Divaina - පිරිත් බලය මෙන්න

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

na7 1තුණුරුවනේ අනන්ත ගුණ බලය කැටි කරගත් ඉතා බල සම්පන්න පිරිත් සූත‍්‍ර මගින් ලබා ගත හැකි ප‍්‍රයෝජන අති විශාලය. පෙර විසුවන් පිරිත් බලය උපයෝගී කරගෙන විවිධ ක‍්‍රියා සිදු කර ඇත. එයින් බිඳක් පහත දැක්වේ. වත් පිළිවෙත් හා ඉතා ගෞරවයෙන් සිදු කිරීමෙන් මහ`ගු ප‍්‍රතිඵල ලබා ගත හැකිය.
 
 යක්‍ෂ පේ‍්‍රත දෝෂවලට සුදු වැලි රතන සූත‍්‍රයෙන් පිරිත් කර නිවස අවට ඉසින්න.
 
 ලෙඩ රෝගවලට ඊතණ කරණීය මෙත්ත සූත‍්‍රයෙන් පිරිත් කර රෝගියාගේ කොට්ටය මත තබන්න.
 
 සිහිනයෙන් බය වෙනවාට කරණීය මෙත්ත සූත‍්‍රයෙන් පිරිත් කළ ඊතණ දකුණු අතේ බඳින්න.
 
 රජුන් දැකීමට නඩු හබවලට ක‍්‍රීඩා හෝ සභාවට යන විට සඳුන් ගලගා මහා මංගල සූත‍්‍රයෙන් පිරිත් කර නළළෙ තිලක තබා යන්න. ගොවිතැන් ආරක්‍ෂාවට කරණීය මෙත්ත සූත‍්‍රයෙන් පිරිත් කළ අබ ගොවිපල තුළ ඉසින්න.
 
 සර්පයන් එළවීමට රතන සූත‍්‍රයෙන් පිරිත් කළ සුදු වැලි නිවස අවට ඉසින්න.
 
 සූනියම් කොඩි විණ නොවැදීමට අබ, තල, ඊතණ යන දෑ අට විසි පිරිතෙන් පිරිත් කර කුඩා මුට්ටි 4 කට දමා නිවසේ සිව් කොණ යට කරන්න.
 
 වෙන් වූවන් සමගි කර ගැනීමට කරණීය මෙත්ත සූත‍්‍රයෙන් පිරිත් කළ අබ තෙල්, පොල් තෙල්වලට මුසු කර පහන් දල්වන්න.
 
 බඬේ රිදුමට - දුසු හඳුන් ගලගා දෙහි ඇඹුල්වලට දිය කර රතන සුත‍්‍රයෙන් පිරිත් කර පානය කරන්න.
 
 යක්‍ෂ පේ‍්‍රත බයට රතන සූත‍්‍රයෙන් පිරිත් කළ අබ තෙල් හිසේ ගාන්න. නිවසෙහි ශ‍්‍රියාවට සඳුන් මුසු කළ කට්ටකුමල්ජල් කරණීය මෙත්ත සූත‍්‍රයෙන් පිරිත් කර උදේ සවස දුම් අල්ලන්න.
 
 ග‍්‍රහ අපල දුරුවීමට - අභිසම්භිදාන පිරිත් යන්ත‍්‍රය පළඳා, කරණීය මෙත්ත සූත‍්‍රයෙන් පිරිත් කළ විළඳ හා තල සහල් සම`ග මිශ්‍්‍ර කර කිරිබත් පිස කපුටන්ට දෙන්න.
 
 සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට උදේ සවස මෝර පිරිත කියන්න.
 
 වෙළෙඳ ව්‍යාපාර දියුණුවට - සීවලී පිරිත උදේ සවස කියන්න.
 
 පූජ්‍ය දන්නෝරුවේ පාලිත ස්ථිවිර - රුවන්වැල්ල

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles