Divaina - නින්ද ගැන ඔබ හිතන හැටි වැරදියි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

n4 4රාති‍්‍ර කාලයේ නිදාගත යුතු පැය ගණන ඇතුළු නින්ද පිළිබඳව පවතින මිථ්‍යා විශ්වාසයන් මිනිසාගේ ශරීර සෞඛ්‍යය හා ඉරියව්වලට දැඩි සේ හානිකර බව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

‘ස්ලීප් හෙල්ත්’ සඟරාවෙහි පළකර ඇති එම අධ්‍යයන වාර්තාවට අනුව නින්ද පිළිබඳ මිථ්‍යා විශ්වාසයන් බැහැර කළ විට එය මිනිසාගේ කායික, මානසික සෞඛ්‍ය හා සුබසාධනය වර්ධනය කිරීමට හේතුවනු ඇත. නින්ද පිළිබඳව ඇති මිථ්‍යා විශ්වාසයන් කුමක්ද? මිථ්‍යා විශ්වාස අංක 1 රාති‍්‍ර කාලයේ පැය පහකට අඩු නින්දක් ලැබීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග පාදන බවට ඇති විශ්වාසය. මෙය ශරීර සෞඛ්‍යයට බෙහෙවින් හානිකර වූ විශ්වාසයක් බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිනිය වූ ‘යකඩ ගැහනිය’ නමින් විරුදාවලි ලත් මාග‍්‍රට් තැචර් මෙන්ම වත්මන් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා ම(ර්)කල් රාති‍්‍ර කාලයේ පැය 4 ක් වැනි සුළු කාලයක් නින්දට යන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබේ. කෙසේ වුවද රාජ්‍ය නායකයන්, ව්‍යාපාර හිමියන් තම වෘත්තීන්වල සාර්ථකත්වය උදෙසා මෙසේ අඩු පැය ගණනක් නිදා ගැනීම සාමාන්‍ය සිදුවීමකි. එය කිසිසේත් ශරීර සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නොවේ. රාති‍්‍ර කාලයේ පැය පහකට අඩු කාලයක් නින්දට යාමෙන් හෘදය වස්තුව ආශි‍්‍රත රෝග වන හෘදයාබාධයන් හා ආඝාතයට (ස්ට්‍රෝක්) ගොදුරු වීමේ අවදානම වැඩි කරන බව මෙම අධ්‍යයනය පැවැත්වූ පර්යේෂිකාවක වන වෛද්‍ය රෙබෙකා රොබින්ස් පවසන්නීය. ඇයට අනුව සෑම දෙනාම වයස් සීමාවකින් තොරව රාති‍්‍ර කාලයේ පැය 7 ත් 8 ත් අතර කාලයක් නිදාගත යුතු බව ඇයගේ මතයයි.

මිථ්‍යා විශ්වාස අංක 02

නින්දට පෙර වයින්, විස්කි හෝ බියර් වීදුරුවක් පානය කිරීම හොඳ නින්දකට මගපාදන බව. මද්‍යසාර වර්ගයක් නින්දට පෙර පානය කිරීමෙන් රාති‍්‍ර කාලයේ අයෙකුට ලැබෙන විවේකයෙහි ප‍්‍රමිතියේ අඩුවක් සිදුවන බව වෛද්‍ය රොබින්ස් කියා සිටින්නීය. පුද්ගලයෙකුගේ ඉගෙනීම හා මතක ශක්තිය වර්ධනයට හේතුවන නිසි ඇස් චලනයට නින්දට පෙර මද්‍යසාර පානය කිරීම බලපාන බව සොයා ගෙන තිබේ. මේ නිසාම නින්දෙන් ශරීරයට ඇතිවන වාසි බොහොමයක් අහිමිවී යාම සිදුවේ. මද්‍යසාර පානය කිරීම නිසා උදරය පිරී යාමක්ද සිදුවන බව ඇය පවසන්නීය.

මිථ්‍යා විශ්වාස අංක 03-

නින්දට යෑමට පෙර රූපවාහිනිය නැරඹීම යෝග්‍ය බවට වෛද්‍ය රොබින්ස්ට අනුව මෙවැනි තත්ත්වයක් නින්ද නොයෑමේ රෝග තත්ත්වය හෝ මානසික ආතතිය ඇති කිරීමට හේතු වේ. රූපවාහිනිය නැරඹීමේදී මෙන්ම ස්මාට් ෆෝන් ජංගම දුරකථනය හා ටැබ්ලට් පරිගණකයන් භාවිත කිරීමේදී ඒවායෙන් නිල් පැහැති ආලෝකයක් නිපදවීම සිදුවේ. මෙම ආලෝකය නින්දට බලපාන ශරීර හෝමෝනය වන ‘මෙලටොනින්’ ශරීරය තුළ නිපදවීම ප‍්‍රමාද කිරීම නිසා නින්ද ප‍්‍රමාද කෙරේ.

මිථ්‍යා විශ්වාස අංක 04-

නින්ද නොයන විට කුමක් හෝ දෙයක් සිතෙන් ගණනය කිරීම හා ඇඳෙහිම සිටීම යෝග්‍ය බව (උදාහරණයක් ලෙස නවසීලන්තයේ සිටින බැටළුවන් ගණන ගණනය කිරීම) එවැනි දෑ කිරීම නුසුදුසු වන අතර ඇඳට ගිය පසු කෙටි වේලාවකින් නින්ද නොයන්නේනම් (විනාඩි 15 කට පසු) ඇඳෙන් බැස ඇඳෙහි වාතාවරණය වෙනස්කර කුමන හෝ සුළු කි‍්‍රයාවක (මේස් නැවීම වැනි) නිරතවීම යෝග්‍යය. නීරෝගීව නින්දට යන්නෙකුට ඇඳට ගොස් විනාඩි 15 ක් ඇතුළතදී නින්ද ලබාගත හැකිය.

මිථ්‍යා විශ්වාස අංක 5-

නින්දට ගොස් නැගිටිය යුතු වේලාව ඔරලෝසුවෙහි හෝ ස්මාට් ෆෝන් දුරකථනයෙහි සටහන් කළ විට (එලාම්) සීනුව නාද වෙද්දී නැගිට එයට වඩා අමතර විනාඩි කිහිපයක් නැවත නිදාගත යුතු බව සිතීම. මෙය අහිතකර තත්ත්වයක් වන අතර එලාම් සීනුව නාද වීමත් සමගම නැගිට එය නිවාදමා නැවත නිදා ගැනීමෙන් ලැබෙනුයේ තත්ත්වයෙන් අඩු සරල නින්දක් බව පර්යේෂකයෝ පවසති. එසේ නම් කළ යුත්තේ එලාම් සීනුව නාද වත්ම නැගිට ජනේලයෙහි තිර රෙදි (කර්ටන්ස්) මෑත්කර සූර්යා ලෝකය ශරීරයට ලබා ගැනීමට කටයුතු කිරීමයි.

මිථ්‍යා විශ්වාස අංක 06-

නින්දේදී ගෙරවීම හානිකර නොවන බවට විශ්වාස කිරීම. නින්දේදී ගෙරවීම හානිකර නොවිය හැකි වුවත් නින්ද නොයෑමේ රෝගයෙහි ප‍්‍රධාන රෝග ලක්‍ෂණයක් සේ එය ගැණිය හැකි බව පර්යේෂකයෝ පවසති. නින්දේදී ගෙරවීමෙන් උගුරෙහි බිත්ති ලිහිල් වී පටුවන අතර හුස්ම ගැනීමේ තත්ත්වය මඳකට එයින් ඉවත් විය හැකිය.

නින්දේදී ගෙරවීමෙන් අධි රුධිර පීඩනයටද ගොදුරු විය හැකි අතර අසාමාන්‍ය හෘද ස්පන්දන වේගය, හෘදය බාධයන් හා ආඝාතයට ගොදුරු වීමද සිදුවිය හැකිය. ශබ්ද නඟා ගෙරවීම ශරීරයට අහිතකර බව වෛද්‍ය මතයයි.

පර්යේෂකයන්ට අනුව සුවදායී රාති‍්‍ර නින්දක් ලබා ගැනීම අප සැවොම අපගේ ශරීර සෞඛ්‍ය, ඉරියව්, සුබ සාධනය හා වැඩි ආයු කාලයක් ගත කිරීම වර්ධනය කිරීම සඳහා කළ හැකි වැදගත් කාර්යයක් වන්නේය.

(විදෙස් වාර්තා ඇසුරින්)

ඒමන්ති මාරඹේ

 


sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles