Divaina - නිවුන්නු 30,000ක් එකට එකතු වුණු අපූරු සමුළුවක්... නිවුන්නුන්ගේ ක‍්‍රිකට් තරග ඇතුළු තවත් විශේෂාංග රැසක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

t1
 
අම්මාගේ එක බඩවැලේ ඇමණී මෙලොව ට බිහිවන දරුවන් හැඳින් වෙන්නේ නිවුන්නු කියායි. මේ අයුරු ලංකාවේ උපත ලබා සිටින පස් නිවුන් දරු උපතක් මහනුවරින් වාර්තා වුවද, එම උපතේදී එක දරුවෙකු මිය ගියෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ හතර දෙනෙකි. හතර නිවුන් දරු උපත් කෑගල්ල, රත්නපුර, මුලතිව් යන දිස්ත‍්‍රික්ක වලින් වාර්තා වෙයි. මවගේ කුසෙන් එක බඩවැල කඩාගෙන උපදින අනිත් දරුවන්ට වඩා සුවිශේෂී ගුණාංග රැුසකින් මෙම නිවුන් දරුවන් සමන්විත වේ.

t2
 
 නිවුන්නුන් අතර තිබෙන සුවිශේෂී වෙනස වන්නේ, තමන් වැ¥ මෑණියන්ට පවා ඔවුන් හඳුනා ගත නොහැකිවීමය. ඔවුන් සිතන්නේ එකටය. අඳින්නේ, පළඳින්නේ එකටය. ඔවුන් පෙනීසිිටින විභාගවල ප‍්‍රතිඵල එක හා සමානය. නිවුන් දරුවෙක් විෂයන් තුනට ‘ඞී’ සම්මාන ගත්තේ නම්, අනෙක් නිවුන්ගේ ප‍්‍රතිඵලද එසේමය. වෙනස් ඇඳුමක් ලැබුනොත් නිවුන්නුන්ගෙන්් කිසිවෙකු එම ඇඳුම් ඇඟලන්නේ නැත. මේ නිසා එක බඩවැල කඩාගෙන එක මොහොතේ බිහිවී එළිය දකින මෙම නිවුන්නුන්, එම මවගේ කුසෙන් තනිව උපදින දරුවන්ට වඩා, සුවිශේෂි ගුණයෙන් යුක්තය. නිවුන් දරුවන් අතර කිසිදු තරහ මරහක් නැත. මමය,
 
 මාගේය යන හැඟීම්, ආක්‍රෝශ පරිභව, ඊර්ෂ්‍යා, ක්‍රෝධ යන වෛරී හැඟීම් අහලක වත් නැත. නියම සහෝදර බැම්මෙන් මොවුහ වෙළී සිටිත්. එමෙන්ම දෙමළ, සිංහල, මුස්ලිම් කියා ජාති බේද, කුළමල භේද ආගම් බේද කරපින්නා ගත් කිසිවකු ඔවුන් අතර නැත. නිවැරදිව කිවහොත් මොවුන් සාන්තුවරයන් ය.

t3
 
 මාස හතේ සිට (7) අවුරුදු අසූව දක්වා වයස්ගත නිවුන්නු 30,000 කටත් වැඩි සංඛ්‍යාවක්, අපේ මාතෘභූමියේ මේ වනවිට ජීවත්ව සිටිති. එසේම, ආගමික ස්ථානවල භික්‍ෂූන්, කතෝලික පූජක, මවුලව්වරු, හින්දු පූජක, කන්‍යා සොහොයුරියන්ද මෙන්ම, ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, රෝහල් වෛද්‍යවරු, හෙදි සහ හෙද යන කාර්ය මණ්ඩලවල පවා රාජ්‍ය සේවයේ නිවුන්නුන් නිරතව සිටින බවට වාර්තා වෙනවා. ලංකාව පුරාම ජිවත්වන නිවුන්නුගේ සංවිධානයක්, ‘ශ‍්‍රී ලංකා නිවුන් සංගමය’ යන නමින්, 1993 අගෝස්තු මස 23 දින සිට ආරම්භ කර තියෙනවා. ඒ වගේම, ලොව පළමු වතාවට මෙම සංගමය යටතේ, ‘නිවුන් ලෙදර් බෝල ක‍්‍රිකට් කණ්ඩායමක්’ ආරම්භ කර තියෙනවා. ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට පැවැත්වෙන ‘‘ජාත්‍යන්තර නිවුන් දිනය’’ යෙදී තිබෙන්නේ, එළඹෙන අගෝස්තු මස 20 වැනිදා. ඉන්දියානු නිවුන් ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා නිවුන් ක‍්‍රිකට් කණ්ඩායම තරග වදින්නේ එළඹෙන අගෝස්තු මස 23 වැනිදා.

t4  
 මෙම නිවුන් සංවිධානය යටතේ, අපේ අනන්‍යතාව හා අභිමානය මුළු ලෝකයටම හඬගා කිව හැකි, උඩරට, පහතරට, සබරගමුව යන සම්ප‍්‍රදායයන් තුනම නියෝජනය වන පරිදි, නිවුන්නු නර්තන කණ්ඩායමක්, වගේම නිවුන්නු ගායක කණ්ඩායමක් සහ නිවුන්නු වාදක කණ්ඩායමක් දැනටමත් මෙම සංවිධානය යටතේ බිහිකර තිබෙනවා.

 

 
 ශ‍්‍රී ලංකා නිවුන් සංවිධානය ගැන වැඩිමනත් තොරතුරු ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්, එම සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ නිවුන් සභාපතිනිය හමුවීමේ අපේක්‍ෂාවෙන්, ‘නිවුන් නිවහන’ සොයා බොරලැස්ගමුව, අබේරත්න මාවතේ, පළමුවන පටුමගේ පිහිටි 124 ෘ අංකය දරන නිවසට ගියෙමි. එතැන සොයා ගැනීමට මට එතරම් අපහසුවක් නොවුණේ, ‘නිවුන් නිවහන’ කොතැනදැයි කියා, ඇසූ සැණෙන්, මහමග පවා ගමන් ගන්නා ඕනෑම අයෙකුගෙන් ඇසූවිට, ‘ආන් අර තැන යැයි’ කීමට තරම් මෙම නිවහන ගැන අසල් වැසියන් දැනුවත් සිටි නිසාය.
 
 මම උපුලි ගමගේ. මේ මගේ නිවුන් සහෝදරිය වගේම සංවිධානයේ ලේකම්, චමලී ගමගේ. ළමා, තරුණ, වැඩිහිටි සහ වයස්ගත නිවුන් සහෝදර සහෝදරියන් දෙසීයකට අධික සංඛ්‍යාවක් පිරිවරා සිටි ඇය, මා පිළිගෙන කතා කරන්නට වූවාය.
 
 අපි දෙදෙනා නිවුන්නුවීම නිසා තමයි, මෙම සංගමය පිහිටුවීමට ප‍්‍රධාන හේතු කාරකය වුණේ. ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිටම නිවුන් සංවිධානයක් ගොඩ නැගිලා තිබුණු බවට සාධක ඇත්තේ නැහැ. මේ තමයි ශ‍්‍රී ලංකාවේ බිහි වී තිබෙන පළමු නිවුන් සංවිධානය. අප දෙදෙනාම නිවුන් සහෝදරියන් වීම නිසා, නොයෙකුත් ක්‍ෂේත‍්‍රවල අප දෙදෙනා ගැන අවධානය යොමු වුණා. විශේෂයෙන් නිවේදන හා කලා යන ක්‍ෂේත‍්‍ර තුළ අප දෙදෙනාගේ හැකියාවන් ඉස්මතු කිරීමට අවකාශය ලැබීමෙන්, විද්්‍යුත් සහ මුද්‍රිත සේවාවල නියුතු මාධ්‍යවේදීන්ට අප දෙදෙනා තුළ තිබෙන හැකියාවන් ඔවුන් නියෝජනය කරන මාධ්‍ය තුළින් කතාබහ කිරීමට අවකාශය ඔවුන්ට ලැබුණා, මෙම ක‍්‍රියාවලිය සිදුවුණේ 1993 වර්ෂයේ මුල කාර්තුවේදී. මා විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් ගෙන් අප ඉල්ලා සිටියා, අප දෙදෙනා  වගේම, විවිධ ක්‍ෂේත‍්‍ර තුළ දස්කම් පළ කරන නිවුන් සහෝදර සහෝදරියන් ලංකාව පුරා විසිරී ජීවත්ව සිටිනවා, ඒ නිසා අපේ බලාපොරොත්තුවක් තියෙනවා, නිවුන්වීම නිසා එම ප‍්‍රජාව ඒකරාශි කර ඔවුන්ගේ දක්‍ෂතාවලට අතහිත දීම සඳහා නිවුන් සමාජයක් ශ‍්‍රී ලංකාව තුළ බිහිකර ගන්න. ඒ සඳහා ඔබගේ පෑන සහ කාචය මෙහෙයවා ඒ සමාජ සත්කාරයට දායකත්වය ලබාදෙන ලෙස.
 
  විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන්, අවශ්‍ය සහයෝගය අප දෙදෙනාට ලබාදුන්නු නිසා තමයි, 2020 වර්ෂය ආරම්භ වනවිට අපගේ නිවුන් සංවිධානය, ලංකාවේ අති දැවැන්ත සංවිධානයක් බවට, අදවන විට පත් කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අපට ලැබුණේ. අපි 1993 වර්ෂයේ අගෝස්තු මස 23 දා, ශ‍්‍රී ලංකා නිවුන් සංගමය ආරම්භ කළා. එහි පළමු සාමාජිකත්වය ලැබුවේ, තුන් නිවුන්නු එක යුගලයක් සහ දෙනිවුන් යුගල 12 ක් අඩංගු වන අයුරින්, නිවුන් යුගල (25* විසිපස් දෙනයි.
 
 

72 වන නිදහස් දිනය පැවැත්වෙන මොහොතේ ලංකා ද්වීපයේ පුරාම ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජාතීන්වල නිවුන් සහෝදර සහෝදරියන් විසිඅටදාහක (28,000* දැවැන්ත සාමාජික සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකා නිවුන් සංගමය යටතේ මේවන විට ඒකරාශි වී සිටිනවා. තවත් තුන්දහසක (3,000* පමණ අයැදුම්පත් සංඛ්‍යාවක්, අපට මේ වනවිට ලැබී තියෙනවා. අද ඉපදෙන නිවුන් දරුවන්ගේ සිට අවුරුදු අසූව, අනූව, අනූහය යන වයස් කාණ්ඩවල ආච්චිලා, සීයලා යන නිවුන් වැඩිහිටියන් මෙහි සාමාජිකත්වය දරනවා.
 
 මේ සංවිධානයේ පවතින විශේෂත්වය තමයි, ලොකු කුඩා සෑම නිවුන් සාමාජික සාමාජිකාවක් ම, සංවිධානයේ කටයුතු උදෙසා පුදුමාකාර ලෙන්ගතු කමකින් සහ කැපවීමකින් කටයුතු කිරීම. මේකට හේතුව තමයි සෑම නිවුනුවෙක්ම කාර්යශූරවීම. ඒ වගේම ඔවුන් ආත්මාර්ථකාමීත්වයෙන් තොරව හැසිරීම. මේ කටයුතු කරන්න, අපට කාර්යාල පහසුකම් ඇත්තේ නැහැ. හැම ඉරිදා සහ සෙනසුරාදා දිනවල, නිවුන් සහෝදර සහෝදරියන් මගේ නිවසට ඇවිත්, සංගමයේ කටයුතු සඳහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී කටයුතු කරනවා. මේ තරම් දැවැන්ත සංවිධානයක් ගොඩනැගීමේ දී අපට අරක නැහැ මේක නැහැ, වේලාව නැහැ යන කරුණු අපට අදාළ මාතෘකා නොවෙයි. රට වෙනුවෙන් අපට, යම් දැවැන්ත අරමුණක් තියෙනවා, ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා මහපාරේ හරි ඉඳගෙන හරි දේ කරන්න ශක්තියක් තියෙන, ඒ වෙනුවෙන් කැපවුණු පිරිසක් තමයි අ
පේ සාමාජිකත්වයේ ඉන්නේ.
 
t5 ප‍්‍ර: රටේ විවිධ නර්තන කණ්ඩායම් මේතරම් තිබියදී, ඔබේ සංවිධානය යටතේ තවත් නර්තන, ගායන සහ වාදක කණ්ඩායමක් බිහි කළේ ඇයිද කියා මා උපුලි ගමගේගෙන් විමසූ විට ඇය ඊට පිළිතුරු දෙමින් මෙසේ පැවැසුවා.
 
 අපේ සංස්කෘතික අනන්‍යතාව ලෝකයට හඬගා කියාපාන, උඩරට, පහත රට, සබරගමුව නර්තන කණ්ඩායම් මෙතෙක් ජාත්‍යන්තරය ජයගෙන නැහැ. ඒ වගේ ම ඒ චරිත, ජාත්‍යන්තරයේ අවධානයට යොමුවෙලා නැහැ. අප ගොඩනගා තිබෙන මෙම නිවුන් නර්තන කණ්ඩායම ජාත්‍යන්තරයේ දැවැන්ත චරිත බවට පත් කිරීමේ අභිලාෂය අප තුළ තියෙනවා. ඒ සඳහා අපි කැපවෙනවා. අපේ අභිලාෂය ජයගන්නා බව අපට විශ්වාසයි. මන්ද, නිවුන්නු කියන්නේ, බොහොම කැපවීමෙන්, අධිෂ්ඨානශීලීව කටයුතු කරන පිරිසක්.
 
 

ඇමෙරිකාවේ, එංගලන්තයේ යම්යම් තැන්වල අපේ නර්තනයේ අභිමානය ගැන කතාබහ වෙනවා ඇති. ඒ වුණාට දැවැන්ත ලෙස ජාත්‍යන්තරයේ සාකච්ඡුාවට මෙතෙක් භාජන වෙලා නැහැ. මයිකල් ජැක්සන් කිව්වාම ඕනම පොඞ් දරුවෙක් ඔහු ගැන දන්නවා. ශකීරා, ටීනාටන්, ලයනල් රිචි වැනි දැවැන්ත ගායක ගායිකාවන් ජාත්‍යන්තරයේ චරිත, අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රසිද්ධයි. අපේ මව්බිමේ චරිත, එහෙම ජාත්‍යන්තරයේ කප් ගහලා තියෙනවා ද? නැහැ. ඒ වගේම නිවුන් චිත‍්‍ර ශිල්පී සංසදයක්, නිවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයක්, ලෝකේ කොතැනකවත් නැහැ. අපි සමාජගත කළා, නිවුන් ගීතයක්. නිවුන් සාම පාගමන් අපි ගියා.
 
 පසුගිය 20 වැනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ අපි ජාත්‍යන්තර උළෙලක් පැවැත්තුවා, ලෝකයේ වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගි වන උළෙල පවත්වා ලෝක ගිනස් වාර්තාවක් තියන්න අපි කටයුතු කළා. මෙවැනි වා
ර්තාගත උළෙලක් දැනට පවත්වා තියෙන්නේ 1999 වර්ෂයේ චයිනිස් තායිපේදී. එයට නිවුන්නු යුගල වශයෙන් 8004 දෙනෙක්, සහභාගි වුණා. අනතුරුව රටවල් කිහිපයක්, නිවුන්නු සහභාගි වන ජාත්‍යන්තර උළෙල පැවැත්වූවා. එසේ සහභාගි වුණු සංඛ්‍යාව පිළිබඳ අඩුලූහුඬුතා නිසා එම උළෙල ලෝක ගිනස් වාර්තා තැබීමට ඒ රටවල් අසමත් වුණා. මේ පිළිබඳව අපි දැඩි ලෙස අවධානය යොමු කරලයි පසුගිය 20 වැනිදා මෙම උළෙල සංවිධානය කළේ. අපි සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලා හිටියා, ගීනස් ලෝක වාර්තා කමිටුවේ හතරදෙනා මෙහි ගෙන්වා ගැනීමේ වියදම් සහ ලෝක වාර්තා කමිටුවට බැඳීමට, අවශ්‍ය රුපියල් ලක්‍ෂ පනස් දෙක (52* ලබාදෙන ලෙස. අපි සංචාරක අමාත්‍යංශයේ නිලධාරීන්ට කිව්වා, ලෝකයේ රටවලින් නිවුන්නු සෑහෙන සංඛ්‍යාවක් මෙදින මෙහි පැමිණෙනවා, සංචාරක සේවාව අඩාල වී තිබෙන මේ මොහොතේ ඒ සඳහා කිසියම් උත්තේජයනයක් මේ මගින් රටට ලැබෙනවා. ඒත් කිසිම ප‍්‍රතිචාරයක් එම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ලැබුණේ නැහැ. 20 දින උත්සව අවස්ථාවට ගිනස් නිලධාරීන් මෙහි පැමිණියා නම් අපේ රටට ගිනස් වාර්තාව නිකුත් කරන්නේ එදා.
 
 මා මේ සම්බන්ධව ජනාධිපතිතුමාගේ දුරකථන අංකය සොයාගෙන එතුමාට කතා කළාම, කතා කළේ. නිලධාරි මහත්මයෙක්්. මම ඔහුට කිව්වා අපේ සංවිධානය, ලෝක වාර්තාවක් තබන්නයි යන්නේ, ගිනස් වාර්තාව නිකුත් කිරීම සඳහා අදාළ නිලධාරීන් මෙහි ගෙන්වා ගැනීමට උදව් කරන්න කියා. නමුත් කිසිදු ප‍්‍රතිචාරයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට ලැබුණේ නැහැ. මම විශ්වාස කරනවා, අඩුම තරමින් ජනාධිපති තුමාට මම කතා කළා නම් මේ කාරණාව පළ දරන්න තිබුණු බව. අනතුරුව මම කතා කළා අගමැතිතුමාට, ඒ දෙසැම්බර් 26 වැනිදා. අගමැතිතුමා හමුවීමට මාස තුනකට පෙර දී අපි ලෝක කමිටුවට අදාළ මුදල බැරකළ යුත්තේ. ඒ නිසා ලෝක ගිනස් නිලධාරීන් මෙහි කැඳවා ගැනීමට අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ නොහැකියාව මත අපට එම අවස්ථාව උදාකර ගන්න නොහැකි වුණා.
 
 අගමැතිතුමා අපේ සංවිධානයට ලබාදුන්නේ අති දැවැන්ත ශක්තියක්. පසුගිය 20 වැනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර උළෙලට එතුමා අපේ සංවිධානයට උපරිමයෙන් සහයෝගය ලබා දුන්නා. ඒ වගේම, එතුමා එහිදී පොරොන්දු වුණා, ‘‘ජාත්‍යන්තර නිවුන් දිනය’’ අගෝස්තු මස 20 දින පැවැත්වීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන බව.
 
 ඒ අනුව, අති විශාල නිවුන් ප‍්‍රජාවක් එළඹෙන 2020 අගෝස්තු මස 20 සිට 27 දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර නිවුන් සතියට වැඩිම විදේශීය නිවුන් ප‍්‍රජාව මෙහි ගෙන්වා ගැනීමට අපි දැනටමත් පියවර ගෙන තියෙනවා. ඒ මගින් විශාල විදේශීය විනිමයක් රටට ලැබීමට නියමිතයි. අගෝස්තු මස 21 දින ලෝකයේ පළමු නිවුන් ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකාවෙන් බිහිවෙනවා. ඒ අනුව පළමු ලෝක නිවුන් ක‍්‍රිකට් තරගය, ඉන්දියන් නිවුන් කි‍්‍රකට් කණ්ඩායම සමඟ පැවැත්වෙනවා. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන, තුන්සිය පමණ දෙනකුගෙන් සමන්විත වන නර්තන ගායන හා වාද්‍ය ශිල්පීන්ගේ සංස්කෘතික ප‍්‍රසංගයක් 23 දින පැවැත්වෙනවා. නිවුන්නු වුණු අපිට ශක්තියක් තියෙනවා, මෙතෙක් දියුණුවෙමින් පවතින අපේ මාතෘ භූමිය, දියුණුවන දේශයක් බවට පත්කිරීමට. මේ දේශයට ආදරය කරන සියලූ දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, අපේ ශක්තියට හා හැකියාවට ඔබේ ශක්තිය ලබා දෙන්නය කියා.
 
 
 උදේනි චන්ද්‍රසි
රි


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles