Divaina - රතන සූත‍්‍රයේ බල මහිමෙන් රෝග බිය දුරු කරගන්න

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

nakatha3 1 එදා විශාලා මහනුවර ඇති වූ රෝග බිය දුර්භික්ෂ බිය අමනුෂ්‍ය බිය දුරු කරනු වස් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද රතන සූත‍්‍ර දේශනාවේ බල මහිමය අද ද එලෙසින්ම මේ විශ්වය තුළ පවතී. භක්තිමත්ව උදේ සවස මෙම සූත‍්‍රයේ තේරුම අවබෝධ කර ගනිමින් සජ්ජායනා කිරීම තුළ අද ලොව පුරා පැතිර යන වසංගත රෝග තත්ත්වය පවා පාලනය කර
 
 ගැනීමට රතන සූත‍්‍රයේ අනන්ත අප‍්‍රමාණ ගුණ බලය අපට ලබාගත හැකිය. තේරුම හොඳින් අවබෝධ කර ගනිමින් උදේ සවස භාවනාවක් සේ වැඞීමෙන් අත්වන සෙත ශාන්තිය ඔබටම පසක්වනු ඇත.
 
 * භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැුස් වුණ
 අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුණ
 සියලූ භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා!
 එමෙන් ම මා පවසන දෙය හොඳින් අසත්වා!
 
 * සියලූ භූතයිනි එනිසා - අසව් යොමා සිත
 මෙත් සිත පතුරව් නිතරම හැම මිනිසුන් වෙත
 ඒ කිසිවෙක් තොප හට පින් - දිව ? පුද දෙත
 පමා නො වී තෙපි - ඒ හැම නිති සුරැුකිය යුත
 
 * මෙහි හෝ පරලොව හෝ ඇති - යම් වස්තුවකට
 දෙව්ලොව හෝ තිබෙනා යම් - උතුම් ම මැණිකට
 නො හැකිය ගන්නට කිසි විට - බුදුරජ සමකොට
 මෙය බුදු සමිඳුගෙ පවතින - උතුම් ම මැණිකකි.
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * කෙලෙස් නසන වීතරාගි - අමා නිවන යුතු
 යම් දහමක් ලැබූයේ නම් - මුනිඳු සමාහිත
 ඒ දහමට සම කළ හැකි - කිසිවක් ලොව නැත
 මෙය සදහම් තුළ පවතින - උතුම් ම මැණිකකි.
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * බුදු සමිඳුන් අගය කළේ - ‘‘හොඳ’’ යයි යමකට
 සමාධිය යි එය, අතරක - නොරැුඳෙන කිසිවිට
 ගත නො හැකිය කිසිවක් ඒ - සමවත සමකොට
 මෙය සදහම් තුළ පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * පුද්ගලයෝ අට දෙනෙක් ය - හොඳ අය පසසන
 හතර දෙනෙකි මේ උතුමන් - යුගල විලස ගෙන
 මේ අය බුදු සව්වෝ වෙති - දනට සුදුසු වන
 මහත් ඵලය ලැබදෙයි - මෙතුමන්ට පුදන දන
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම සෙත - සැලසේවා!
 
 *යමෙක් පිළිවෙතින් යුතු වෙද - මනසින් දැඩිකොට
 නික්මෙන හැම කෙලෙසුන් ගෙන් - බුදු සසුනෙහි සිට
 ඒ උතුමන් පැමිණිය පසු - සුන්දර නිවනට
 වළඳති සුවසේ නිවන ම - සිතු සිතු විලසට
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * සිට වූ ගල්ටැඹක් විලස - පොළොවේ දැඩි ලෙස
 සතර දිගින් එන සුළඟින් - නොසැලේ කිසි ලෙස
 යමෙක් ‘‘ආර්ය සත්‍ය’’ දකිත් නම් - මෙහි ඇති ලෙස
 ඒ සත්පුරුෂයට කියමි මෙය - උපමා ලෙස
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * ගැඹුරු නුවණ ඇති බුදු සමිඳුන් - පවසන ලද
 ‘‘ආර්ය සත්‍යයන’’ මැනැවින් දුටු - යමෙකුන් වෙද
 භවයේ රැඳෙමින් කොතරම් -පමාව සිටිය ද
 ඔවුන් නො එත්මය අටවැනි - භවයට කිසි ලෙද
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම්ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා
 
 * ඔහු තුළ ඇති වන විට දි ම - මඟ පල නුවණත්
 සංයෝජන ත-ුනක් ම දුරු වෙයි - තම සිතිනුත්
 සක්කාය දිට්ඨියත් සමග - දහමේ සැකයෙනුත්
 සීල ව‍්‍රතයට බැඳී තිබෙන - මේ කරුණේනුත්
 සතර අපායෙන් හෙතෙමේ - මිදෙයි මනා කොට
 නො කරයි සය තැනක කර්ම - වැටෙන අපායට
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම්ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * කිසියම් පව් කමක් ඔහු ගෙ අතින් කෙරුන විට
 කයින් වචනයෙන් හෝ චේතනාව මුල් කොට
 එය සඟවා ගෙන සිටින්ට නො හැකිය ඔහු හට
 දහමකි මෙය සදහම් දැක ගත්තු කෙනා හට
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * ගිම්හානේ පළමුව එන - වසන්ත කාලෙට
 මල් පල බර වෙයි වනගොමු වල - සිරියාවට
 දෙසූ සේක උත්තම සිරි සදහම් - එලෙසට
 පරම සුවය සදමින් එය - ගෙන යයි නිවනට
 මෙය බුදු සමිඳුගේ පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * උතුම් මුනිඳු උතුම් දහම් දැන - එය බෙදමින
 දෙසූ සේක උතු-ම් අනුත්තර - සදහම් බණ
 මෙය බුදු සමිඳු ගෙ පවතින - උතු-ම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * වැනසුනි හැම පැරණි කර්ම - යළි නොම රැුස් වෙන
 නො ඇලෙයි සිත අනාගතේ - කිසි භවයක් ගැන
 වැනසී ගිය බිජුවට කිසි දා - නො ම පැළ වෙන
 නිවෙති රහත් සඟ නිවෙනා - මෙ පහන විලසින
 මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
 සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!
 
 * භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැුස් වුණ
 අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුණ
 දෙව් මිනිසුන් හැම පුද දෙන ‘බුදු සමිඳුන්’ වන
 නමඳිමු අපි ඒ බුදු රජ - සෙත සැලසේවා!
 
 * භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැුස් වුණ
 අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම රැුස් වුණ
 දෙව් මිනිසුන් හැම පුද දෙන ‘බුදු සමිඳුන්’ වන
 නමඳිමු අපි සිරි සදහම් - සෙත සැලසේවා!
 
 * භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැුස් වුණ
 අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම රැුස් වුණ
 දෙව් මිනිසුන් හැම පුද දෙන ‘බුදු සමිඳුන්’ වන
 නමඳිමු අපි බුදු පිරිස ද - සෙත සැලසේවා!
 
 ජ්‍යොතිෂ්‍යවේදී - රංජන් සිසිර කුමාර
 සටහන - ධම්මික හේවාවසම්
  

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles