Divaina - මේ අවනඩුව ගැන කියන්නේ කාටද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

na5 4නිදහස් සෞඛ්‍යය  වනසන පිසාචයෝ 02

අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඉල්ලීම මත 2019.06.21 දින ඉඩම් අමාත්‍යංශයේ (ඉඩම් අත්පත්* අධ්‍යක්ෂකවරිය මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට සියලූම රජයේ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡුාවක් පවත්වන ලදී, මෙම අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ පනතේ 38 වන වගන්තියේ (අ* අතුරු විධානය මගින් ඵධරැුඵභඍ/2012/129 ප‍්‍රගමන අනුරේඛනයේ වන හෙක්ටයාර් 8.8156 වන මුළු ඉඩමම සම්පූර්ණයෙන්ම ඉඩම් අත්කර ගැනීමේ නිලධාරියා වන මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ස්වාමිත්වයට ගෙන, ඉඩමේ බුක්තිය බාරගෙන, එය මොනරාගල දිස්ත‍්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ භාරයට පත්කර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ එකඟතාව මත අනවසර පදිංචිකරුවන් 5 දෙනා හට ඉඩමේ නැගෙනහිර මායිමේ හුලංදාඔයට යාබද කොටසින් එක් අයෙකුට පර්චස් 40 බැගින් වෙන්කර හුලංදාඔය ආසන්නයෙන් ඔවුන් සඳහා වෙනම පාරක් වෙන්කර, 39 වන වගන්තිය යටතේ අවසතු කිරීමට එකඟ වන ලදී.

එම එකඟතාවය අනුව ඉඩම 2019.10.02 දින අංක 2143/22 දරණ ඇති විශේෂ ගැසට් නිවේදනයෙන් 38 වෙනි වගන්තියේ (අ* අතුරු විධානය යටතේ වන 2019 අංක 199 දරණ ආඥාව මගින් රජයට පවරා රෝහල් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අනුමත කර ඇත.

මෙම අවස්ථාව වනවිට 2019.09.30 දින මුල්ගල තබන ලද සිව් මහල් ශල්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීමට තෝරාගත් භුමිය ප‍්‍රමාණවත් නොවූ බැවින් නැවත සැලසුම් සකස් කිරීම ආරම්භ කළ අතර නව ඉඩමේ හිමිකම රෝහල වෙත පවරා නොදීම නිසා මිලියන 1000 වන ව්‍යාපෘතිය අතර මග නවතා දමා ඇත.

2019.10.15 දිනැති ලිපියෙන් මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්තුමා අමතා ඇති ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා, ඉඩමේ භුක්තිය මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් භාරගෙන, මොනරාගල දිස්ත‍්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂකවරයාට භාර දීමට වහාම කටයුතු පිළියෙළ කරන මෙන් ද ඉඩමේ භුක්තිය බාර ගන්නා අවස්ථාවේ එහි තත්ත්වය සහ වටිනාකම විස්තර කෙරෙන වාර්තා සූදානම් කිරීම සඳහා ප‍්‍රධාන තක්සේරුකරු විමසා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කරන මෙන්ද, අමාත්‍යතුමාගේ ආඥාව අනුව කටයුතු කර ඉඩමේ භුක්තිය භාරගෙන මොනරාගල දිස්ත‍්‍රික් මහා රෝහලට භාරදුන් බව මාසයක් ඇතුළත වාර්තා කරන මෙන්ද දන්වා සිටින ලදී.

මේ අතර 2019.12.10 දින මොනරාගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට, මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉඩම පවරා දීමට කටයුතු නොකළ බව රෝහල පාර්ශ්වයෙන් දන්වා, රජයට පවරා ගත් ඉඩම රෝහලට ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. එහිදී එම කමිටුවේ සභාපතිත්වය දරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමේධා ජී. ජයසේන මහත්මිය සහ පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා අනවසර පදිංචිකරුවනට අක්කර 7.5 වෙන්කර දීම ගැටලූවක් කර නොගෙන, අක්කර 14 ක භුමිය ප‍්‍රමාණවත් බවත් ප‍්‍රකාශ කරන ලදී. එම යෝජනාවට රෝහල පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනා එකහෙළාම විරෝධතාවය ප‍්‍රකාශ කරන ලදී. ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග එකඟතාවයකට අනුව එක් අයෙකුට පර්චස් 40 වඩා ලබා දීමට කිසිසේත්ම එකඟ නොවන ලදී.

ඉඩම අත්පත් කරගැනීමේ ක‍්‍රියාවලිය නිසිමගට ගත් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා 2020.01.22 දිනැති ලිපියෙන් 5 වන වගන්තිය යටතේ ඉඩම් අමාත්‍යතුමා විසින් අත්සන් කරන ලද ප‍්‍රකාශය මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත එවන ලදී. එම ප‍්‍රකාශය ගැසට් පත‍්‍රයේ පළකරවා, 6 වන වගන්තිය යටතේ මැනුම් අධිකාරී වෙත මැනුම් නියෝගයක් නිකුත් කර මූලික පිඹුරක් සකස් කිරීමටත්, මූලික පිඹුර ලැබීමෙන් අනතුරුව 7 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනය පළ කරවා හිමිකම් පරීක්ෂණය පැවැත්වීමට කඩිනමින් ක‍්‍රියා කරන ලෙසත් ඉඩම් අමාත්‍යංශයේ ලේකම් විසින් දන්වා එවන ලදී.

ඉඩම් අමාත්‍යංශයෙන් නිසි මග පෙන්වීම ලබාදී ඉඩම අත්පත් කරගැනීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ කර නව ගොඩනැගිලි ඉදිකිරීමට බලාපොරොත්තුව සිටි සෞඛ්‍ය අමාත්‍යංශය මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් තුමිය, මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්තුමා සහ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව සම්බන්ධව අතිශය කලකිරීමට පත්ව, රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සියලූම දෙනා ඇතුළු සියලූම කාර්ය මණ්ඩලය මෙම දුක් ගැනවිල්ල, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

කරුණු මෙසේ පෙළ ගැසෙද්දී 2020.02.24 දින දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේදී මෙම ගැටලූව නැවත සාකච්ඡුාවට ගන්නා ලදී. 2019.12.10 දින විරෝධය දැක්වූ පාර්ශ්ව එදින, පර්චස් 40 බැගින් හිමි අයට එම කොටස් නිදහස් කර ඉතිරි සියලූම ඉඩම රෝහලට දිය යුතු බවට තම මතය යහමගට ගෙන තිබූ නමුත් මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්තුමා දැඩි ස්ථාවරයක ඉඳිමින් එම ඉඩමෙන් අක්කර 14 ක් පමණක් බුක්තියට බාරදීමට හැකි බව ප‍්‍රකාශ කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ නිර්දේශවලට පරිබාහිරව යමින් ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ අභිමතයට එකඟ නොවිය හැකි බව රෝහල පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ මුත්, ඉදිරි සතිය ඇතුළත මෙම අක්කර 14 පමණක් භාරදෙන බවට පුන පුනා ප‍්‍රකාශ කරන ලදී.

na5 5අත්පත් කරගන්නා ලද ඉඩම සම්බන්ධව නිසි පරිදි භුක්තිය බාර නොදීම නිසා පසුගිය කාලයේද විවිධ දුෂ්කරතා රෝහල වෙත ගම්වාසීන්ගෙන් එල්ල විය.

2017 දී නීති විරෝධී විරෝධතා පරීක්ෂණයෙන් පසු රෝහලට හිමිකම් අහිමි කළ ප‍්‍රධාන පිවිසුම් මාර්ගය පුළුල් කර, කාපට් කිරීම මේ වනවිට එම මාර්ගයට යාබද අනවසර පදිංචිකරුවන් විසින් බාධා ඇතිකර, එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. ඉඩම සම්බන්ධ ගැටලූව නිරාකරණය වන තුරු එහි ඉදිකිරීම් කටයුතු නොකරන බව මාර්ග ඉංජිනේරුවරයා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේදී දන්වන ලදී.

පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියගේ මැදිහත් වීම මත පෞද්ගලික ධනපතියෙකු පරිත්‍යාග කිරීමට සූදානම් වූ වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට පවා ගම්වාසීන් විරුද්ධ විය.

ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විසින් ඉදි කිරීමට සැලසුම් කළ ළය රෝහල ඉදිකිරීම 2019 වර්ෂයේදී පදිංචිකරුවන් විසින් ඇතිකරන ලද බාධා කිරීම නිසා අත්හැර දමන ලදී.

මොනරාගල අධිකරණ වෛද්‍ය කාර්යාලයට අත්‍යවශ්‍යව පැවති ”ළමා ගර්භණී ආරක්ෂිත නිවහන” ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් ඉදිකර, 2018 වර්ෂයේදී බාරදුන් නමුත් අනවසර පදිංචිකරුවන්ගේ මැදිහත් වීම් මත එහි ආරක්ෂිත වැට ඉදිකිරීමට නොහැකිවීම නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකිව ඇත.

දිස්ත‍්‍රික් මහා රෝහලක් ලෙස මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඇති එකම රෝහලේ, මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනෙකු සේවය කරන අතර වකුගඩු සහ මුත‍්‍ර ලිංගික ශල්‍ය ඒකකය, පිළිකා රෝග සහ විකිරණ ඒකකය, හෘද රෝග ඒකකය, අස්ථි ශල්‍ය ඒකකය, සන්ධි සහ රක්තවේද ඒකකය, අන්තරාසර්ග රෝග ඒකකය, ළය රෝග ඒකකය, සමේ රෝග ඒකකය, උගුර කන සහ නාසය ශල්‍ය ඒකකයන් සඳහා නේවාසික රෝගීන් සඳහා ඉඩ පහසුකම් නොමැත. නිල නිවාස නොමැති වෛද්‍යවරුන් සඳහා මාසික කුලී පදනම මත නිවාස 10 ක් රෝහල අවටින් ලබා ගෙන ඇත.

2006-2014 අතර කාලයේදී සෞඛ්‍ය අමාත්‍යවරුන් වශයෙන් සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන් විසින් මොනරාගල සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා සාධනීය පියවර කිහිපයක්ම ගන්නා ලදී. 2010 වර්ෂයේදී මිලියන 3500 මුදලකින් නව ගොඩනැගිලි ඉදිකිරීමට සැලැස්මක් සකස් කිරීමට ආරම්භ කළ අතර අත්පත් කර ගැනීමට යෝජිත ඉඩම නොලැබීමේ ප‍්‍රමාදය නිසා එම ගොඩනැගිලි දැනට රෝහල පවත්වා ගෙන යන භූමියේම සියලූ ගොඩනැගිලි ඉවත් කර නැවත ගොඩනැගුමට 2014දී ප‍්‍රධාන සැලසුමක් සකස් කරන ලදී. දැනට රෝහල පවත්වාගෙන යන හොඳ තත්ත්වයේ ගොඩනැගිලි ඉවත් කිරීම නිසා රෝහලේ ධාරිතාවය වැඩිකිරීමේ හැකියාව අහිමිවනු ඇත. දැනට ඇති ගොඩනැගිලි එසේම තිබියදී නව ගොඩනැගිලි සංකීර්ණය අලූතින් අත්පත් කරගන්නා භූමියේ ඉදිකරන ලෙස මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට දැනුම්දී ඇත.

මේ වන විට මොනරාගල දිස්ත‍්‍රික් ලේකම්තුමිය විශ‍්‍රාම ලබා ඇති අතර, මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්තුමා ඔහුගේ නිර්දේශ මත අක්කර 7.5 ක භූමියක්, පර්චස් 40 බැගින් ලබාදීමට එකඟ වූ අයට ලබා දිය යුතු බව තරයේම ප‍්‍රකාශ කර සිටියි. මොනරාගල ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ මෙම අත්තනෝමතික ක‍්‍රියා කලාපය නිසා මොනරාගල පවුල් ලක්ෂයකට ලබා ගත හැකිව තිබූ සෞඛ්‍ය පහසුකම් අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක වෙත ඇදීයෑම නොවැළැක්විය හැකිය. 1818 ජාතික විමුක්ති අරගලයේ අවසානය සමග උරුම වූ දරිද්‍රතාවය සහ සෞඛ්‍ය සේවයේ පරිහානිය නැවත ගොඩනැගීමට උත්සහ දරන අවස්ථාවේ 1818 අධිරාජ්‍යවාදී සෙවනැලි විසින් අවහිර කරමින් ප‍්‍රතිරෝධයක් දැක්වීම ජාතියේම අවාසනාවක් නොවේද?

චන්දිම ටයිරසී බණ්ඩාර


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles