Divaina - සේදිරිස් ආතාගේ වැරදුනු අලි මන්තරය...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

 

manthare333

හතරැස් කොටුව නම් ගමේ ජීවත්වූ ගම්මුන්ගේ හේන් කුඹුරු වැඩිහරියක් තිබුණේ වටදාගෙය ප‍්‍රදේශයේය. මෙම ගම්මාන දෙකම හබරණ රක්ෂිතයේ මායිම්ය. කලින් වටදාගෙය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගම්මුන්ට හතරැුස් කොටුව ප‍්‍රදේශයෙන් නිවාස සාදා ගැනීම සඳහා ඉඩම් ලැබීමෙන් වටදාගෙයි සිටි ගම්මු බොහොමයක් ප‍්‍රධාන පාරක් අයිනේ පිහිටි එම ඉඩම් වල නිවාස සාදා ගැනීමට පෙළඹුණේ එම ප‍්‍රදේශයේ ප‍්‍රවාහන පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් තිබුණු නිසාය. එහෙත් ඔවුන්ගේ කෘෂිකාර්මික ඉඩම් පිහිටියේ වටදාගෙයි වීම නිසා ඔවුන්ට නිතරම එම ප‍්‍රදේශයට යෑමට වුවමනා විය. ප‍්‍රධාන පාරෙන් එනවා නම් එය සැතපුම් 25 ක (කි. මී. 40 ක* පමණ ගමනකි. එහෙත් සැතපුම් පහක් (කි. මී. 8 ක්* පමණ දුර ගෙවීමෙන් හබරණ කැලය හරහා මෙම ප‍්‍රදේශයට පැමිණීමේ හැකියාවක් ඇත. ගැටලූවකට ඇත්තේ කැලය හරහා එනවිට වන සතුන්ගෙන් උපද්‍රව ඇති වීමය.
 
 සේදිරිස් ආතා ගමේ කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ වන සතුන් මෙල්ල කරන මන්ත‍්‍ර කාරයෙකු ලෙසිනි. වනයේ හෝ එළිමහනේ හෝ සිටින ඕනෑම ආකාරයේ සතෙකු මෙල්ල කරන මන්තර ඔහු හොඳින් දනී. කැලය හරහා යන ඕනෑම වෙලාවක ඔහු සමග යන්නේ නම් ගැමියන්ට කිසිදු බියක් නොදැනේ. අනෙකුත් මන්ත

ර කාරයන් මෙන් නොව සේදිරිස් ආතා ගමේ ඕනෑම අයෙකුට මෙම මන්තර උගන්නන්නේ හැමෝම තමන්ගේ ජීවිත පරිස්සං  කරගැනීමට මෙවැනි ආත්මාරක්ෂක උපක‍්‍රම දැන සිටිය යුතුය යන ඉතා පරාර්ථකාමී හැඟීමෙනි.
 
 ” ඕං නමෝ මන්ග‍්‍ර දෙවි අණින් නොබුරා නොසපා සිටු බල්ලා සිටු” මෙම මන්ත‍්‍රය අත්ලට වරක් මතුරා තමා සැපීමට බුරාගෙන එන බල්ලෙකු දෙසට දිගු කිරීමෙන් බල්ලා මෙල්ල වන බව සේදිරිස් ආතා නිතරම කියයි. හාස්‍ය කතා කීමෙහි ශූරයකු වූ ඩිංගි මාමා බල්ලා මෙල්ල කිරීමට තවත් ආකාරයක මන්තරයක් ඇතැයි කීවේය. ඔහුගේ මන්තරය ඇල්බීසියා රිටකට මතුරා බල්ලාගේ කොන්ද හරහා වැරෙන් පහරක් ගැසිය යුතුවේ. එවිට බල්ලා කෑ ගසා ගෙන ආපහු යනු ඇතැයි ඔහු කීවේය. එය අසා සිටි ආතා කීවේ ඕක හරියට අන්දරේගේ රබන් පලන මන්තරේ වගේ කියාය. අන්දරේගේ රබන් පලන මන්තරයේ කතාන්තරය ආතා කීවේ මෙසේය.
 
 ”ඔන්න පුතේ අන්දරේගේ කාලෙ එක ගමක ගෑනු කට්ටියක් ?ට ?ට මහා හඬින් රබානක් ගහන්න පටන් ගත්තාලූ. මේක ඒ පැත්තේ හිටපු මිනිහෙක්ගේ නින්දට හරිම කරදරයක්ලූ. ඒ පාර ඒ මිනිහා ?ට මෙහෙම හයියෙන් රබන් ගහන්න එපාය කියල අර ගෑනුන්ට ගිහින් කිව්වලූ. එතකොට මහා හයියෙන් හිනාවෙච්චි අර ගෑණු ඊටත් වැඩිය සද්දෙට රබන් ගහන්න පටන් ගත්තාලූ. හෙට මං තොපිට හොඳ වැඩක් කොරන්නං කියල මේ මිනිහ කේන්ති පිටම නින්දට ගියාලූ. පහුවදා උදේ මේ මිනිහ කදමල්ලකුත් බැඳගෙන මන්තර වලට හොඳට පොරසිද්ද වෙලා ඉන්න අන්දරේ ගාවට ගියාලූ. ඉතින් අන්දරේට බොහොම බය පක්සපාත වෙලා තමුන් ආපු කාරණාව කිව්වලූ. මොකද අන්දරේ රජතුමාගෙ අදිකාරම් කෙනෙක් නොවැ ඒකාලේ. එතකොට අන්දරේ කිව්වලූ ගනින් තගෙ පිහිය මෙහාට කියල. ඉතින් ඒ මිනිහත් ඉණේ ගහගෙන හිටපු පිහිය අන්දරේට දුන්නලූ. ඒ පාර අන්දරේ පිහියට මතුරල ඒ මිනිහට දුන්නලූ ආයෙත් ඔය ගෑණු රබන් ගහනකොට තෝ ගිහිල්ල මේ මතුරපු පිහියෙන් ඇනපිය ඕකගේ රබාන හිල්වෙන්න කියල. ඔය වැඬේ කොරන්න මට තොගෙ මන්තරය මොකොටදැයි කියල අන්දරේට බැණ බැණ ඒ මිනිහා යන්න ගියාලූ.
 
 කවුරුන් කුමන මන්ත‍්‍රය ඉගෙන ගෙන තිබුණද කැලෑව මැදින් යන විට ආතා සමග යනවා තරම් සුරක්ෂිතභාවයක් කිසිවෙකුටත් නොදැනේ. අලි ඇතුන් පූස් පැටවුන් මෙන් මෙල්ල කළ කතන්දර ආතා කියන විට ගැමියෝ ඒවා නිදිවරා ගෙන අසා සිටිති.
 
 ඉන්ද්‍රනාථ බාප්පා සේදිරිස් ආතාගේ මන්තර හොඳින් ඉගෙන ගත් පුද්ගලයෙකි.
 
 ඉන්ද්‍රනාථ බාප්පා සහ ඩිංගි මාමා දිනක් කැලය මැදින් එද්දී ඌරන් රංචුවක් ඔවුන්ට පහර දීමට හඹා ආහ. ඒ මොහොතේ ඉන්ද්‍රනාථ බාප්පාට ඌරන් පලවා හරින මන්තරය අමතක විය. ඔහු වහා දිවගොස් ගසකට නගිනු දුටු ඩිංගි මාමාද ගසකට නැග්ගේය. ඌරෝ ඉන්ද්‍රනාථ බාප්පා නැග සිටි ගස වටා උඩ බලමින් කෑ ගසමින් සිටියෝය. තවත් බියවූ ඉන්ද්‍රනාථ බාප්පා ගසේ මුදුනටම නැංගේය. ඉහළටම නැග්ග නිසා ඉන්ද්‍රනාථ බාප්පා නැග සිටි කෙට්ටු ගස බාප්පාගේ බර දරාගත නොහැකිව දුන්නක් මෙන් සෙමෙන් පහත් වන්නට විය. ඉන්ද්‍රනාථ බාප්පා පාත් වූයේ එතන සිටි ලොකුම ඌරාගේ පිට මතටය. මින් බියට පත් ඌරා බාප්පාද පිට මත තබාගෙන දුවන්නට විය. අසෙකු පිට යන්නාක් මෙන් ඌරාගේ කන් දෙකෙන් අල්ලා ගෙන ඌරු පිට මත යන බාප්පා දුටු ඩිංගි මාමා සිනාව වාවා ගත නොහැකිව ගසෙන් බිමට පැන්නේය. ඌරාගේ පිට මත යන ඉන්ද්‍රනාථ බාප්පාට ඒ මොහොතේ මන්තරය මතක් වී මහා හඬින් කියවින. ඌරා ඉන්ද්‍රනාථ බාප්පා බිම දමා තවත් හයියෙන් දිව ගියේය.
 
 දිනක් ඩිංගි මාමා, ඉන්ද්‍රනාථ බාප්පා ඇතුළු දොළොස් දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් සේදිරිස් ආතා සමඟ වටදාගෙයි සිට හතරැුස් කොටුව දක්වා ගමන් ඇරඹිය.
 
 ගමන නිමා කිරීමට සැතපුමක් පමණ දුර තිබෙද්දී මේ කණ්ඩායම වෙත තනි අලියෙක් හඹා ආවේය. රැුලෙන් පිටමං කරන ලද මෙවන් අලින්ට හිතුවක්කාර හා දරදඬු ගති ඇත. අලි මන්තරය අල්ලට මැතිරූ සේදිරිස් ආතා, හඹා ආ අලියා දෙසට අල්ල දිගු කළේය. එහෙත් අලියා දිගටම ඉදිරියට ආ හෙයින් සේදිරිස් ආතා අත්ල දිගු කරගෙනම අලියා වෙතට ළංවිය. කෝපයට පත් අලියා වලිගය ඔසවාගෙන පොළොව පහුරු ගාන්නට විය. එක්වරම ඉදිරියට ආ අලියා සේදිරිස් ආතා හොඬවැලෙන් අල්ලා පොළොවේ ගැසීය. විසිවී ගිය ආතා වෙතට පැමිණි අලියා ඔහු පාගන්නට සැරසෙද්දී රැුස්ව සිටි අයගේ විලාපය හා කෑගැහිල්ල නිසා එය නවතා කැලයට ගියේය. වහා ආතා අසලට දුවගිය ඩිංගි මාමා ආතාට වතුර ස්වල්පයක් පොවා ආතා කරට ගත්තේ ”ඉන්දරේ උඹ දුවලා පලයන්. පාරට ගිල්ල වාහනයක් නවත්තපන් ආතව ඉස්පිරිතාලෙ ගෙනියන්න”. කියා කියමිනි. ගල් මුල් අතරින් පනිමින් ඉන්ද්‍රනාථ බාප්පා කළබල වූ මුවෙකු මෙන් දිව ගියේය. ආතා කර මත තබාගත් ඩිංගි මාමාද විනාඩි දෙක තුනකින් පාරට ළඟාවිය. සේදිරිස් ආතා වාහනයකින් ඉතා ඉක්මනින් රෝහල වෙත ගෙන ගියත් ඒ වන විටත් ඔහු මිය  ගොස් තිබුණේය. බොහෝ දැන උගත්කම් ඇති පරාර්ථකාමී මිනිසෙකුගේ අවසානය එසේ සිදුවිය.
 
 සෑම සතෙක්ම වාගේ මිනිසාට බියක් දක්වයි. මෙයට හේතුව මිනිසාට නොයෙක් ආකාරයේ ආයුධ භාවිත කිරීමට හැකි වීමත් මිනිසා උපක‍්‍රමශීලි වීමත් මිනිසාට පහර දීමෙන් පසු වුවද අනෙක් මිනිසුන්ගෙන් එල්ල විය හැකි පීඩාවන් පිළිබඳවත් ජානමය වශයෙන් සතුන් තුළ තොරතුරු ගබඩා වී තිබීමයි. කුමන සතෙකු වුවද මිනිසා දුටු විට මග හැර යෑමට උත්සාහ කරයි. පහර දීමට පෙළඹෙන්නේ එසේ නොහැකි අවස්ථාවන්හිදීය.
 
 එවැනි අවස්ථාවකදී වුවද මිනිසාගේ මුහුණෙහි බියක් නොපෙනේ නම් හා මිනිසා බිය නැතිව ඉදිරියට ඒ නම් සතා ආපසු හැරී යන්නේ ඌට කරදරයක් වෙතැයි යන අවිශ්වාසයෙනි. එහෙත් නුවණැති මිනිසා කළ යුත්තේ වන සතුන්ගෙන් මග හැර යෑම මිස උන්ට මුහුණ දීමට යෑම නොවේ.
 
 චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ
  


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles