Divaina - සිංහල සිනමාව ගැන කථා කිරීම මෝඩකමක්ද? - මානසික රෝගයක්ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

n6 1අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු මේ රටේ ජීවත්වන දේශීය සිනමාවට හිතැති සියලූම පුරවැසියන්ගේ ගෞරවනීය අවධානය පිණිසයි.

පසුගිය පෙබරවාරි පස්වැනි දින ගාමිණී වේරගමයන්ගේ ‘සිංහල සිනමා වංශය’ දොරට වඩින අවස්ථාවේදී මා කළ කතාව පිළිබඳ විවිධ මත පළ විය. එමෙන්ම එම කතාවේ මෙතෙක් එළි නොවූ විශේෂ කරුණු කීපයක් තිබුණු බැවින් එම කතාව ඉරිදා දිවයින සංග‍්‍රහයේ පළ කිරීමට තරම් එම ආයතනයේ ප‍්‍රධාන කර්තෘ තුමන් කාරුණික විය. මේ කාරුණික භාවයේ වටිනාකම ඇත්තේ මට නොව දේශීය සිනමාවේ සැබෑ වර්ධනයක් දකින, සැබෑ දියුණුවක් දකින, සුබ අනාගතයක් දකින සමාජයේ කුමන තරාතිරමක් නියෝජනය කරන අව්‍යාජ සත්‍ය ගරුක මිනිසුන්ට පමණි.

කතාව සහ ලිපි දැකීමෙන් පසුව විවිධ අන්දමේ ප‍්‍රතිචාර ලැබුණත් මේ ලිපිය ලියනුයේ ඒ ප‍්‍රතිචාර වලට පිළිතුරක් ලෙස නොවේ. බොහොමයක් ප‍්‍රතිචාර වල තිබුණේ පැසසුමක් හා තවත් නොදන්නා කරුණු හෙළි කරන ලෙසට කියූ අවංක හැඟීම්ය. එයට ගරු කරමින් මා පහත සඳහන් කරුණු ලියා එවීමට තීරණය කළෙමි.

1947 පටන්ගත් කොම්පැණි යුගයේත් 1971-72 පටන් ගත් නිහාල්සිංහ යුගයේත් අතිශයින් පරස්පරයන් තිබුණත් එම යුග දෙකෙන්ම වර්තමානයට ලබාගත හැකි, වර්තමානයට සරිලන හොඳ යෝජනා තිබෙන බව පරීක්ෂාවෙන් බලන කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. නමුත් ඒ සඳහා ලාංකික සිනමාව පිළිබඳ නිවැරදි බුද්ධියක් සහ දැක්මක්, සුවිශේෂ අධ්‍යයනයක්, භක්තියක් තිබිය යුතුය. මෙම යුග දෙකේම කිසියම් අන්දමක ක‍්‍රියා පටිපාටියක් ක‍්‍රමවත්ව ක‍්‍රියාවට නැඟුණු බව මගේ මතයයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සංවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ එයටම සරිලන ආඥා පනත මත නිහාල්සිංහ යුගය එකී කාලයටම ස්වර්ණමය යුගයක් විය. නමුත් විවෘත ආර්ථිකය ආපසු එය විනාශ වූයේ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා නොවේ. එකී ආර්ථික ප‍්‍රතිපත්තියට සරිලන පරිදි පනතක් සකස් කිරීම වෙනුවට, අසීමිත බලතල සහිත සභාපතිවරයෙකු යටතේ ක‍්‍රියාත්මක වන සංශෝධනයක් පමණක් 1980 දී සිදු කරන ලදී. එය රාජ්‍ය චිත‍්‍රපට සංස්ථා බෝඞ්ලෑල්ල ජාතික චිත‍්‍රපට සංස්ථා බෝඞ් ලෑල්ල බවට මාරු කිරීමක් ලෙස පෙනුණත් ඇත්තටම සිදුවූයේ කිසිම ප‍්‍රතිපත්තියක් නොමැතිව රජයට හෝ විවිධ බලධරයන්ට හෝ රජයට ගැති කලාකරුවන්ට හෝ බඩගෝස්තරවාදීන්ට හෝ තමන්ට රිසිලෙස පිණුම් ගැසීමට සෑ¥ කෙළිබිමක් යැයි මා නිර්භයව අදටත් පවසමි. එසේ පැවසීමට මට හැකියාවක් ඇත්තේ, පසුකාලීනව මා විසින් විවිධ ක‍්‍රම වලින් එක්රැුස් කර ගන්නා සත්‍ය කරුණු මතය.

එම කරුණු ලබා ගැනීමට සහ ලබාදීමට අවංකව උදව් වූ දිවංගත නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, දයා විමලවීර, ගාමිණී ෆොන්සේකා, තිස්ස අබේසේකර, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, යසපාලිත නානායක්කාර වැනි නම් සඳහන් කළ හා නොකළ උත්තමයන්ව මෙහිලා නමස්කාර පූර්වකව සිහිපත් කරමි. එමෙන්ම හේමපාල ධර්මසේන, ජි. ඞී. එල්. පෙරේරා, සුගතපාල සෙනරත් යාපා, වැනි සිනමා ලොවේ පතාකයන්ද, ආනන්ද විමාන, ඒ. ඞී. පෙරේරා, පී. සමරනායක, කේ. ඞී. පී. කොඩිප්පිලි, වැනි නම කී නොකී චිත‍්‍රපට සංස්ථාවේ හිටපු සේවක පිරිස්ද ලබාදුන් කරුණු මගේ ගවේෂණයට ඉමහත් වැදගත් විය. එමෙන්ම සුනිල් ටී ප‍්‍රනාන්දු, සුනිල් සෝම පීරිස්, ආනන්ද විමාන, නිමල් කුලරත්න සමඟ දිවයිනේ සිංහල චිත‍්‍රපට පෙන්වන සියලූම සිනමා ශාලාවල කළ නිරීක්ෂණ චාරිකාවද මගේ අධ්‍යයනයට වැදගත් විය.

මගේ කතාවට ප‍්‍රතිචාර ලෙස මා අනවශ්‍ය තැනක පාපොච්චාරණයක් කරමින් පාරිශුද්ධතාව පෙන්නුම් කිරීමට උත්සාහ දැරුවා යැයි එක් ජාතික පුවත්පතකට සිනමා විචාරක මාධ්‍යවේදියෙක් කියා තිබුණි. එයටද මා එම පුවත්පතේම පිළිතුරු සැපයුවෙමි. ඔහුගේ මතය මා ප‍්‍රතික්ෂේප කළත් ඔහු නඟන රැුඩිකල් අදහස් බොහෝවිට දේශීය සිනමාවේ උන්නතියට අඩු වැඩි වශයෙන් උත්තේජනයක් සපයන බැවින් මම ඔහුට ගරු කළෙමි. ඒ ගරුත්වය තව වැඩි වන්නේ මතවාද දෙකක සිටියත් අප හමු වූ විගස වැළඳගෙන ආචාර කිරීමට තරම් අපගේ හදවත් නිර්මල සහ විවෘත වීමය. ඉදිරියේදී නම් මා කිසිවෙකුට පිළිතුරු සපයන්නේ නැත. යම් කෙනෙකුට වේදනාවක් දැනී ඇත්නම් එම වේදනාවම සනත් ගුණතිලකටත් දැනී තිබුණු බව අවබෝධ වුවහොත් එය මට ප‍්‍රමාණවත්ය. (නොකළ දෙයකට චෝදනා ලැබීම කෙතරම් මානසික කම්පනයක් දැයි දන්නේ මා පමණි.* ඒ දැනීම කෙසේ වෙතත් එවැනි හැඟීමක් ඇති වීමට තරම් නිහතමානී වීමට කෙනෙකුට හැකි නම් එයද අගය කළ යුත්තකි.

මගේ පෞද්ගලික ජීවිතයේද මා ගොඩාක් උදව්කළ අය හිතවත් වූ අය පසුව මට විරුද්ධ වීමට, මාව කොන් කිරීමට තීරණය කළේ මා පෙර කළ අකුසලයක් නිසා යැයි විශ්වාස කරමි. ඔවුන් එසේ කරනවාට අමතරව වර්තමානයේ මට අවංකව ලැදි තැනැත්තන් හා තැනැත්තියන්ගේ සිත් වෙනස් කිරීමට, මනස වියවුල් කිරීමට, එසේ කර මා කෙරේ බිඳුවාලීමට දරණ උත්සාහයද සුළු පටු නොවේ. සමාජය ඉදිරියේ නිවහල් නිර්මල මිනිසුන් ලෙස පෙනී සිටින පිරිස්ම මෙවැනි විශ්වාස කළ නොහැකි අන්දමේ දෙපිට කාට්ටු වැඩ කිරීම මට දරා ගැනීමට අපහසුය. මෙය කියවන ඔබත් එවන් කෙනෙක්ද? නැත්ද යන්න ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න. ඔබ එසේ නොවන්නේ නම් ඔබට කම්පා වීමට කිසිම හේතුවක් නැත.

නමුත් මම ඕනෑම මොහොතක රූපවාහිනි විවාදයකට ඒමට කැමැත්තෙමි. මගේ කරුණු මා ඉදිරිපත් කරන්නේ මා නොදන්නා කරුණු, මට වැරදුණු කරුණු, අලූතින් දැන ගන්නා කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගන්නටය. ඒ සියල්ල දකින පේ‍්‍රක්ෂකයා මෙන්ම සිනමාවේ සහ දේශපාලනයේ බලධරයන්, වගකිව යුත්තන් ඒ ආශ‍්‍රිතව කෙටි කාලීන, මධ්‍යම කාලීන, දිගු කාලීන වැඩපිළිවෙළක් සාදා එය සත්‍ය වශයෙන්ම ක‍්‍රියාත්මක කරන්නේ නම් එහි සතුට මා මගේ මරණ මංචකයේදීද අපරිමිත සතුටකින් සිහිපත් කරමි.

සත්‍ය වශයෙන්ම පරිහාණිය පටන් ගන්නේ ප‍්‍රතිපත්තියක් නොමැතිව අයාලේ යෑමට මෙම කර්මාන්තයට සහ කලාවට ඉඩදුන් බැවිනි. එය 1979 දී ආරම්භ විය. ඒ තුළ දේශපාලන පළිගැනීමක් තිබුණාද නැත්ද යැයි හරිහැටි විනිශ්චය කිරීමට නොහැක. සංස්ථාව සහ චිත‍්‍රපට කර්මාන්තයේ සහ කලාවේ නියැළෙන්නන් අතර විශේෂයෙන්ම චිත‍්‍රපට නිෂ්පාදකයන් අතර මතභේද , ගැටුම් , කඹ ඇදිලි, ආරම්භ වනුයේද එම යුගයේ සිටය. ඒ සඳහා සංස්ථා සේවකයන්ට රහසේ අනුබලයක් දුන්න ව්‍යාපාරික ප‍්‍රජාවක් එකල සිටියාද? ඔවුන් මෙකලත් සිටිනවාද? එසේ නොමැතිව අද දිනයේ මේ ව්‍යාපාරික ප‍්‍රජාව ලෝක සිනමාවේ නිර්මාණත්මක ප‍්‍රවණතා, තාක්ෂණික ප‍්‍රවණතා, චිත‍්‍රපට බෙදා හැරීමේ ක‍්‍රමවේද වැනි ප‍්‍රවණතා මුසු කර ගත් ආර්ථිකයක් හරියාකාරව අධ්‍යයනය කර දේශීය සිනමාවටත් යම් උදව්වක් කරමින් කටයුතු කිරීමට සැරසී සිටීද? අද ලාංකික සිනමාව නියෝජනය කරන නිර්මාණාත්මක තරුණ පරපුරක්ද ලෝක සිනමා ප‍්‍රවණතා හඳුනාගත්, ව්‍යාපාරික තරුණ පරපුරක් ද සිටින බැවින් හා මොවුන් දෙපාර්ශ්වයම අලූත් ක‍්‍රමවේද, හොඳින් හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ව අමතක කර ඉදිරිය දැකීම අනුවණ කමක් ලෙස මා සලකමි.

නමුත් පත්වූ රජයන් සහ පාලකයන් මේ සියලූ පාර්ශ්ව වලට හරියාකාරව කන් දුන්නා යැයි මම නොකියමි. ඔවුන් එක් පාර්ශ්වයකට හෝ දෙකකට පමණක් ගැති ලෙස කටයුතු කළේ නොදැනුවත්කම නිසාද? වුවමනාවක් නොමැති නිසාද යන්න ගැටලූවකි. එසේත් නැතිනම් කර්මාන්තයේ නියැළී එකිනෙකා අතර ගැටුම් ඇති කිරීමට සැලසුම් කළ නිසා දැයි නොදනිමි.

90 දශකයේ මුල සිනමා කර්මාන්තයේ නියැලූණු දැවැන්ත නිෂ්පාදකවරු , ප‍්‍රවීණතම නිළියන්, නළුවන්, පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමට යොමු වූයේ සංස්ථාව එපා වී නොවේ. (මා ඔවුන්ගේ නම් සඳහන් නොකරන්නේ එය සත්‍ය කරුණක් වුවත් අද දිනයේ දී මා ඔවුන්ව අවමානයට ලක් කරනවා යැයි චෝදනා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිණි. මාව එවැනි අපහසුතාවට පත්කිරීමට සූදානම් වී සිටින්නා වූ සිනමාවේම පිරිස් පිළිබඳ මා නොදන්නවා නොවේ.* එයට හේතුව වූයේ සංස්ථාවේ වැඩ පිළිවෙළ සහ ක‍්‍රමවේදය 80 දශකයේ සිට ක‍්‍රම ක‍්‍රමයෙන් විනාශ වූ බැවිනි. එසේ නැතිව ඔවුන්ට සංස්ථාව නමැති ව්‍යුහය එපා වූවා නොවේ. 100% ක්ම නැති වුණත් කිසියම් ප‍්‍රමිතියක් සහිතව, ස්වාධීන අපක්ෂපාතී, එමෙන්ම සිනමාවට ලැදි භක්තිමත් සත්‍ය සේවාවක් ලබා දීමට ‘සංස්ථාව’ ක‍්‍රියා කිරීමට සැරසෙන්නේ නම් නිර්මාණකරුවන් නිෂ්පාදකවරුන්, ප‍්‍රදර්ශකයන්, නළු නිළියන්, කාර්මික ශිල්පීන් මෙකී නොකී සියලූ දෙනාම ඒ වටා අත්වැල් බැඳ ගනු ඇත. එය කවදා කෙසේ සිදුවේ දැයි මා නොදනිමි. නමුත් නිහාල්සිංහ යුගයේ එවැනි අවංක කාර්යශූර, එඩිතර සේවකයන් වැඩි ප‍්‍රතිශතයකින් සංස්ථාව සමන්විත වූ බව තතු දන්නෝ කියති. එය වෙනස් වූයේ කෙසේද? පත්වූ රජයන්, පාලකයන්, බලධරයන් හේතු ඇතිව හෝ නැතුව සංස්ථාව කෙරේ දැක්වූ උනන්දුව, අවධානය, ආකල්පය එහි පැවැත්මට හෝ ව්‍යුහයට හෝ සේවක සුබ සිද්ධියට හෝ ඔවුන් ගේ අනාගතයට හෝ ගෝචර නොවූ බැවිණි.

පසුගිය ලිපියේ මා අවධාරණය කළ කරුණු නැවත නැවත මා සඳහන් කරන්නේ දේශීය සිනමාවේ අනාගත වැඩ පිළිවෙළට එයින් ගත හැකි සුවිශේෂ පාඩම් නිසාය. කොම්පැණි යුගයත්, සංස්ථා යුගයත් ප‍්‍රතිපත්ති වලින් වෙනස් වුණත් පරිපාලනය තුළින් යම් ඉලක්කයකට යෑමට ශක්තිමත් වී තිබුණි. එමෙන්ම නිහාල්සිංහ යුගයෙහි සේවකයන්ගෙන් අතිමහත් පිරිසක් එතුමා සහ සංස්ථා වැඩ පිළිවෙළ වටා අවංකව, හෘදයාංගමව බැඳී සිටීම සහ ක‍්‍රියා කිරීම, එවැනි ක‍්‍රියා පිළිවෙතක් 80 දශකයේ සිට දියාරු වීමට යෑමේදී සිනමා කර්මාන්තයේ පිරිස් සංස්ථාවෙන් බැහැර වීම, ඒ බැහැර වූයේ සංස්ථාව නමැති ව්‍යුහයට විරුද්ධව නොව ඔවුන් විඳි නොයෙකුත් හිරිහැර, අවහිර සහ සංස්ථාවේ නිසි ක‍්‍රියාකාරිත්වයක් නොතිබීම නිසාය. ඔවුන් පෞද්ගලික අංශය හා සම්බන්ධ වන්නේ එවිටය. ඉදිරියේදී පෞද්ගලික අංශය සිනමා කර්මාන්තයේ වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය වනබව නිහාල්සිංහ යුගයේදීම අදහස් ප‍්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨයන් සහ ප‍්‍රවීණයන් සිටි බව මම සඳහන් කර ඇත. මේ එකමුතුව එකිනෙකා කුලල් කා ගන්නේ නැතුව, සාධාරණව වැඩිපුර පිරිසකට සතුටු විය හැකි ක‍්‍රමවේදයක් දක්වා සකස්කර ගන්නා තුරු අප එකතැනම පල්වෙනු ඇත.

මෙය මා නැවත නැවත කීම හා ලිවීම පිළිබඳ මට අවංකවම හිතවත් සිනමාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ම කනගාටුව පළකර ඇත. මා අද සඳහන් කරන්න යන්නේ එහිම තව දිගුවක් පමණි. එයින් පසු මා නිශ්ශබ්ද වෙමි.

සිනමා කර්මාන්තයේ සියලූම විනාශයන් සිදුවූයේ ඩික්සන් නිලවීර වාර්තාවෙන් පසුව යැයි වැඩි පිරිසක් විශ්වාස කරන්නේ, චෝදනා කරන්නේ කරුණු දැනගෙන නොවේ. සත්‍ය ලෙසට කරුණු දන්නා ඇතමුන් වුවද එලෙස කටයුතු කරන්නේ මුලදීම (1980* විනාශය ආරම්භ වන විට කළ හැකි ප‍්‍රතිකර්ම කිරීමට ගොස් රාජ්‍ය උදහසට ලක්වේ යැයි යන බියෙන් පසුවූ බැවින් බව දන්නෝ දනිති.

එමෙන්ම විවිධ අවස්ථාවලදී සංස්ථාවේ ඉහළ පුටුවට වැරදි තොරතුරු දෙමින් (දැන හෝ නොදැන* එම තනතුරත් සංස්ථාවත් අවමානයට ලක්කිරීමට කටයුතු කළ සේවකයෝද එදා සිට අද දක්වාම සිටිති. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සේවය කරන කිසිම සේවකයෙකු මා කියූ දෙයින් උදහස් විය යුතු නැත. තමා නිවැරදි බව දන්නේ නම් තමාගේ සැනසීමට, සතුටට එයම ප‍්‍රමාණවත් වේ. සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ සමහර තේරුම් ගැනීමට නොහැකි වූ වැඩ කටයුතු නිසා අපහසුවට ලක් වූ සිනමා ශිල්පීන් අතර මා ද එක් තැනැත්තෙකි. එයට කම් නැත. එලෙසම සුමිත්ත අමරසිංහ සහ තිස්ස අබේසේකරයන්ද යම් යම් අවස්ථාවන් වලදී දැඩි අපහසුතාවට පත් වෙනු (වැරදි සේවක උපදෙස් මත* මා සියැසින් දැක තිබේ.

වර්තමාන සභාපති තුමාද දිනපතා පළවන ජාතික පුවත්පතක තමාද නොදන්නා අන්දමට වැරදි දත්තයන් කීපයක් රේඛීය අමාත්‍යාංශයට සංස්ථාවෙන් ලබා දී ඇති බව කනගාටුවෙන් ප‍්‍රකාශ කර ඇත. මෙය සිනමාවේ සහ සංස්ථාවේ වර්ධනයට, දියුණුවට, එකමුතුවට සහ මුළු මහත් සිනමාවේම රසවින්දනයට බාධාවක් නොවේද?

සිනමා ක්ෂේත‍්‍රයට අහම්බෙන් පැමිණි මා නොසිතූ අන්දමට දිගු ගමනක් ගියේ රෝස මල් යහනාවක නොවේ. මා හෙළු කඳුළු, දහදිය, කුස ගින්නේ සිටි අවස්ථා, නින්දක් නොලබා පහන් කළ රැුයවල් අනන්තය. අප‍්‍රමාණය. පසුකාලීනව මොන සුඛ විහරණයන් ලැබුණත් ඒවා මට වැදගත් නොවූයේ එදත් අදත්, හෙටත් මා පොළොවේ පය ගසා සිටින ශ‍්‍රී ලාංකික සහෘදයින්ගේම තවත් එකකු වන බැවිණි.

මා රංගවේදියෙකු බව සැබෑය. අධ්‍යක්ෂවරයෙකු බවද සැබෑය. එමෙන්ම මා සිනමාවෙන් ඉපැයූ මුදලින්ම මගේ මුල්ම චිත‍්‍රපටය නිෂ්පාදනය කර හොඳම නිෂ්පාදකවරයා ලෙස සම්මානයට පාත‍්‍ර වූ පළවෙනි රංගවේදියාය. එයට වඩා මා ආඩම්බර වන්නේ ‘සිසිල ගිනි ගනී’ තුළින් ප‍්‍රසන්න විතානගේව සිනමාවට හඳුන්වාදීමට ලැබීමත් සබීතා, විණා, මනෝරත්න, අශෝක පීරිස්, ටෝනි රණසිංහ වැනි අයගේ අපූර්වතම රංගනයන් පේ‍්‍රක්ෂකයා හමුවට තැබීමේ වාසනාව ලැබීමත්ය. කළු සුදු චිත‍්‍රපටයක් ලෙස මුද්‍රණ කටයුතු සඳහාඳ දිවංගත ඩිල්මන් ජයරත්න මහතාගේ ලාංකික චිත‍්‍රපට රසායනාගාරය සම්මානයට පාත‍්‍ර විය.

මේ ලිපිය ලීවේ මා කළ කී දෑ කීමට නොවේ. එසේ කියනවානම්, දැනට වැඩ නිමවෙමින් පවතින, බෞද්ධාලෝක මාවතේ අංක 224 දරන සංස්ථා භූමියේ ඉදිවෙන නවීන මිනි සිනමා ශාලාව පිළිබඳව උදම් ඇනිය හැක. එකී භූමිය සහ ගොඩනැගිල්ල ඉරාන රජයට විකුණා දමා සංස්ථා කාර්යාල දළුගමට ගෙනයෑමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළේ මා බව දන්නෝ දනිති. ඒවා කීමෙන් ඇති පලේ කුමක්ද? බොහෝ විට ආපසු ලැබුණේ නින්දා හා අපවාද පමණි. එයට කම් නැත. නමුත් ජීවිත කාලය තුළ මා දෙපයින් සිටගත් රැුකියාවටම අවනම්බු කළා යැයි කියන තක්කඩි චෝදනාවෙන් මා නිදහස් වීම මගේ මරණයට පෙර කළ යුතු වූ දෙයක් බැවින් පසු ගිය කාලය තුළ කතා සහ ලිපි ඒ සඳහා යොදා ගත්තෙමි.

මට පසුව හෝ පෙර නිලතල දැරූ හෝ නොදැරූ කලාවට සම්බන්ධ සහෘදයන් මෙන්ම බොහෝ ප‍්‍රභූන් ආශ‍්‍රය කිරීමට මට අවස්ථාව ලැබිණ. නමුත් ඒ කිසිම තැනැත්තෙක් වෙත මා ඇඟිල්ල දිගු කරන්නේ නැත. මට බැරිවූ දේ මට වැරදුණ දේ මගෙන් පසුව ඔවුනට කරන්න තිබුණා නොවේදැයි මා කිසිම දිනක දොස් පවරා නැත. (ඔවුන් වැඩකාරයින් බව පෙන්වීමට තිබූ අවස්ථාවන් මඟහැර ගත්තේ ඇයි දැයි නොදනිමි.*

මා කිසිවකු සමඟ තරහක් හෝ වෛරයක්ද නැත. තිබුණ අප‍්‍රසාදයද මා කෙරෙන් දැන් නික්ම ගොස් ඇති බැවින් මගේ මනස සහ සිත ඉතාමත් නිදහස් . එක දිගටම සිනමා කර්මාන්තයේ ගැටලූ පිළිබඳ දශක හතරක විතර කාලයක සිට ප‍්‍රශ්න කරන, විවාද කරන මා උම්මන්තකයෙකු හෝ මෝඩයෙකු ලෙස සිතනා පිරිස්ද නැතුවා නොවේ. නමුත් මා නැති දිනකදී හෝ මා කළ කී දෑ හි ඇති සත්‍ය බව සහ අවංක කම ගැන ඉදිරි පරපුර කතා කරනු ඇතැයි සොයා බලනු ඇතැයි මා විශ්වාස කරමි.

ඕනෑම වාක්‍යයක් නිමවීමට ප‍්‍රථම එහි අර්ථය හෝ රසය හෝ ගැඹුර හෝ වටිනාකම හෝ, මැන ගැනීමට නොහැක. එම තක්සේරුව ලැබෙන්නේ එම වාක්‍යය නිමා වූ පසුවය. මෙය අපේ මිනිස් ජීවිත වලටද සමානය. අපි ජීවිත කාලය තුළ කළ කීදෑ පිළිබඳ සත්‍ය විග‍්‍රහය ලැබෙන්නේ අපේ මරණයෙන් පසුවය. එම සත්‍ය විග‍්‍රහය කෙතරම් මිහිරි වුවද, අමිහිරි වුවද මට කම් නැත. නමුත් එම සත්‍යයට අසත්‍ය මුසු කරනවා නම් මගේ ජීවිත කාලය නිම කිරීමට ප‍්‍රථම එය නිවැරදි කිරීම කළ යුත්තේ මා විසින්මය. මා කළේ වෙන දෙයක් නොව එය නිවැරදි කිරීම පමණය. ඉතිරිය බාර ඔබටය. එය මට නොපෙනේ. නොඇසේ.

නමුත් මගේ ජීවිත වාක්‍ය අවසන් වීමට ප‍්‍රථම එම වාක්‍යයට අන්‍යයන් විසින් අනවශ්‍ය කොමා හෝ වචන එකතුකරනවාට මා කැමැති නැති බව පමණක් හරියාකාරව අවබෝධ කර ගැනීමට මගේ කතා ඇසූ, මගේ ලිපි කියවූ සියල්ලන්ටම බුද්ධිය පහල වේවා කියා මා ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.

අවසාන වශයෙන් මා තව එක කරුණක් සඳහන් කිරීමට කැමැත්තෙමි. අඩුම වශයෙන් සිනමාවේ යම් සුළු ප‍්‍රගතියක් ඇති කිරීමට නම් 2015 ට පෙර තිබූ බදු සහන නැවත ලබා ගැනීම අපට ප‍්‍රයෝජනවත් වෙනු ඇත. ඒ පිළිබඳ සලකා මා 2018 මගේ හෘද සැත්කමට ප‍්‍රථම එවකට හිටපු ජනාධිපති තුමාට ලිපියක් යැව්වෙමි. වර්තමානයේ එම තත්ත්වය පිළිබඳ මා සොයා නොබැලූවේ ඒ සඳහා සුදුසුම පිරිස් නියෝජනය වී ඇති බැවිනි. නමුත් ඉදිරියේ මා මෙය අතිගරු ජනාධිපති තුමා සහ අගමැතිතුමා ඉදිරියේ කරුණු දැක්වීමට උත්සාහ දරන්නේ සමස්ත සිනමාවේම රැුඳී සිටින පිරිසට කරන උපහාරයක් වශයෙනි.

සනත් ගුණතිලක


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles