Divaina - ලග්න තුනකට සුබපල උදා කරමින් කුජ මකරයට

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

naka1 1 සුවිශේෂී ග‍්‍රහ මාරුවක් අද සිදු වෙයි. එනම් මාර්තු මස 22 සවස 2.39 ට කුජ ග‍්‍රහයා ස්වකීය උච්ච රාශිය වන මකර රාශියට මාරු වෙයි. එය සිදුවන්නේ වසර එක හමාරකට පසුව වන අතර දැනට ශනි ගමන් කරමින් සිටින මකර රාශියම වීමත් මකර යනු ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයෙන් දොළොස් වන රාශිය වීමත් සුවිශේෂය. දොළහ යනු ව්‍යාධි, පාඩු, දෝෂ, සියලූම වැය ගැන පෙන්වන ස්ථානයයි. තවද මකර රාශිය අන් සියලූම රාශිවලට වඩා කුජ ග‍්‍රහයාට බලවත් රාශිය ද වන්නේය.
 
 දොළොස් වැන්නෙන් ආරෝග්‍ය ශාලා, බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා රෝහල් ගැන ද කියවෙන අතර කුජ ග‍්‍රහයා රටේ ආරක්ෂක අංශ නියෝජනය කරයි. මේ නිසා දැනට පවතින කොරෝනා ඇතුළු රෝග බියට එරෙහිව සටන් කරන ආරක්ෂක හමුදාවල කි‍්‍රයාකාරීත්වය තවත් වැඩි වනු ඇත. මෑත ඉතිහාසයේ කවරදාකටත් වඩා ආරක්ෂිත හමුදා විසින් රෝග බියට එරෙහිව සටන් කරන කාලයක් උදාවනවා ඇත. එය ප‍්‍රශංසනීයය. රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන වැනි ස්ථානවල ආරක්ෂක හමුදාව කැපවීමෙන් කි‍්‍රයා කරන තත්ත්වයක් ද ඇති වේ. හමුදා නායකත්වය තුළින් ද මේ තත්ත්ය ප‍්‍රකට කෙරේ. මේ අතර සෞඛ්‍ය සේවකයන් ද ප‍්‍රවේශම් වීම අවශ්‍ය බව ගුරු දුර්වල වීම නිසා පෙන්වා දෙයි. කොරෝනා පමණක් නොව වෙනත් විෂබීජ ආශි‍්‍රත රෝග තත්ත්වයන් ද වැටීම්, තැලීම් වැනි හදිසි අනතුරු ද, ගිනි බිය ද ඇති විය හැකි නිසා ප‍්‍රවේශමින් කල්ගත කිරීම නුවණට හුරුය. මැයි මස 4 වැනි දින දක්වා කුජ මකර රාශියේ ගමන් කරනවා ඇත. රෝග බියකදී රතන සූත‍්‍රය භාවිතා කිරීම ඉතා සුදුසුය. කුජ මාරුව උපන් ලග්න අනුව මෙසේ සුබාසුබ දෙනවා.
 
 මේෂ
 
 මේෂ ලග්න හිමියන්ගේ ලග්නයෙන් දහවැන්නට
 
 ලග්නපති වූ කුජ මාරුවීම සුබපල දායකයි. රැුකියා ව්‍යාපාර අංශවල කැපී පෙනෙන තත්ත්වයන් ඇති වේ. ධෛර්ය වැඩි වේ. සමාජ තත්ත්වය ඉහළ යයි. ධෛර්යය වැඩි වේ. උත්සාහයේ තරමටම ප‍්‍රතිඵල ලැබෙන කාලයක් වේ. මේ අතර ඉක්මන් වීම හා ක්‍ෂණික කෝපය පාලනය කර ගැනීම අවශ්‍ය වේ. සුබදායක මාසයකට අධික කාලය කල් ඇතිව සැලසුම් කර ගන්න.
 
 වෘෂභ
 
 ලග්නයෙන් නම වැන්නේ කුජ බලවත්ව ගමන් කරන කාලයකි. කුජ නමයේ අපල කරන නමුදු බරපතළ අපල ඇති නොවේ. සුළු සිත්තැවුල්, වැඩිහිටියන්ට අපල වැනි තත්ත්වයන් පෙන්වයි. ආගම දහමට හිත යොමු වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. naka1 2තරමක අවිවේකී බවත් ඇති වීමට ඉඩ තිබේ. කතරගම දෙවියන්ට භාරහාර වීම, මංගල සූත‍්‍රය භාවිතා කිරීම සුබයි.
 
 මිථුන
 
 මිථුන ලග්න හිමියන්ට දැනටම ශනි ඒරාෂ්ටක අපලයන් පවතින නිසා මිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන් අටවැන්නට කුජ පැමිණීම තරමක් අපල දායක බව පෙනේ. ශරීර සෞඛ්‍ය සැලකිලිමත් වෙන්න. හිතේ චංචල බව, අවුල් සහගත බව ආදායම් මාර්ගවලට බාධා ඇති විය හැකියි. දිනපතා කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කර මෙත් වඩන්න. අනතුරුවලින් ද ප‍්‍රවේශම් වෙන්න.
 
 කටක
 
 කටක ලග්න හිමියන්ගේ ලග්නයෙන් හත්වැන්නට කුජ මාරුව සිදුවන නිසා හවුලේ එක්ව වැඩ කරන අය සමග ඉවසීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන් අඹු - සැමි සමගිය ආරක්ෂා කර ගැනීම, දුරදිග බලා කතා කිරීම හා කි‍්‍රයා කිරීම මැනවි. වාද විවාදවලින් මඟ හරින්න. අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. මංගල සූත‍්‍රය භාවිතා කරන්න.
 
 සිංහ
 
 සිංහ ලග්න හිමියන්ගේ ලග්නයෙන් හයවැන්නට කුජ මාරුවීම සුබපලදායකයි. සතුරන්ගෙන් හා තරගකරුවන්ගෙන් ජය ලැබීමට හැකි වේ. අසනීපයක් තිබුණේ නම් සුව වේ.
 
 පසුගිය දිනවල පැවති කරදරයකින් හෝ ගැටලූවකින් නිදහස ලැබේ. නිවසේ ඇති කරන සුරතල් සතුන්ට අපලයි. ජය මුදලක් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට අවශ්‍ය අංශවලින් පහසුකම් සැලසේ.
 
 කන්‍යා
 
 ලග්නයෙන් පස්වැන්නට කුජ මාරුවීම තරමක් බාධා සහිත බව පෙනේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව ඇති විය හැකියි. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්ථිර කර
 
 ගැනීමට ද අවහිර බාධා ඇති වේ. දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට අපලදායකයි. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී කල්පනාකාරී වෙන්න. දිනපතා මෛතී‍්‍ර භාවනාව කරන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කිරීම මගින් අපල දුරු වේ.
 
 තුලා
 
 ඔබේ ලග්නයෙන් හතරවැන්නට කුජ මාරු වීම සිදු වේ. හිතේ චංචල බව, හිත විසිර යන බව, ඉක්මනින් කේන්ති යෑම වැනි තත්ත්වයන් ඇති විය හැකියි. ඉක්මන්් කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇති වීමට ද ඉඩ තිබේ. සතුරන්ගෙන් ප‍්‍රවේශම් විය යුතුය. ආදර සම්බන්ධතාවලට ඉක්මන් නොවන්න. ශරීර සනීපය රැුක ගැනීමට සැලකිලිමත් වීම වැදගත්ය.
 
 වෘශ්චික
 
 වෘශ්චික ලග්න හිමියන්ගේ කුජ ලග්නයෙන් තුන්වැන්නට මාරු වීම ඉතා සුබපල දායක බව පෙනේ. උත්සාහය, උනන්දුව ඉහළ යයි. සහෝදර සබඳතා ශක්තිමත් වේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. සමාජ තත්ත්වය උසස් වේ. පිළිගැනීම ගෞරවය ඉහළ යයි. සතුරන්ගෙන් හා තරගකරුවන්ගෙන් ජය ගත හැකි වේ. සැලසුම් කර කටයුතු කළොත් බොහෝ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වේ.
 
 ධනු
 
 ධනු ලග්න හිමියන්ගේ ලග්නයෙන් දෙවැන්නට කුජ මාරු වීම සිදු වේ. මාර්තු අග දක්වා මිශ‍්‍රපල දායක තත්ත්්වයන් පෙන්වයි. ආදායම් සතුටු දායක තත්ත්වයක පවතින නමුත් වියදම් ඉහළ යන බව පෙනේ. පවුලේ වියදම් පාලනය කර
 
 ගැනීමට සැලකිලිමත් වන්න. දරුවකු වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදු වේ. දුරදිග බලා කතා කරන්න. කතාව නිසා පාඩු සිදුවීමට ඉඩ තිබේ. මංගල සූත‍්‍රය භාවිතා කරන්න.
 
 මකර
 
 ලග්නයට කුජගේ මාරු වීම සිදුවන අතර පසුගිය දිනවල පැමිණි ගැටලූවලට විසඳුම් ලැබෙන බවත් පෙනේ. එහෙත් උසස් අය හෝ වැඩිහිටියන් සමග කටයුතු කරන විට කල්පනාකාරි වන්න. හිසේ ඌෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල, තුවාල ලේ විෂවීම් වැනි අපල ඇති විය හැකි නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න. ඒ අතර උත්සාහය, ධෛර්ය ඉහළ යයි. හිතේ ශක්තිය වැඩි වේ. මේ නිසා බොහෝ අරමුණු ඉටු කර ගත හැකි වේ.
 
 කුම්භ
 
 ලග්නයෙන් දොළොස් වැන්නට කුජ මාරුවීම නිසා සැලකිලිමත්ව කටයුතු කිරීම මැනවි. අඹු - සැමි සමගිය ආරක්ෂා කර
 
 ගැනීමට සැලකිලිමත් වෙන්න. කරදර ආරවුල්වලට මැදිහත් වීමට ඉඩ තිබේ. සතුරන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු වේ. වාද විවාදවලට යෑමෙන් වළකින්න.
 
 රැුකියා ව්‍යාපාර අංශවලදී ද ඉවසීමෙන් හා ¥රදර්ශීව කටයුතු කරන්න. ආගමික ජීවිතයක් ගත කරන්න.
 
 මීන
 
 මීන ලග්න හිමියන්ගේ ලග්නයෙන් එකොළොස් වැන්නට කුජ මාරු වී බලවත් වීම සුබයි. සහෝදරයකුගේ ජයග‍්‍රහණයක් ගැන අසන්නට ලැබේ. මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත වේ. බලවත් අය හඳුනා ගැනීමට ද අවස්ථා උදා වේ. ධන ලාභ ලැබේ. ආදායම් සතුටුදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පෙරවිණ වාසනාව උදාවන කාලයක් වේ.
 
 කෑගල්ලේ
 සුනිල් කුමාර ගම්ලත්
 
  


sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles