Divaina - කඩුලූ කුඩු කර කුඩු ගසා තමුනුත් වැනසෙන තරුණ ක‍්‍රීඩකයා

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

drugs
 
 
 ගයාන් සමරසිංහ
 
වර්ෂ 1995 මැයි මස 10 වැනිදා වෙන්නප්පුව ප‍්‍රදේශයේදී පිරිමි දරු උපතක් සිදුවිය. දෙමාපියෝ එම දරුවාට දේවප‍්‍රියගේ ෂෙහාන් මධුසංක කුමාර යන නම තැබූහ. ෂෙහාන් කුඩා කල සිටම දක්ෂතා දැක්වූයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවටයි. එම නිසාම දෝ අධ්‍යාපන කටයුතුවලට වඩා ඔහු කී‍්‍රඩාවට මුල් තැන දැක්වූවේය. පාසල් නිමවී වෙන අය නිවෙස් වෙත යද්දී ඔහු යන්නේ පිට්ටනියටයි. ඒ ක‍්‍රිකට් ගැසීමටයි.
 
 වසර ගණනක් එලෙස ගතවිය. ක‍්‍රිකට් පිස්සෙකු නිසාම ෂෙහාන් පාසල පුරාද ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය. පිතිකරණයට වඩා ඔහු පන්දු යැවීමට විශේෂ දක්ෂතාවක් දැක්වූවේය. අධික වේගයෙන් පන්දු යැවීමට ඔහු සමත් විය. සෑම පිතිකරුවෙකුම පවා ඔහුගේ වේග පන්දු හමුවේ අසරණ විය.
 
 එලෙස පන්දු යැවීම නිසා පාසල් ක‍්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂි ස්ථානයක් ඔහුට හිමි විය. කොටින්ම කියතහොත් ක‍්‍රිකට් කණ්ඩායමේ තරග දිනවන්නා බවට පත්වූයේ ෂෙහාන්ය.
 
 පාසල් ජීවිතය නිමා වන විට ඔහු එම පළාත තුළ සිටි දක්ෂතම සහ ජනප‍්‍රියම කීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත් විය. එම දක්ෂතා නිසා ඔහුට ටැමිල් යුනියන් කී‍්‍රඩා සමාජය නියෝජනය කිරීමට හැකිවිය. එහිදී දැක්වූ දක්ෂතා නිසා ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ ස්ථානයක්ද ඔහුට හිමිවිය.
 
 ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ තරගාවලි කිහිපයකදීම ෂෙහාන් විශිෂ්ට දස්කම් දැක්වූවේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවද ඔහුට හිමි වීමයි.
 
drugs2ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය බංග්ලාදේශයට එරෙහිවයි. එය පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා අගනුවරයි. සහාභාගි වූ පළමු තරගයේදීම ෂෙහාන් කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගත්තේය. එම දක්ෂතාව නිසා මෙරට පේ‍්‍රක්ෂකයන්ට අමතරව ෂෙහාන් ගැන විදෙස් රටවල සමහර ක‍්‍රීඩකයන් සහ විස්තර විචාරකයන් පවා කතා කිරීමට පටන් ගත්හ. එලෙස දක්ෂතා දැක්වූ ෂෙහාන් මධුසංක යළි මෙරටට පැමිණියේ කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ හදවත්වල නොමැකෙන සටහනක් බවට පත් වෙමින්ය.
 
 වාසනාව මෙන් අවාසනාවද ෂෙහාන් පසුපස ගමන් කළේය. එම තරගාවලියෙන් පසු ඔහුට වෙනත් කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයකට සහාභාගි වීමේ අවස්ථාව හිමි නොවුණි. එය කුමන හේතුවක් පදනම් කරගෙනද යන්න අපි හරියාකාරව නොදන්නෙමු.
 
 ෂෙහාන් අවසන් වරට පළමු පෙළ තරගයකට සහභාගි වී ඇත්තේ මාර්තු මස 06 වැනිදාය. ඒ බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් එන්. සී. සී. පිලට එරෙහිවයි.
 
 ෂෙහාන්ගේ ක‍්‍රිකට් ජීවිතය එසේ ගතවෙද්දී පෞද්ගලික ජීවිතයද ඔහු විසින්ම නැතිකර ගෙන තිබුණි. ඒ ඔහු කි‍්‍රකට් වලට මෙන්ම මත්ද්‍රව්‍යවලටද දැඩි ලෙන්ගතුකමක් දැක්වූ නිසාය. පාප මිත‍්‍රයන්ගේ ඇසුර නිසා ඔහු මෙලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී තිබුණි. සමහර දිනවල පුහුණුවීම් පවා අතපසුකර මොහු මිතුරන් සමග එකතුවී මත්ද්‍රව්‍ය භාවිත කළේය. ඒ අතර කාලය තුළ මොහු හොරොයින් පවා භාවිත කිරීමට පුරුදුවී සිටියේය.
 
 ටික කලක් ගතවෙද්දී ෂෙහාන් හොරොයින් භාවිත කරන බව බොහෝ පිරිසක් දැන ගත්හ. එය නැවැත්වීමට සමහරු උත්සාහ කළහ. එහෙත් පලක් නොවීය. ඔහුට එයින් මිදීමට නොහැකි විය. දිනපතාම පාහේ ඔහු මිතුරන් සමග එකතුවී හොරොයින් පානය කළේය.
 
 කලක් යද්දී මොහු හොරොයින් ජාවාරම් කරන බවටද ගම්මු චෝදනා කළහ. එම නිසා මොහුගේ ජනපි‍්‍රයත්වයද එන්න එන්නම අඩුවිය.
 
 දිනක් පන්නල පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියවුණේ මෙවැනි දෙයකි. ‘‘සර් මම කතා කරන්නේ සරත් කියලා කෙනෙක්. වැදගත් තොරතුරක් දෙන්න කථා කළේ. ෂෙහාන් මධුසංක කියලා කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් ඉන්නේ අන්න එයා කුඩු බිස්නස් කරනවා. නිතරම එයාගේ කාර් එක ඇතුළේ බඩු තියෙනවා. දැන් එයා ගමටම පිළලයක් වෙලා තියෙන්නේ. අනේ සර් මොකක් හරි කරලා මිනිහව අල්ල ගන්න. වාහනේ නම්බර් එක මේක.’’
 
 ලැබුණ තොරතුර මත පොලිස් නිලධාරීහු හොර රහසේ ෂෙහාන් මධුසංක ගැන සොයා බැලූවේය. එහිදී අනාවරණ වූයේ මොහු හොරොයින් පානයට ඇබ්බැහි වී ඇති බවයි. ඒ අනුව පොලිස් නිලධාරීහු මොහුව අත්අඩංගුවට ගැනීමට තීරණය කළහ.
 
 දිනය පසුගිය 23 වැනිදාය. ෂෙහාන් තවත් මිතුරෙකු සමග හොරොයින් මිලි ග‍්‍රෑම් කිහිපයක් ළඟ තබාගෙන ඔහුගේ මෝටර් රථයෙන් ගමනක් ගියේය. ඔවුහු පන්නල ප‍්‍රදේශයට ළඟා වූහ. පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් මෝටර් රථය නවතන ලෙස අණ කළහ. සිදු වන්නේ කුමක්ද කියා ඔවුනට සිතා ගැනීමට නොහැකි වූහ. එක්වරම ෂෙහාන්ගේ මිතුරා බියට පත් විය. ඒ ඔවුන් ළඟ හොරොයින් තිබෙන නිසාය. එය දුටු ෂෙහාන් ‘‘ බය වෙන්න එපා මම ඉන්නවානේ කියා’’ පැවසුවේය.
 
 පොලිස් අණට කීකරු වූ ෂෙහාන් මෝටර් රථය නැවතුවේය. ඒ සමගම පොලිස් නිලධාරියකු ඔහු ළඟට පැමිණියේය. පැමිණ මෙලෙස පැවසුවේය.
 
 ‘‘ ඔය මහත්වරු කරුණාකරලා වාහනයෙන් බහින්න ටිකකට.’’
 
 ‘‘ඇයි සර් ඒ. මාව දන්නේ නැද්ද. මම ක‍්‍රිකටර් කෙනෙක්. ෂෙහාන් මධුසංක කියන්නේ මට.’’
 
 ‘‘හරි මහත්තයා හරි ඒක මම දන්නවා. කරුණාකරලා වාහනයෙන් බහින්න’’
 
 ‘‘එහෙම කරන්න එපා. මම ජාතික මට්ටමේ ක‍්‍රීඩකයෙක්. මම වරදක් කරලා නැහැනේ.’’
 
 ‘‘තේරුම් ගන්න වරදක් කළාද නැද්ද කියලා පස්සේ බලා ගමුකෝ. දැන් කරුණාකරලා වාහනයෙන් බහින්න.’’
 
 දන්න සියලූම සෙල්ලම් දමා ෂෙහාන් පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට උත්සාහ කළේය. එහෙත් පලක් නොවීය. පොලිස් නිලධාරීහු ෂෙහාන් සහ ඔහුගේ මිතුරා ළඟ තිබී හොරොයින් මිලි ග‍්‍රෑම් කිහිපයක් සොයා ගත්හ. ඉන්පසු ඔවුන් දෙදෙනාව කුලියාපිිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්ත‍්‍රාත් වරයා නියෝග කළේ ලබන මස 02 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
 
 මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෙක් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම නිසා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි.
 
 හොරොයින් පානය කිරීම නිසා දැන් ෂෙහාන් මධුසංක ජීවිතයේ බොහෝ දේවල් නැතිකරගෙන හමාරය. මෙරට කි‍්‍රකට් ආයතනය ඔහුට දේශීය සහ විදේශීය සියලූම කි‍්‍රකට් තරග තහනමක් පනවා තිබේ. ඒ තහනමත් සමග ඔහුගේ වාර්ෂික කොන්ත‍්‍රාත් ගිවිසුමත් තාවකාලිකව අත්හිටුවා තිබේ. එයට අමතරව මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමටද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය කමිටුව කටයුතු කරගෙන යයි.
 
 ෂෙහාන් මධුසංක, වැරදි කා අතිනුත් සිදුවෙනවා. එම වැරදි නිවැරදි කරගතහොත් ඔබට අනිවාර්යෙන්ම තව දිගු ගමනක් යා හැකිය. ඒ සඳහා ඔබට අවශ්‍ය සියලූම දේ ඔබ සතුව පවතී. එම නිසා මෙය ජීවිතයට පාඩමක් කරගෙන වැරදි නිවැරදි කර යළි නැගී සිටින්න. දකුණතින් වේග පන්දු යවන ඔබට ආදරය කරන පිරිසක් තවමත් සිටින බව මතක තබා ගන්න. කඩුලූ ති‍්‍රත්වයකින්ම යළි ජාත්‍යන්තරය ජය ගැනීමට හැකිවේවා. කි‍්‍රකට් ලෝලීන්ගේ පැතුම එයයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles