Divaina - ‘‘අලි බොටාගේ සාක්ෂිය’’

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

n12 1546උසාවිය ඉදිරිපිට පරිශ‍්‍රයේ දෙස් - විදෙස් මාධ්‍යකරුවෝ සිය කැමරා අටවාගෙන කුතුහලයෙන් යුතුව බලා සිටියහ. ඇතුළත මාධ්‍ය ආවරණය සඳහා අවසර ලබා දී තිබුණේ එකම මාධ්‍ය ආයතනයකට පමණි. එය රාජ්‍ය මාධ්‍ය ආයතනයම වූයේ සුපුරුදු පරිද්දෙන්මය.
 
 මෙකී අවස්ථාව සැබැවින්ම සුවිශේෂී විය. අලියෙක් අදහස් ප‍්‍රකාශ කරන අයුරු ඇසුමට, බැලූමට කවුරු අකැමැති වෙත්ද...? සැබැවින්ම එය එසේම වන බවට මාසයක පමණ සිට කල් තබාම ශ‍්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍යයන් සැමකින්ම පාහේ ජනතාවට සන්නිවේදනය කොට තිබුණි.
 
 මාධ්‍ය ආයතන හා මාධ්‍ය කරුවන් අතර පැවතියේ තියුණු තරගයකි. ‘‘ඉක්මන්’’ හා ‘‘හදිසිය’’ තම තේමාව කරගත් ‘‘දඩි බිඩි’’ මාධ්‍ය ආයතනයක් මෙකී සිද්ධිය වාර්තා කිරීමට සූදානම් වූයේ කල්තබාම මෙම අලියා සොයා මූලික ප‍්‍රකාශන ලබාගෙන ජනතාවට ඉදිරිපත් කරන බවට වහසිබස් ද දොඩවමිනි. එසේ වුවත් අලියා ඉදිරිපත් කරන උදවිය අලියා සඟවා තැබුවේ අපරාධකරුවෙකු රට තුළම දේශපාලූවකුගේ සළුපට අස්සේ සැංගී සිටිනවාටත් වඩා සූක්ෂ්ම අයුරින් සඟවා තබමිනි. එකී නාළිකාව එම කි‍්‍රයාවද හෙළා දිටියේ ‘‘බිම්බෝම්බ සඟවන ප‍්‍රභාකරන්ලා’’ තවමත් සිටිනා බවට දෝෂ දර්ශනයට ලක් කරමිනි.
 
 සැබැවින්ම, අලියෙකු ලවා සන්නිවේදනය සිදුකළ යුතු බව පැවසුණේද තවත් තරගකාරී නාළිකාවක් ගම් ගම් ගානේ ගොස් ගම්මුන් හමුවී ප‍්‍රශ්න, ගැටළු, අර්බුද ආදිය විමසුම් වැඩසටහන් පවත්වා තම ‘‘රේටිං අගය’’ ඉහළ දමා ගැනීමේ අර්ධ අමානුෂික වූද, ආර්ධ වාණිජමය වූද, ‘‘ගැමි සෙනෙහස’’ වැඩසටහනකිනි.
 
 එහිදී වල් අලි උවදුර ගැන ගැමියන් හා කරන ලද සාකච්ඡුාවේදී සෑම දෙයක් පිළිබඳවම සෘණාත්මකව හා අවඥාසහගතව බලන, කියන
 
 රැුවුලත් වවාගෙන, ලෙනින් ලෙස තොප්පියක් පැළඳ කඩ පොළේ සැරිසරන මහත්මයකු’’ යැයි පැවසෙන අයෙක් පැවසුවේ, ‘‘ඇයි ඕවා ගැන අපෙන්ම අහන්නේ...?
 
 අලින්ගෙනුත් ඕක ඇහුවනම් හරිනේ...’’ කියාය. එතැන සිටි ගැමියන් සිනාසුණත් එම ප‍්‍රචාරක නාලිකාවේ ප‍්‍රධානියා ‘‘මෙය තවත් බිස්නස් එකක්...’’ යැයි කොක් හඬලා සිනාසුණේය.
 
 එපරිද්දෙන් අලියකු ලවා සංවාද කිරීමේ අදහස මතුවී, එය කි‍්‍රයාත්මක කිරීම දක්වා වැඩසටහනක් රාජ්‍ය, අමාත්‍යංශ දෙපාර්තමේන්තු මැදිහත් වීමෙන් එම නාලිකා සංවිධානය කළත් රාජ්‍ය ප‍්‍රචාරක නාලිකාව පැවසුවේ ‘‘හොඳම ටික’’ තමුනට ඕනෑ බවය. ‘‘හොඳම ටික’’ රාජ්‍ය මාධ්‍යට හිමිවිය. එතැනදී මෙතෙක් රජයට කඬේ ගිය හා මිතුරු වූ අන් පුද්ගලික නාළිකාවෝ රජයට පසමිතුරු වූහ. එනයින් අලි සංවාදය වඩාත් තියුණු හා තරගකාරී මට්ටමකට පෙරළෙමින් තිබුණි. නියමිත දිනය එළඹුණි. උසාවි භූමිය හාත්පස කල්තබාම ජනී ජනයාගෙන් පිරී ගියේය. ඇතුළේ ඩෙස්ක්, බංකු මත ඉහළ පෙළේ දේශපාලූවෝද, නිලධාරියෝද, බිරින්දෑවරුද පිරී සිටියහ. සාමාන්‍ය ජනතාවට වූයේ වෙනදා හිඳගත් බංකු පරිත්‍යාග කොට, එළියේ බිත්ති අයිනට වී බෙල්ල දිගු කරමින් දෑස් ගෙඩි උලූප්පමින් නඩු ඇසෙනා විදිහ නරඹන්නටය.
 
 දැවැන්ත වල් අලියා කඹ, දම්වැල්, පාද වලට, බෙල්ලට දමා, ඇත්ගොව්වන් පස් දෙනෙකුගේ රැුකවරණය යටතේ රැුගෙන එන ලදී. මාධ්‍යකරුවෝ යුහුසුළු වූහ. කැමරා ප්ලෑෂ් එළි සිය ගණනක් පත්තු විය. අලි ගොව්වන්, අලියා ළඟ තබා ඡුායාරූප ගත්තේ ඊළඟ දින මුල්පිට සරසන සුවිශේෂී ඡුායාරූප පුවතක් ලෙසටය. රූපවාහිනී නාළිකාවක් ඒ අවු අස්සේ තම සජීවී විකාශය අතරේ තොඳොල් නිවේදිකාවක් යොදවා අලින්ගේ ජීවයේ සමාරම්භය ගැන කරුණු ගෙනහැර දක්වන ලදී. ඇය පැවසූ පරිදි ජනතාවට වැටහුණේ ඌරාගෙන්, අලියා උපත ලද බවයි. ඇය පැවසුවේ ඌරාගේ හොම්බ, අලියාගේ හොඬය බවට දික්වුණ බවත් සිරුර විශේෂ තෘණ වර්ගයක් කෑම නිසා මහත් වූ බවත්ය. අසා බලා සිටියෝ එයට මරු මරු උත්තර බැන්දාහ. ඒ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර නාලිකා වලට, ඒ ප‍්‍රධානීන්ට නොඇසෙන, නොපෙනෙන නිසාවෙන් කමක් නැතිය. නැතිනම් ඉන් අඩක්ම තිබුණේ ඒ ප‍්‍රධානීන් හා නිවේදකයින්ගේ ආදරණීය වූ ‘‘මෑණියන් දෑ වරුන් සිහිපත් කිරීමේ සොඳුරු’’ වදන්ය.
 
na9 1 තවත් නාලිකාවක් අලියාගේ නැට්ට ජනතාවට පෙන්වීය. එම නැට්ටේ මයිලක්වත් නැති හැටිත්, මිනිසුන් ඒවා ගලවා මුදු හදාගෙන පළඳින බවත් එම නාලිකාව විස්තරාත්මකව කීය. පෙන්වීය. අලියාගේ පස්සා පැත්තේ පිරිස පිරී සිටිනු දුටු අලියා කේන්තියට හා කින්ඩියට අලි බෙටි රැුසක් වගුරුවා ලීය. මාධ්‍යකරුවන් බේරුණේ යාන්තමිනි. එසේද වුවත් තවත් මාධ්‍ය නාලිකාවක, නිවේදිකාවක්, කෝටුවක් ගෙන උණු අලි බෙටි පහුරු ගාමින්, අලින් මිනිස් වාසයට පැමිණි පසු පොලිතින්, ප්ලාස්ටික් කා දමා ඇති දැයි අපූරු විමර්ශනයක්ද සිදු කළාය. අලියා බෙටි දමා හා මුත‍්‍රා කර නිමාවන තෙක් සුළු ප‍්‍රමාදයක් ඇති විය. සෙනඟ ද ආරක්ෂක හමුදා පෙරළා ගෙන, ඒ දෙස බැලීමට උනන්දු වූයේ ඕනෑ එපා හැම දෙයක්ම අසා බලා කීමේ නොතිත් ආසාවෙනි. ඇතැමුන් පැවසුවේ ඒ අලි බෙටි ලොකු බවය. රැුකබලා ගත්තවුන් කෑම නොදී ඇති බවට දොස් නැඟු ඇතැමෙක් රජයටද ආඩපාලි කීවේ, පරිසරය විනාශ කරන්නවුන් ඡුන්ද වෙලේ ළං කරගෙන දැන් පරිසරය විනාශ කිරීමට ‘‘රාජ්‍ය ලයිසන්’’ දීමෙන් දැන් ගහ කොළ ද විනාශ වී සතුන්ට ආහාර හිඟ වී ඇති බව පවසමිනි.
 
 උසාවියේ වහලය ගලවා අලි ප‍්‍රවේශය සඳහා විශේෂ කොට සකස් කර තිබුණි. වෙනමම වේදිකාවක් ද තනා තිබුණි. අලියා එහි පැමිණියේ උජාරුවෙනි. අලියා පැමිණි පසු තැන තැන තම සේවාදායකයින්ගෙන් ‘‘අල්ලස් නොවන’’, ‘‘සේවා ගාස්තු’’ වන මුදල් දාහ - හමාර කොටා ගනිමින් පුස් ගඳ ගහන කබාවල සාක්කුවලට ඔබා ගනිමින් සිටි නීතිඥ මහත්වරුන් ද උසාවි ඇතුළට විත් වාඩි ගත්හ. ඒ සමගම නඩුකාරතුමෝ පැමිණියේ තෝල්කගේ උසාවිය, නිශ්ශබ්ද වෙනු’’ යන ගොරහැඩි තියුණු හඬ සමගය. ඔහුගේ කෑ ගැසුමට අලියා ද සලිත වී ගියේය. හොඬය හා වල්ගය කීපවරක් දෙපසට සළා ඌ තම කෝපය පාලනය කර ගත්තේය.
 
 මුලින්ම ඇසුවේ අලි නඩුවය. පැමිණිලිකාර පාර්ශවයෙන් අලියෙක් පාගා මරාදැමූ ගොවියෙකුගේ බිරිඳක්ද, උදෑසන ගමේ පාසලට යාමට ප‍්‍රථම කැලයට වැසිකිළි ගිය දරුවකු පාගා මරා දැමීමෙන් පසු පවුලේ තනිවූ සොයුරියද දාසය වතාවක් තම වගාවන් අලින් හානිකළ අසරණ ගොවියෙක් ද, අලි සංරක්ෂණය නමින් එන්.ජීයෝවක් අටවා ගෙන පිටරටින් මුදල් කඩා වඩා ගෙන අලින් තබා අලි බෙට්ටක් නොදුටු කාඩරයෙක් ද, වන අලි මිනිස් ගැටුම ගැන නගරයේ කාර්යාලයේ සිට වැඩිපුර ලියූ කියූ මාධ්‍යවේදිනියක් ද අලියාට විරුද්ධ පසින් වූහ. අලියා හිස හරවා ඔවුන් දෙස බැලූවේ ‘‘උඹලාද මේ අපට කෙළවන්නට එන්න හදන්නේ....? යැයි අවඥා සහගතව මෙනි.
 
 අලියා අසලම සිටියේ වයෝවෘද්ධ මහාචාර්යවරයෙකි. සත්ව සන්නිවේදන ගැන ඔහු කප්ගසා තිබුණි.
 
 වේලාව අපතේ නොයවා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කෝට් සාජන් බංඩා මහතා පැවසුවේ වන අලි පහරදීමේ මරණ තිස් දෙකක් ද, වගා පාලූ හයසිය හතළිස් හතරක්ද බිය වැද්දීම් හා මරණ තර්ජන තුන්සිය තිහක්ද, වාහන අලාභහානි දාසයක්ද, රාති‍්‍රයට නිදා ගැනීමට බාධා කිරීම් පහළොවක්ද, පරිසර විනාශ කිරීම් විස්සක්ද, අයුතු ඇතුල්වීම් පනස් දෙකක් ද, රාජකාරියට බාධා කිරීම් විසි අටක්ද ආදී වශයෙන් පැමිණිලි රැුසක්ම පොලිස් පොතේ සටහන් වී ඇති බවයි. අනතුරුව ඔහු ඒවා අධිකරණයට ඉදිරිපත් කළේය. නඩුකාරතුමෝ, මහාචාර්ය තුමාගේ උගත්කම හා පළපුරුද්ද, විශේෂඥතාව විමසූහ.
 
 ‘‘ස්වාමීනි, මම වන්නිකරේ අලියාවැටුණු වැව ගමෙන් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා අගනුවර පාසලකින් උසස්පෙළ හදාරලා පේරාදෙණිය විශ්ව විiාලයෙන් පශු වෛi විiාව හදාරා පී. එච්. ඞී. එක එංගලන්තෙදි සම්පූර්ණ කළා. සත්ව සම්භවය, හැසිරීම හා සන්නිවේදන විධි ක‍්‍රම ගැන මම නිබන්ධන ලිව්වා. ඒ පර්යේෂණ මට වැදගත්. ඒ වගේම මම වසර දෙකක් ඉන්දියාවේ හිමාලය අසබඩ සෘෂිවරයෙකුගෙන් සත්ව භාෂාව පිළිබඳ ඉගෙන ගත්තා. මේ අලියා මට පින්නවල අනාථාගාරයේදීයි හමු වුණේ. එයා ගෙනත් තිබුණෙත් අපේ ගමේ කැලෑවෙන්. ඒ කාලේ දඩබ්බරයි. දැන් අනිත් අයට වැඩිය හීලෑයි. කියන දෙයක් වහා අවබෝධ වෙනවා. මම ඉතින් එයාට ඉගැන්වූවා ආපිට පිළිතුරු දෙන ක‍්‍රමය. මම පරිගණක උපකරණයක් තැනුවා. එයා පිළිතුරු සපයද්දී එයාගේ හොඬවැල මේ පරිගණක තැටිය මත තිබීම පමණක් ප‍්‍රමාණවත්.
 
 ‘‘ඔන්න බලන්න ස්වාමීනි, මම ඔහුගෙන් මේ ප‍්‍රශ්නය අහනවා. පිළිතුරු දෙන හැටි බලන්න.’’
 
 ‘‘අලි උන්නැහේ දන්නවද මේ ආවේ මොකටද කියලා...?
 
 ප‍්‍රශ්නය වහා වෙනත් අපබ‍්‍රංස අකුරු වැනි යමකින් පරිගණක තිරයේ සටහන් වූ අතර එය දුටු වහාම අලියා හොඬවැල පරිගණක තිරයේ තැබීය. මහාචාර්ය වරයා එය පිරික්සා බැලීය.
 
 ‘‘ අපේ ඥාතියෝ මිනිස්සුන්ට හිරිහැර කරලා තියෙනවා කියලා නඩු අහන්නනේ...’’
 
 සැවොම තුෂ්නිම්භූත වූහ. ඉන්පසු නඩුකාරවරයාද, කෝට් සාජන්ට් ද, නීතිඥවරුන්ද මහාචාර්යවරයා මගින් අලියාගෙන් ඇසූ ප‍්‍රශ්න හා පිළිතුරු පහත දැක්වෙයි.
 
 නීතිඥ සුනිල්, කි‍්‍රශාන්ත හා සුගිතා :-
 
 ‘‘ස්වාමිනී, ප‍්‍රථම කොට අප හඳුනාගත යුතුයි නිවැරදිව. මොහුම ද අපරාධකරු කියලා. ඒ නිසා නම අහමු...’’
 
 අලියා
 
 ‘‘ඔහේලා මට දාලා තියෙන්නේ අලියා කියලයි. මට වල් අලියා කියලා ඒක හරි නැති නිසා දැන් වන අලියා කියනවා. ‘‘වල්’’ හා ‘‘වන’’ කියන වචන දෙකේ තේරුම එකමයි. ඔහේලා හිතන්නේ ඔහේලා වාගේ වල් වැඩ කරන නිසා අපිත් වල් කියලද...?
 
 නීතිඥ පිරිස යළි කටවල් ඇරියේ නැත.
 
 නඩුකාරතුමා :-
 
 ‘‘වල් අලි උන්නැහේ ඔහේලට විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙන නඩු ප‍්‍රමාණය හොඳටම වැඩියි’’.
 
 වල් අලියා :-
 
 ‘‘ස්වාමීනි, අපි තිරිසන් සත්තු. අපේ ජීවනයේ මූලික දේවල් තමයි ආහාර, ජලය, පරිසරය. අපේ පරපුර පවත්වාගෙන යෑම. ඉතින් ඒවා නිිසි සේ නිදහසේ අපට නොලැබෙන විට, ඊට බාධා එල්ල වන විට, අප ඊට විරුද්ධව ප‍්‍රතිචාර දක්වනවා. සතුරා කවුදැයි අපට අදාළ නැහැ. අපට හිරිහැර වැඩිවන කොට උසාවියට නඩු වැඩි වෙනවා තමයි.’’
 
 නඩුකාරතුමා :-
 
 ‘‘වන සත්වයෙක් චූදිතයෙක් වෙලා උසාවියට ගොඩ වදින එක ගැන තමා මොනවද සිතන්නේ..?’’
 
 වල් අලියා
 
 ‘‘ඔබතුමා ඉතාම සාධාරණ හා ඤාණාන්විත ප‍්‍රශ්නයක් තමා විමසුවේ. අපට වගේම ලෝකයේ සිටින වන සතුන්ට, මිනිසුන්ගෙන් සිදුවන අපමණවත් ගැහැට ගැන කතා කරන්න කරුණු ඉදිරිපත් කරන්න සතුන්ටත් හිමිකම් ලැබීම ගැන ප‍්‍රශංසා කරනවා. මිනිසුන්ට පමණක් මානව හිමිකම් තිබෙනවා වාගෙම සතුන්ටත් සත්ව හිමිකම්, අයිතිවාසිකම් තිබෙනවා. ගැටළුව තියෙන්නේ සතුනට මේ ගැන කියා ගන්න බැහැ. සටන් වදින්න බැහැ. සටන් වැදුණොත් මිනිස්සු ඈත ඉඳන් බය ගුල්ලෝ වගේ සතුන්ට වෙඩි තබලා මරලා දානව. මේ වගේ අධිකරණයක් නොවෙයි. අධිකරණ ලක්ෂයක් හදලා බලන්න සතුන් වෙනුවෙන් ලෝකය පුරාම උන් ඇවිල්ලා උන්ගෙ දුක් ගැනවිලි, අයුක්තීන්, ආසාධාරණකම් කොච්චර කියාවිද කියා බලන්න.’’
 
 නඩුකාරතුමා :-
 
 ‘‘ඔබලාට තිබෙන ගැටළු මොනවාද?
 
 වල් අලියා:-
 
 ‘‘ස්වාමීනි, මිනිස්සු අපේ කැලෑ කප කපා අපේ නිදහස් භූමි අල්ලා ගන්නවා. අපට යන්ඩ - එන්ඩ, කන්ඩ - බොන්ඩ, නිදහසේ සැරිසරන්න බැහැ. ඔන්න ඉතින් අපියි - මිනිස්සුයි අතර ගැටුමක් නිර්මාණය වෙනවා.
 
 එහෙම වෙද්දි අපට කෑම - වතුර නැතිවෙලා අපි බඩගින්නට, පිපාසෙට ගම් වදිනවා. ඒක වරදක් තමයි. ඒත් ස්වාමීනි, තිරිසනා දන්නේ කෑම විතරයි. මේ කාගෙද, කොහොමද ආවේ කියලා දන්නේ නෑ. ඉතින් මිනිස්සු මේ කිසිත් නොදත් තිරිසනුන්ට වෙඩි තියනවා. හක්ක පටස් තියනවා. දැනටමත් මේ රටේ දිනපතා අලියෙක් බැගින් මිය යනවා. සංවර්ධන වැඩ වලදී අපි ගැන හිතන්නේ නැහැ. කෝච්චි පාර දාද්දී, ජලාශ හදද්දී, ගුවන් තොටුපල හදද්දී, තව දේවල් කරද්දී අපි ගැන හිතලා බැලූවද...? මිනිස්සු දන්නේ අපිට වෙඩි තියන්න විතරයි. මගේ මේ ඇෙඟ් කොච්චර වෙඩි උණ්ඩ, මූනිස්සම් තියනවද? කියලා කවුරුත් දන්නවද? මම ඉස්සරහ පිට මගේ අම්මයි තාත්තයි වෙඩි තියලා මරලා තාත්තගේ දළ දෙක යකඩ කියත් වලින් කැපුවේ තාත්තා පණ ගැහෙද්දී ලේ- පෙරි පෙරී... මං පොඩි එකා කැලෙ හැංගිලා බලා හිටියේ... මං ලොකු වුණාම මතක තියාගෙන ඉඳලා උන් ඔක්කොම පාගලා අත -පය කඩලා මරලම දැම්මා... හ්ම්ම්... එහෙනම්...’’
 
 අලියා කෝප වී දඟලන සේයාවක් දුටුයෙන් මහාචාර්යවරයා හෙමින් හොඬ වැලට තට්ටු කොට චොක්ලට් ස්ලැබ් එකක් දුන්නේය. අලියා නිවුණු පසු නඩුකාරතුමා යළි ප‍්‍රශ්න කළේය.
 
 ‘‘හොඳයි ඔබම කියන්නකෝ මේකට විසඳුම්... නැත්තම්, අපට හැමදාම උසාවියේ නඩු තියේවි...’’
 
 වල් අලියා :-
 
 ඒකට නම් මක් වෙනවද...? මේ නීතිඥ මහත්වරුන්ට හොඳයිනේ.. විත්තියේ අපිත් එන්නේ නැති නිසා නඩු කල්යාවි. අපේ මහත්වරුන්ට හොඳයි...’’ ඒ ටික අලියා කීවේ ඇහැක් වහ ගෙනය.
 
 ‘‘ස්වාමීනි විසඳුම් දෙකයි...
 
 එකක් : මිනිසුන් අපෙන් ඈත් වී හිඳීම...
 
 දෙවැන්න : අපිව මිනිසුන්ගෙන් වෙන්කර ඈත්කර තැබීම...
 
 මේ දෙක කරන්න බැරි වෙන තාක්කල් අපි දෙගොල්ල ගැටේවි. මිනිසුන් බලවත් හින්දා තව ටික කාලෙකදි අපේ අවසාන එකාත් මියයාවි. නැහැ, මරා දමාවි. දැන්මම තබා අලි කෞතුකාගාරයක් හදලා තියන්න. අර මාළිගාවේ රාජා ඇතා, පනාමුරේ ඇතා වගේ රූප ලංකාවේ හැම තැන හදන්න...’’
 
 නඩුකාරතුමා :-
 
 ‘‘අපට අලි උන්නැහැලව ඈත් කරලා තියන්න පුළුවන් අලි වැටවල් දාලා විතරයි...’’
 
 අලියා :-
 
 ‘‘තුක්: විතරක් මට පේන්ඩ බෑ ඔය වැල් පොටවල්... ඒක අපි සදහටම නැති කරන්න මරා දාන්න හදපු යටි උගුලක්නේ... මං නම් කොටයක් දාලා ඔය වැල් කඩාගෙන මගේ ගමන යනවා. බඩගින්නට, ආදරයට බාධා කළාට ඕනි එකා කොහොම හරි වැඬේ කර ගන්නවනේ...’’
 
 නඩුකාරතුමා :-
 
 ඒත් ලෝකේ සම්ප‍්‍රදායක් තියෙනවනේ. වල් විදියට අසම්මත විදියට හැසිරෙන්න බැහැනේ...’’
 
 වල් අලියා :-
 
 ‘‘ඔබතුමා බලන්නේ මේ මිනිස් ඇසින්.. සත්තුන් ගේ කි‍්‍රයාකාරකම් දිහා සතුන්ගේ ඇසින් බලන්න. මට ආයෙත් මතක් කරන්න වෙනවා සත්ව හිමිකම් සම්බන්ධයෙන්... මිනිස්සු කුරිරුයි, ඔබතුමන්ලාත් ඒ කුරිරු මිනිසුන්ට උපකාර කරනවා... මේ නීතිඥයෝත් හැමෝමත් එකයි. මිනිසුන්ගේ වාසියට හැමදේම කරන්නේ. අපට බැහැ මිනිසුන්ට යටත් වෙලා, වහල් වෙලා ඉන්න. අපට අපේ නිදහස දෙන්න. මම අද මෙතනට ආවේ හොඳින් හරි නරකින් හරි මේ ටික කියා දෙන්නයි. ඔබලාට පුළුවන් මාවත්, අපේ පරපුරත් මරා දමන්න. ඒත් අපි, අපි වෙනුවෙන්ද අනික් සතුන් වෙනුවෙන්ද පෙනී සිටිනවා... අවසන් එකා දක්වා මේ සටන අරගෙන යනවා. අපේ නිදහස අපට දීපල්ලා...දීපල්ලා...’’
 
 වල් අලියා අවසන් ටික ප‍්‍රකාශ කිරීමේ දී මහා හෙණ ගර්ජනාවක් කළේය. රැුස්ව සිටි සැවොම තැති ගත්හ. අලියා දැඟලූවේය. පොලිස් නිලධාරීහු තුවක්කු අතට ගත්හ. පශු වෛi හා වන සත්ව නිලධාරීහු නිර්වින්දන එන්නත් අතට ගත්හ. නඩුකාරතුමා අතින් සංඥා කොට ඔවුන් වළකා ලීය.
 
 වල් අලියා:-
 
 ‘‘ලිහිපියව් මගේ බැමි... උඹලා මාව බැඳගෙන මහ ලොකුවට සත්ව අවිහිංසාව ගැන කතා කරන්නේ...? අපිට හිංසා කළොත් තමයි අපිත් ආ පිට පෙරළා පහර දෙන්නේ. ලිහපල්ලා... මට කැලයට යන්න ඕනි... ලිහපල්ලා’’.
 
 වල් අලියට තදින් කේන්ති ගොස් තිබුණි. ඌ එහාට මෙහාට දැඟලූවේය. ඇඹරුණේය. අවසන මහා දුගඳකින් පිරී ගියේය. කවුරුත් නාස් වසා ගත්හ. වල් අලියා උණු අලි බෙටි උසාවි කාමරයේ දමමින් සිටියේය. නීතිඥවරු කෑ ගැසූහ.
 
 ‘‘ස්වාමීනි, උසාවියට අපහාස කරනවා. මේ බරපතළ අපහාසයක්...’’
 
 නඩුකාරතුමා නිහඬව සිටියහ.
 
 වල් අලියා හොඬ වැලෙන් තමා රඳවා සිටි කූඩුවට පහර දෙකක් දුන්නේය. ඒවා පරඬැල් මෙන් විසි වුණි. හොඬ ඔසවා නඩුකාර තුමාට ආචාර කළ වල් අලියා ආපසු හැරී එළියට යාමට පටන් ගති. ඌ බැඳ තිබූ දම්වැල් සිමෙන්ති පොළොවේ ගැටී මහා සද්දයක් නැඟුණි. කවුරුත් බිය, සැක ඇතිව පසෙකට වූහ. අලියා ගේට්ටුවෙන් එළියට යෑමට පෙර උගේ දිගු ලිඟුව දිගු කොට මුත‍්‍රා පාරක් ද දැමීය. ඌ නිදහසේ ඔහේ ඇවිදගෙන ගියේය. කිසිවෙකු ඌට බාධා කළේ නැත.
 
 ටෙරන්ස් වනිගසිංහ 


sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles