිත් එක එක ගෙවල්වල කජු කඩන්න, මුං කරල් කඩන්න ගියා. එහෙම වැඩ කරලා එකතු කරගත්ත සල්ලිවලින් තමයි ඉස්කෝලේ යන්න සපත්තු ගත්තේ. කොහේ හරි ගියාම අයින් කරලා තියෙන සපත්තු දැක්කම මං ඒවා ගෙදර අරන් ඇවිත් පොලිෂ් කරලා ස්කෝලේ දමාගෙන ගියා. තාත්තා නැති වුණාට පස්සේ මගේ හීනත් ඔක්කොම ටික ටික බොඳවෙලා  ගියා. රටේ තියෙන තරගකාරී අධ්‍යාපන ක‍්‍රමයත් එක්ක මට ඉගෙන ගන්න පුද්ගලික පන්ති යන්න හා ඒවායෙන් කියන කියන පොත් අරන් දෙන්න අම්මට සල්ලි තිබුණේ නෑ. මේ නිසා අන්තිමේදී මාත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ අධ්‍යාපනයට සමුදීලා රැුකියාවකට ගියා. පුද්ගලික ආයතනවල මුර රස්සා කළා. බදාම ඇනුවා. ගාමන්ට් ගියා. නොකරපු රස්සාවක් නෑ. මට ඕන වුණේ අම්මව කුලී වැඩට යන එක නවත්තන්න.

මෙහෙම විවිධ රැුකියා කරගෙන යනකොට තමයි මට රාජ්‍ය නොවන සංවිධානයක තරුණ නායකයෙක් විදියට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැඩ කරන්න ලැබුණේ. මේ නිසා මට හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරාමත් ඉන් පිටතත් ඇවිදින්න ලැබුණා. එහිදි මං දැක්කා මං වගේම අසරණ වෙලා ඉන්න තවත් ගොඩක් පිරිසක් මේ රටේ ඉන්නවා කියලා. එදා මං තීරණය කළා මේ අයට උදවු කරන්න වැඩ පිළිවෙළක් මට පුළුවන් විදියට හදන්න ඕනේ කියලා. මේ කාලය වන විට මං ගමේ තිබුණු විවිධ සමිති සමාගම්වලත් නිලතල දැරුවා. මං කළ වැඬේ අසරණ පවුලක් හමු වුණාම ඒ පිළිබඳව විස්තර හොයලා ගමේ ඇවිත් යාළුවොත් එක්ක කතා කරලා ඒ අයට පුංචියට පුංචියට පිහිට වෙන්න පටන් ගත්තා. මට රැුකියාවෙන් ඉස්සර වෙලාම ලැබුණු පඩියෙන් මං කළේ වතුර
 
 ගන්න විදියක් නැතිව අසරණ වෙලා හිටිය පවුලකට වතුර ගන්න උදවු කළ එක. මෙහෙම යනකොට මේකට තවත් ගොඩක් අය මට උදවු කරන්න ඉදිරිපත් වුණා. අද මං ගමේ තරුණයින් එකතු කරලා ”තාරුණ්‍යට නව දිරියක්” කියලා සංවිධානයකුත් හදාගෙන අසරණ අයට පිහිට වෙන්න කටයුතු කරනවා. අද වෙනකොට ගමේ හෝ වෙනත් ගමක කෙනෙක් තමන්ගේ උපන් දිනය හෝ වෙනත් විශේෂ දිනයක් කිට්ටු වෙනකොට අපේ ගෙදරට ඇවිත් අහනවා රුවන් මල්ලි මගේ උපන් දිනය මේ දවසේ තියෙනවා. කාට හරි අසරණ පවුලකට අපිට පිහිට වෙන්න පුළුවන්. මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා මගෙන් අහනවා. මං ඒ අය කොහේ හරි අසරණ වෙලා ඉන්න පවුලක් ළඟට එක්කගෙන යනවා. සමහර අය රුපියල් 5000ක් වියදම් කරන්න කියලා අසරණ පවුල් ළඟට ගිහින් ලක්ෂය හමාර වියදම් කරලා ඒ අයට පිහිට වෙනවා. ඒවා දිහා බලලා මං පුදුම විදියට අද සතුටු වෙනවා.

rewan2
මේ වෙනකොට මං ඇවිදින්න බැරි අයට මෙන්ම ආබාධිත අය සඳහා රෝද පුටු 1200ක් හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා හා ආසන්න පළාත් තුළ බෙදා දීමට කටයුතු කර තියෙනවා විවිධ අයගේ උපකාර ඇතිව. ඒ වගේම ආබාධිත අයට කිහිළිකරු 270ක් පරිත්‍යාග කරලා තියෙනවා. වසර 05ක් තිස්සේ මේ වෙනකොට අංග සම්පූර්ණ බෑග්, පොත්, පෑන්, පැන්සල්, සපත්තු ඇතුළු පාසල් උපකරණ කට්ටල 900ක් අසරණ සිසුන් සඳහා ලබා දීලා තියෙනවා. ඇස් කන්නාඩි 50ක් මේ වන විට ඇස් පේන්නේ නැති අම්මලා තාත්තලාට අරන් දිලා තියෙනවා. විදුලිය ගන්න බැරි අසරණ පවුල් 12ක් සඳහා නොමිලේ විදුලිය අරන් දුන්නා. ජලය නොමැති පවුල් 15කට නොමිලේ වතුර අරන් දුන්නා. ගෙවල් නැති අසරණ පවුල් 09කට ගෙවල් 08ක් හදලා දුන්නා. ඒ වගේම පහුගිය සමයේ ඇති වූ කොරෝනා වසංගත තත්ත්වයත් සමග කෑම බීම සපයා ගැනීමට නොහැකිව අසරණ වූ පවුල් 1000ක් සඳහා වියළි සළාක ලබා දීමට මට පුළුවන් වුණා. ඒ වගේම ගමේ ගොඬේ ඇවිද ගොස් සේවය කරපු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු 20 දෙනෙකු සඳහා ආරක්ෂිත ඇඳුම් ලබා දීමටත් මට හැකි වුණා. මේ සියල්ලම මං තවත් අයගේ සහාය ඇතිව ගමේ තරුණයෝ එකතු කරගෙන විදෙස්ගතව ඉන්න මගේ යාළුවන් එකතු කරගෙන තමයි මේ දේවල් කළේ. දැන් වසර කීපයක් තිස්සේ රස්සාවක් කළාට මට කියලා මං එක රුපියලක් බැංකුවක දමාගෙන නෑ. ගෙදර වියදමට ගන්නවා වගේම අසරණ අයට පිහිට වෙන්න මං මගේ මුදල් යොදවලා තියෙනවා.
 
 කිසිවකුගේත් පිහිටක් නොමැතිව අසරණ වූ මිනිස්සු මේ රටේ කොච්චර නම් ඉන්නවද. කෙනෙකු පිහිටක් නොමැතිව අසරණ වුණාම ඇතිවෙන වේදනාව දුක මං හොඳට දන්නවා. මං ඒ දුක පොඩි කාලේදිම අත්වින්දා. ඒ නිසා මං නිතරම ප‍්‍රාර්ථනා කරන්නේ මං ලබපු ඒ අමිහිරි අත්දැකීම් කිසි කෙනෙකුට ලබන්න ලැබෙන්න එපා කියලයි. මේ නිසාම තමයි මං මට පුළුවන් විදියට මිනිස්සුන්ට පිහිට වෙන්නේ. මොකක් හරි පෙර අකුසලයකට වෙන්න ඇති මට මෙහෙම වෙන්න ඇත්තේ කියලයි මං විශ්වාස කරන්නේ.
 
 ඒ වගේම මං රටේ සමස්ත තරුණ ප‍්‍රජාවගෙන්ම ඉල්ලනවා අපි සියලූ දෙනාම එකට එකතු වෙලා තරුණ ජීවිතය තමාගේ මෙන්ම අනෙකාගේ යහපත වෙනුවෙන් යොදවමු කියලා. රස්තියාදු ගහමින් අරක්කු, කසිප්පු, ගංජා කුඩු මත් පෙතිවලට මෙන්ම සූදුවට හා දුරාචාරයට නැඹුරුවී විනාශ කරන මුදල් තමාගේ මෙන්ම අසරණ මිනිස්සු වෙනුවෙන් යොදවමු කියලා. අපි හැමෝම එකතුවෙලා එහෙම කළොත් මේ රට කොච්චර නම් සුන්දර වෙනවාද”? යැයි ඔහු පැවසුවේය.
 
 දිනෙන් දින විනාශය කරා හා දුරාචාරයට ඇදී යන තරුණ ප‍්‍රජාව අතරින් තවත් රුවන් කුමාරලා බිහි වේවායි! අපේ ද ප‍්‍රාර්ථනයයි.
 
 සටහන හා සේයා රූ
 මත්තල දිලීප් එන්. ජයසේකර

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles