Divaina - සීගිරි විමංසාවේ මූල නිමිත්ත වූ මේජර් පොබ්ස්ගේ සීගිරි ගමන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

na6 2සීගිරිය අද වන විට ජගත් උරුමයකි. සීගිරිය සතු සංස්කෘතිකමය උරුමය හා අනන්‍යතාව දෙස් විදෙස් ජනයා මවිත කරවන්නකි. සීගිරි ලලනා චිත‍්‍ර, සීගිරි ගී, විනෝද උයන, සීගිරි බලකොටුව ආදිය පිළිබඳව විවිධ කෝණයන්ගෙන් බලමින් විවිධ මත ඉදිරිපත් කරමින් වියතුන් විමංසනයෙහි යෙදී සිටිති. එහෙත් තවමත් උභතෝකෝටිකයක් ලෙස සීගිරිය මතුව තිබේ යැයි කීම නිවැරදිය.

මේ සීගිරි විමංසාවේ මූල නිමිත්ත කුමක්ද? මෙතැන් සිට ඒ පිළිබඳව විමසා බලමු.

කි‍්‍ර.ව. 491 දී සීගිරි කාශ්‍යප රජතුමා කඩුවෙන් ස්වකීය ගෙළ සිඳගෙන මරණයට පත්විය. ඒ සතුරන් අතින් මිය යනවාට වඩා තමන් විසින්ම මරණය ළඟා කර ගැනීම වඩා යෙහෙකැයි සිතූ නිසාය.

එතැන් සිට සීගිරිය නිහඬ විය. ඉන්පසු සීගිරිය මතකයට පමණක් සීමා විය. එහි පැමිණි වියතුන් කලා ලෝලීන්, දාර්ශනිකයන්, චින්තකයන් තම අදහස් සනිටුහන් කොට ගියහ. මෙසේ පැවති සීගිරිය 13 වන සියවසින් පසු මතකයෙන්ද ඉවත් වී වනගත විය. ඉන්පසු කැටපත් පවුරේ කිසිදු ගීයක් ලියැවී නැත. සීගිරිය නැරඹීමට පැමිණි කෙනෙක්ද නැත. කිසිදු ඓතිහාසික සටහනක්ද ලියැවී නැත. සීගිරිය පිළිබඳ අවසන් තොරතුරු හමුවනුයේ සීතාවක රාජසිංහ (කි‍්‍ර.ව. 1581-1592* රජ දවසය.

ඒ කාලයේ ටිකිරි රාජසිංහ රජුගේ මිත‍්‍රයකු වූ ‘ගිරි’ නම් තවුසා  ‘සීගිරි’ ගිරි පුරයෙහි ප‍්‍රාන්ත රජ පදවි දැරූ බව ඒ පුවතයි.

වසර 800 ක් අඛණ්ඩ ජන මන සිත් ඇද බැඳ ගත් සීගිරිය එක්වරම ඉතිහාසයෙන් මැකී යන්නේ ඇයි? කාශ්‍යප රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් රජවරුන් සීගිරියට රාජ්‍ය අනුග‍්‍රහය නොදුන්නේ ඇයි? සීගිරිය නැරඹීමට ජනතාවට ඉඩ නුදුන්නේද? සීගිරිය කිසිදු වැදගැම්මකට නැති, අර්ථ ශූන්‍ය දෙයක් ලෙස සැලකූ නිසාද? ‘සීගිරි’ උභතෝකෝටිකයට එක්වූ තවත් එක් උභතෝකෝටිකයකි මෙය.

කි‍්‍ර.ව. 1818 කි‍්‍ර.ව. 1848 අරගල දෙකක් නිසා දේශමාමක දස දහස් ගණනකගේ ජීවිත අහිමි විය.

1931 වසරේ ජෝන් ඩොයිලි සිංහල පඬිවරයකු බවට පත්ව ලංකාවට පැමිණෙයි. ඒ කාලයේ කෝල්බෲක් හා කැමරන් යන දේශපාලන විශාරදයන්ද මෙහි පැමිණ සිටියහ. මෙම යුගයේ සිරිලකට සැපත් මේජර් එච්. පොබ්ස් යාල බලන්නට ගියේය. ලකේගල ගලට ගිය පොබ්ස්ට එහිදී වැද්දකු ඇසුරු කරන්නට ලැබිණි. රන්තුක නම් වැද්දා පොබ්ස්ගේ හිත දිනා ගැනීමට සමත් විය. දැන් දෙදෙනාම ගජ මිතුරන්ය. රන්තුක වැද්දා විසින් පොබ්ස්ට මී පැණිවලින් සාදන ලද ආහාර කෑමට ලබාදුනි. රන්තුක වැද්දා සමග පොබ්ස් ඇවිදිමින් සිටින අතර ඉතිහාසයේ අරුම පුදුම රහසක් හෙළි කළේය. ඒ සීගිරිය පිළිබඳ කතාවයි. එහි යෑමට පොබ්ස්ට ඇති වූයේ බලවත් ආශාවකි. පොබ්ස් කෙසේ හෝ තමාව සීගිරියට කැටුව යන ලෙස රන්තුකට ඇවිටිලි කළේය. වග වලසුන් ගහන, විෂඝෝර සර්පයන් බහුල, බඹරු සහ දෙබරු ගහන සීගිරි බලකොටුවට යෑම හීනයක් බව රන්තුක පොබ්ස්ට හෙළි කළේය.

පොබ්ස්ගේ ඇවිටිල්ල නිසා රන්තුකට පොබ්ස් ගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි විය. අනතුරුව රන්තුක බැද්දේ දෙවියන්ට පූජා තබා පොබ්ස්ද සමගින් සීගිරි ගමන ලකේගලින් ඇරඹීය. කෙසේ හෝ කාශ්‍යප රජතුමාගේ සොහොන් කොත ළඟට ඔවුන් පැමිණියේය. අවුරුදු 250 කට පසු එනම් පළමු රාජසිංහ රජු සමයේ සිගි ගිරි තවුසාට පසු පළමු පිය සටහන සීගිරියට තැබූ ගමන ලෙස එය ඉතිහාසගත වෙයි. මේ කි‍්‍ර.ව. 1831 ය. එහෙත් පළමු පියවර අසාර්ථක වෙයි. දෙබරු බඹරු සේනා ඇවිස්සෙයි. පොබ්ස්ට එතැනින් එහාට ගමන් කළ නොහැකි විය.

කෙසේ නමුත් පොබ්ස් තම අරමුණ අත් නොහැරියේය. ඔහු එංගලන්ත හමුදාවේ රණ ශූරයෙකි. නැවතත් ඔහු ලංකේගලට ගියේය. කි‍්‍ර.ව. 1833 උදාවිණ. රන්තුක දිවියකුගේ ප‍්‍රහාරයකින් ජීවිතය හැරගොස් තිබිණ. රන්තුකගේ වියෝව නිසා පොබ්ස්ට ඇති වූයේ මහා කනස්සල්ලකි. පොබ්ස් මහනුවරට පැමිණියේ නැත. ලකේගලින් දඹුලූ වනයට ඇතුළු වූ ඔහු සීගිරි වනයට ඇතුළු විය. ඝන වනාන්තරය පීරමින් පැමිණි ඔහු නිල්වන් දිය පිරි වැවක් දුටුවේය. ඒ සීගිරි වැවයි. පොබ්ස් අවුරුදු 700 කට පසු සීගිරි වැව දුටු ප‍්‍රථමයාය. පොබ්ස් සිත් සේ වැවේ බැස දිය නෑමෙන් අනතුරුව මහ වනය පීරමින් ගමන් ඇරඹුවේ තමන් අපේක්‍ෂා කරන ඒ සොඳුරු සිහින මාළිගාවට ප‍්‍රවිශ්ඨ වීමටය. දින සති ගෙවී මාස ගණන් ගත විණි.

දැන් දෙබරුන්ගෙන්, බඹරුන්ගෙන් හෝ සතා සිව්පාවුන්ගෙන් කරදරයක් නැත. ඔවුන් මිතුරුවී ඇති බවක් ඔහුට වැටහුණි. පියවරින් පියවර සෙමින් සෙමින් පැමිණ දිගු ගමනකින් පසු ඔහු සීගිරි පියගැට පෙළ අසලට ළඟා විය. ඔහුගේ සිතට දැනුණේ කිව නොහැකි සතුටකි. ඔහු එහි කූඩාරමක් අටවා ගති. එහි නැවතී ලිවීම ඇරඹීය. 1833 ඔහු ලියන්නේ ඔහු විසින්ම සොයා ගන්නා උණුසුම් තොරතුරුය. ඔහු සිතුවේය. ලියුවේය. විමසුවේය. එසේ කරමින් ඔහු සීගිරි ප‍්‍රවේශයට ඇතුළු වෙමින් සිටියේය. ඒ වසර 1327 කට පසුවය.

දිනක ඔහු ගලින් නිම වන ලද ඇඟිල්ලක් දුටුවේය. ඔහු දැන් සටහන් තබන්නේ සිංහ පාදයේ ඒ ඇඟිල්ල ගැනය. එම ස්ථානයේ දින ගණනාවක් ගත කළේය. මහන්සියත් බඩගින්නත් මදුරු කරදරයත් ඉවසුම් නොදෙන තරම්ය. එහෙත් ඉදිරියට තැබූ පය පොබ්ස් ආපසු ගත්තේ නැත. එතැනින් ඉදිරියට ගිය ඔහුට වැල් එතී මල් පිපී තිබුණ පවුරක් නෙත ගැටිණ. ඒ කිරි ගරුඬ පවුරක් යැයි ඔහු සිතන්නට ඇත. ඔහු විශ්මයට පත්විය. ඔහු වැල් ඈත් මෑත් කර මල් පොකුරු අතරින් හිස ඔසවා පවුර දෙස බැලූවේය. එය කැටපත් පවුරය.

කැටපත් පවුරෙහි අකුරු වැල් ඔහු දුටුවේය. තම බෑගයෙන් පත් ඉරු එළියට ගෙන එම සීගිරි ගී පත්ඉරුවල සටහන් කර ගත්තේය.

1831 සිට පොබ්ස්ට තුන්වරක් උණ සන්නිපාතය වැළඳුණි. කළ ප‍්‍රතිකාරවලින් කිසිදු ඵලක් වූයේ නැත. මඳ සුවයකදී වුව ඔහු සිතමින් ලියමින් ආලකමන්දාව චිත‍්‍රයට නඟමින් සිටියේය. දිනක පොබ්ස් සිහිසුන්ව ඇද වැටිණි. ගම්මුන් ලී මැස්සක තබාගෙන දින හතරක ගමනකින් පසු අනුරාධපුරයට පැමිණ සුදු මහත්වරුන්ට ඔහු භාර දුන්නේය. ප‍්‍රතිකාර කළද සුව වෙන්නේ සිව් මසක ප‍්‍රතිකාරවලින් පසුවය. වෛද්‍යවරුන් ඔහුට විවේකය අවශ්‍ය බව පවසා ඔහු මවු රටට පිටත් කළේය.

එහිදී ඔහු පත්ඉරුවල ඇති පද ගෙත්තම් කළේය. එම පද 'Eleven Years in Ceylon' නමින් ඔහු ප‍්‍රකාශයට පත් කළේය. ඒ 1580 ට පසු සීගිරිය ගැන ලියැවුණු ප‍්‍රථම සටහනය. ඔහු එහි ඉතා කනගාටුවෙන් සටහන් කර ඇත්තේ තමන්ට සීගිරි ගල මුදුනට පා තැබීමට නොහැකි වීම ගැනය. මේජර් පොබ්ස් ශී‍්‍ර ලාංකිකයන්ට සීගිරිය යළිත් අනාවරණය කර දීම ජාතියේ වාසනාවකි. මේ අනුව සීගිරි කාශ්‍යප රජතුමාගෙන් පසුව සීගිරියට රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන්නේ 1896 දීය. මේ නිසා සීගිරිය පිළිබඳ විමංසාවේ මූල නිමිත්ත මේජර් පොබ්ස් යැයි කීම නිවැරදිය.

ඩබ්. එම්. විජේරත්න


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles