Divaina - '‍ඔපරේෂන් තන්ඩර්බෝල්ට්'.... ගලවා ගැනීමේ මෙහෙයුමේ සැඟවුන කථාව... මොසාඩ් රහස් ඔත්තු සේවාවේ විශිෂ්ඨතම මෙහෙයුම් අතරින් එකක්....

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

එන්. කේ. සූරියබණ්ඩාර

 

op1

උගන්ඩාව යනු ලෝක ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ අප‍්‍රිකානු රාජ්‍යයකි. 1971-1979 කාල සීමාවේ එරට පාලනය කළ ඉඩි අමීන් නම් ආඥාදායකයා ගැන බොහෝ දෙනකු අසා ඇතිවාට සැක නැත. තම විරුද්ධ වාදීන්ගේ ඝාතනය කරන ලද සිරුරු කොටස් ශීතකරණයේ තබාගෙන අනුභව කළා යැයි චෝදනා එල්ල වූ මොහු කෲරත්වයෙන් දෙවැනි වන්නේ ආඥාදායක හිට්ලර්ට පමණක් යැයි මතයක් පවතී. ආඥාදායකත්වයෙන් සහ කෲරත්වයෙන් අප‍්‍රිකානු මහාද්වීපයම පමණක් නොව ලෝකයම සසල කළ මෙම ඒකාධිපතියා ලැජ්ජාවට මෙන්ම නින්දාවම පත්කරන ආකාරයේ ප‍්‍රහාරයක් 1976 ජූලි 04 වන දින සිදුවිය. ප‍්‍රතිත‍්‍රස්ත මෙහෙයුම්වල නොමැකෙන සලකුණක් ලෙස සැලකෙන මෙම මෙහෙයුම දියත්කරන ලද්දේ ඊශ‍්‍රායල් කොමාන්ඩෝ භට පිරිසක් විසිනි. ත‍්‍රාසය භීතිය කුතුහලය මෙන්ම සැබෑ වීරත්වයද නොමදව කැටිවූ මෙම කථාව චිත‍්‍රපටයකටත් වඩා විචිත්ත‍්‍රවත්ය. මේ ඒ පිළිබඳ කථාවයි.

 

po2

මෙම කාල සීමාවේ මැදපෙරදිග ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් සන්නද්ධ සංවිධාන කිහිපයක් ඊශ‍්‍රාලය සමග අරගලයක නිරතව සිටි අතර මැදපෙරදිග බොහෝ රාජ්‍යයන් අනුව යමින් උගන්ඩාවේ ඉඞී අමීන්ද පලස්තීන සටන් කාමීන්ට පක්‍ෂපාතී ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේය.

1976 ජුනි මස 27 වන දින ප‍්‍රංශයේ එයාර් ප‍්‍රාන්ස් ගුවන් සේවයට අයත් එයාබස් ් 300 ජෙට් යානය ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් ගුවන් තොටුපළේ සිට අහසට නැගුනේ ග‍්‍රීසියේ ඇතෑන්ස් හරහා සිය ගමනාන්තය වන ප‍්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඞී ගෝල් ගුවන් තොටුපළින් ගමන නිමා කරන අටියෙනි. මගීන් 246 දෙනකු සහ සහ කාර්ය මණ්ඩලය 12 දෙනකුගෙන් යුත් මේ පිරිසේ වැඩිදෙනකු යුදෙව් ජාතිකයන් විය. යානයට ඇතෑන්ස් ගුවන් තොටුපළින් තවත් මගීන් 58 දෙනකු ගොඩවූ අතර මෙම මගීන් අතර සැඟවී පලස්තීන සටන්කාමීන් දෙදෙනකු සහ ජර්මානු වාමාංශික කණ්ඩායමේ සටන්කාමීන් දෙදෙනකුද සිටින බව කිසිවකු දැන සිටියේ නැත. කොල්ලකරුවන් පිස්තෝල, අත්බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය වලින් සන්නද්ධව සිටියහ.

 

op3

පස්වරු 12.30 ට ඇතෑන්ස් ගුවන් තොටින් යානය යන්තම් ගුවනට නැගුනා පමණි කොල්ලකරුවන් 4 දෙනා ගුවන් යානය සිය ග‍්‍රහණයට ගත් අතර එය ලිබියාවේ බෙන්ගාසී වෙත ගෙන යන ලදි. එහිදී බි‍්‍රතාන්‍යයේ උපන් ඊශ‍්‍රායල පුරවැසියෙකු වන පැටී‍්‍රෂියා මාර්ටෙල් පමණක් නිදහස් කරන ලදි. ඉන්ධන පුරවා

ගැනීම සඳහා බෙන්ගාසි ගුවන්තොටුපළේ පැය 07 ක් පමණ නවතාගෙන සිටි අතර පසුදින එනම් 1976-ජුනි 28 වන දින පස්වරු 3.15 ට ප‍්‍රාණ ඇපකරුවන් සමග යානය උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපළ වෙත ගෙන එන ලදි.

එන්ටැබේහිදී කොල්ලකරුවන්ට අවම වශයෙන් තවත් සටන්කාමීන් 4 දෙනකු එක්වූ අතර උගන්ඩා හමුදාවේ සහයෝගයද ලැබිණි. ජනාධිපති ඉඩි අමීන් පෞද්ගලිකවම පැමිණ කොල්ලකරුවන්ට සහයෝගය පළකරනු ලැබීය. ප‍්‍රාණ ඇපකරුවන් පිරිස ගුවන්තොටුපළේ පැරණි පර්යන්ත ගොඩනැගිල්ලට මාරුකරනු ලැබූ අතර ඉඞී අමීන් දිනපතාම ඔවුන් බැලීමට පැමිණියේය.

කොල්ලකරුවන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් තම ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ඩොලර් මිලියන 5 ක කප්පම් මුදලක් ලබාදෙන ලෙස සහ ඊශ‍්‍රායල් අත්අඩංගුවේ පසුවන පලස්තීන සටන්කාමීන් 53 දෙනකු වහාම නිදහස් කිරීම සිදු කරන ලෙස ඉල්ලා ඇත. එසේ නොකළහොත් ජූලි 1 වන දින සිට ප‍්‍රාණ ඇපකරුවන් ඝාතනය කිරීම සිදුකරන බවත් එමගින් දන්වා තිබිණි.

ජුනි 29 වන දින කොල්ලකරුවන් විසින් ඊශ‍්‍රායෙල් සහ ඊශ‍්‍රායෙල් නොවන වශයෙන් ප‍්‍රාණ ඇපකරුවන් දෙපිරිසකට වෙන් කරන ලද අතර එම දෙපිරිස වෙන වෙනම රඳවා තැබීමට පියවර ගත්හ. ජුනි 30 වන දින ඊශ‍්‍රායෙල් නොවන පිරිසෙන් ප‍්‍රාණ ඇපකරුවන් 48 දෙනකු නිදහස් කරන ලද අතර මෙම පිරිසට රෝගීන්, මහලූ තැනැත්තන්, ළමයින් සහ මව්වරුන් ඇතුළත් විය. තවත් පැය කිහිපයකට පසු තවත් ඊශ‍්‍රායෙල් නොවන ප‍්‍රාණ ඇපකරුවන් 100 දෙනකු නිදහස් කරන ලද අතර නිදහස ලත් සියල්ලන් ගුවන් මගින් ප‍්‍රංශය වෙත රැුගෙන යන ලදි. යානයේ 12 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සහ 10 දෙනකුගෙන් යුත් තරුණ ප‍්‍රංශ ජාතිකයන් පිරිසක් නිදහස ලද නමුත් ඊශ‍්‍රායල ප‍්‍රාණ ඇපකරුවන් තනිකොට නිදහස්ව යෑම ප‍්‍රතික්ෂේප කළ ඔවුන් ප‍්‍රාණ ඇපකරුවන් සමග තවදුරටත් රැුඳී සිටින ලදි. ඒ අනුව ජූලි 1 වැනිදා වන විට ප‍්‍රාණ ඇපකරුවන් 106 දෙනකු කොල්ලකරුවන් ග‍්‍රහණයේ සිටි අතර ඒ ඊශ‍්‍රායල් ජාතියන් 84 දෙනෙක්

12 දෙනකුගෙන් යුත් ගුවන් යානා කාර්ය මණ්ඩලය සහ 10 දෙනකුගෙන් යුත් තරුණ ප‍්‍රංශ ජාතිකයන් පිරිසක් වශයෙනි.

රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීම් හේතුවෙන් කොල්ලකරුවන් සිය පොරොන්දු ඉටුකිරීමට දී තිබූ අවසන් දිනය ජූලි 4 වන දින දක්වා දීර්ඝ කරන ලදි.

ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සිදුකළ රාජ්‍ය තාන්ත‍්‍රක මැදිහත්වීම් අසාර්ථක වූ අතර ඊශ‍්‍රායෙල් අගමැති යීෂ්ටාක් රාබීන් සහ ආරක්‍ෂක අමාත්‍ය ෂීමොන් පෙරෙස් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය ලූතිනන් ජෙනරල් යෙකුටෙල් ආදම් සහ බි‍්‍රගේඩියර් ජෙනරල් ඩැන් ෂැම්රොන් විසින් ඉදිරිපත් කළ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අනුමැතිය ලබාදෙන ලදි.

මොසාඞ් ඔත්තුසේවා නිලධාරීන් විසින් නිදහස් කරන ලද ප‍්‍රාණ ඇපකරුවන් පැරීසියේදී හමුවී තොරතුරු

රැුස්කළ අතර කොල්ලකරුවන් සංඛ්‍යාව සහ ඔවුන් අත ඇති අවි ආයුධ සම්බන්ධ තොරතුරු මෙන්ම ගුවන්තොටුපළ පර්යන්තයේ රැුඳී සිටින උගන්ඩා හමුදා භටයන්ගේ ප‍්‍රමාණය පිළිබඳ තොරතුරුද ලබාගන්නා ලදි. මේ අතර එන්ටැබේ ගුවන් තොටුපළ පර්යන්තය ඉදිකරන ලද ඊශ‍්‍රායල් ඉදිකිරීම් සමාගම විසින් මෙහෙයුමේ පෙර පුහුණුව සඳහා එහි අර්ධ අනුරුවක් ඉදිකරන ලදි.

ගලවාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම ආසන්න වශයෙන් 100 දෙනකුගෙන් සමන්විත වූ අතර පහත කණ්ඩායම්වලින් සමන්විත විය.

අණ හා පාලන කණ්ඩායම

මෙහෙයුමේ අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් ජෙනරල් ඩෑන් ෂැම්රෝන්, ගුවන් හමුදා නියෝජිත කර්නල් අමි අයලෝන් සහ සන්නිවේදන සහායකයන් කිහිපදෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් විය.

ප‍්‍රහාරක කණ්ඩායම

ලූතිනන් කර්නල් යොනතන් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට විශේෂ පුහුණුව ලත් සයිරෙට් මක්කල් කොමාන්ඩෝ භටයන් 29 දෙනකු ඇතුළත් විය. පර්යන්තයට පහරදී ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ කාර්යය මොවුන්ට පැවරී තිබිණි. (සයරෙට් මක්කල් යනු 1957 වසරේ ආරම්භ කළ ඊශ‍්‍රායලයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ යටතේ වන විශේෂ බළකායකි. මෙම බළකායට අයත් භටයන් අති දුෂ්කර පුහුණුවකට ලක් කෙරෙන අතර ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම ප‍්‍රතිත‍්‍රස්ත මෙහෙයුම් සහ සුවිශේෂ ක‍්‍රියාන්විතයන් සඳහාම විශේෂකොට පුහුණු කර ඇත.*

ආරක්‍ෂක කණ්ඩායම

ආරක්‍ෂක කණ්ඩායම අංශ තුතකින් සමංවිත විය. එනම්

1 කර්නල් මටාන් විල්නායි ගේ නායකත්වයෙන් යුක්ත පැරෂුට් භට කණ්ඩායමට නියමව තිබුණේ සිවිල් ගුවන්යානා සහිත කොටසේ ආරක්‍ෂාව, ගුවන්පථය නිදහස්ව සහ ආරක්‍ෂිව පවතින බවට වගබලා ගැනීම හා ඊශ‍්‍රායල් ගුවන් යානා වලට ඉන්ධන සැපයීම සහ ආරක්‍ෂාවයි.

2 ගොලානි බි‍්‍රගේඩයට අයත් භටයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම කර්නල් යූරි සාගි ගේ නායකත්වයෙන් යුතු වූ අතර හර්කියුලිස් යානා ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ඇති ස්ථානයට හැකිතාක් සමීපයට රැුගෙන ඒමත් ප‍්‍රාණ ඇපකරුවන් රැුගත් යානා ආරක්‍ෂිතව ඉවත්කර ගැනීමත් භාරවී තිබිණි.

3 මේජර් ෂාවුල් මොෆාස් නායකත්වය දුන් තුන්වන කණ්ඩායම සම්පූර්ණයෙන්ම සයරෙට් මක්කල්

භටයන්ගෙන් සමන්විතව තිබිණි. මෙම කණ්ඩායමට භාරවී තිබුණේ උගන්ඩා ගුවන් හමුදා ගුවන් පථය සහ මිග් ප‍්‍රහාරක යානාවන්ට පහරදී විනාශ කිරීමයි. මෙමගින් උගන්ඩා ගුවන් හමුදාව විසින් ලූහුබැඳ පහරදීමේ අවදානම අවම කර ගැනීමට බලාපොරොත්තු විය.

ගලවා ගැනීමේ මෙහෙයුම නිසි පරිදි සැලසුම් කරන ලද නමුත් නැගෙනහිර අප‍්‍රිකානු රටක සහයෝගය නොමැතිව එය ක‍්‍රියාත්මක කිරීම කළ නොහැක්කක් බව පැහැදිලි විය. ඒ අනුව රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීමක් මගින් කෙන්යාවේ සහාය ලබාගැනීමට කටයුතු කරනු ලැබිණි.

1976 ජූලි 03 වන දින සීනායී අර්ධද්වීපයේ ෂ්‍යාම් අල් ෂෙයික් ගුවන්තොටුපළෙන් ගුවනට නැගුන සී 130 හර්කියුලිස් යානා 4 ක් ඊජිප්තු සහ සුඩාන් රේඩාර් වලට හසු නොවනු පිණිස රතු මුහුදේ දිය රැුලි වලට ගෑවී නොගෑවී ඇතැම් අවස්ථාවල මීටර 30 ක් තරම් අඩු උසකින් ගමන් කරමින් කිලෝමීටර් 3600 කට වැඩි දුරක් ගෙවමින් වික්ටෝරියා විලට ඉහළින් තම ඉලක්කය වූ එන්ටැබේ ගුවන් තොටුපළ වෙත ළඟා විය.

හර්කියුලිස් යානා හතරට පසුපසින් බොයිං 707 ජෙට් යානා දෙකක් ගමන් කළ අතර පළමු යානය වෛද්‍ය පහසුකම් සහිත වූ අතර ඕනෑම හදිසි තත්ත්වයකට සූදානමින් වෛද්‍ය කාර්යමණ්ඩලයක් එහි ස්ථානගතව සිටින ලදි. එය කෙන්යාවේ නයිරෝබී හී ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා සූදානමින් තබන ලදි.

අනෙක් බොයිං 707 යානයේ සමස්ත මෙහෙයුමේ අණදෙන නිලධාරි ලූතිනන් ජෙනරාල් යෙකුටෙල් ආදම් සිටි අතර යානය එන්ටැබේ ගුවන්තොට ඉහළ අහසේ කවාකාරව සැරිසරන අතර මෙහෙයුම ක‍්‍රියාත්මක විය.

ජූලි 03 වන දින රාතී‍්‍ර 11.00 ට ප‍්‍රහාරක සැලැස්මට අනුව හර්කියුලිස් යානා හතර යානාවල දොරවල් විවෘතව තිබියදීම එන්ටැබේ ගුවන්පථයට අඳුරේම

ගොඩබස්වන ලද අතර ගුවන්තොටුපළේ ගුවන්පථ සැලසුම නොදැනීමත් අඳුරත් හේතුවෙන් එක් යානයක් කාණුවකට වැටුන නමුත් සැලැස්මට අනුව ප‍්‍රාණ ඇපකරුවන් රඳවා සිටි පර්යන්තය අසලටම යානා රැුගෙන ඒමට කර්නල් යූරි සාගි ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම සමත්විය.

උගන්ඩා හමුදාවන් නොමග යැවීම සඳහා ජනාධිපති ඉඞී අමීන් ගේ කළු පැහැති මර්සිඞීස් බෙන්ස් රථයට සමාන බෙන්ස් රථයක් සහ පරිවාර රථ මෙන් මවා පෑමට ලෑන්ඞ් රෝවර් රථද සමගින් ලූතිනන් කර්නල් යොනතන් නෙතන්යාහුගේ සයිරෙට් මක්කල් කොමාන්ඩෝ භටයන් ගුවන්තොටුපළ පර්යන්තයට කඩා ඇතුළු විය. විනාඩි කිහිපයක් තුළ කොල්ලකරුවන් පිරිස ඝාතනය කළ ප‍්‍රහාරක කණ්ඩායම ප‍්‍රාණ ඇපකරුවන් මුදාගෙන පර්යන්තය අසල ගුවන්ගත වීමට සූදානමෙන් සිටි හර්කියුලිස් යානාවලට නංවා ගන්නා ලදි.

කොල්ලකරුවන් සහ කොමාන්ඩෝ භටයන් අතර වෙඩි හුවමාරුවේදී ප‍්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මියගිය අතර තවත් එක් ප‍්‍රාණ ඇපකරුවෙකු මාරාන්තික තුවාල ලැබීය.

ප‍්‍රාණ ඇපකරුවන් ගුවන්යානාවලට නංවා ගන්නා අවස්ථාවේදී ගුවන් තොටුපළ පාලක කුලූනේ සිටි

උගන්ඩා සොල්දාදුවන් වෙඩි තැබීමට පටන්ගත්හ. ඊශ‍්‍රායල් කොමාන්ඩෝ භටයන් පස්දෙනකු ඉන් තුවාල ලැබූ අතර ප‍්‍රහාරක කණ්ඩායමේ නායක යොනතන් නෙතන්යාහු සතුරු වෙඩි ප‍්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස මිය ගියේය. පාලක කුලූන වෙත කොමාන්ඩෝ භටයන් එල්ල කළ ප‍්‍රභල ප‍්‍රහාරයෙන් කුලූන ගිනිගත් අතර

මියගිය යොනතන් නෙතන්යාහුගේ සිරුරද හර්කියුලිස් යානාවකට පටවාගත් සැණින් යානා හතරම අහසට නැගණි.

මේ අතර මේජර් ෂාවුල් මොෆාස් නායකත්වය දුන් සයරෙට් මක්කල් භට කණ්ඩායම උගන්ඩා මිග් ප‍්‍රහාරක බලඇණිය විනාශ කර තිබූ බැවින් ලූහුබැඳ පහරදීමක් සිදුවූයේ නැත. එන්ටැබේ ගුවන්තොටුපළේ විනාශවී ගිනිගත් පාලක කුලූන සහ මිග් යානාවල ගිනිදලූ හා දුමාරය මැදින් අහසට නැගුණ හර්කියුලිස් යානා ඊශ‍්‍රායලය බලා පියාසර කරන්නට විය.

මෙහෙයුමට ගතවූ මුළු කාලය විනාඩි 53 ක් වූ අතර ඉන් ප‍්‍රහාරය පැවතියේ විනාඩි 30 කාලයක් පමණි. කොල්ලකරුවන් 7 දෙනාම ඝාතනය කරන ලද අතර උගන්ඩා සොල්දාදුවන් 45 දෙනකුවත් මියගිය බව සැලකේ. ඊශ‍්‍රායෙල් ප‍්‍රහාරයෙන් උගන්ඩා ගුවන් හමුදාවේ ගුවන් බලයෙන් හතරෙන් එකක් විනාශ වූ අතර එය මිග් 17 හා මිග් 21 යානා 11-30 අතර ප‍්‍රමාණයක් බව සැලකේ.

ප‍්‍රාණ ඇපකරුවන් 106 න් 102 බේරාගැනීමට සමත්වූ අතර තිදෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇත.

ගලවා ගැනීමේ මෙහෙයුමේ ප‍්‍රහාරක කණ්ඩායමේ නායක ලූතිනන් කර්නල් යොනතන් නෙතන්යාහු මෙහෙයුම අතරතුර මියගිය අතර කොමාන්ඩෝ භටයන් 5 දෙනකු තුවාල ලැබීය. (ලූතිනන් කර්නල් යොනතන් නෙතන්යාහු යනු පසු කලෙක ඊශ‍්‍රායලයේ අගමැති තනතුරට පත් බෙන්ජමින් නෙතන්යාහුගේ වැඩිමහල් සොහොයුරාය*

කෙන්යාවේ නයිරෝබි හරහා ඊශ‍්‍රායලයේ බෙන් ගූරියන් ගුවන් තොට වෙත රැුගෙන එන ලද ගලවාගත් ප‍්‍රාණ ඇපකරුවන් ඇතුළු පිරිස පිළිගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් රැුස්ව සිටි අතර ජයග‍්‍රාහී මෙහෙයුමට සහභාගි වූ හමුදා කණ්ඩායම ජාතික වීරයන් ලෙස පිළිගනු ලැබිණි.

මෙම ලජ්ජා සහගත ප‍්‍රහාරයෙන් කෝපයට පත් ඉඩි අමීන් මෙහෙයුම සඳහා කෙන්යාව සහයෝගය ලබාදීමට ප‍්‍රතිචාර ලෙස උගන්ඩාවේ සිටි කෙන්යානුවන් සිය ගණනක් ඝාතනය කරන ලද අතර එන්ටැබේ ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩලයේ 245 දෙනකු ද ඝාතනය කර ඇත. සමූල ඝාතනයට බියෙන් කෙන්යානුවන් 3000 ක් පමණ සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට පලා ගියහ.

ප‍්‍රතිත‍්‍රස්ත මෙහෙයුම්වල නොමැකෙන සලකුණක් තැබූ ඔපරේෂන් තන්ඩර්බෝල්ට් මෙහෙයුමේදී මියගිය ලූතිනන් කර්නල් යොනතන් නෙතන්යාහුට ගෞරව පිණිස ඊශ‍්‍රායල් රජය මෙහෙයුම ”ඔපරේෂන් යොනතන්ට් ලෙස නම් කරන ලද අතර වර්තමානයේදීත් එය හමුදා පුහුණු පාඨමාලාවන් තුළ පුරාවෘත්තයක් ලෙස නැවත නැවත පුනරුච්ඡුාරණය වේ.

චිත‍්‍රපටයකටත් වඩා ත‍්‍රාසජනක මෙම මෙහෙයුම අළලා 1976 Victory of Entabbe නමින් චිත‍්‍රපටයක්ද 1977 Operation Thunderbolt නමින් චිත‍්‍රපටයක්ද බිහිවී ඇති අතර මෙහෙයුමෙන් වසර 22 කට පසු 2018 වසරේදී 7 Days in Entabbe නමින් තවත් චිත‍්‍රපටයක් නිර්මාණය වී තිබේ.

(අන්තර්ජාලය ඇසුරෙනි)

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles