Divaina - පිටරට අශ්වයන් වෙනුවට අපේ රටේ අශ්වයන් හදන්න වෙහෙස වෙන මිනිසෙක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

na2 4- ගාමිණී දිසානායකගේ මහවැලි අමාත්‍යාංශයත් පටන් ගත්ත ව්‍යාපෘතියක්
 
 - පටන් අරන් තියෙන්නේ උපාලි විජේවර්ධනගේ අශ්වයන් අරගෙන
 
 - පේරාදෙණිය පශු වෛද්‍ය ඒකකයෙනුත් උදව් ලැබිලා
 
 - පළමු වරට කෘත‍්‍රිම සිංචනයෙන් අශ්වයන් බෝ කරන්නත් පටන් අරන්
 
 ‘‘තේ එකක් බොනවද? කෝපි එකක් බොනවද?’’ ප‍්‍රතාපවත් හඬකින් කෙරෙන ඒ ලෙන්ගතු ඉල්ලීම අහක දමන්නට අපට කොහෙත්ම හැකියාවක් නැත. හිරුගේ රශ්මිය පලවා හරින්නට පොර බදන සැඳෑ සුළඟ, තමන්ගේ වෑයම ජයගන්නා මොහොතේ එවැනි අවශ්‍යතාවක් අපට තදින්ම දැනි දැනී තිබුණු බව කිව යුතුය. අප හිඳින ඉසව්ව මහනුවර පල්ලකැලේය. අවට පැතිර ඇති කඳු පන්ති අතරින් අප දෙනෙතට එක එල්ලේම දිස්වන්නේ විශාල ජලාශයකි. මාස දෙක තුනක් එක දිගට පෑවිල්ල අල්ලා තිබුණු නමුත් ජලාශයේ සොබාසිරියට හානි කරන්නට තරම් හැකියාවක් නියඟයට ලැබී තිබුණේ නැත. ඒ නිසාම ඒ පියකරු සැඳෑව සාරවත් කරන්නට, අප දෙනෙත් පිනවන්නට තරම් ඒ ජලාශය පොහොසත්ය.
 
 ඒ ගැන කතා කරන්නට පෙර මහනුවර පල්ලකැලේට ගිය කාරණය සඳහන් කළ යුතුය. අප මේ මනස්කාන්ත පරිසරය වෙත කැ`දවාගෙන ආවේ ‘පාලිත සමරකෝන්’ ය. පාලිත යනු බොහෝ දේ කතාකරන්නට පසුබිමක්
 
 ගොඩනඟාගත් අපූරු පුද්ගලයෙකි. එහෙත් පළමු කොටම පාලිත සමරකෝන් කතා කරන්නේ අශ්වයන් ගැනය. අප පාලිත හමු වී මේ කතා කරන භූමිය පාලිතගේ අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානයයි. ශී‍්‍ර ලංකාවේ කිහිප තැනකම අශ්වයන් ‘පුහුණු කිරීමේ’ ආයතන ඇතත් ‘‘අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක්’’ සතුව ඇත්තේ පාලිතටය. අපූරුම කතාව වන්නේ මේ ‘‘අශ්වයෝ බෝ කිරීමේ’’ කතාවට උපාලි සමූහ ව්‍යාපාරයේ ද යම් නෑකමක් තිබීමය. ඒ නෑකම
 
na2 3 ගොඩනැෙඟන්නේ උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා සතුව සිටි අශ්වයන්ගෙන් ම මේ බෝ කිරීමේ මධ්‍යස්ථානයට ප‍්‍රවේශයක් ගැනීමය. මේ කතාවේ අගමුල ගැන කතා කිරීමේ වගකීම ‘‘පාලිත සමරකෝන්’’ ට පැවරිය යුතුය.
 
 ‘‘සතුන්ට ආදරය කරන එක මගේ පුංචි කාලේ ඉඳලා තිබ්බ පුරුද්දක්. මොකක් හරි හේතුවකට සත්තු එක්ක ගනුදෙනු කරන එක උන්ව බෝ කරන එක මගේ ඇඟ ඇතුළෙන්ම ඇවිත් තිබුණා. මගේ
 
 ගැටවර කාලේ උපන් දිනයට මට අම්මා තෑග්ගක් හැටියට දුන්නෙත් වසු පැටියෙක්. ඊට පස්සේ මම පෝනියෙක් හැදුවා. ඔය වගේ විවිධ සත්ත්ව වර්ග මම ඇති දැඩි කළා.
 
 1979 අවුරුද්දේ මම මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. එතකොට මහවැලි අමාත්‍යාංශය භාරව සිටිය ඇමැතිවරයා වුණේ ගාමිණි දිසානායක මහත්මයයි. අර මම මුුලින් කිව්වා වගේ මොකක් හරි විශේෂ හේතුවක් නිසා මගේ මුල්ම රැුකියාව වුණෙත් ‘‘සත්්ත්ව පාලන භාර නිලධාරි’’ තනතුරයි. මට රාජකාරිය කරන්න වුණේ කලා වැව ආසන්නයේ. මගේ බංගලාව තිබුණේ කලා වැව ඉස්මත්තේ. ඇත්තටම මම ඒ රස්සාව කළේ ඉතාම සතුටින් කියන එක කියන්න ඕන. මගේ රැුකියාව සත්ත්ව පාලනය වුණත්, මහවැලි ව්‍යාපාරයේ ලංකාවේ විශාලම වන වගාව ලෙස දේශීය ගස් මිලියන දොළහක් වගා කරන්න අපට හැකියාව ලැබුණා. ඒ විතරක් නොවෙයි මහවැලි අමාත්‍යාංශය යටතේ පශු සම්පත් අංශය ආරම්භ කළෙත් මම...’’
 
 ජයන්ත දිගටම කතා කරන්නේ අතීත කාමය එපමණකටම ඔහු මන්මත් කර ඇති නිසාය. එහෙත් අපේ කුතුහලයත්. ඉස්පාසුවක් නැතිකමක් ඇහුම්කන්දීමේ විනය කඩා බිඳ දැම්මේ ප‍්‍රශ්නයක් ලෙසිනි.
 
 ‘‘එතකොට අර අශ්ව කතාවත්, කලාවැවට සම්බන්ධද?’’
 
 නැවත අතීතයේ සොඳුරු මතක සිහිගැන්වුණු ආකාරයේ ප‍්‍රාණවත් ගතියකින් යුතුව පාලිත පිළිතුරු බැන්දේය.
 
 ‘‘ඔව්... ඔව්.. ඔය කාලයේ මට වුවමනා වුණා අශ්වයකුගේ පිටේ නැඟලා රාජකාරියට යන්න.
 
 මම අශ්වයෙක් මිලදී ගන්න තැනක් හෙව්වා. තැන් කිහිපයක්ම තිබුණත් මගේ් හිතට මුලින්ම ආවේ උපාලි විජයවර්ධන මහත්තයාගේ අශ්වයන් ගැනයි. මම මේ කියන කාලය වෙනකොට උපාලි විජයවර්ධන මහත්තයා නැතිවෙලා අවුරුද්දක් විතර ගෙවිලා ඇති. මේ කාලයේ එතුමාගේ ව්‍යාපාර භාරව හිටියේ දොස්තර සීවලී රත්වත්තේ මහත්තයා. මම ගිහින් එතුමාව මුණගැහුණා. ඇත්තටම මගේ අවශ්‍යතාව වුණේ එක අශ්වයෙක් විතරක් මිලදී ගන්නයි. මට මේ ගැන පුංචි
 
 දෙගිඩියාවකුත් තිබුණා. හැබැයි මම අශ්වයෙක් ඉල්ලලා, මට අශ්වයෙක් හදන්න තිබෙන සුදුසුකම් ගැන කීවා. මට මේ සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයේ විශ්වවිiාලයක උපාධියක් තිබෙන බවත් මා එතුමාට කීවා. කොහොම හරි සිද්ධ වුණේ අපූරු දෙයක් එක අශ්වයෙක් විතරක් ගෙනියන්න ආපු මට අශ්වයන් දොළොස් දෙනෙක්ම දෙන්න දොස්තර රත්වත්තේ මහත්තයා කැමැති වුණා. එතැනට ආපු ලක්මණි විජයවර්ධන මැතිනියගෙත් ඒකට අකැමැත්තක් තිබුණේ නැහැ. දැන් අශ්වයෝ දොළහක්ම ගත්තාට මට බලාගන්න විදිහක් ගැන එකපාරටම හිතාගන්න බැරි වුණා. ගව රංචුවක් මුදා හරිනවා වගේ අශ්වයෝ රංචුවක් සාමාන්‍ය සමාජයට මුදාහරින්න බෑ. අශ්වයෝ අපේ රටේ සත්තු නොවෙයි. ඒ අයව ගෙන්වන රටවල දේශගුණයට උන් හුරුවෙලා ඉන්නේ.
 
n2 1 මට කරන්න ඉතුරුවෙලා තිබුණේ එක දෙයයි. මම මේ කතාව ගාමිණි දිසානායක මහත්තයාට කිව්වා. එයා මට අපූරු කතාවක් කිව්වා..’’
 
 ‘‘සමරකෝන් ඔයා මේ අශ්වයෝ ටික මහවැලියට ගිහින් දාලා බෝ කිරීමේ වැඩපිළිවෙළක් හදන්න... ඒක යෝජනාවක් විදියට මට භාරදෙන්න මම අත්සන් කරන්නම්’’.
 
 ‘‘ගාමිණි දිසානායක මහත්තයා එහෙම කීවාම මට විශාල සතුටක් ඇති වුණා. මට දොස්තර රත්වත්තේ මහත්තයා දුන්නේ තෑග්ගක්.. ගාමිණි දිසානායක මහත්තයත් මට ඒ වගේම තෑග්ගක් දුන්නා. කොහොම හරි මේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වුණා.
 
 නුවරඑළියේ ඉඳලා අශ්වයෝ දොළොස් දෙනා අපි කලාවැවට අරන් ආවා. අපිත් එක්ක නුවරඑළියේ අශ්වයෝ බලාගත්ත සේවකයොත් ආවා. ඒත් ඒ අය වැඩිකල් කලාවැවේ හිටියේ නෑ. දැන් අශ්වයෝ බලාගන්න කවුරුත් නෑ. මම කලා වැව අපි ළඟ වැඩ කරපු කොල්ලන්ගෙන් ඇහුවා මේ චැලෙන්ජ් එක භාරගන්න පුළුවන්ද කියලා. ඒ හැමෝම එක පයින් කැමැති වුණා. කොහොම හරි මේ අය පළපුරුදු අශ්වයන් බලන අයටත් වඩා දක්‍ෂ විදිහට අශ්වයෝ ටික බලාගත්තා. 1983 අවුරුද්දේ අපි අශ්වයෝ බෝ කරන ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඉතාම කෙටි කාලයක් ඇතුළත අශ්වයෝ 20 කට වඩා බෝ කරගන්න අපිට හැකියාව ලැබුණා. මගේ ආසාව වෙලා තිබුණේ අශ්වයකුගේ පිටේ රාජකාරියට යන එක. ඒක මම ඉෂ්ට කරගත්තා. එතැනත් හරි අපූරු කතාවක් තියෙනවා. උපාලි මහත්තයාගේ අශ්වයෝ නුවරඑළියේ රේස් පැදපු අශ්වයෝ... එහෙම අශ්වයන්ගේ පිටට එක පාරටම නගින එක හරි අවදානම්. මිනිහෙක් පිටට නගින විදිහෙන් අශ්වයා දන්නවා, ඒ මිනිහා පුරුදු කාරයෙක්ද නැද්ද කියන එක... එහෙම වුණාම අශ්වයා කලබල වෙනවා. ඒ නිසා අපි කළේ අශ්වයා ඇවිද්දන එක විතරයි. මම ඒකට තෝරා ගත්තෙත් උපාලි මහත්තයා ළඟ හිටිය හොඳම අශ්වයෙක්. උගේ නම ‘‘කින්ග් ඔෆ් සූලූ’ හරිම ප‍්‍රතාපවත් අශ්වයෙක්. ... කලාවැවේ මිනිස්සුත් අශ්වයා පාරේ යනකොට පෝලිම් ගැහිලා බලාගෙන ඉන්නවා. කොහොම හරි මෙහෙම ටික දවසක් යනකොට උදය වරුවක මාව මුණගැහෙන්න ආවා ටිකක් අපිළිවෙළට ඇඳගත්ත මනුස්සයෙක්. ... මේ මනුස්සයා මාව මුණගැහිලා කිව්වා’’ සර්.. මම බෙන්ජමින් පීරිස්, අශ්වාරෝහකයෙක් (ජොකියෙක්* හැටියට වැඩ කළා. මට රස්සාවක් දෙන්න පුළුවන්ද කියලා. මම එයාට ‘‘කින්ග් ඔෆ් සූලූව’’ භාර දීලා රවුමක් යන්න කිව්වා... මිනිහා හරි අපූරුවට ඒක කළා. කොහොම හරි එතැනින් පස්සේ මගේ ආසාවත් මම ඉෂ්ට කරගත්තා.
 
 ‘අමතර ප‍්‍රශ්නයක් නොඅසාම බැරි තැන අපි ඔහුගේ කතාවට බාධා කළෙමු.
 
 ‘‘කින්ග් ඔෆ් සූලූ’’ ගෙනුත් අශ්වයන් බෝ කරන්න පුළුවන් වුණාද?’’
 
 ‘‘ නැහැ ඇත්තටම අපිට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ‘‘කින්ග් ඔෆ් සූලූ’’ ඉතාම අවාසනාවන්ත විදියට අශ්වයන්ට සුලබව වැළඳෙන රෝගයක් වැළඳිලා මියගියා. ඇත්තටම ඒක හරිම වේදනාත්මක සමුගැනීමක්...’’
 
 කෙසේ හෝ අශ්වයන් බෝ කිරීම සහ අශ්ව ආරය වැඩි දියුණු කරන්නට ගාමිණි දිසානායක අමාත්‍යවරයාගෙන් ලැබුණේ විශාල අනුබලයකි. පිටිවහලකි. ඔහු පාලිතගේ වෑයමත්, අලූත් සංකල්පයත් කෙරෙහි පැහැදීමකින් කටයුතු කළේය. එහෙයින්ම ඔස්ටේ‍්‍රලියාවෙන්. පාකිස්ථානයේ හොඳ වර්ගයේ අශ්වයන් ගෙන්වා දෙන්නට ගාමිණී දිසානායක මහතා කටයුතු කළේය. කියන පමාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන්නට තරම් ගාමිණි දිසානායක ඇමැතිවරයා කටයුතු යෙ¥ බව පාලිත සමරකෝන් සඳහන් කරන්නේ සොම්නසිනි.
 
 එක් මොහොතක පාලිතගේ මෙරට අශ්වයන් බෝ කිරීමේ වැඩසටහන නතරවන මට්ටමට කරදර මතුවන්නට විය.
 
 ‘‘එක් මොහොතක හදිසියේම ගාමිණි දිසානායක මහත්තයා අපි අතරින් වෙන්වෙලා යනවා... පවතින දේශපාලන වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. රට එක තැනක නතර වෙනවා. ඊට පස්සේ අමාත්‍යාංශය භාරගත් අයට මේ ගැන ලොකු උනන්දුවක් නැතිව යනවා. අන්තිමේදී මට සිද්ධ වුණා. මේ ‘‘බෝ කිරීමේ ව්‍යාපෘතිය’’ තනිවම කරගෙන යන්න...
 
 (එතැන් සිට අද දක්වාම පාලිත සමරකෝන් අශ්වයන් බෝ කිරීමේ කි‍්‍රයාවලිය ගෙන යන්නේය. ඒ කෘති‍්‍රම සංසේචනය මගින්ද අශ්වයන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරමිනි. ඒ  ගැන අපි ඊළඟ කොටසින් කියවමු.)
 
 චන්දිම ටයිරසි බණ්ඩාර


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles