Divaina - පංචශීලය රකින කිසිවකුටත් අපල නැත

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

naka4 3පංචශීලයක බලය ඔබ හඳුනාගෙන, අවබෝධ කරගෙන නැත. එසේ තිබුණා නම් ඔබ එය නියත වශයෙන්ම රකින කෙනෙක් බවටම මේ වන විටත් පත්වේ. පාසල ආරම්භ වන විටත් විවිධ වැඩ අරඹන විටත්
 
 රැස්වීම් (දේශපාලන හැර) පවත්වන විටත් පන්සිල් සමාදන් වීමේ චාරිත‍්‍රයක් බෞද්ධ සංස්කෘතිය තුළ තිබේ. එම සංස්කෘති බිහිවුණේ මේ පන්සිල් තුළ ඇති අප‍්‍රමාණ බලය නිසාමය. මීට දශක කීපයකට උඩදී අප රටේ මිනිස්සු බොහෝ පිරිස් මේ පන්සිල් මනාව රැුකගත්තෝය.
 
 නමුත් අද වන විට මේ ඩිජිටල් සැටලයිට් ලෝකය තුළ පන්සිල්වල ඇති බලය සේම වටිනාකම මිනිස් සිත්වලින් බැහැර වෙමින් පවතී. පාසල්වල අදටත් උදේ පන්සිල් සමාදන් වෙයි. නමුත් ඒ සමාදන් වෙන ශීලය ආරක්‍ෂා කරන දරුවන් නැත. රැුස්වීම් සමිති සමාගම්
 
 ඇරැුඹීමට මත්තෙන් අදටත් පන්සිල් ගනී. නමුත් කිසිම කෙනෙක් පන්සිල් රැුකගන්නේ නැත. එසේම පන්සිල්වල ඇති බලය හා මහේශාක්‍ය බව දන්නේ ද නැත.
 
 ප‍්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් හා මත් ද්‍රව්‍ය පානය කිරීම යන මේ සිල් පද පහ ඉතා දරුණු ලෙස කඩාගන්නා මේ නූතන සමාජයට යම් තරමකට හෝ අවබෝධ කිරීම මේ ලිපියේ පරමාර්ථය වෙයි. මේ සිල් පද පහ වෙන්ව ඇත්තේ මිනිසුන්ට හා දෙවියන්ටය. ඒ කුමක් පිණිස ද යන්න ප‍්‍රථම කොට ඔබට අවබෝධ කරවමි.
 
 දෙවියන් යනු මෙලොව ජීවත් වූ මිනිසුන්මය. ඔවුන් ශ‍්‍රද්ධාව, ශීලය, ශෘතය, ත්‍යාගය, ප‍්‍රඥාව යන ශේඛ බල මනා ලෙස මිනිස් ප‍්‍රඥාවෙන් අවබෝධ කර ඒ ගුණ වඩාගත් අයයි. එනිසා ඔවුන් මිනිසුන් ලෙස මෙලොව ජීවත්වූ කාලයේම ඔවුන්ගේ ශරීරවල ‘‘ ඕරාව’’ හෙවත් ආලෝක ප‍්‍රබල කරගත්හ. ඒ ශේඛ බල පහ එසේ දීප්තිමත් වන්නේ පංච ශීලය සුරක්‍ෂා කළහොත් පමණි. එමගින් ඔවුහු ආයු, වර්ණ, සැප, බල, ප‍්‍රඥා යන පංච සමාපත්ති මනාසේ මිනිස් භවය තුළ සපුරා ගත්හ. මෙසේ පන්සිල් රකිමින් මේ විශ්වයේ පරම සත්‍යය අපට හෙළි කළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ පැහැදීමෙන් ශ‍්‍රද්ධාව ඇතිකර ගත්හ. ගිහි දිවියක ප‍්‍රධාන වන පංච ශීලය, අෂ්ඨාංග ශීල - දස ශීල මනාව පිළිපදිමින් ශීලය ආරක්‍ෂා කරගත්හ. එසේම බුදුවරයෙක් ලොව පහලවී මේ මිනිස් ජීවිතය මිනිස් භවය උපදවන පිං පව් හා ඒවායේ ප‍්‍රතිවිපාක ලබමින් මැරි මැරී ඉපිද ඉපිද යන මේ සසර දුක් ගමන ගැන සැබෑ සත්‍යය එළිදැක්වූ ඒ දහම අවබෝධ කරමින් ‘‘ඍත’’ හෙවත් දහම් දැනුම ලබමින් අවබෝධයෙන් පන්සිල් රකිමින් ආහාර දාන, වස්තු දාන, ශ‍්‍රමදාන, වස්ත‍්‍ර දාන, අභය දාන, ධර්ම දාන ආදී දන් දෙන්නට සිත පහදා ‘‘ත්‍යාග’ සම්පත්තියත් බණ භාවනාවල නිරත වී ප‍්‍රඥා සම්පත්තියත් ඔවුන් හිමිකරගෙන දෙව් ලොව උපන්නේය. විශේෂ කොට පංච ශීලය රකිමින් මේවා කරගත්හ.
 
 ඔවුන් මේ මිනිස් ලොවින් මියගොස් දෙව් ලොව ඉපිද කල්ප ගණන් සැප ආයුෂ විඳිති. ඒ හැම සැපයකටම මුල් වුණේ පංච ශීලයයි. ඒ දෙව් තලවල සිට අදත් ඔවුන් මේ පංච ශීලය සුරකින බව යම් යම් බුද්ධ දේශනාවල සඳහන් වේ.
 
 යමෙක් පංච ශීලය මනා ලෙස සුරකින්නේ නම් ඔහුගේ ශරීරයෙන් නිකුත් වන ඕරාව හෙවත් ආලෝකය ප‍්‍රබල වන බව දහමෙත් තාරකා විiාවෙත් (ආතර් සී ක්ලාක් මධ්‍යස්ථාන) වැනි පරමාණුක විiා පර්යේෂණ මධ්‍යස්ථාන වලිනුත් පැවසේ. එවිට ඒ පුද්ගලයා මෙලොව කරන සියලූම යහපත් වැඩ මනා සේ සඵලවීමේ ආකර්ෂණ ලබයි. එසේම මේ පංච ශීලය රැුකගැනීමේ ප‍්‍රධාන වැදගත්කම වන්නේ මේ ලබාගෙන ඇති උතුම් මිනිස් ආත්ම භවය රැුකෙන්නේ ඒ පන්සිල් මත වීමය.
 
 ධම්ම පදය පොතේ සඳහන් වන එක්තරා සිදුවීමක් මෙහිලා ඔබ වෙත ඉදිරිපත් කරමි. එක්තරා ජනපදයකින් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි ස්වාමින් වහන්සේලා හතර නමක් බුදුරාජණන් වහන්සේට මෙසේ කරුණක් සැලකර සිටියේය. ‘‘ස්වාමීනි, අපට සිව්පසයෙන් කිසිම අඩුවක් නොකර සියල්ල සපයන පිංවතෙක් එහෙ ඉන්නවා. නමුත් ඔහු තුළ ශීලයක් නෑ. ඔහු පංච ශීලය රකින්නේ නෑ. ඔහුට ඊළඟට ලැබෙන භවය කුමක් වේද?
 
 ඒ පැනයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ මෙසේ උත්තර දුන්සේක. ‘‘ඇවැත්නි, ඔහුට උපත සිදුවන ස්ථාන දෙකයි. එකක් පේ‍්‍රත ලෝකයයි. එකක් තිරිසන් ලෝකයයි. ඇවැත්නි, යමෙක් පන්සිල් නොරැුක මහාමේරු පර්වතය තරම් උසට දන් දුන්නත් ඔහුට ලැබෙන්නේ ඒ භවයන් දෙකෙන් එකක්මයි.’’
 
 මේ කියමන සාක්ෂාත් වෙන තවත් ධර්ම දේශනා ති‍්‍රපිටකයෙන් ඉස්මතු වෙයි. මේ මිනිස් භවය ලැබීම ඉතාම දුෂ්කර දෙයකි. දෙවියන්ට පවා මිනිස් භවයක් ලැබීම දුෂ්කරය. එසේ දුෂ්කරව ලැබෙන මේ භවය ආරක්‍ෂා වෙන්නේ පංච ශීලය තුළිනි. පංචශීලය නැති මනුෂ්‍යයා නැවත මිනිස් භවයේ ඉපදීමට තිබූ ප‍්‍රධානම සුදුසුකම නැතිකර ගත්තා වේ.
 
 මෙහිදී විශේෂයෙන් මත්පැන් ගැන කිව යුතුය. මේ මත්පැන්වලට මිනිසා තදින් ඇලේ. එසේ ඇලීමෙන් සිදුවන සැබෑ පරමාර්ථය වන්නේ ප‍්‍රඥාව විනාශ කරගෙන මනස විකෘති කර ගැනීමට ඇති කැමැත්තය. ආත්ම විමුක්තිය සේම මේ මිනිස් ලෝකයේ දියුණුව ඇති කිරීමට මිනිස් ප‍්‍රඥාව අවශ්‍ය වේ. එය වනසා දමා මනස විකෘති කරගැනීමට ඇබ්බැහි වීම හෙවත් ඇලී සිටීම නිසා ඔහු විකෘති මනස් ඇති පේ‍්‍රත තිරිසන් ආදී භව ලබාගනී. ‘‘තණ්හා පච්චයා - උපාදාන - උපාදාන පච්චයා භව.’’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. තන්හාව යනු දැඩි කැමැත්තය.
 
 උපාදාන යනු එයට ඇලීමය. භව යනු ඒ ඇලීම හේතු කොටගෙන ලැබෙන ආත්ම භවයයි. මේ උපාදානය හෙවත් ඇලීම සිදුවූයේ මනස විකෘති කර ගැනීමටය. ඒ නිසා උපත ලැබෙන්නේ විකෘති මනස් ඇති භවයන් තුළමය. මේ අනුව පංචශීලයක ඇති වැදගත්කම බලය හා මහේශාක්‍ය බව තේරුම් ගනිමින් මේ මිනිස් භවය
 
 රැුකගන්නට අපි පන්සිල් සුරකිමු.
 
 යමෙක් තමා උපයා සපයා ගත් ධනයට ආශාවෙන් මිය ගියේ නම් ඔහු පේ‍්‍රතාත්ම ලබා ඒ තැන්වලම උපදින්නේ ඒ ධනය කෙරේ ඔහු තුළ තිබූ ඇලීම හෙවත් උපාදානය නිසාය. ඔහු පන්සිල් රැුකගෙන ධර්මාවබෝධය ලබා තිබුණේ නම් ඒවා කෙරේ ආශාව ඔහු තුළ ඉපදෙන්නේ නැත. එවිට ඔහු උපදින්නේ සුගති භවයකමය. විශේෂයෙන්ම ඔබ අවබෝධ කළ යුත්තේ පන්සිල් ගැනීම ගැන නොවේ. පන්සිල් රැුකීම ගැනය.
 
 බොහෝ අය පන්සිල් ගන්නවා. නමුත් උදේ එසේ ලබාගත් පන්සිල් ගැන සිතේ අවබෝධයක් සිහියක් නැති නිසා පන්සිල් කැඩෙනවා ඔහු දන්නේ නැත. නමුත් ඔහු කියන්නේ මම හැමදාම පන්සිල් ගන්නවා කියාය. ගන්නවා මිස රැුකීමක් නැති නිසා ඔහු ලබා ඇති මේ උත්තම මිනිස් භවය ඔහුට රැුකගත නොහැක. එනම් මියගොස් යළි මිනිස් භවයේ ඉපදීමට හෝ දේව යන සුගති භවයක ඉපදීමට හෝ වාසනාව නැතිවීමය. කොපමණ පිං දහම් කළත්, ඒවායින් ඵලක් නැත. එනිසා නියත ලෙසම පන්සිල් ගැනීම නොව සිහියෙන්
 
 රැුකගැනීම අනිවාර්ය වේ.
 
 මිනිස් භවය යනු සැප භවයකි. මේ භවයේ ඉපදුන සෑම කෙනකුටම ධර්මාවබෝධය නැත්නම් මේ භවයේ වටිනාකම නොතේරේ. මේ මිනිස් භවය ලැබීමට ඇති අමාරුකම නොදැනේ. ඇසෙන් දකින දේවලට කනෙන් ඇසෙන දේවලට නාසයෙන් දැනෙන ගඳ සුවඳට දිවට දැනෙන රසවලට මේ සිරුරට දැනෙන පහසවල්වලට හිතට එන එන අරමුණුවලට මුලාවෙමින් අවසානයේ කරගන්නේ මේ මිනිස් ආත්මයෙන් මිය ගොස් යළි මිනිස් ආත්මයම හෝ ඊට ඉහළ දේවාත්මයකට හෝ යන්නට තිබෙන මග වසා ගැනීමය.
 
 විශේෂයෙන් පංච ශීලය විසින් මේ ලබාගත් මිනිස් ආත්මය හෝ දේවාත්මයකට හෝ යාමට මරණයෙන් මග සලසා දෙයි. පන්සිල් රකින තැනැත්තා හට දිනපතා පිං ගංඟා පහක් ගලා බසින බව බුද්ධ දේශනාවේ එයි. එසේ පිං නිතර වැඩෙන විට පෙර පිං නිරතුරුව ගලා එමින් තමා කරන කියන කටයුතුවල සඵලත්වය සැලසේ ‘‘ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී’’ යන බෞද්ධ ප‍්‍රස්ථා පිරුළ දක්වන්නේ ඒ සිදුවීමය.
 
 ආධ්‍යාත්මවේදී අගලවත්තේ බී. හේරත් 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles