Divaina - කොටින්ට එරෙහිව අභීත සටනක යෙදුණු මඩුකන්දේ ආනන්ද හාමුදුරුවන්ගේ කතාව...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

na1 1- ආටි පෙට්ටි හයක තිබුණු ඇටකටු ගොඩකට පාංශුකූලය දුන්න  එකම හාමුදුරුවෝ

- කනගරායම්කුලමේ හමුදා කොල්ලො තුන්දහසක් වසංගතයකට ගොදුරුවෙලා ඉන්නකොට පිරිත් කියන්න ගියේ යුද ටැංකියක...

- යුද්දෙ කාලෙ ප‍්‍රභාකරන්ගේ බිරිඳගේ ගමට ගිහින් අපේ කොල්ලන්ට පිරිත් කියලා ආවා...

- ප‍්‍රභාකරන්ගේ මිනිය ගත්ත ගමන් නන්දිකඩාල්වලට ගියෙත් අපි...

දිඹුලාගල හාමුදුරුවෝ, සීපුර හාමුදුරුවෝ හැරුණුකොට එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව නිර්භීතව කතා කළ උතුරේ හිමිනමක් සිටියා නම් ඒ වව්නියාව මඩුකන්ද දළදා රජමහා විහාරයේ ආනන්ද හාමුදුරුවෝය. උන්වහන්සේ මිනීමරු කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව කතා කළා පමණක් නොවේ, ත‍්‍රස්තවාදය විනාශ කිරීමට හැකි උපරිමයෙන් ආරක්‍ෂක හමුදාවට සහාය වූහ. උන්වහන්සේගේ හිස තමා ඉදිරියට රැුගෙන එන ලෙසට මිනීමරු ප‍්‍රභාකරන් සහචර කොටි රැුළට නියෝග කරනු ලැබුවේ ද ආනන්ද හාමුදුරුවෝ එල්.ටී.ටී.ඊ.යට මහත් වදයක් වූ නිසාය. මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. පවුල් දෙකක් වව්නියාවට පැමිණ සිටියේ අපේ ආනන්ද හාමුදුරුවන් අපවත් කිරීමටය. උන්වහන්සේ වඩින මඟ ක්ලේමෝ බෝම්බ ඇට වූ වාර අනන්තය. එහෙත් කොටින්ගේ දහමට වඩා අපේ දහම බලවත් විය. ශාසනයේ නාමයෙන් උන්වහන්සේගේ සිරුරේ ලේ බිඳුවක් හෝ සෙලවීමට ම්ලේච්ඡු කොටි නඩයට නොහැකි විය.

එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමේ මානුෂීය මෙහෙයුමේදී, මියගිය හමුදා විරුවන් වෙනුවෙන් පාංශකූල දීමට ඇවිළෙන යුදබිමට වඩින්නට තරම් ආනන්ද හාමුදුරුවන්ගේ සිත එඩිතර විය. එහෙත් ඒ තරුණ හමුදා විරුවන්ගේ මස් දිය වී ගිය ශරීර කූඩු දුටු විට උන්වහන්සේගේ එඩි බල සිත වෙඬරු පිඩක් සේ උණු වී දෑස්වලින් ගලා ගිය අයුරු සිහිපත් කරන විටත්, නිල්වන් දෑස් දැනුදු බර විය. මානුෂීය මෙහෙයුම අතරතුර හමුදා විරුවන්ට ඇති වූ වසංගත තත්ත්වයන්වලදී ඔවුන්ට සෙත්පතා පිරිත් දේශනා කිරීමට යුදබිමට වැඩම කළ ස්වාමීන්වහන්සේට නායකත්වය ලබා දුන්නේ ද ආනන්ද හාමුදුරුවෝය. මානුෂීය මෙහෙයුම අවසානයේ, ප‍්‍රභාකරන්ගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර හමු වූ නන්දිකඩාල් කලපුව සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තුන්බිය දුරලීමේ අදහසින් පිරිත් සජ්ඣායනා කිරීමට මිනී කඳු ගොඩගැහුණු යුදබිමට වැඩම කළේ ද උන්වහන්සේ ඇතුළු තවත් එක් හිමිනමක් පමණි. එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමේ මෙහෙයුමේදී උදාරතර මෙහෙවරක නිරත වූ අපේ ආනන්ද හාමුදුරුවෝ බිහිසුණු අතීතය සිහිපත් කිරීමට දැන් සූදානමින් සිටිති. අපි උන්වහන්සේගේ හඬට සවන් දී එකත්පස හිඳගත්තෙමු.

‘‘යුද්ධය පටන්ගන්න කලින් වව්නියා දිස්ත‍්‍රික්කයේ සිංහල ගම්මාන තිහක් තිබුණා. ත‍්‍රස්තවාදී යුද්ධය පටන්ගෙන අවුරුදු කිහිපයක් යනකොට ඒ ගම්මානවල මිනිස්සු ගම් දාලා පිට පළාත්වලට ගියා. අන්තිමේ ඉතිරි වුණේ ගම්මාන විසිදෙකයි. ඒ ගම්මාන ටිකත් ආරක්‍ෂා කරගන්න අපිට ලොකු වෙහෙසක් දරන්න වුණා. සමහර දවස්වල ?ට කොටි ත‍්‍රස්තවාදීන් ඇවිත් මුරපොළවල හිටිය ආරක්‍ෂක නිලධාරීන්ගේ බෙලි කපලා තුවක්කු අරගෙන පැනලා ගියා. හැමදාම ?ට අපේ ගමකට, දෙකකට පහර දුන්නා. ඒ වෙලාවට පණ බේරගන්න අපේ මිනිස්සු දිව්වේ පන්සලට. මේ පන්සලට සිංහල, දෙමළ, මුස්ලිම් සේරම මිනිස්සු ආවා. මර බියෙන් එන ඒ සියලූ මිනිස්සුන්ට පුළුවන් විදිහට කන්න, බොන්න දීලා තමයි පිටත් කර හැරියේ. ඒ කාලේ මේ ප‍්‍රදේශවල මිනිස්සු ජීවත් වුණේ මරණ වරෙන්තුව අතේ තියාගෙන. සාම කතා තිබුණු කාලෙත් එල්.ටී.ටී.ඊ.යේ පිස්තෝල කල්ලිය හිටියේ වව්නියාව නගරයේම තමයි. අපේ පොලිස් නිලධාරියෙක් තේ කඩයකට ගිහින් තුවක්කුව හේත්තු කරලා තේ එකක් බොන්න හදනකොටම එල්.ටී.ටී.ඊ. පිස්තෝලකාරයෝ වෙඩි තියලා තුවක්කුව අරගෙන පලා ගියා. ඒ විදිහට සාම කාලේ විතරක් පොලිස් නිලධාරීන් සීයකට වඩා මැරුණා. නගරයට එන වාහන පැහැරගෙන ගියා. දවසක් කොළඹ හාමුදුරුවෝ කිහිපනමක් අපේ පන්සලට වැඩම කරලා නැවත අනුරාධපුරයට වඩම්මවාගෙන යනකොට පාර හරස් කරලා අපි ගිය වෑන් එකට අත දැම්මා. දුර තියා කොටි කියලා මම හඳුනගත්තා. වෑන් එකේ ඩ‍්‍රැයිවර් බයටම නතර කළා. එක එල්.ටී.ටී.ඊ. කාරයෙක් ඇවිත් පැය භාගයකට කියලා වෑන් එක ඉල්ලූවා. මම දෙන්න බෑ කිව්වා. එහෙම කියනකොටම පිස්තෝලය ඇඳලා මගෙ පපුවට තිබ්බා. මම එහෙම්මම හිටියා. පිටිපස්සේ හිටිය එල්.ටී.ටී.ඊ.කාරයෙක් ඇවිත් ‘සමාවෙන්න සාදු... ඔබවහන්සේ යන්න’ කියලා කිව්වා. එල්.ටී.ටී.ඊ.කාරයොත් මාව හොඳට දැනගෙන හිටියා...’’

‘‘සාම සාකච්ඡුා මුවාවෙන් පොලිස් නිලධාරීන්ව මරලා තුවක්කු කොල්ලකනකොට, වාහන පැහැරගෙන යනකොට අපේ ගම්මානවල ආරක්‍ෂාව පතා පිහිටුවාගෙන හිටිය සංවිධානය හරහා අපිට තියෙන ගැටලූ ගැන සඳහන් කරලා අත්සන් පන්දාහක් සහිතව චන්ද්‍රිකා මැතිනියටයි, අගමැතිතුමාටයි, ප‍්‍රභාකරන්ටයි තුන්දෙනාටම පෙත්සම් තුනක් යැව්වා. ප‍්‍රභාකරන්ගේ පෙත්සම භාර දෙන්න පැවරුණේ මටයි. ඒ පෙත්සමත් අරගෙන එල්.ටී.ටී.ඊ.යේ ඕමන්තේ සාම කඳවුරට ගිහින් ‘මේක තමුසෙලාගේ ප‍්‍රභාකරන්ට දෙන්න පුළුවන්ද...’ කියලා මම ඇහුවා. එතැන හිටිය එල්.ටී.ටී.ඊ. නායකයා මගේ ලියුම් භාරගත්තා. ඊට ටික දිනකට පස්සේ ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ඇවිත් මට කිව්වා ‘‘ඔබවහන්සේව අපවත් කරන්න එල්.ටී.ටී.ඊ.යේ එකම පවුලේ අම්මයි, දුවකුයි ඇවිත් කෝවිල්කුලමේ හැංගිලා na1 2ඉන්නවා. ඔබවහන්සේ අදින් පස්සේ එළියටවත් බහින්න එපා’’ කියලා.

‘‘අපේ මහත්තයො... මම මැරෙන්නේ එක වතාවයි. දෙපාරක් මැරෙන්නේ නෑ. ඒ වගේම මම ජාතිය වෙනුවෙන් මැරෙන්න සූදානම්. ඔබතුමා දැන් යන්න...’’ මට යකා ඇවිස්සුණා.

‘‘ඒ හාමුදුරුවන්ට පිස්සු...’’ කියලා බැණ, බැණ ඒ නිලධාරියත් ගියා. ඊට පස්සේ හිටපු අණදෙන නිලධාරි රවීප‍්‍රිය මහත්තයට කතා කරලා සිද්ධිය දැනුම් දුන්නා. ඒ මොහොතේම රවීප‍්‍රිය මහත්තයා හමුදාවෙන් සීයයි, පොලිසියෙන් සීයක් දාලා මරාගෙන මැරෙන අම්මයි, දුවයි ඉන්නවා කියපු මුළු ප‍්‍රදේශයම සෝදිසි කළා. ඒ සෝදිසි කරන අතරතුර මාව මරන්න ආපු අම්මයි, දුවයි පැනලා ගියා. රවීප‍්‍රිය මහත්තයා එදා එහෙම සෝදිසි කළේ නැති නම් අද මගේ අළුත් නැති වෙන්න තිබුණා. යුද්දේ කාලේ වව්නියාව ආරක්‍ෂා කරගන්න අණදෙන නිලධාරිවරයෙක් විදිහට රවීප‍්‍රිය මහත්තයා පුදුම වෙහෙසක් දැරුවා. එතකොට වව්නියාව පොලිසියේ එස්.එස්.පී විදිහට හිටියේ සිසිර මැන්දිස් මහත්මයා. රවීප‍්‍රිය මහත්තයයි, සිසිර මැන්දිස් මහත්තයයි, එවකට නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදිහට හිටිය සුමතිපාල මහත්තයයි, මමයි එකතු වෙලා මේ ගම්මාන ආරක්‍ෂා කරගන්න නොසෑහෙන්න වෙහෙසුණා. ඒ වගේම මම කියන දේට ඒ නිලධාරීන් හොඳට ඇහුම්කන් දුන්නා. දවසක් මම මැදවච්චිය දිහා ඉඳලා එනකොට වව්නියාවේ පොලිසියේ ප‍්‍රධාන ගේට්ටුව අසල පොලිසියේ සීයක් විතර රැුස් වෙලා ඉන්නවා. ඒ මොහොතේම මම එස්.එස්.පී. මහත්තයාට කතා කරලා ‘‘ඈ... මහත්තයෝ මොකාද මේ ඩියුටි දාපු මිනිහා. ඒක බෝම්බකාරයයි එන්න ඕනෑ මේ සියලූම දෙනා ඉවරයි...’’ කියලා ටිකක් සැරෙන් කතා කළා. ඒ මොහොතේම එස්.එස්.පී. මහත්තයා ක‍්‍රියාත්මක වුණා. කිසිම හේතුවක් පිට පොලිසියේ අයට නගරයේ සහ ඒ අවට එක්රොක්වීම තහනම් කළා. ඒ වගේම එදා ඉඳලා සියලූ ආරක්‍ෂක මෙහෙයුම්වලදී එකා පිටුපස එකා ගමන් කරන ලෙසට එස්.එස්.පී මහත්තයා වව්නියා පොලිසියේ සියලූ නිලධාරීන්ට නියෝග කළා. ඊට පස්සේ මම රවීප‍්‍රිය මහත්තයාට කතා කරලා වව්නියා පොලිසියේ සියලූ නිලධාරීන්ට දවස් පහළොවක හොඳ අවි පුහුණුවක් ලබාදෙන්න කටයුතු කළා. අපි සාකච්ඡුා කරලා කමාන්ඩෝ ටීම් එකක් වගේ කණ්ඩායමක් පොලිසියේ හැදුවා. ඔලූවේ ජටාව බැඳලා, ඉනේ කිණිස්ස ගහලා, තව පැත්තක පිස්තෝලය, බෝම්බ දෙක තුනක් ඉන වටේ එල්ලගෙන, බයික්වල ඉඳගෙන දවස මුළුල්ලේ වව්නියාව නගරය වටේ ඒ ටීම් එක ඇවිද්දා. එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය ඒ ටීම් එකට බය වුණා. එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය පිට මං වෙලා වව්නියා නගරයේ භීෂණය අඩු වෙලා යනකොට, එස්.එස්.පී. සිසිර මැන්දිස් මහත්තයා රහස් පොලිසියේ ප‍්‍රධානියා වෙලා කොළඹට ගියා...’’

‘‘ඊට පස්සේ වව්නියාවට ආපු එස්.එස්.පී. මහත්තයා ඒ තිබුණු සියලූ ආරක්‍ෂක ක‍්‍රමෝපායන් වෙනස් කළා. බයික් ටීම් අයින් කළා. පරණ තත්ත්වයටම වව්නියා පොලිසිය පත් කළා. එහෙම කරලා සතියක් ගියේ නෑ. බෝම්බ බැඳගත්ත එල්.ටී.ටී.ඊ.කාරයෙක් ඉරට්ටේ පොලිස් මුරපළට ගහන්න ආවා. ඒ එනකොට වව්නියාව පොලිසිය ඉදිරිපිට පොලිස් නිලධාරීන් පිරිලා හිටියා. බෝම්බ බැඳගෙන ආපු කොටියා එතැන බෝම්බය පුපුරවාගත්තා. එකම තැන දහඅටක් මැරුණා. ආයෙමත් ? තිස්සේ අපේ ගම්වලට පහර දෙන්න පටන් ගත්තා. මරණ භියෙන් කාලය ගෙවිලා යනකොට සිවිල් ආරක්‍ෂක බළකාය හදලා සරත් වීරසේකර මහත්තයා එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් විදිහට පත් වුණා. එතුමා මේ ගම්මානවලට ඇවිත් ගම්බිම් ආරක්‍ෂා කරගන්න ඕන විදිහ අපිට අවබෝධ කර දුන්නා. ඒ වගේම අපි ලියුම් කඩදහියක් දීලා යවන සියලූදෙනාවම සිවිල් ආරක්‍ෂක බළකායට බඳවාගත්තා. ඒ තෝරාගත් පිරිසට අවි පුහුණුව දීලා, ගම්මාන විසිදෙකේම බංකර් ගහලා ඒ අය ගම්මානවල ආරක්‍ෂකවට යෙදෙව්වා. ඒ, ඒ ගම්මානවල බංකර්වල අධීක්‍ෂණ කටයුතු භාර කළේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට. ගම්මාන හතක බංකර් අධීක්‍ෂණය කිරීම මට පැවරුණා. හවස හයට පන්සලෙන් ගිහින් සියලූ බංකර්වල ඉන්න රණවිරුවන්ගේ අඩුපාඩු සොයා බලා නැවත පන්සලට එනකොට පාන්දර තුන විතර වුණා. ඒ එන අවස්ථා තුනකදී එල්.ටී.ටී.ඊ. පහර දෙන්න සැලසුම් කළා. ඒත් මම ගිය පාරේ නෙමෙයි, නැවත ආවේ. ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. රවීප‍්‍රිය මහත්තයා කියා දීපු ආරක්‍ෂක ක‍්‍රමවේදයක්. රවීප‍්‍රිය මහත්තයත් ? තිස්සේ මේ කැලෑ පාරවල්වල ඇවිඳිනවා. ඒත් යන පාරේ නැවත ගියේ නෑ. ඒ වගේම මට හොඳ ඉවක් තිබුණා. මේ සතියේ මේ පාරේ බෝම්බයක් පත්තු වෙනවා කියලා මට හිතුණොත් ඒක ඒ විදිහටම සිද්ධ වුණා...’’

‘‘මේ පන්සල ළඟ ඉඳලා කැබිතිගොල්ලෑවට කිලෝමීටර් දොළහයි. ඔය කිලෝමීටර් දොළහ අතරේ පොලිස් මුරපළවල් පහක් තිබුණා. ඒ මුරපළවල්වල මොනව වෙනවද කියලා බලන්න පොලිසියේ කිසිම ඉහළ නිලධාරියෙක් ගියේ නෑ. පොලිසියේ ලොක්කො ඒ තරම් බයයි. වහින කාලවලදී කොල්ලන්ට කන්න නෑ. හාමතේ ඉන්න කොල්ලන්ට ?ට නින්ද යනවා. එල්.ටී.ටී.ඊ.ය ඇවිත් බෙලි කපලා මරලා යනවා. ඊට පස්සේ මම, තව කෙනෙක් එක්ක වීල් එකක ගිහින් පාර දිගටම තියෙන මුරපළවල්වල පොලිස් නිලධාරීන්ට තියෙන ගැටලූ එකින්, එක ලියා ගත්තා. ඒ ලිස්ට් එක ඞී.අයි.ජී. මහත්තයට ගිහින් දුන්නා. එදාම ක‍්‍රියාත්මක වෙලා ඒ මුරපළවල්වලට අවශ්‍ය සියලූ අවශ්‍යතා ඉටු කරලා තිබුණා. පොලිසියේ ඉහළ නිලධාරීන්ට අපි අඩුපාඩු පෙන්න දෙන්න ඕන වුණාට හමුදාවේ ඉහළ නිලධාරීන් කොල්ලන්ට තියෙන අඩුපාඩු ගැන හොඳින් සොයා බැලූවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ හඬට හොඳින් ඇහුම්කන් දුන්නා. රවීප‍්‍රිය මහත්තයා යුද බිමේ සටන් වදිනකොටත් හැමදාම ?ට කීයට හරි මට කතා කරලා අහනවා ‘‘අපේ හාමුදුරුවනේ හෙට කීයටද බහින්න ඕනා...’’ කියලා. මම වව්නියාවේ ඉඳලා වේලාව බලලා අහවල් වේලාවට පිටත් වෙන්න කියලා දැනුම් දෙනවා. යුද්ධ ඉවර වෙනකම් දිනපතා මම නැකත් හැදුවා...’’

‘‘ඒ කාලේ අපිට නින්දක් නෑ. දවසක් මයිලන්කුලම ගමේ බංකරයකට එල්.ටී.ටී.ඊ.ය ගැහුවා. සද්දෙට මම කිව්වා අහවල් බංකරයට ගහන්නේ කියලා. හමුදාවයි, පොලිසියයි යන්න ඉස්සර වෙලා මම ඒ බංකරය ළඟට ගියා. කොටි ගහපු සමහර බෝම්බ එතකොට පත්තු වෙලත් නෑ. ඒවා උඩින් පැනලා ගිහින් තුවාල වෙච්ච කොල්ලන්ව උස්සගෙන ආවා. ඒ වගේ තව දවසක් ජෙනරල් නීල් ඩයස් කනගයාරම්කුලම් ඉන්නකොට මට කතා කරලා කිව්වා ‘අපේ හාමුදුරුවනේ දේහයවල් හයක් හම්බවෙලා තියෙනවා. පාංශකූලය දීගන්න ඕන’ කියලා. මම යන්න සූදානම් වුණා. ඒත් වාහන යන්න බෑ. යන්න තිබුණු එකම වාහනය යුද ටැංකි. යකෙකුටවත් යන්න බෑ. ටැංකිය ඇතුළේ තැම්බෙනවා. ඒත් මම ගියා. කනගරයාම්කුලම්වලින් බහිනකොට සිවුරේ තෙත බේරෙනවා. මගේ දෙයියනේ... පාංශකූල දෙන්න සූදානම් වෙනකොට ආටි පෙට්ටි හයක ඇටකටු ගොඩවල් හයක් තියෙනවා. මගේ ජීවිතේ එවැනි සිද්ධියකට මුහුණ දුන්නු පළමු අවස්ථාව. පන්සිල් දෙනකොට මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙන්න ගත්තා. නීල් ඩයස් මහත්තයා ඉකි ගගහා අඬනවා. හමුදා කොල්ලො ඊට වඩා අඬනවා. අන්තිමේ පන්සිල් දෙන එක විනාඩි දහයකට විතර නතර කරලා හිත සන්සුන් කරගෙන තමයි පාංශකූල දුන්නේ. අපේ රටේ ඉතිහාසය පුරාවට ඇටකටුවලට පාංශකූල දුන්නු හාමුදුරුනමක් ඉන්නවා නම් ඒ මම විතරයි. තව දවසක් කනගරයාම්කුලම් ප‍්‍රදේශයේදීම එල්.ටී.ටී.ඊ. පහරදීලා එස්.ටී.ෆ්. කොල්ලො දෙසීයක් එකතැන මැරුණා. තදට වැස්ස කාලයක්. එක මිනියක්වත් ගන්න බැරි වුණා. එතැනට ගිහින් කනගාටුව ප‍්‍රකාශ කරලා ආවා...’’

‘‘තව දවසක් මන්නාරම් ප‍්‍රදේශයේ සී ඕ කෙනෙක් ඇවිත් ‘‘අපේ හාමුදුරුවනේ කොල්ලො තුන්දාහකට විතර උණක් හැදිලා, බඩ යනවා. ඇඟට පණ නැතිව තැන, තැන වැටිලා ඉන්නවා. වරුපිරිතක් හරි කියලා සෙත් ශාන්තියක් කරගන්න ඕනා...’’ කියලා කිව්වා. එදාම තව පොඩි හාමුදුරුවරු කීපනමක් එක්ක මන්නාරම ඒ කෑම්ප් එකට අපි ගියා. ඒ ගියෙත් යුද ටැංකිවල. මම පිරිත් පොතත් අරගෙන ගිහින් පැය දෙකක් ඇතුළත මුළු පිරිත් පොතම පිරිත් කළා. පැන් කළයක් හදලා සියලූ ළමයින්ට පැන් පොවලා, නූල් බැඳලා අපි ආවා. අපේ මහත්තයො දවස් පහක් යනකොට පණ නැතිව හිටිය කොල්ලො සේරම කෙළින් වෙලා ආවා. තව අවස්ථාවක ප‍්‍රභාකරන්ගේ බිරිඳගේ ගම මල්ලාවි ප‍්‍රදේශයේදී අපේ හමුදාව හිර වෙලා, කොල්ලො විශාල පිරිසකට උණ හැදිලා කියලා ආරංචි වුණා. පිරිත් පොතත් අරගෙන මම ගියා. ඒ

ගියෙත් යුද ටැංකියේ. මල්ලාවියට යන්න පැය හයක් ගියා. ඒ යනකොටත් ගහනවා. මම කෑම්ප් එකට යනකොට සේරම කොල්ලො එක ගොඬේ වැටිලා. සහලෝලා උණ. හුස්මක් කටක් අරගෙන පිරිත් පොත පිරිත් කරලා, නූල් බැඳලා පිරිත් පැන් දීලා මම ආවා. දවස් තුන යනකොට කොල්ලන්ට හොඳ වෙලා තිබුණා. ඒ ගමන් කිසිම හාමුදුරුනමක් යන්නේ නෑ. මම ඒ හැම ගමනක්ම ගියේ දැඩි අධිෂ්ඨානයෙන්. ජාතියේ අනන්‍යතාව ආරක්‍ෂා කිරීම සඳහා ජීවිතය පූජා කරන්න මට කිසිම බියක් දැනුනේ නෑ...’’

මානුෂීය මෙහෙයුම අවසාන වෙලා ප‍්‍රභාකරන්ගේ මිනිය නන්දිකාඩාල් කලපුවෙන් හොයාගත්ත මොහොතේම රවීප‍්‍රිය මහත්තයා අපිට එතැනට එන්න කියලා වාහනයක් එව්වා. මමයි, අනුරාධපුරේ සිරිවිමල හාමුදුරුවොයි ඒ වාහනයෙන් නන්දිකඩාල්වලට වැඩම කළා. යන්න බෑ. තනිකරම සුන්බුන් ගොඩක්. යතුරුපැදි කඳු ගහලා. අමුතුම ගඳක් මුළු ප‍්‍රදේශයම වෙලා ගෙන තිබුණා. ඉවසන්න බැරි තරම්. ඒ ගිහින් අපි වැඩ සිටියේ ප‍්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනීගේ ගෙදර. ? එළිවෙනකම් විවිධාකාර ශබ්ද ඇහුණා. ඊට පහුවෙනිදා ඉඳලා පිරිත් පොත, පිරිත් කරලා කොල්ලන්ට සෙත් ප‍්‍රාර්ථනා කළා. එල්.ටී.ටි.ඊ. විනාශය කරන්න අපි කැපවීම් කළේ එහෙමයි මහත්තයෝ...’’

‘‘දැන් ඕවා අපේ මිනිස්සුන්ට මතක නෑ. රණවිරුවන් අගයක් නෑ. ඒත් මහත්තයෝ අපිට ඒ ඉතිහාසය අමතක වෙන්නේ නෑ. එදත් අදත් දෙමළ මිනිස්සුන්ට මම හරිම ආදරෙයි. ඒත් එල්.ටී.ටී.ඊ.කාරයන් නම් එදත් වහ. අදත් වහ. හෙටත් එහෙමමයි. එල්.ටී.ටී.ඊ. න්‍යාය පත‍්‍රයට සම්පූර්ණයෙන්ම මම විරුද්ධයි. ඒ වගේම සංහිඳියාව කියන වචනයටත් මම විරුද්ධයි. ඔය බොරු සංහිඳියාවට මුවා වෙලා අදටත් එල්.ටී.ටී.ඊ. අවතාර මේ රට විනාශ කරන්න වලි කනවා. අනාගතයේදී මහා විනාශයකට සූදානම් වෙමින් සිටින බව පේනවා. අදටත් මේ වව්නියාවේ එල්.ටී.ටී.ඊ. න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක වන අවස්ථා තියෙනවා. එල්.ටී.ටී.ඊ. ය තවම ඉවර නෑ. පිබිදෙන්න ඉඩ නොතබා සදහටම භූමදානය කිරීමට අපේ නායකයන් වගබලා ගත යුතුයි...’’ වව්නියාව මඩුකන්ද දළදා විහාරයේ ආනන්ද හාමුදුරුවන්ගේ කතාවට අපෙන් අඩු වැඩි ඇවැසි නැත. අපේ මිනිසුන්ට අමතක වීගෙන යන කුරිරු ත‍්‍රස්තවාදයේ ඉතිහාසයත්, වර්තමානයේ සංහිඳියාව ගැනත් උන්වහන්සේ හරි අපූරුවට විස්තර කළහ.

දැන් අපට කියන්නට ඇත්තේ මඩුකන්ද පන්සලේ ආනන්ද හාමුදුරුවෝ උතුරට පමණක් නොව මුළු රටටම ශක්තියකි. එහෙයින් තවත් කාලයක් අපේ රටට මඩුකන්ද ආනන්ද හාමුදුරුවන්ගේ ශක්තිය, ධෛර්ය, එඩිතරකම ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරමින් උන්වහන්සේට අපි සමුදුන්නෙමු...

තරංග රත්නවීර


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles