Divaina - කාටවත් - මොනම දේකටවත් බය නොවී ඉන්නහැටි තාත්තා මට ඉගැන්නුවා.. හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

saroja222අප නීති හා නියෝගයන් පිළිපැදිය යුතු වන්නේ ඒ ඒ නීතිය කඩකිරීමෙන් දඬුවමකට හසුවිය හැකිය යන බිය නිසාම නොවේ. ඒ ඒ නීතියෙන් සමාජයට සිදුවන යහපත ගැන සිතාගෙනය. එසේම යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරනවා කීවාට මදිය. එම යුක්තිය හා සාධාරණය ඉටුකළ බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ අදහස පෙරදැරිව වසර 31 ක කාලයක් විනිශ්චයායතන මහ පුටුවල නිවැරදිව අභියෝග මැදින් නීතිය පසිඳලූ අපේ කාලයේ මහාධිකරණ විනිසුරුවරියක අද පියවරම ‘අපේ තාත්තා’ විශේෂාංගය හැඩ කරන්නීය. ඒ හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියයි. එතුමිය නොපැකිළව හෘදයාංගමව විශේෂ කරුණු රැුසක් අද අපට හෙළි කළාය. මේ ඒ අදහස්වල ශේෂයක් පමණකි.
 
 මගේ තාත්තාගේ නම කාල් ජස්ටින් වීරවර්ධන, අවසන් වරට ඔහු කළ රැුකියාව කළමනාකරුවෙක් ලෙස ලංකා බැංකු ශාඛාවක කටයුතු කිරීමයි. මගේ අම්මා නම්වර ලබන්නේ සුසෑන් වීරවර්ධන නමින්. කොළඹ අධ්‍යාපනය ලබලා අම්මා සති අන්තයේ අලූත්ගම යනවා. තාත්තගෙ ගම් පළාත කොස්ගොඩ. දුම්රියෙන් තමයි මේ අයගෙ ගමන. මගේ අම්මත් එයාගෙ නංගිත් (මගේ පුංචි අම්මා* එක්තරා දවසක මෙහෙම දුම්රියෙන් යනකොට බොහොම ලස්සනට ඇඳ පැලඳගෙන හිටි මහත්මයෙක් තරමක උනන්දුවකින් බලා සිටිනවා දැක්කා. (මේ කතිකාවේදී එතුමිය ළඟ සුසෑන් මහත්මිය ද සිටීම සාකච්ඡුාවට අත්වැලක් විය.* නාවික හමුදාවේ ඇඳුමට එතුමා හරිම ගාම්භීරයි. ලස්සනයි. අම්මා අපට කීවේ එහෙමයි. මේ මහත්මයා ටිකින් ටික අම්මා ළඟට ඇවිත් එතුමියගෙ නංගී ගැන විස්තර අහලා තියෙනවා. පුංචි අම්මා එතරම් ගණන් අරන් නෑ. තාත්තා ඒ කාලෙ වැඩ කරලා තියෙන්නෙ නාවික හමුදාවේ. ඒ වතාවේ තමයි එතුමා මගේ අම්මගෙන් නොයෙක් විස්තර අහන්න පටන් ගත්තේ. මේ විදියට තමයි මගේ අම්මයි තාත්තයි හඳුනාගෙන තිබෙන්නෙ. දුම්රියෙදි තමයි මේ ආදරයෙ මුල් බිජුවට වැපිරෙන්නෙ.
 
 යථාවාදී තථාකාරී ගුණය
 
 අපේ තාත්තා හරිම තේජස් ඇති ගාම්භීර පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේ දෙසූ යථාවාදී තථාකාරී ගුණය හොඳට තියෙනවා. කියන දේ කරනවා. කරන දේ කියනවා. හරි කෙළින් ප‍්‍රතිපත්ති. ඒවා මට කෙළින්ම ආවා කියලා හිතෙනවා. තමා නිවැරදි නම් පුතේ, කාටවත් බයවෙන්න නැවෙන්න අවශ්‍ය නෑ කියලයි තාත්තා අපට කියලා දුන්නෙ. තේජස් ගති තිබුණට හරිම හොඳ මනුස්සකමක් තිබුණා. තමා යටතේ අපේ ගෙදර පවා හිටි සේවකයනට හොඳ ස්වාමියෙක් වුණා. ඔවුනගේ දුකකදී වඩාත්ම කම්පා වුණේ ඉක්මනින් උදව් කළෙත් තාත්තා.

 

saroja333
 
 අපේ තාත්තා කෙළින්ම අපේ අම්මගෙ අම්මාව හමුවෙලා කතා කරලා තියෙනවා අම්මා ගැන. හැංගි හැංගි ආදරය කරලා නෑ. අම්මාගෙ තාත්තා ඇය පුංචි කාලයේදීම නැතිවෙලා. ඒ නිසා අම්මා පිළිබඳ සියලූ වගකීම් තිබුණෙ අපේ ආච්චිට. ආච්චි කෙළින් ඇවිත් කතා කළ මේ පුද්ගලයාට එක පයින්ම කැමතිවෙලා. තාත්තා පදිංචි වුණේ තාත්තලගේ කොස්ගොඩ මහ ගෙදරමයි. අපේ පවුලෙ දරුවන් 5 දෙනයි. අම්මගෙ ලොකු පුතා මගෙ අයියා ධම්මික වීරවර්ධන. දැන් එංගලන්තයේ පදිංචියි. ලොකු දුව මං. කුසලා වීරවර්ධන. ඊළඟට මගේ ලොකු නංගි ඉනෝකා වීරවර්ධන, ඊළඟ නංගි ලක්‍ෂ්මි යසෝදරා වීරවර්ධන. මල්ලි පූජිත වීරවර්ධන. පවුලෙ දරුවන් ඉන්නා නිසා තාත්තා අපව ගමේ දරුවන්ට සම්බන්ධ කළේ නෑ. පවුලේ සහෝදරයන් සහෝදරියන් තමයි සෙල්ලම් කළේ. කොස්ගොඩ ගාලූ පාරෙ සිට එහා පැත්තෙ මුහුද දක්වාම අක්කර 4 ක විතර අපේ ඉඩම. අපට ඕනෑ තරම් ඉඩ තිබුණා. තාත්තා ගමේ ළමයින්ටත් ආදරේ වුණාට ඒ අය අවශ්‍ය තැනකදී ආශ‍්‍රය කරනවා මිසක ගේ ඇතුළෙ වත්තෙ පිටියෙ දාගෙන ඇසුරු කරනවාට කැමති වුණේ නෑ. ඒ පැත්තෙ වටපිටාවෙ හිටියෙ ටිකක් සැර මිනිස්සු නිසාත් වෙන්න ඇති.
 
 ඇස් දෙකට වඩා ලස්සන ලෝකයක්
 
 ‘‘පුතේ මේ ලෝකෙ බොහෝ දේවල් දකින්න තියෙනවා. විඳින්න තියෙනවා. දැනගන්න තියෙනවා. අපේ ඇස් දෙකින් අප දකින ලෝකයට වඩා ලස්සන ලෝකයක් තියෙනවා. ඒක දකින්න දැනුම ලබන්න ඕනෑ. ඥානය ලබන්නට ඕනෑ. ඒ නිසා කොහොම හරි ඉගෙන ගන්න ඕනෑ. නුඹලා ඉගෙන ගන්නවා නම් ඒක තමයි මට තියෙන සතුට. තාත්තා හැමදාම මන්ත‍්‍රයක් වගේ මේකම කියනකොට මේක ඊයම් බරුවක් වගේ මගේ හිතේ කිඳා බැස්සා. තාත්තා අයියාව දැම්මෙ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට. මාව දැම්මෙ කළුතර බාලිකා විදුහලට. අපට දේපළ තිබුණට වැඩක් නෑ, නුඹලා ඉගෙන ගත්තෙ නැත්නම්. තාත්තා කී මේ වචන නිසා මං කොහොම හරි තාත්තගෙ බලාපොරොත්තු ඉටුකරන්න මහන්සි ගත්තා. ඒත් තාත්තා මුලදි බලාපොරොත්තු වුණේ මා දොස්තරවරියක් කරන්නයි. තාත්තගෙ ජීවිතයේ විකසිතව මිණිදැදිරි වන වටිනාම ගුණය තමයි අසිරිමත් නායකත්වය. වැඩක් කරන්න හිතුවොත් මොන බාධක ආවත් කොහොම හරි කරනවා. නිවටකම් නෑ. හැබැයි මෝඩ උද්දච්චකම් නෑ. මට මතකයි 1971 අපේ‍්‍රල් 05 වැනිදා ලංකාවෙ පොලිසිවලට ජවිපෙකාරයො වටකරලා ගැහුවා. කොස්ගොඩ පොලිසියත් ඒ අයගෙ ඉලක්කයක්.
 
 මේ අය මහ රාත්තිරියෙ පොලිසියට ගහනකොට තාත්තා අප සියලූ දෙනා තුරුලූ කරගෙන ජනෙල් දොරවල් වහගෙන ගේ ඇතුළෙ හිටියෙ හරියට කම්පාවෙලා. (මා ඇඳ යටත් හැංගුණා. අපේ මහ ගෙදර තියෙන්නෙ කොස්ගොඩ පොලිසිය ළඟමයි.* මේ තුවක්කු ගත්තු කොල්ලො එතැනට ඇද දැම්මෙ කවුද? ඒ අය පත්වෙලා ඉන්නා විපතට කවුද වග කියන්නෙ. තාත්තාට තිබුණෙ මේ වගේ ප‍්‍රශ්න. මාත් අයියත් එතකොට හරි පොඩියි. අයියත් මට වඩා අවුරුද්දනෙ වැඩිමල්. වෙඩි ශබ්ද ඇහෙනකොට අපි බිරාන්තවෙනවා. ඊළඟට ඇහෙනවා තුවාලකාරයො ගෙනත් අපේ ඉස්තෝප්පුවෙ හාන්සි කරවන සද්දෙ. ඔවුනගේ කෙඳිරිලි හඬ. කොට බිත්ති දාලා ඉස්තෝප්පුව වෙනම තියෙන්නෙ. පරණ ගෙවල්වල හැටි එහෙමනෙ. ජනෙල් පියන්පත් වැහුවාට අපට ඉස්තෝපුවෙ වෙන දේවල් පෙනෙන්නෙ නෑ. ශබ්දෙ විතරයි ඇහෙන්නෙ. මේ අතර අර තුවාලකාරයො කෙඳිරි ගගා වතුර ඉල්ලනවා.
 
 කැරැල්ල
 
 අම්මටත් මේක දරාගන්න බෑ. ඒත් දොර ජනේල ඇරලා කැරැලිකාරයන්ට එක්වෙන්නත් බෑ. මේ දෙන්නා වතුර හා බිස්කට් ආදිය ජනෙල් පියන්පතක් ඇරලා ඒ අයට දෙනවා මතකයි. අම්මා බොහොම නම්‍යශීලී කාන්තාවක්. තාත්තා සැර වුණොත් එයා කතා කරන්න යන්නෙ නෑ. හරිම විනීතයි. තාත්තාට යම් දෙයකට කේන්ති ගියොත් අම්මගෙ සෞම්‍ය ගති නිසාම ඉක්මනින්ම නිවෙනවා.
 
 තාත්තා මා දොස්තරවරියක් කරන්න හිතාගෙන ඉගැන්වුවත් ඒක කරගන්න මට බැරිවුණා. පළමු වතාවෙ අපොස සාමාන්‍ය පෙළ සමත් වුණා. වෛi පැත්තට යන්නට සුදුසුකම් නෑ. ඒ නිසා දෙවැනි වතාවටත් කළා. ඒ වතාවෙත් මට වෛi පැත්තට යන්න සුදුසුකම් නෑ. ඒත් තාත්තා මගේ හිත රිදෙන්න වචනයක්වත් කීවෙ නෑ. උසස් පෙළ ඉහළින්ම සමත්. මා හිතුවා නීතිඥවරියක් වෙන්න ඉගෙන ගන්න. කොළඹ සරසවියට යන ගමන් කොළඹ නීති විiාලයටත් ගියා අපේ කොස්ගොඩ ගමේම හිටියෙ ඒ වන විට එකම නීතිඥයයි. එතුමාට කීවේ විජේරාම කියලා. ඒ නිසා මං ඒ පැත්තට යන්නට හිතුවහම තාත්තා කීවා. ‘‘හොඳයි පුතේ, නුඹ මේ ගමෙන් බිහිවුණ දෙවැනි නීතිඥයා වෙන්න ඕනෑ.’’ කියලා. ඒ කිව්වා වගේම මං තමයි කොස්ගොඩ ගමෙන් බිහිවුණු දෙවැනියා හැබැයි පළමු නීතිඥවරිය.
 
 ‘‘පුතේ කාන්තාව අද විමුක්තිය ලබලා ඉන්නවා කීවාට ඒක තවම සමාජයේ කි‍්‍රයාත්මක නෑ. ඔබේ නීතිඥකමින් මේ සමාජයට කාන්තාවට ගෞරවයක් සාධාරණයක් දෙන්න’’ තාත්තා එදා එහෙම කීවා. සිවිල් නඩු කරන නීතිඥවරුන් යටතේ විශේෂයෙන් ජෞදියන් කියන නීතිඥතුමා යටතේ පුහුණුවක් ලැබුවා. එංගලන්තයේ ‘සොලිසිටර්’ විභාගය සඳහා යන කොට තාත්තා හරිම ආඩම්බර වුණා. තාත්තාට කොහොමත් ආඩම්බරකමකුත් තිබුණා. මා නීතිඥවරියක් වෙලා 87 දී විනිසුරුවරියක් වුණාම ඒ අභිමානය තවත් වැඩි වුණා කියලා හිතෙනවා.
 
 නම්බුවට වැඩ
 
 තාත්තා එදා මට ලොකු අවවාදයක් දුන්නා ‘පුතේ මේ වීරවර්ධනලා අනුන්ගේ සත පහක් කවරදාවත් වංචා’ කරලා නෑ. කවරදාවත් හොරකම් කරලා නෑ. ඒ නම්බුව තියාගෙන වැඩ කරන්න. ඒක මට ඇති’ තාත්තා කී වචන මට අදත් දෝංකාර දෙමින් ඇහෙනවා. ඒ විතරක් නොවෙයි රැකියාවට හැම තිස්සෙම මුල් තැන දෙන්න කියලා තාත්තා කියනවා.
 
 බෞද්ධ කටයුතු ගැනත් තාත්තා හරිම ළෙන්ගතුයි. උදේට බුදු පහන තියලා වැඳලා හිත සැහැල්ලූ කරගෙන එතුමා වැඩට යන්නෙ. පන්සලට පිරිතට, මඟුලට දානෙට දෙවතාවක් හිතුවෙ නෑ. චෙක් එක ලියලා බාරදීලා යන්නෙ. තාත්තා කිසිම දේශපාලන පක්‍ෂයක් කරපින්නාගෙන ජීවත් වුණේ නෑ. එයාගෙ එකම දේශපාලනය හා ප‍්‍රාර්ථනය දුප්පත් පැලක බතක් ඉදෙන දවසක් නිර්මාණය කරන්නේ කවරදාද යන්නයි. දුප්පත්කම මේ රටින් තුරන් කරන දේශපාලනයක් ඇත්නම් එතුමා ඊට නමස්කාර කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහ මුදුනින්ම පිළිගත්තා.
 
 ‘‘සන්තුට්ඨි පරමංධනං’’ කී බුදු වදන අනුව සතුට තමයි ධනය කියලා තාත්තා හිතුවෙ. ජීවිතේ සතුටින් පටන් ගෙන සතුටින් ගෙවලා සතුටින්ම අවසන් කරන්න එතුමා අපට කීවා. හැබැයි ඒක යටින් තියෙන දුක ගැනත් අවබෝධයක් තිබුණා. තාත්තා ගෙදර ඉඳහිට ‘පාටි’ දැම්මා. ටෙරන්ස් විජේරාම මහත්තයා එනවා මතකයි. ස්වාධීනව කටයුතු කරන්න එතුමාත් කැමැතියි. අපටත් කියන්නෙ හැමතැනම ස්වාධීන වෙන්න කරන දෙයක් එළිපිට කරන්න කියලයි.
 
 විනෝද චාරිකාවක්
 
 මාත් කැම්පස් යන කාලේදී අපේ සම වයස් කණ්ඩායමේ කෙල්ලො කට්ටියක් එක්ක විනෝද චාරිකාවක් ගියා, නුවරඑළිය පැත්තට. ඉතින් නානුඔය දක්වා දුම්රියෙන් ගමන. පුදුමය මේකයි. මගේ අම්මාට තාත්තා හමුවුණේ මුලින්ම දුම්රියේදිනේ. මටත් ඒ වගේමයි. මගේ මහත්තයා මට හමුවන්නේ ඒ විනෝද චාරිකාව දුම්රියෙන්ම යන වෙලාවෙ. මා හිතන්නේ කෝච්චිය අපේ ජීවිතවලට සම්බන්ධයි. මගේ මහත්මයා සිරිවර්ධනට තාත්තයි අම්මයි විරුද්ධ වුණේ නෑ. ඒ පැත්තත් එහෙමයි. ඒ නිසා ඒ අයගෙ ආශිර්වාදය මැද අප එකතු වුණා. මේ අතරදී මට පුංචි සන්දියේ සිද්ධියක් මතක් වුණා. ඒකට හේතුව එදා මනමාලයා ආ දවසේ කවුරුත් ඒ ගැන කතා වෙලා හිනා වීම. අවුරුදු 11, 12 කාලෙ මාත් අයියත් අතර නිතර සණ්ඩු ඇති වෙනවා. ඒ අතරදී එයා මට පහර කීපයක් ගහනවා. ඒකෙන් බේරෙන්න මා මොකක්ද දන්නවාද කරන්නෙ. අයියාව ඒ වෙලාවට හූරන්න මං නියපොතු දිගට වවාගෙන ඉන්නවා. ගහපු ගමන් අල්ලලා හොඳට හූරනවා. තාත්තාත් මේ වගේ වෙලාවට මගේ පැත්ත තමයි ගන්නෙ. ඒ නිසා අයියා දවසක් මා අල්ලගෙන මගෙ නියපොතු බලෙන් කපා දැම්මා. අයියත් එදා මගේ විවාහයට ඇවිත් මේ ගැන මතක් කළා. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මල්කා චාරුනී සිරිවර්ධන මගේ දුව. එයා හේලීස් සමාගමේ මුූල්‍ය විශ්ලේෂකවරියක්. අපේ ආච්චි දේපළ හොඳින් රැුක බලාගනීවි කියන සිතිවිල්ලෙන් කොස්ගොඩ මහගෙදර හා අක්කර 4 ක ඉඩම අපේ තාත්තට ලියුවා. තාත්තා ඒ දේපළ මට ලියුවා. අනෙක් දරුවන්ටත් වෙනත් දේ දුන්නා. මේවා පිට විකුණන්න බෑ පුතේ. රැුකගන්න ඕනෑ කියලයි තාත්තා ඒක මටත් ලියුවේ. ඒකෙ එක තැනක පෞද්ගලික දුරකතන සමාගමකට කුලූනක් පිහිටුවීම සඳහා කුඩා ඉඩම් කොටසක් බදු දීලා තියෙනවා. ඒකෙන් මසකට ලැබෙන මුදල මා බැර කරන්නේ පවුලේ අරමුදලකට. ඒ අරමුදල පවුලේ අම්මා, තාත්තා හා වෙනත් කෙනෙක් ලෙඩ වුණොත් ප‍්‍රයෝජනයට ගන්නයි සලසා ගත්තේ.
 
 2015 වසර වෙනකම් තාත්තා ජීවත් වුණා. තාත්තාට වකුගඩු අමාරුවක් තිබුණා. මා බරපතළ නඩු තීන්දු දෙනකොට තාත්තා අසනීපය තිබියදීත් මට කතා කරලා මා දිරිගැන්වූවා. ‘පුතේ නුඹ ගැන මට ආඩම්බරයි කීවා. අඹේපිටිය නඩුවේදී නවුෆර්ගෙන් මට මරණ තර්ජන පවා ආවා. කදිරගාමර් නඩුව ආදියේදී ඒවායේදී නොබියව කටයුතු කිරීම තාත්තා හැමදාම අගය කළා. කඩුවෙල 88-89 කාලවල මහා භීෂණයක් පැතිරුණු බව කවුරුත් දන්නවා. එතකොට මා කඩුවෙල මහෙස්ත‍්‍රාත්. කැරලිකාරීන් කොළ වීසි කරනවා. අධිකරණය වහන්න. අපි වැහුවෙ නෑ. දිගටම වැඩ කළා. තාත්තා තමයි මගේ ලොකුම ධෛර්යය වුණේ. කදිරගාමර් නඩුවේදී තමයි සාක්කිකරුවා පළමුවරට ලෝගුවක් දාගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ආවේ. ඒවා හැදුවෙ මුලින්ම මමයි.
 
 කූට ලේඛන
 
 වතාවක් කොළඹ රාජකීය විiාලයේ ගුරුවරියක් තමන්ගේ ළමයා පාසලට ඇතුළු කරගන්න බොරු පදිංචි සහතිකයක් හදලා කූට ලේඛන වරදට හසුවෙලා උසාවි ගෙනාවා. මං එතකොට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්. මං ඇයට ඇප දුන්නා. මේක පත්තරේක පළවුණා. මේක දැකපු ඇගේ මහත්මයා ‘හාට් ඇටෑක්’ හැදිලා මළා. දැන් ගුරුවරියත් රැුකියාව අහිමිවීමේ තැනක ඉන්නේ. අර දරුවාට මොකද වෙන්නේ. මා ඊළඟ වතාවෙ නඩුව විමසන විට කීවා. ස්වභාව ධර්මයෙන්ම ඇයට මේ වරදට දඬුවම් ලැබුණා. ඇගේ මහත්මයා මැරුණා. ඒ නිසා ඇයට දඩයක් නියම කරලා දඬුවම ලිහිල් කළා. මානුෂීය හේතු සලකමින්. ඒකෙන් ඇගේ රැුකියාව බේරුණා. ඊට පහුවදාම තාත්තා කතා කරලා මට කීවා. ‘‘අනේ පුතේ, උඹ දුන් තීන්දුව අමාරුයි. මට උඹ ගැන ආඩම්බරයි’’ කියලා.
 
 මගේ තාත්තා අන්තිම වරට අසනීප වුණාම ‘ඩර්ඩන්ස්’ රෝහලින් එයාව බේරගන්න බැරි බව මට දැනුම්වත් කළා. සාමාන්‍යයෙන් අප හැමදාම ගියේ එතැනට. අරමුදලේ සල්ලි ඉවර වෙනකම්ම මා එතුමාට ප‍්‍රතිකාර කළා. මට රෝහලින් කතා කළා එන්න කියලා. මා යනවිට තාත්තා අවසන් තැනට වැටිලයි හිටියෙ. පිරිත් දාලා තිබුණා. මා ගිය ගමන් කීවා ඔක්කොම පිරිත් වහන්න කියලා. මගේ අයියා, නංගි, මල්ලි හැමෝමත් ඇවිත් හිටියා. මා කීවා හැමෝටම මෙහි අඬන්න බෑ, මැරෙනකොට ඒ චුති චිත්තයයි ප‍්‍රතිසන්ධිය ලබන්නෙ. හැමෝම ඇඬුවොත් එතුමා ඒ ගැන දුක්වෙනවා. එහෙම කරන්න එපා කියලා. මා ආජීව අෂ්ටමක ශීලය ශබ්දනගා කිව්වා. බුද්ධ රත්නයේ සරණින් ධම්මරත්නයේ සරණින් සංඝරත්නයේ සරණින් තාත්තාට වරදින්නේ නෑ. තාත්තාට යහපතක් ම වෙනවා... කියලා අපි සියලූ දෙනා කීවා. තාත්තා ඒ වනවිටත් ඇස් ඇරලාවත් හිටියෙ නෑ. එකපාරට මා දිහා ඇස් ඇරලා බැලූවා. නිශ්ශබ්ද වුණා. එච්චරයි. මේ මිනිය දැක දැක ඉන්න මා කැමැති නෑ. අනෙක් දරුවන් ද කැමැති නෑ. එක දවසයි. සියලූ වැඩ නිම කරලා අවසන් කළා. තාත්තා මැරුණෙ අද නම් හෙට වැඩ කළා. අනිද්දා මා උසාවිත් ගියා.
 
 ඇය සුවිශේෂී කාන්තාවකි. තමන්ගේ පියා විසින් හැ¥ පෞරුෂයත් නීතිගරුක බවත් සදාචාරයත් ඇය ළඟ තිබේ. පෙර දිනක මගේ ‘මහාසභාවේ මහා විජයබා’ පොත මහවැලි කේන්ද්‍රයේ එළිදකින මොහොතේ පහන් වැටි දල්වා මට ආශිර්වාද කරන්නට එතුමියත් තවත් බොහෝ විශේෂ ආරාධිතයනුත් හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාත් පැමිණියහ. ඒ අවස්ථාවේදී කලක් සිදුවූ චෝදනාවකට සම්බන්ධව ගත් කි‍්‍රයාමාර්ගයක් ගැන ඇය තිස්ස මහතාගෙන් සමාව ඉල්ලූ බව එක්තරා වගකීමක් නැති දැනට අධිකරණ කි‍්‍රයාමාර්ගයකට රිමාන්ඞ් භාරයේ සිටින විශ‍්‍රාමික මේජර්වරයෙක් රූපවාහිනී නාලිකාවකට පැවැසීය. නීතියේ කන්‍යාවට / සදා හිතැති තම පියාට ඉන් අවමාන වී යැයි එතුමිය මට කීවාය. මා ඒ පිළිබඳව තිස්ස අත්තනායක මහතාගෙන් විමසූ විට එවැන්නක් සිදු නොවූ බවද පැවැසීය. ඒ නීතිගරුක තාත්තාට ගරු කරන එතුමිය ඒ ගැනද මෙසේ කීවාය.
 
 මං කාටවත් බය නෑ
 
 ‘මගෙත් තිස්ස මහත්තයාගෙත් අතර ප‍්‍රශ්නයක් නෑ. එතුමාගෙන් මා සමාව ඉල්ලූවෙත් නෑ. මගේ සම්බන්ධයකුත් නෑ. මට දේශපාලනයක් නැහැ. මා තීන්දු තීරණ දුන්නේ ඉදිරිපත් වූ කරුණු අනුවයි. එතුමාට ඇප දෙන්න එපා කියලා නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා තිබුණා. ඒත් මා එතුමා ගේ නීතිඥයාගෙන් කරුණු විමසුවා. එතුමා ප‍්‍රමාණවත් කරුණු ඉදිරිපත් කරලා විශේෂ කරුණු ඉදිරිපත් කළේ නෑ. මා නීතිය රකින්නේ එය මගේ මව පියා ලෙස සලකමිනි. කිසිවකුට ඉන් අසාධාරණයක් කරන්න මා කවරදාවත් කටයුතු කර නෑ. මා එවැනි පක්‍ෂපාතී තීන්දු දුන්නා නම් මගේ අභියාචනාධිකරණ පත්වීම වැළැක්වූවේ කවුද? පසුගිය දිනවල දේශපාලඥයකුගෙන් විනිසුරුවරියක් උසස්වීම් ඉල්ලා සිටින හඬපටය ගැන දැන් කවුරුත් දන්නවා. ඉහළින් සිටි අයගේ නම්වලින් අභියාචනාධිකරණයට මගේ නමයි මෛති‍්‍රපාල ජනාධිපතිතුමා යෝජනා කළේ. ඒ තනතුරට ඉල්ලා තිබුණා. තුන්වරක්ම මගේ නම ව්‍යවස්ථා සභාව ප‍්‍රතික්‍ෂේප කළා. එසේ ප‍්‍රතික්‍ෂේප වනවිට මා ජනාධිපතිතුමාට කීවා ජනපතිතුමනි, මම හොඳ පිටකොන්දක් තිබෙන ගෑනියෙක්. ඔය ව්‍යවස්ථා සභාවෙන් අහන්න මට ඒ අවස්ථාව නොදෙන වරද කුමක්ද? කියලා. ඔය
 
 ව්‍යවස්ථා සභාවෙන් මට විතරක් නෙවෙයි. තවත් අයටත් වැරැුදි සිද්ධ වෙලා තියෙනවා. මං රනිල් වික‍්‍රමසිංහගේ හෝ යූඑන්පී ආණ්ඩුවට පක්‍ෂ කෙනක් නම් ඒ අනුව තීන්දු දුන්නා නම් මගේ නම
 
 අවස්ථා කීපයකදීම කපා දමාවිද? මං කාටවත් කිසිම දේකටවත් බයවෙන ගැහැනියක් නෙවේ. ඒක මට දුන්නේ මගේ තාත්තා. කිසිම හේතුවක් නැතිව මා බය කරන්න නම්මවන්න පුළුවන් කාන්තාවක් නොවේ.
 
 මං අද ඔය කිසිදෙයක් ගැන හිතන්නෙ නෑ. සියලූ බැඳීම්වලින් ඈත්වලා සංසාර ගමන කෙටි කරගන්න තැනකට වැඩ කරමින් යනවා. ‘විශ්ව පාරමී පදනමේ’ කළ්‍යාණ මිත‍්‍රයන් හා රාජගිරියේ අරියඥාන යෝගාවචරයන් වහන්සේ මට ඒ ගමන් මග කියා දීලා තිබෙනවා. අද මගේ තාත්තා හිටියා නම් නීතියේ දෙවඟනට කරන බලපෑම් ගැන කම්පා වෙයි. ඒ දෙවඟනට මං හැමදාමත් ගරු කරනවා.
 
 උපාලි සමරසිංහ

 
 


sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles