Divaina - ආපදා ආධාර කවදා ලැබේද?

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 පසුගිය කාලය තුළදී ප‍්‍රදේශ කිහිපයකට පැවැති තද වර්ෂාව සහ තද සුළං නිසා තම නිවාස අහිමි වී අන්ත අසරණ භාවයට පත්ව දස දුක් විඳින දුගී ජනතාවට මේ දක්වා ආපදා ආධාර කිසිවක් නොලැබීම නිසා ඔවුන් කබලෙන් ළිපට වැටී ඇතග දැනට මාසයකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් ආධාර දෙන හෝඩුවාවක් වත් පේනතෙක් මානයක නැත.
 ජනාධිපතිතුමා නම් පරිපාලන උසස් නිලධාරීන්ට නියෝග කළේ මුදල් සීමාවක් ගැන නොසිතා අදාළ අසරණයන්ට ආධාර සැපයීම කඩිනමින් කරන ලෙසටය.
 අසරණ වූ ජනතාව තම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් හිස් වූ බලාපොරොත්තු ඇතිව තම අතුපැලට එන්නේ හදවතට දරා ගැනීමට නොහැකි දැඩි සිත් වේදනාවෙනි.
 අසරණ වූ ජනතාව තම අසල්වැසියන් සානුකම්පිතව දෙන පොල්අතු ටිකකින් හෝ ටකරන් කීපයකින් පොඩි සෙල්ලම් ගෙයක් වැනි කූඩුවක් අටවා ගෙන සිටින්නේ නිදා ගැනීමට හෝ අවම වශයෙන් වාඩිවීමටවත් නුපුළුවන් ඉඩකඩ ප‍්‍රමාණයකයග දවාලට කෑවොත් රෑට කන්නේ කෙසේ දැයි යන ප‍්‍රශ්නයට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත.
 එම නිසා මේ තත්ත්වය ගැන මානුෂිකව සිතා බලා අදාළ බලධාරීන් හැකි ඉක්මනින් ඔවුනට සහන සැලසීමට කාරුණික වන්නේ නම් මැනව.
 ඒ අසරණයන්ට මැතිවරණ පොරොන්දු වලින් වැඩක් නැතග පොඩි නිවසක් අටවා ගෙන තම දරු පැටවුන් හා වේලක් හැර වේලක්වත් ආහාර ගෙන යන්තම් ජීවත් වන්නට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාරය ඔවුනට ලබා දෙන්නේ නම් අගනේය.
 
 ජයරත්න ජයවර්ධන - ගාල්ල


sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles