Divaina - සීතාවක රාජසිංහ රජු මරණයට පත්වූයේ උණ කටුවක් කකුලේ ඇනීීමෙන්ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

n4 4

මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි කුමරු සිය පියාණන්වූ මායාදුන්නේ රජු ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූයේ පළමුවැනි රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ නමිනි. හෙතෙම පියා ඝාතනය කොට රාජ්‍යත්වය ලබාගත් බවට ද මතයක් පවතී.
 
 සීතාවක රාජ්‍යත්වයට පත් රාජසිංහයන්ගේ අභිලාශය වූයේ කොළඹ කොටුව අල්වා පෘතුගීසින් මෙරටින් පලවා හැරීමත් සියලූ රාජ්‍යයන් සීතාවක රාජ්‍යයට ඈඳා ගැනීමෙන් ලක් රජු බවට පත්වීමත්ය.
 
 පෘතුගීසීන් කළ පහරදීම් හමුවේ එක් අවස්ථාවක සීතාවක භයානක තත්ත්වයකට පත් විය.
 
 සීතාවක රාජ මාලිගයට පැමිණි රජු හමුදා ප‍්‍රධානීන් රැස් කරවා අවසන් ප‍්‍රහාරය එල්ල කිරීමට අවස්ථාව පැමිණ තිබෙන බව පැවසීය. අලූත් නුවර හරහා ගුරුගොඩ ඔය නිම්නයට පැමිණි රජු සීතාවක දක්වා වැටී තිබූ මාර්ගයේ ගමන් කරන්නට විය. පෙතංගොඩ උද්‍යානය පිහිටා තිබුණේ

 මෙම මාර්ගයේය. කොළඹ කෝට්ටේ වැනි දුර බැහැර දිගු කලක් යුද්ධ කරමින් සිටි රජතුමාට උයන්සිරි විඳින්නට සිදුවූයේ ද රණබිමේදීමය.
 
 මහා විස්කම් පාමින් රණශූරයෙක් ලෙස කටයුතු කළ රජතුමා මාරාන්තික තුවාල ලැබුයේ මේ
 
 පෙතංගොඩ උයනේදීය. ජන ප‍්‍රවාදයට අනුව මේ මාරාන්තික තුවාල ඇතිවූයේ පෙතංගාඩ උයනේ පිහිිටි උණ පඳුරක කටුවක් කකුලෙ ඇනීමෙනි.
 
 රජු පැරද පසු බසින විට ලී කීරක් ඇනීමෙන් රජුගේ මරණය සිදුවූ බව රිබෙයිරෝට් පවසයි. සීතාවක රාජධානිය අවට පාරම්පරිකව ජීවත් වන ජනතාවගේ මුඛ පරම්පරාවෙන් පැවැත එන කතාන්දර අනුව රාජසිංහ රජතුමාගේ මරණය නයකු දෂ්ට කිරීමෙන් සිදුවූවකි. පෙතංගොඩ උයනේදී රජතුමා ආබාධිත තත්ත්වයට පත්වූ පසු විෂ වෛද්‍යවරුන් කැඳවන ලද බවත් එම වෙද පරම්පරාවේ අය සීතාවක අවට තවමත් ජීවත් වන බවත් පැවසේ. නයකු දෂ්ට කර මියගිය බව ප‍්‍රකාශ කිරීම මෙවැනි නරපතියකුට තරම් නොවන බැවින් ලී පතුරක් ඇනීමෙන් රජතුමා මරණයට පත්වූ බව ප‍්‍රසිද්ධ කරන ලද බවයිි පැවසෙන්නේ.
 
 ලී පතුරක් ඇනීමෙන් හෝ උණ කටුවක් ඇනීමෙන් රජතුමා මරණයට පත්වී යැයි කීම පිළිගැනීමට අපහසු කරුණකි. මෙවැනි බල පරාක‍්‍රමයක් සහිත රජකු කුඩා කටුවකින් මරණයට පත් කළ හැකිද? රජතුමාට සිදුවූ මේ මරණීය තුවාලය පිළිබඳ ජනතාව තුළ නොයෙකුත් කතාන්දර පවතී. රජතුමාට වෙදකම් කළ වෙදැදුරන් තුවාලයට විෂ බැන්ද බව එක් කතාවකි. අනාදිමත් කාලයක සිට පවතින එක් විශ්වාසයක් නම් සර්ප විෂක් හෝ වෙන යම් විසක් ශරීරගත වූ විට විෂ බැඳීමක් සිදු කර රෝගියා මරණයට පත් කළ හැකි බවයි. රජුට ප‍්‍රතිකාර කර ඇත්තේ පේදුරු නම් වෙදෙකි. මේ වෙද මහතාගේ වෛද්‍ය වාර්තාව අඩංගු තල්පතක් මේ වනවිට යාපනයේ අගරදගුරු මැඳුරේ ඇති බව පැවසේ. එම තල්පතට අනුව රජු මැරීමේ වුවමනාවක් පේදුරුට තිබී ඇත. මානියංගම ජීවත් වූ ඔහු කිතුනුු බැතිමතෙක් බවයි කියන්නේ. සූරිය රාජ කුමාරයා විසින් රජු මැරීම සඳහා පේදුරුට උපදෙස් ලබාදී ඇත. රජුට ඇතිවූ රෝග ලක්‍ෂණත් කළ ප‍්‍රතිකාර පිළිබඳවත් එම තල්පතේ සටහන්ව ඇත. අශ්ව බෙටි තලතෙල් සමග මිශ‍්‍රකර තුවාලයට බැඳ ඇත. අතීත වෙදැදුරන් මෙවැනි ප‍්‍රතිකාර කළ බව පෙනේ. අශ්ව බෙටි විෂ සහිත පිට ගැස්ම ඇති කරන මාධ්‍යයකි. යුද්ධයෙන් අධික වෙහෙසට පත්ව සිටි රජතුමාට මේ නිසා බැක්ටීරියා ඇතුළු වීමෙන් පිටගැස්ම සෑදී මරණට පත් වන්නට ඇතැයි සිතිය හැක. වෙදැදුරන් තුවාලයට විෂ බැන්දා ද විෂ ඇතුළු කළා ද යන්න සැකයට තුඩුදෙන කරුණකි.
 
n4 5 රෝග ලක්‍ෂණ අනුව පිටගැස්මෙන් මරණයට පත් වූ බව සිතිය හැක්කේ එම රෝග ලක්‍ෂණ පිටගැස්ම හැදුණරෝගියකුගේ රෝග ලක්‍ෂණ බවයි. තල්පතට අනුව උණ ගැනීම, වෙව්ලීම, කොරවීම යන රෝග ලක්‍ෂණ ඇති වූ බව කියයි. මේ නිසා සිදුවූයේ සීතාවක රාජධානියට ප‍්‍රතාපවත් රජකු අහිමිවීමය.
 
 රජතුමා තුවාලවීමෙන් අනතුරුව වහාම සීතාවක රාජ මාලිගය කරා රැගෙන එන ලදී. අශ්වයා පිට යෑම කළ නොහැකි වූයෙන් ගොඩබිම් මාර්ගයකින් හිමින් ගෙන එන ලදී. ඒ අතර කරවනැල්ලේදී රජතුමාගේ අතපය වකුටු වී ඇත. රජු කොර වූ වැල්ල එතැන් පටන් කොරවූවැල්ල ලෙස ව්‍යවහාර වී පසුව කරවනැල්ල බවට පත් විය. රජු රැුගෙන එන අතරමඟදී කළුරිය කළේය.
 
 ඉහත කී පරිදි පේදුරු ලවා රජතුමාගේ තුවාලයට විෂ බැඳීමට සහාය වී ඇත්තේ ද්‍රෝහියකු වූ අරිට්ටකිවෙණ්ඩුය. සීතාවක සිහසුන දුර්වලයකු පත්කර ගැනීමෙන් තම බලය වැඩි කර ගැනීම ඔහුගේ අරමුණ විය.
 
 පෘතුගීසි ලේඛක ක්වීරෝස් පවසන පරිදි රජතුමාගේ දේහය කිසිදු රාජ්‍ය ගෞරවයකින් තොරව ජන ශූන්‍ය ස්ථානයක සොහොන් ගත කරනු ලැබීය.
 
 අපේ ප‍්‍රධාන ඓතිහාසික මූලාශ‍්‍රය වන මහා වංශය සීතාවක රාජසිංහ රජු මරණයට පත්වීම මෙසේ ප‍්‍රකාශ කරයි.
 
 ‘‘කඩුගන්නාව අසල පිහිටි බලන නම් ස්ථානයේදී මේ දෙපක්‍ෂය අතරේ රොමෝද්ගමනය වන සුළු ඉතා රෞද්‍ර සටනක් වීය. රාජසිංහ රජුගේ ජන්මාන්තර ගත වීමේ ආසන්න සමයේදී කෙරුණු මේ අන්තිම සටනෙන් ඕ හට පරාජය අත් වූයේය. මේ සටන කෙරෙන කාලයේ රාජසිංහ රජුගේ වයස විසිවස් අදිය සියයක් බවත් මේ තෙමේ සටන් දවසේ රණබිමේ අශ්වාරූඪව සිටි බවත් ඓතිහාසික ග‍්‍රන්ථ කර්තෘවරයන් කිහිපදෙනකු විසින් ප‍්‍රකාශ කොට තිබේ. වර්ෂ 1592 දී සිදුවූ මේ යුද්ධයෙන් ස්වල්ප දිනකට පසු රජහු පා කටුවකින් පැහැරෙණු ලැබ එයින් හටගත් කථාශේෂභාවෝපගත විය.
 
 (මහාවංශය පිටු 512, 513)
 
 මෙහි පා කටුවක් යැයි සඳහන් වුවද එය කුමන කටු විශේෂයක් දැයි සඳහන් කර නැත.
 
 වැඩිදුරටත් විස්තර කර ඇති පරිදි රාජසිංහ රජතුමාගේ සොහොන් භූමිය තිබෙන්නේ කිකිළි බිත්තර වැල්ල ඉදිරි පිට තිබෙන තොටුපළට යාර ස්වල්පයක් ඈතින් බව කියයි.
 
 ඩබ්. එම්. විජේරත්න


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles