Divaina - තමන්ට උදවු කළ රටේ නායකයා මරා දැමූ එල්.ටී.ටී.ඊ. ය

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
p25 1 - මරාගෙන මැරෙන කණ්ඩායම් කිහිපයක්
 
 -ඝාතනයට පෙර දිර්ඝ කාලයක මෙහෙයුමක්
 
 රජීව් ගාන්ධි ඝාතනය යනු, වසර 29 කට පමණ පෙර එනම්,1991 මැයි 21 වැනි දින සිදු වූ අතිබිහිසුණු මරාගෙන මැරෙන ප‍්‍රහාරයකි. මෙම ප‍්‍රහාරය සේම එහි විමර්ශන කටයුතු සිදු කළ ආකාරය ද අධ්‍යනය කළයුතු මට්ටමේ තිබිණි. මේ ඔබට කියන්නේ ඒ කතාවය. සටහන් තබන්නේ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි.
 
 රජිව් ගාන්ධි ඝාතන විමර්ශනය මෑත අතීතයේ මුළු ලොව පුරා සිදු කෙරුණු අති විශිෂ්ට ගණයේ ලා ගැනෙන අපරාධ විමර්ශන කිසිවකට නොදෙවෙනි විමර්ශනයක් බව අතිශයෝක්තියකින් තොරව සටහන් කළ යුතුමයි.
 
 ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයකු වූ ශ‍්‍රී ජවහල්ලාල් නේරුගේ මුණුපුරකු මෙන්ම හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ද දෙටු පුත් වූ රජීව් ගාන්ධි වසර කීපයක් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය ධුරය ද හොබවා සිටි ආසියානු කලාපය කීර්තිමත් දේශපාලනඥයක්. ඔහුව ඝාතනය කරන අවස්ථාවේ ඉන්දියාවේ පැවැතීමට නියමිත ව තිබූ ලෝක් සභා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ සටනට එළඹ සිටි අතර එම මැතිවරණයෙන් ඔහු ඉතා විශිෂ්ට ජයක් ලබමින් නිදහස් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන බවට ද දේශපාලන විචාරකයන් ඒ වනවිට අනාවැකි පළ කර තිබුණා.
 
 රජිව් ගාන්ධි මහතා ඝාතනය කරනු ලැබුවේ 1991 මැයි 21 වන දින රාත‍්‍රී 10:20 ට පමණ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ චෙන්නායි නුවරට කිලෝමීටර් පනහක් පමණ නිරිත දිගට වන්නට පිහිටා ඇති ”ශ‍්‍රී පෙරුම්බුදුර්” නමැති ස්ථානයේ දී. නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ අවසාන වටයේ ප‍්‍රචාරක රැුලියකට සහභාගි වීම සඳහා ඔහු අන්ද්‍රා ප‍්‍රදේශයේ ”විශාඛාපටිනම්” නගරයේ සිට ගුවන් යානයකින් චෙන්නායි නුවර ට ගමන් කොට මෙම ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහුට මල්දමක් පැළඳවීමේ මුවාවෙන් පැමිණි පසුව හඳුනාගනු ලැබූ එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රබල සාමාජිකාවක වූ ධනු නමැති තරුණිය විසින් මෙම ඝාතනය සිදු කළ බවට පසුව කරනු ලැබූ විමර්ශනයේදී කරුණු අනාවරණය වුණා.
 
p25 2 ”ධනු” යාපනය නෙල්ලිඅඩි ප‍්‍රදේශයේ පදිංචි ”කලාවිණි රාජරත්නම්” ලෙස පසුව හඳුනා ගනු ලැබුවා.
 
 මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් රජීව් ගාන්ධි ඇතුළු දාහත් දෙනෙකු සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම මියගියා. ඔවුන් අතරින් නව දෙනකුම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි තමිල්නාඩු පොලිස් නිලධාරීන් වීම සුවිශේෂයි. මියගිය දාහත් දෙනාට අමතරව තවත් පුද්ගලයන් තිස් නව දෙනෙකු මෙම කෲරතර අපරාධය හේතුවෙන් බරපතළ තුවාල ලැබුවා.
 
 මුල් අවස්ථාවේ මෙම අපරාධය හඳුන්වනු ලැබුවේ  ''Blind Crime˜ නොහොත් විත්තිකරුවන් නොමැති අපරාධයක් ලෙසයි. අපරාධ සම්බන්ධව ඇසින් දුටු සාක්ෂිකරුවන් හෝ වෙනත් සාක්ෂි වශයෙන් උපයෝගී කරගත හැකි පර්වේෂණ (Circumstances) නොමැති අපරාධ මෙලෙස හඳුන්වනු ලබනවා. ඝාතනය සම්බන්ධ වූ විමර්ශකයන් හට ලැබී තිබූ එක ම සාක්ෂිය වූයේ මස් වැදලි බවට පත්ව තිබූ ප‍්‍රහාරය හේතුවෙන් මියගිය පිරිසකගේ සිරුරු කොටස් සහ අවට විසිරී තිබූ ලක්ෂ ගණනක් වූ mm භාග ප‍්‍රමාණයේ ඝනකමින් යුත් තියුණු යකඩ බෝල පමණයි.
 
 සමස්ත භාරතය පමණක් නොව මුළු ලොවම කම්පා කළ මෙම කෲරතර මිනිස් ඝාතනයේ අභිරහසත් සහ ඊට වගකිව යුතු අපරාධකරුවන් නීතියේ රැුහැනින් බැඳ දැමීමේ වගකීම පැවරෙනු ලැබුවේ I.P.S. ලෙස හැඳින්වෙන ඉන්දියානු පොලිස් සේවාවේ කීර්තිමත් විමර්ශනය ඉතිහාසයකට උරුමකම් කියන අපේ කාලයේ ශ්‍රේෂ්ඨ අපරාධ විමර්ශකයකු ලෙස නොබියව හැඳින්විය හැකි පොලිස්පති ආචාර්ය බී. ආර්. කාතිකයන් මහතාටයි. දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ හයිද්‍රාබාද් ප‍්‍රභාත් නගරය ආසන්නව ජන්ම දායාදය ලද මේ ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍රයා පසුව ඉන්දියාවේ විශිෂ්ටතම රාජ්‍ය සම්මානය ලෙස හැඳින්වෙන පද්ම ශ‍්‍රී විභූෂණ සම්මානයෙන් ද පුදනු ලැබුවා.
 
p25 3 රජීව් ගාන්ධි ඝාතන විමර්ශන කිරීමට හේතු දෙකක් නිසා බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් විමර්ශකයන් අකමැති වුණා. පළමු හේතුව වූයේ මෙම අපරාධය සාර්ථකව විසඳීමට නොහැකි වුවහොත් එයින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අභිමානයට ඇතිවන කැළලයි. දෙවන එහෙත්
 
 ප‍්‍රධාන ම හේතුව වූයේ මෙවැනි සංකීර්ණ ඝාතනයක් සිදු කළ හැකි බවට අනුමාන කෙරෙන ප‍්‍රබල ත‍්‍රස්තවාදී හෝ අපරාධ කණ්ඩායමකට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමේදී එම විමර්ශන නිලධාරියාට සහ ඔහුගේ පවුල්වල සාමාජිකයන්ට එම ඝාතකයන් ගෙන් එල්ල විය හැකි ජීවිත තර්ජනයි. ඉන්දීය අගමැතිනියගේ නියෝගයක් අනුව අමිරිත්සාර් රන්දෙවොල ඉලක්කකොට එල්ල කළ හමුදා ප‍්‍රහාරය මෙහෙය වූ සමස්ත ඉන්දීය යුද හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරියා වූ ජනරාල් එස්. වාඩි ඔහු විශ‍්‍රාම ලබා අනාරක්ෂිත වීමෙන් පසු සීක් ත‍්‍රස්තවාදීන් ජනරාල්වරයා වෙඩි තබා ඝාතනය කිරීම එම තත්ත්වයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකියි.
 
 එහෙත් මේ කිසිදු අභියෝගයක් තඹ සල්ලියකට මායිම් නොකළ ආචාර්ය කාතිකයන් මෙම අපරාධ විමර්ශනය දෙවරක් නොසිතාම බාරගෙන එය සිය අණසකට නතු කර ගනු ලැබුවා.
 
 යම් අපරාධයක් සිදු වූ ස්ථානය (scene of crime) එම අපරාධ විමර්ශනය කරනු ලබන විමර්ශන නිලධාරියකුට ඉතා වැදගත් වෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කොට කොළඹ පුරහල අසලදී සිදුකරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරය අපරාධ ස්ථානය සති ගණනාවක් ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. අපරාධ ස්ථානයක් ආරක්ෂා කිරීමේ ප‍්‍රමුඛ කාර්යය වන්නේ අපරාධ විසඳීමට අදාළ සුවිශේෂ සාක්ෂි පොලිස් නිලධාරියා වගේම එම විශේෂ සම්බන්ධ වූ පෘථුල දැනුමක් ඇති විශේෂඥයන් විසින් පරික්ෂා කර ඒවා එකතු කර ගැනීමට කටයුතු කිරීමයි. එසේම එම අපරාධය සිදු වූ ආකාරය නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් ද සමහර අවස්ථාව සමහර අපරාධයන් අරභයා පැන නැගෙනවා. ''re-construction of crime scene.˜  මෙහිදී අපරාධය සිදු වූ ආකාරය විවිධ චරිත යොදවා රංගනයක ආකාරයට ප‍්‍රතිස්ථාපනය කරනු ලබනවා. බොහෝ විට මෙය සිදු කරන්නේ අපරාධය සිදු වූ ස්ථානයේ ඒ වෙලාවටමයි. මෙයින් විමර්ශකයන්ට එම අපරාධය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගත හැකි වෙනවා.
 
 p25 4අපරාධ ස්ථානය නිවැරදිව කළමනාකරණය නොකිරීම සම්බන්ධව ශ‍්‍රී ලංකාව සතු සුවිශේෂ ම අත්දැකීම තමයි 1993 මැයි පළමු වන දින කොළඹ ආමර් වීදියේදී සිදු වූ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ ඝාතන සිද්ධිය. මෙම සිද්ධියේදී එම අපරාධය සිදු වී ඉතා කෙටි වේලාවක් ඇතුළත අපරාධ ස්ථානය සෝදා පිරිසිදු කරනු ලැබුවා. පේ‍්‍රමදාස ඝාතනය සම්බන්ධව අදටත් මහාධිකරණයේ අපරාධ නඩුවක් ආරම්භ වී නැහැ.
 
 කිසිම අපරාධයක් සර්ව සම්පූර්ණ සිදු කළ නොහැකි අපරාධ විමර්ශනයේදී ගුරු කොට ගන්නා පරම සත්‍යයක්. යම් අපරාධයක් සිදු කරන අපරාධකරුවා හෝ අපරාධකරුවන් එම අපරාධය සිදු කිරීමේදී තම අනන්‍යතාවය  (Identification) හඳුනාගත හැකි සාධක එකක් හෝ කීපයක් අපරාධ ස්ථානයේම රඳවා යනු ලබනවා. විමර්ශන නිලධාරීන්ගේ පරම වගකීම වන්නේ එම සාධක හොඳින් නිරීක්ෂණය කර හඳුනා ගැනීම සහ ඒවා ඉතා සුරක්ෂිත ලෙස එකතු කර ඒවාට නීතිමය බලයක් ආරෝපණය කළ හැකි ආකාරයට සකස් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමයි. සමහර සාධක එලෙස අධිකරණමය පිළිගැනීමක් නොමැති ඒවා ද වනවා. එවැනි සාධක ඇසුරු කරගත හැක්කේ අපරාධ විසඳීමේ මූලාශ‍්‍රයක් ලෙස වන අතරින් එම සාධක ඇසුරෙන් හඳුනා ගනු ලැබන අපරාධකරුවන්ට එරෙහිව අධිකරණයමය වටිනාකමකින් යුත් වෙනත් සාක්ෂි සොයා ගැනීම විමර්ශකයන්ගේ වගකීමක්.
 
 කිසිදු අපරාධයක් සර්ව සම්පූර්ණ අපරාධයක් නොවන බවට වූ න්‍යාය සත්‍යයක්ම බව මැනවින් පසක් කරමින්, හොඳින් සැලසුම් කර ඉතා සූක්ෂම ලෙස සිදුකරන ලද අපරාධයක් ලෙස සැලකෙන රජිව් ගාන්ධි ඝාතන කුමන්ත‍්‍රණ සහ එම කුමන්ත‍්‍රණය හා බැඳුණු අපරාධ ක‍්‍රියාදාමය තුළ ද එම අපරාධ සැලසුම් කර සැලසුම්කරුවන්ට වැරදුණු අවස්ථාවක් තිබුණා. ඒ තමයි මෙම කෲරතර ඝාතනය ස්වභාවය සිය අසමසම නායකයා වූ (Supreme Leader) වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට පෙන්වීම සඳහා ඔවුන් එල්ටීටීඊ හිතවතෙක් වූ ”හරිබාබු” නැමති නිදහස් ඡුායාරූප ශිල්පියකුගේ සේවය ලබා ගනු ලැබුවා. සැලසුම්කරුවන්ට සිය ජීවිතය කාලයේ සිදු වූ විශාල ම වැරදීම සිදුවුණේ මෙතනයි. කුමන හෝ අතපසු වීමක් හේතුවෙන් ”හරිබාබු” ද මරාගෙන මැරෙන බෝම්බයට හසු වී මිය ගියා. ඔහු අපරාධය ඡායාරූපගත කිරීම සඳහා භාවිතා කළ Chinon˜ වර්ගයේ මිලිමීටර් 35 නිශ්චල කැමරාව (35 mm still camera)  අපරාධ ස්ථානයේ තිබී තමිල්නාඩු පොලිස්පති ”රාඝවන්” අතට පත්වීමෙන් පසු අපරාධ විමර්ශන කණ්ඩායම වෙත ලැබුණා. විශේෂ පොලිස් ඡුායාරූපාගාරයක දළ සේයා පටය විකාශනය කරනු ලැබූ අතර චිත‍්‍රපටයක දර්ශනයන් ලෙස නිශ්චල ඡුායාරූප දහයක් ”හරිබාබු” විසින් මෙම ඝාතන සිද්ධියට අදාළව ඡුායාරූප ගත කරනු ලැබ කැමරාවේ දළ සේයා පටයේ සටහන්ව තිබුණා.
 
 රජිව් ගාන්ධි රැස්වීම් භූමියට අවතීර්ණ වීම, විවිධ සමාජ තලවල පිරිමි දේශපාලන ආධාරකරුවන් ගාන්ධි මහතා පිළි ගනිමින් සිදුකරනු ලබන ආචාර සමාචාර,  රැස්වීම් භූමියේ ඉදිරිපස බිම වාඩි වී සිටින කාන්තාවන් පිරිසක්, රැුස්වීම සංවිධානය කරනු ලැබූ ශ‍්‍රී පෙරුම්බුදුර් ආසනයේ කොංග‍්‍රස් පක්ෂයේ අපේක්ෂිකා මර්ගරීතා චන්ද්‍රසේකරන් මැතිනිය විසින් ගාන්ධි මහතා පිළිගැනීම ඉන්දිරා ගාන්ධි මැතිනියගේ කාලයේ පටන් කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබල සාමාජිකාවක් වූ ”ලතා කන්නන්” මහත්මියගේ දියණිය වූ ”කෝකිළවානි” විසින් රජිව්  ගාන්ධි චරිතය අළලා නිර්මාණය කරනු ලැබූ කවි පන්තියක් ඔහු ඉදිරියේ ගැයීමෙන් මෙන් පසුව රජීව්  ගාන්ධිට ආචාර කිරීමේ දර්ශනය ඇතුළු ඡුායාරූප දහය මෙම දළ සේයා පටයේ පැහැදිලිව සටහන්ව තිබුණා. මෙම දළ සේයා පටයේ නව වන ඡායාරූපය ලෙස සටහන්ව තිබුණේ හිටපු අගමැතිවරයා සිය ජීවිත කාලයේ දී ගනු ලැබූ අවසාන ඡුායාරූපයයි. එම ඡුායාරූපය කෝකිලවානි විසින් අග‍්‍රාමාත්‍යවරයාට ආචාර කරන ආකාරය දැක්වුණු අතර කෝකිළවානිට පිටුපසින් රන්වන් පැහැති යට කොටසකින් සහ කොළ පැහැති උඩු කොටසකින් යුත් සල්වාර් ඇඳුමක් ඇඳ වරලස කහ පැහැති මල් වැලකින් සරසා ගනු ලැබූ තරුණියකගේ ඡායාරූපයක් වුණා. මෙම ඡුායාරූපයට පසුව සටහන්ව තිබූ දහවන ඡුායාරූපයේ තිබුණේ රන්වන් පැහැයෙන් බොඳවී ගිය දර්ශනයක් සහ පසුබිමේ දුමාරය වැනි කොටසක් එම ඡායාරූපය මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් සිය සිරුරේ සඟවා තිබූ බෝම්බය පුපුරවා ගනු ලැබූ අවස්ථාවේ දළ සේයා පටය සටහන තිබූ තිබූ අවසාන ඡුායාරූපය ලෙසටයි වෝහාරික විශේෂඥයන් හඳුනා ගනු ලැබුවේ.
 
 බෝම්බය පිපුරුණු ස්ථානයේ තිබූ මිනිස් සිරුරුවල කොටස් එකතු කිරීමේදී කෝකිළවානිට පිටුපසින් සිටි සල්වාර් ඇඳුමකින් සැරසුණු තරුණියගේ හිස සහ පාද කොටස් දෙකත් අත්වල කොටස් සහ බඳේ කොටසකුත් තමිල්නාඩු වෝහාරික විද්‍යාගාරයේ (T.F.S.L) වෝහාරික විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවා. මෙම කොටස්වල අනන්‍යතාවය DNA පරීක්ෂණ මගින් තහවුරු කරනු ලැබූ අතර මෙම කාන්තාව මරාගෙන මැරෙන බෝම්බකාරිය ලෙස පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් සහ වෝහාරික විශේෂඥයන් විසින් තහවුරු කරනු ලැබුවා.
 
 මෙම ඡුායාරූප අඩංගු දළ සේයා පටයේ අංක එක ලෙස සටහන්ව තිබූ ඡුායාරූපය ඉතා සුවිශේෂයි. මෙම ඡුායාරූපය රජීව් ගාන්ධි මහතා රැුස්වීම් භූමියට පැමිණීමට ප‍්‍රථම ”හරි බාබු” විසින් ගනු ලැබූවක් වන අතර එම ඡුායාරූපයෙහි ලතා කන්නන් මහත්මිය සහ ඇගේ දියණිය වූ කෝකිළවානි අතර රන්වන් සහ කොළ පැහැයෙන් යුත් සල්වාර් ඇඳුමකින් සැරසී උපැස් යුවළක් පැලඳ සඳුන් දැවයෙන් කළ මල්දමක් අත දරා සිටින තරුණියකගේ ඡුායාරූපයක් සටහන්ව තිබුණා. එම ඡුායාරූපයේම දකුණු කෙළවරේ මීටරයක් පමණ දුරින් සුදු පැහැති කුර්තා පිජාමා වර්ගයේ ඇඳුමකින් සැරසී උපැස් යුවළක් පැලඳ සිටින තරුණ විය නොඉක්ම වූ පුද්ගලයෙකුගේ රූපයක් ද සටහන්ව තිබුණා. ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස ඇඟවීමට අතේ නෝට් පොතක් වැනි යමක් ද දරා සිටියා. මෙම තැනැත්තා බෝම්බයට හසු ව මියගිය හෝ තුවාල ලැබූ පිරිස අතර නොසිටි අතර මෙම පුද්ගලයා සොයාගැනීම අපරාධ විමර්ශකයන්ට ඉතාමත් අවශ්‍ය කරුණක් වුණා. මේ වන විට මරාගෙන මැරෙන බෝම්බකාරිය ධනු සහ කුර්තා පිජාමාකරුගේ ඡුායාරූප සමස්ත භාරතය පුරාම මාධ්‍ය මෙහෙයුමක් මගින් ප‍්‍රචාරය කිරීමට විමර්ශකයන් ක‍්‍රියා කළා. ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා මෙම පුද්ගලයන් සම්බන්ධව තොරතුරු තිබේ නම් එය නොපමාවම පොලිසිය වෙත දන්වන ලෙසය.
 
 (අපරාධකරුවන් නීතියේ රැුහැනට කොටුකර ගැනීමට භාරතය දෙවනත් කරමින් සිදු කළ මහා පොලිස් මෙහෙයුම මීළඟ සටහනෙන්.)


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles