Divaina - ශී‍්‍ර මංගලාරාමයට යන කිලෝමීටරය හදන්න අවුරුදු 60 ක් ගියත් කටයුතු කර නෑ...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 මොනරාගල දිස්ති‍්‍රක්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිමලේ 124රැඑෆ් මිනිපුර ග‍්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති ශී‍්‍ර මංගලාරාම විහාරස්ථානය (මහ පන්සලෆ ආරම්භ කරන ලද්දේ ජනපද ආරම්භයත් සමග යග එනම් 1960 වසරේදී යග මෙය ජනපදයේ මුල්ම පන්සල වේග ඒ නිසාම ධීධීමහ පන්සලබ්බ් නමින් ප‍්‍රසිද්ධ වී ඇත.
 
 ප‍්‍රදේශයේ මුල්ම පන්සල වූ ධීධීමහ පන්සලබ්බ් ග‍්‍රාමසේවා වසම් 7 ක ජනතාවගේ ආගමිකල අධ්‍යාපනික මෙන්ම සමාජයීය වශයෙන් විශිෂ්ට සේවාවක් සපයනල කුදුමහත් සියලූ කටයුතු වලදී මූලික කර ගන්නා වූ එකම විහාරස්ථානය වේ.
 
 රාජ්‍ය නිලධාරීන් පවා පළමුව යන එන විහාරස්ථානය වන මෙම විහාරස්ථානයට 2020 වර්ෂයේදී වසර 60 ක් සපිරේග ප‍්‍රධාන මාර්ගයේ සිට පන්සලට දුර කිගමීග 1 කිග පන්සල පාරට ද වසර 60 ක් සපිරේග එහෙත් මේ වනතෙක් කිග මීග 1 ක් වූ පාර පිළිවෙළට සාදා නිමකර දීමට වසර 60 ක් තුළ කිසිවකුට බැරි වී තිබේග එය කනගාටුවට කරුණකිග මුලින් වැඩ සිටි නාහිමිපාණන් වහන්සේ දෙනමම මහත් උත්සාහයක් දරා තිබුණ ද පාර සාදා ගැනීමට ඒ උත්සාහයන් ද නිෂ්ඵල වී උන්වහන්සේ දෙනම ද අපවත් වූහ.
 
 වසර 60 ට ම මේ වනවිට තැනින් තැන කොන්කී‍්‍රට් කෑලි 5 ක් පමණක් දමා ඇතග ඒවා ද නිසි ප‍්‍රමිතියෙන් තොර යග දැනට එම ස්ථාන ද අබලන් යග තවද මාර්ගයේ තැනින් තැන ස්ථාන 4 ක් ඉතිරිව තිබේ.
 
 මේ විදියට කල්පනා කළහොත් ඒ ටික සකස් කරන්නට තව වසර 25 ක් වත් ගතවෙනු ඇතග එම නිසා මා ද අපවත් වන්නට පෙර වසර 60 ක් සපිරෙන මෙම අවස්ථාවේදී ප‍්‍රධාන පන්සලක් සහ පවුල් දහස් ගණනක් භාවිත කරනල මූලික අවශ්‍යතාවක් වූ මෙම මාර්ගය කාපට් දමා පිළිවෙළට සකස් කර දෙන මෙන් ජනපදවාසි සියලූ දෙනා වෙනුවෙන් මෙත් සිත් පෙරදැරිව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිග මෙය සකස්කර දීම දිනපතා පින් වැඩෙන මහඟු පින්කමකි.
 
 විහාරාධිපති වාසිපන ඥානසිරි හිමි
 ශී‍්‍ර මංගලාරාම රාජමහා විහාරයල මහ පන්සලල පන්සල පාර ඇතිමලේ


sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles