Divaina - අනුරාධපුර පූජා භූමියේ වැසිකිළි පහසුකම් මදි...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

wasi499
 
 අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව වැසිකිළි පහසුකම් හිඟකමින් අපහසුතාවට පත්වන අවස්ථා එමටය.
 
 අනුරාධපුර පූජා භූමියේ තිබෙන මහජන වැසිකිළි සියල්ලම රාති‍්‍ර 10 න් පසු ඉබි යතුරු දමා වසා තබා ඇති බැවින් ජනතාව වැසිකිළියේ අවට මුත‍්‍රා කර මළපහ කර ජරාව පිරී ඇති අයුරු දැක ගන්නට ලැබුණිග වැසිකිළි ශුද්ධ පවිත‍්‍ර කරන හා මුදල් එකතු කරන අයගෙන් මේ ගැන විමසූ විට ඔවුන් පැවසුවේ සියලූම වැසිකිළි රාතී‍්‍ර 10 න් පසු ඉබි යතුරු දමා වසා තබන බවකි.
 
 මිනිසකුට කුඩා දරුවකුටල ශාරීරික අවශ්‍යතා ඇතිවීම කොයි වෙලාවේ සිදුවේදරෑ වැසිකිළියක් පූජනීය ස්ථානයක තිබියදී ලක්‍ෂ ගාණක් සැදැහැවතුන් දිවා රාතී‍්‍ර කාලයේ වැසිකිළිවලට යනු ඇතග ජනතාවගෙන් රුග 20 ක මුදලක් අයකරන බැවින් දිවා රාතී‍්‍ර දෙකේදීම මෙම වැසිකිළි සැදැහැවතුන් වෙනුවෙන් විවෘතව තැබීමෙන් පාඩුවක් සිදුනොවනු ඇතග මෙම වැසිකිළි පොදු වැසිකිළි නොවේද?
 
 අනුරාධපුරල අටමස්ථාන භාරකාර ස්වාමින් වහන්සේගේ හා අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය නිලධාරි මහතුන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුව ඇතග වැසිකිළි රාති‍්‍ර 10ග00 න් පසු විවෘතව තැබීමෙන් වෙනත් විෂමාචාර කටයුතු සිදුවීම වළක්වා ගැනීමට ද බලධාරීන් කටයුතු කළ යුතුව ඇත.
 
 ආර්ග ගුණසේන ගමගේල උඩ පේරාදෙණියල මහනුවර.


sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles