Divaina - කඩොලාන විතරක් නොවේ රැම්සා තෙත් බිම් ද ඉවරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

n5 1 කඩොලාන පරිසර පද්ධති, තෙත්බිම් මෙන්ම පාරිසරික සංවේදී කලාප පිළිබඳ මේ දිනවල සමාජයේ වැඩිවශයෙන් කථාබහට ලක්වන මාතෘකාවන් බවට පත්ව තිබේ. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙන්ම කඩොලාන පරිසර පද්ධති ගැන මේ දිනවල නිරන්තරයෙන් කථාබහට ලක්වේ. මීගමුවේ කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ගම්පහ දිසා වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය කොන්ද කෙලින් තබාගෙන කථා කළාය. ඇය මේ වනවිට මුළු රටේම ජනප‍්‍රිය තාරකාවියක් බවට සිටින්නීය. එහෙත් අප මේ කියන්නට යන්නේ ඇය ගැන නම් නොවේ. ජෛව විවිධත්වයෙන් අනූන වූ පරිසර පද්ධතින් ලෙස සැලකෙන මෙරට පිහිටි රැුම්සා තෙත්බිම් ගැනය. මක්නිසාදයත් මේ වනවිට මෙකී තෙත්බිම් මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් දැඩි අභියෝගයන්ට ලක්ව ඇත්තේය.
 
 වගුරුබිම් ගොඩකිරීම, අපද්‍රව්‍ය බැහැරකිරීම, තෙත්බිම්වල ඇති ආවරණ ඉවත් කිරීම, ස්වභාවික ජලමාර්ග අවහිරවීම හෝ වෙනස්වීම, තෙත්බිම්වල සම්පත් අධික ලෙස ලබා ගැනීම, ආගන්තුක ආක‍්‍රමණශීලී ශාක හා ජීව විශේෂ පැතිරීම යන කරුණු කාරණා නිසා මේ වනවිට තෙත්බිම් දැඩි තර්ජනයට ලක්ව තිබේ. මෙකී තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා ඇති ආයතන මේ පිළිබඳ ප‍්‍රමාණවත් අවධානයක් යොමුනොකිරීම නිසා තෙත්බිම් විනාශ වීමේ අවදානමකට ලක්ව තිබේ.
 
 මෙරට පිහිටි රැුම්සා තෙත්බිම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශය මගින් විගණනයක් සිදුකරනු ලැබීය. එම විගණනයේ දී රැුම්සා තෙත්බිම්වලට වී ඇති තර්ජන පිළිබඳ වැදගත් කරුණු රැුසක් අනාවරණය වී තිබේ. මෙරට ප‍්‍රධාන රැුම්සා තෙත්බිම් වශයෙන් අන්තර්ජාතික වැදගත්කමින් යුතු ජාතික උද්‍යාන හා අභයභූමි ලෙස බූන්දල, විල්පත්තු, කුමන, ආනවිලූන්දාව, වන්කාලෙයි හා මාදු ගඟ යන ප‍්‍රදේශ නම් කොට තිබේ. අන්තර්ජාතික රැුම්සා තෙත්බිම් සම්මුතිය යටතේ සාමාජික රටක් ලෙසින් ශී‍්‍ර ලංකාව ඇතුළත් වුවද සම්මුතියේ කටයුතු ක‍්‍රියාත්මක කිරීම සඳහා වෙනම නීති පද්ධතියක් මෙරට තවමත් ක‍්‍රියාත්මක වී නැත. රැුම්සා තෙත්බිම් සම්මුතිය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කරන මූලික භාරකරුවා වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. කාර්ය මණ්ඩල ප‍්‍රමාණවත් නොවීම, අඩවි හා බීට්ටු කාර්යාල ප‍්‍රමාණවත් නොවීම, දැනුම යාවත්කාලීනව නොතිබීම, මූලික පහසුකම් නොමැතිවීම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැුම්සා තෙත්බිම් උද්‍යාන අඩවි කාර්යාල පරීක්ෂාවේ දී අනාවරණය වී ඇත. වාර්ෂිකව දේශීය හා විදේශීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණියද ඔවුන් සඳහා ප‍්‍රමාණවත් පහසුකම් රැුම්සා තෙත්බිම තුළ පිහිටා නොමැති බව නිරීක්ෂණය වී ඇත.
 
 වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, මගින් තෙත්බිම් නියාමනය කිරීම සිදු කෙරේ. ඒ කොයිහැටිවුවද රැුම්සා තෙත්බිම් නියාමනය සඳහා විශේෂිත වූ නීතිමය රාමුවක් පිළියෙල කර නොතිබූ බව විගණනයේ දී අනාවරණය වී ඇත.
 
 ඒ විතරක් නොව රැුම්සා තෙත්බිම් ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මෙම තෙත්බිම්වල පවතින ජෛව විවිධත්වයේ තිරසරභාවය සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ආකාරයේ පර්යේෂණයක් සිදුකර නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රැුම්සා තෙත්බිම් කලාප සම්බන්දයෙන් විශේෂිතවූ සැලසුමක් පිළියෙල කොට ක‍්‍රියාත්මක කිරීම, හෝ වර්තමාන තත්වය පිළිබඳ කාර්යසාධන ඇගයීමක් සිදුකර නොතිබූ බවද විගණනයේ දී අනාවරණය වී තිබුණි. රැුම්සා තෙත්බිම් කලාප වශයෙන් හඳුනාගන්නා ලද භූමි ප‍්‍රමාණයන්ට අදාළ මායිම් ගැසට් පත‍්‍ර මගින් ප‍්‍රකාශ කොට ඇත. එහෙත් රැුම්සා තෙත්බිම් සම්බන්ධයෙන් පැන නැගී ඇති මායිම් ගැටලූ නිරාකරණය කිරීම සඳහා ප‍්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති බව නිරීක්ෂණය වූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.
 
 ඒ විතරක් නොව රැුම්සා තෙත්බිම් කලාපය තුළ හා පේරක කලාපය තුළ අනවසර ලෙස ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම්ගොඩ කිරීම්, පරිසරහිතකාමී නොවන ක‍්‍රියාකාරකම් බොහොමයක් නිරීක්ෂණය වූ බවද විගණන වාර්තාවේ සඳහන් කොට ඇත. එමෙන්ම ආක‍්‍රමණශීලී ශාක ව්‍යාප්තිය මගින් වැව් පද්ධතින්ට හා රක්ෂිත ප‍්‍රදේශය තුළ පවතින ජෛව විවිධත්වයන්ට විශාල ලෙස බාධාවක් එල්ල වී තිබුණි. රැුම්සා තෙත්බිම් සංරක්ෂණ කටයුතු සඳහා කාර්ය මණ්ඩල යෙදවීම හා අනිකුත් මූල්‍ය පහසුකම් ප‍්‍රමාණවත්ව සපයා නොමැති බව නිරීක්ෂණය වූ බවද විගණන වාර්තාවේ දැක්වේ.
 na5 3  එමෙන්ම රැුම්සා සම්මුතිය යටතේ මෙරට ප‍්‍රථම තෙත්බිම් නගරය ලෙස කොළඹ නගරය වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නම් කරනු ලැබීය. පසුගිය දශක හතරක කාලය තුළ කොළඹ නගරයේ තෙත්බිම්වලින් සියයට 40ක් අහිමිවී ඇති අතර වසරකට තෙත්බිම් සියයට 1.2 බැගින් අහිමිවෙමින් යන බව අනාවරණය වී ඇත. ශ‍්‍රී ලංකාවේ කඩොලාන හා පාරිසරික වැදගත්කම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් රැුම්සා තෙත්බිම් ආශ‍්‍රිතව තර්ජිත තත්වයන් හඳුනාගෙන තිබුණි. ලූණු කර්මාන්තය හා ගොවිතැන් කටයුතු සඳහා කෘෂිරසායන භාවිතයෙන් ගිනිකොණ වෙරළ ආශ‍්‍රිත බූන්දල කළපුවට වන බලපෑම හඳුනාගෙන තිබුණි. මාදු ගඟ කඩොලාන වගුරු විනාශ වෙමින් පැවතීම, මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් වයඹ දිග වෙරළ ආශ‍්‍රිත වන්කාලෙයි කඩොලාන වගුර විනාශ වීම හඳුනාගෙන තිබූ නමුත් ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් මාසය වනවිටත් මෙම තත්වයන් වර්ධනය වෙමින් පැවති බව නිරීක්ෂණය වී ඇති බැව් විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම කුමන රැුම්සා තෙත් භූමිය තුළ පිහිටා ඇති කුමන විල්ලූවේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකොට ඇත. එම පර්යේෂණයේ දී හඳුනාගත් තර්ජනයන් හා ඒ සඳහා වූ නිර්දේශයන් ප‍්‍රමාණාත්මකව ඉටුවී නොමැති බව විගණනයේ දී අනාවරණය වී ඇත.
 
 එමෙන්ම මාදුගඟ රැුම්සා තෙත්බිම් අභය භූමියට අයත් ¥පතක පිහිටි සත්‍ය කඩොලාන ශාකය වූ ( ජදපචැඑැබජසැ* පවුලට අයත් ඛැපබසඑ‘ැර කසඑඑදරු් රතමිල්ල ශාකය 2012 වර්ෂයේ ජාතික රතු දත්ත ලේඛනයට අනුව දැඩිලෙස තර්ජනයට ලක්වී ඇති සත්‍ය කඩොලාන දෙකෙන් එක් ශාකයක් ලෙස හඳුනාගෙන තිබුණි. රතමිල්ල ශාකය මාදුගඟ රැුම්සා තෙත්බිම් අභය භූමියට අයත් පුද්ගලික දුපතක දක්නට ඇත. වසර 50කට වඩා පැරණි වූ රතමිල්ල නමැති කාඩොලන ශාකය සඳහා තර්ජනයන් ඇතිවෙමින් පවතින බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම ශාකය විනාශ වී යාහැකි බවද විගණිත දිනය වූ 2019 වර්ෂයේ අගෝස්තු මස 16 දින වනවිටත් මෙම ශාකය සංරක්ෂණය හා නැවත රෝපණය සඳහා අවශ්‍ය වන්නාවූ ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් ලෙස යොදාගෙන නොතිබූ බවද නිරීක්ෂණය වී ඇත. රතමිල්ල කඩොලාන ශාක 48ක් පමණක් මෙම ¥පත තුළ පවතින අතර පවුල් 43ක් මෙම ¥පතේ පදිංචිව සිටිති. ¥පත තුළ සිදුකරනු ලබන ගොඩකිරීම් හා ඉදිකිරීම් මගින් ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
 
 රැුම්සා තෙත් බිම් හඳුනා ගැනීමේ නිර්ණායක 09 අතුරින් නිර්ණායක 08ක්ම සපුරා ඇති සුවිශේෂී වූ ජෛව විවිධත්වයකින් යුත් මාදු ගඟ සංරක්ෂණය සඳහා ප‍්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති බව නිරීක්ෂණය වූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මාදු ගඟ අභය භූමිය රැුම්සා තෙත් බිමක් ලෙස 2003 දෙසැම්බර් මස 11 වැනි දින ප‍්‍රකාශයට පත්කොට ඇති අතර එහි ප‍්‍රමාණය හෙක්ටයාර් 915කි. මාදු ගඟ අභය භූමිය රාජ්‍ය හා පුද්ගලික ඉඩම්වලින් යුක්තවේ. පුද්ගලික ඉඩම්වලින් සිදුවන්නා වූ යම් ක‍්‍රියාකාරකම් මගින් සිදුවන්නාවූ පාරිසරික හානිය වැළැක්වීම සඳහා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ විධිවිධාන සලකා බැලීම අත්‍යවශ්‍ය කරුණකි. අභය භූමියක පේ‍්‍රරක කලාපය තුළ සිදුවන්නාවූ යම් ක‍්‍රියාකාරකමක් ඉදිකිරීමක් සිදුකිරීමේ දී ජාතික පාරිසරික පනතේ නියමතා අනුගමනය කළයුතු වුවත් ඒ අනුව කටයුතු කිරීම සිදුවී නොතිබී ඇති බව විගණන වාර්තාවේ දැක්වේ. මාදු ගඟ රැුම්සා තෙත් බිමට අයත් පේ‍්‍රරක කලාපය තුළ වගුරුබිම් ගොඩකිරීම, හෝටල් ව්‍යාපෘති ඉදිකිරීම සිදුවී තිබුණි.
 
 මාදු ගංගාව තුළ ක‍්‍රියාත්මක සංචාරක බොට්ටු සේවාව හේතුවෙන් ජලය අපවිත‍්‍ර වීම, මේ නිසා ජලජ ජීවීන්ට තර්ජනයක් ඇතිවීම, වේග සීමා පනවා නොතිබීමෙන් පාරම්පරික ධීවර කර්මාන්තකරුවන්ට වන බලපෑම, බෝට්ටු සඳහා භාවිතාවන ඉන්ධන ජලයට මුසුවීම යන පාරිසරික ගැටලූ ද මෙහි දක්නට විය.
 
 වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව යම් ජාතික රක්ෂිතයක මායිමේ සිට සැතපුමක සීමාව තුළ යම් සංවර්ධන කාර්යක් සිදුකරන්නේ නම් ජාතික පරිසර පනතට අනුකූලව පාරිසරික ඇගයුම් හෝ na5 2පාරිසරික තත්ව පිරික්සීමක් සිදුකළ යුතුය. එම නිර්දේශයන්ට අනුව ඒ සඳහා වනජීවී අධ්‍යක්ෂවරයාගෙන් පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. එහෙත් විල්පත්තු ජාතික උද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ ඉදිකර තිබු හෝටල් වි්‍යාපෘති දෙකක් සඳහා කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබු බව විගණනයේ දි අනාවරණය වී ඇත. පසුව මේ සම්බන්ධව පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි. ඒ විතරක්නොව වාන්කාලෙයි අභය භුමියේ මායිමට වන්නට පිහිටා ඇති පල්ලෙමුනෙයි ප‍්‍රදේශයේ පේරක සීමාව තුළ අනවසර පදිංචි වීම දක්නට ලැබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. මෙකී අභය භූමියේ මායිම් සම්බන්ධ ගැටලූ රාශියක් දක්නට ඇති අතර සිටුවා තිබූ මායිම් ගල් ඉවත්කොට අනවසරයෙන් ඉඩම් වෙන්කිරීම දක්නට ලැබීය.
 
 විල්පත්තු ජාතික උද්‍යානය තුළද අනවසර ඉදිකිරීම් දක්නට තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති පුක්කුලම ධීවර ගම්මානයේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් උද්‍යානයේ පැවැත්මට තර්ජනයක් වී තිබේ. කොන්ක‍්‍රිට් යොදා පාරක් ඉදිකර ඇති කොටස, ප‍්‍රජා ශාලාවද, නිවාස 11ක් හා පල්ලිය අයත් සියලූ භූමි ප‍්‍රමාණය විල්පත්තු ජාතික උද්‍යානයේ ගැසට් නිවේදනයට අනුව උද්‍යානය තුළට අයත් බව තහවුරුවී ඇත. ඒ කොයිහැටිවුවද පුක්කුලම ධීවර ගම්මානයේ වැසියන්ට විල්පත්තු ජාතික උද්‍යානය තුළ ස්ථිර නිවාස ඉදිකිරීමට අවස්ථාව ලබාදීම තුළින් හා ධීවර ප‍්‍රජාව සඳහා නීති රාමුවක් ක‍්‍රියාත්මක නොවීම තුළ නීති විරෝධී ක‍්‍රියාවන් සිදුවන බවට අනාවරණය වී ඇත. මෙහි වන සතුන් දඩයම් කිරීමද සිදුවන බව නිරීක්ෂණය වී ඇත.
 
 විල්පත්තු ජාතික උද්‍යානයේ බස්නාහිර මායිමේ කිලෝමීටර් 38ක් පමණ වන වෙරළ තීරය තුළ වඳවීගෙන යන ජීවියකු වන මුහුදු ඌරන් වාසය කරන බවට අනාවරණය වී ඇත. ඒ විතරක් නොව දාර කැස්බෑවන් ද මෙම මුහුදු කලාපයේ දැකිය හැකි සුවිශේෂී සත්ව විශේෂයෙකි. එහෙත් මෙකී සාගර කලාපයේ ආරක්ෂාව හා මෙම සම්පත් සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් යොදා නොතිබීම මුහුදු ඌරන්ගේ කැස්බෑවන්ගේ පැවැත්මට දැඩිතර්ජනයක් බව අනාවරණය වී ඇත. නෛතික විධිවිධාන ප‍්‍රමාණවත් නොවීම, අනවසර සත්ව දඩයම, ආක‍්‍රමණික ශාක වර්ධනය, වැව් පද්ධතිවල ආක‍්‍රමණ ශාක පැතිරීම, කලපු තුළ හම්බුපන් ශාකය සීඝ‍්‍රයෙන් පැතිරීම, රාජ්‍ය මැදිහත්වීම අවම වීම, රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සහයෝගය ප‍්‍රමාණවත් නොවීම, යන ගැටලූද රැුම්සා තෙත්බිම් තුළ දැකිය හැකිය.
 
 මධ්‍යම පරිසර අධිකාරිය රැුම්සා සම්මුතියේ පාර්ශවකරුවකු වශයෙන් ඊට අනුකූල ජාතික වගකීම්භාරය ඉටුකිරීම සඳහා කටයුතු කළ යුතු වේ. එහෙත් රැුම්සා තෙත්බිම්වල පවතින ජෛව විවිධත්වයේ තිරසරභාවය, සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් දත්ත පද්ධතියක් පවත්වාගෙන ගොස් නොතිබූ බව විගණනයේ දී අනාවරණය වී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම තෙත්බිම් සම්බන්ධ සංරක්ෂණ උපක‍්‍රමික හා සැලසුම් පිළියෙල කර ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
 
 මෙරට රැුම්සා තෙත්බිම් පරිසරය තුළනාත්මකව හා තිරසර ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි. මෑත කාලයේ මෙකී තෙත්බිම්වල පැවැත්මට දැඩි තර්ජනයක් එල්ලවී ඇත. මෙම තෙත්බිම් ආරක්ෂා කරගැනීමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන ඇතුළත් නෛතික පසුබිමක් නිර්මාණය වී නැත. දැනට මෙකී තෙත්බිම් ආරක්ෂා කිරීමේ මූලික වගකීම දරණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් සම්බන්ධිත ආයතනවල මැදිහත් වීම ප‍්‍රමාණවත් නොවන බැව් විගණන වාර්තාවේ සඳහන් වේ. අනාගතයේ දී මෙම තෙත්බිම්වලින් පරිසරයට ඇතිකරන දායකත්වය ගිලිහීයාම විශාල පාරිසරික ගැටලූ නිර්මාණය වීමේ පසුබිමක් ගොඩනැගීමට ඉඩ ඇත.
 
 ලලිත් චාමින්ද


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles