Divaina - කොටි පරදන සටනට ඉන්දියාව රහසින් හෙලි කොප්ටර පරිත්‍යාග කළ හැටි...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

චතුර පමුණුව

sd31 1

1987 ජුලි මස 30 වැනිදා පස්වරු 3.37 ට මෙරට අනන්‍යතාව යළිත් වරක් විදේශයකට භාර දෙමින් ගැටලූ රැසක් දැයට උරුම කරදුන් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබිණ.

බලහත්කාරයෙන් පටවනු ලැබූ එම ගිවිසුම අත්සන් කර ජයග‍්‍රාහී මානසිකත්වයෙන් ආපසු සියරටට යෑමට පෙර ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඇතුළු පරිවාර පිරිසට ජුලි 03 වැනිදා පෙරවරු 9.30 ට ජනාධිපති මන්දිරය අසලදී ආචාර පෙළපාලියක් පැවැත්විණ.

දෙරටේ ජාතික ගී ගායනා කළ පසු ශ‍්‍රී ලංකා නාවික හමුදා ප‍්‍රධානියකු සමග හමුදා පෙළපාලිය නරඹමින් අගමැති රජිව් ඉදිරියට ගමන් ගත්තේය. රජීව්ගේ දකුණු පස පෙළ සීරුවෙන් සිටි නාවික හමුදා පෙරෙට්ටුවේ තුන්වැනි සෙබළා පසුකරත්ම නොසිතූ විරූ ලෙසට තම හිස දෙසට බයිනෙත්තු කඳක් පාත්වන ලීලාවක් ඉන්දීය අගමැතිට ඉවෙන් මෙන් දැනෙන්නට ඇත. ඔහු වහා පසෙකට පැනගත් අතර බයිනෙත්තු කඳ ඔහුගේ උරහිසට ගිළිණ.

පහරදුන් බවට සැක කළ සෙබළාට ඉන්දීය ආරක්ෂක නිලධාරියකු පහරක් දුන් අතර පළමුව බයිනෙත්තු කඳ ද දෙවැනිව සෙබළා ද බිම පතිත විය. වහා ඔහු අත්අඩංගුවට ගැනිණ. මේ ප‍්‍රහාරයෙන් පසු රජීව් ඇමතූ ආරක්ෂකයෝ ”ඔබට තුවාලද?” ඇසූහ. ”මට හානියක් නෑ” රජීව් කීය. එදා තුවක්කු පහර කා ගිය රජීව් අවසානයේ කොටි මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගියේය. එයින් පසු කොටි හුරතල් කිරීමේ විපාකය ඉන්දියාවට හොඳින් අවබෝධ විය. ඒ අතීත කතාවයි.

sd31 2ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසුව ප‍්‍රථමවරට රූපවාහිනි සම්මුඛ සාකච්ඡුාවක් පවත්වනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වැනිදාය. එය මෙහෙයවනු ලැබුවේ ප‍්‍රකට ඉන්දීය මාධ්‍යවේදී නිතින් ආනන්ත් ගෝකලේ විසිනි. මෙරට සමාජ දේශපාලන ආර්ථික වටපිටාව ගැන වඩා හොඳින් අධ්‍යනය කර ඇති මාධ්‍යවේදියෙක් වන ගෝකලේ 2009 දී ශ‍්‍රී ලංකාව කොටි පරාජය කර ජයගැනීම පිළිබඳව Sri Lanka from War to Peace මැයෙන් ග‍්‍රන්ථයක් ද පළ කරනු ලැබීය. ඒ කාලයේ ගෝකලේ ඉන්දීය එන්ඞීටීවී රූපවාහිනියේ ආරක්ෂක තොරතුරු වාර්තා අංශයේ කර්තෘවරයා විය. කොටි පරාජය කිරීම පිළිබඳ ග‍්‍රන්ථය මගින් ඉන්දීය රජය ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත නඩය පරාජය කිරීම වෙනුවෙන් කොළඹ ආණ්ඩුවට රහසින් උදව් කළ හැටි මැනවින් විස්තර කර ඇත.

සෝනියා ගාන්ධි විසින් මෙහෙයවනු ලැබූ ඉන්දීය කොන්ග‍්‍රස් ආණ්ඩුව කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් කැපවූයේ තිරය පිටුපස සිටය. මන්ද තමිල්නාඩුවේ කරුණානිධි ඇතුළු කණ්ඩායම කලබලයට පත් නොකර එය සිදු කළ යුතු විය. දිල්ලි ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආරක්ෂා වුණේ ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයේ සහයෙනි. 2005 දී බලයට පත්වීමෙන් මසක් ගතවීමට පෙර ඉන්දියාවේ සංචාරය කළ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කොටි සමග සටනට බැසීමට තමන් සූදානම් බව ඉන්දීය ප‍්‍රධානීන්ට දැන්වීය. එහෙත් දිල්ලිය උපදෙස් දුන්නේ සාම සාකච්ඡුාවලට එළඹීම වඩා සුදුසු බවයි. රාජපක්ෂ ජනපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ කොටි සංවිධානය සාම සාකච්ඡුාවලට එන්නේ කල් මැරීම සඳහා පමණක් බවයි.

ලංකා ජනපතිගේ මේ අදහස නිවැරදි බව ඉන්දීය පාලකයින් අවබෝධ කරගෙන් තිබූ බව ගෝකලේ සිය ග‍්‍රන්ථයේ සටහන් කර ඇත. කොටි සමග යුද්ධයට මුහුණ දීමට අවශ්‍ය ආයුධ ලැයිස්තුව සමග දිල්ලිය වෙත ගියේ බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සොහොයුරන් දෙදෙනාය. ඒ ලැයිස්තුව අතර කාලතුවක්කු මෙන්ම නියමු රහිත ගුවන්යානා ද විය. දිල්ලිය ප‍්‍රහාරක අවි සැපයීමට එකඟ වූයේ නැත. ඉන්දියාවට රැවුලත් කැඳත් බේරාගත යුතුය. ලංකාවේ යුද්ධයට චීනය හා පාකිස්තානය ප‍්‍රසිද්ධියේ උදව් ලබා දෙනවිට බකංනිලාගෙන සිටීමට ද නොහැක. උතුර ගිනි ගන්නා විට කරුණානිධි දිල්ලි ආණ්ඩුවට බලපෑම් කරයි. එවිට දිල්ලිය ලංකා ආණ්ඩුවට ප‍්‍රසිද්ධියේ අනතුරු අඟවයි. දෙමළ ජීවිත රකින ලෙස අවවාද කරයි. නමුත් රහසින් ප‍්‍රහාරක අවි සැපයූ බව ගෝකලේ මේ ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ.

2006 වසරේදී ඉන්දියාව රහසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට එම්අයි 17 වර්ගයේ හෙලිකොටර් 05 ක් පරිත්‍යාග කළේය. මේවා වහාම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර ලෙස වර්ණ ගන්වන ලදී. එවිට කිසි ලෙස ඉන්දීය සම්බන්ධය සොයාගත නොහැකිය. කරුණානිධි කලබල වන්නේ ද නැත. එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර උපයෝගී කරගෙන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දුර දිග මෙහෙයුම් බළකායේ සෙබළුන්ට සහය ලබා දුන් ආකාරයත් මේ ග‍්‍රන්ථයේ විස්තර වෙයි. කොටි අන්දමන්ද කරමින් ප‍්‍රහාර එල්ල කළ මහසොහොන් බළකායේ කණ්ඩායම් යම් ආපදාවකට ලක්වූ විට මෙන්ම ඔවුන් මෙහෙයුම් අවසන් කොට යළි කඳවුරු වෙත ගෙන්වා ගැනීමටත් මේ හෙලිකොප්ටර බෙහෙවින් උපකාරී විය. යුද්ධය නිමවී වසර 11 සපිරෙන මේ අවස්ථාවේ ඒ අතීතය සිහි කිරීම වඩා සුදුසුය.


 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles