Divaina - දිය යටම වැළලූන විවාහ ගිවිස ගැනීමේ යෝජනාව

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

diyayata1 ස්ටීවන් වෙබර් ඇගේ පෙම්වතිය වන ‘‘ කෙන්ෂා ඇන්ටොයින් .. සමග ටැන්සානියාවේ නිවාඩුවක් ගත කිරීමට ගියේ තව නොබෝ දිනකින් ඔවුන් විවාහ ගිවිස ගැනීමට අපේක්ෂාවෙන් සිටි නිසාය.

diyayata2මේ වෙනුවෙන් ඔවුන් තෝරා ගත්තේ ටැන්සානියාවේ පෙම්බා දූපතට නුදුරින් පිහිටි ‘‘ මැන්ටා රිසෝට් .. නැමැති දිය යට ඉදි කර තිබුණ හෝටලයයි. වෙරළේ සිට මීටර් 250 ක් දුරින් පිහිටා තිබුණ මෙම හෝටලයෙන් ඔවුන් විසින් රාති‍්‍ර කාමර හතරක් වෙන් කරවා ගෙන තිබුණි. ඔවුන්ගේ කාමරය මීටර් 10 ක් පමණ ගැඹුරු ජලයේ නැංගුරම් ලා තිබුණි. සුපිරි සහ ආකර්ශනීය හෝටලයක් වූ මෙහි එක් රාති‍්‍රයක් ගත කිරීම වෙනුවෙන් ඩොලර් 17”000 ක මුදලක් අය කරනු ලැබේ.

වර්තමාන සමාජ රටාව තුළ පුදුමයට පත් කිරීමේ කලාව දැන් නවතම සම්ප‍්‍රදායක් බවට පත්ව තිබේ. ඒ අනුව ස්ටීවන් වෙබර්ට අවශ්‍ය වූයේ ඇගේ පෙම්වතිය වෙනුවෙන් අලූත් අත්දැකීමක් මෙන්ම ඇය මවිතයට පත් කරමින් විවාහ යෝජනාව දිය යට සිට ඉදිරිපත් කිරීමටයි. මේ වෙන විටත් බොහෝ තරුණ කණ්ඩායම් අතර මෙම සම්ප‍්‍රදාය බෙහෙවින් ජනපි‍්‍රය වී තිබේ. ගත කිරීමට අදහස් කළ අතර තුන්වැනි දිනයේදී ස්ටීවන් කාමරයෙන් පිටතට විත් ඔහුගේ පෙම්වතිය වෙනුවෙන් වූ විවාහ යෝජනාව සටහන් කළේය. මේ සියල්ල ඉතා අපූරු ලෙසින් ඡායාරූප දර්ශනවල සටහන්ව තිබේ. පිහිනීම වෙනුවෙන් භාවිත කරන ඇස් කණ්ණාඩි (googles) සහ පා ආවරණත් (flද්‍යppers) පැළඳගත් ස්ටීවන් කාමරයෙන් පිටත්ව ගියේය. මුහුදු ජලයේ කිමිදෙමින් විත් ඔහු තම පෙම්වතිය වෙත ආදර පණිිවිඩය ලබා දුන්නේය. එම ලිඛිත විවාහ යෝජනාවේ වූ සටහන මෙසේය.

‘‘ මට ඔබට තිබෙන ආදරය ගැන හැමදේම කියන්න තරම් වේලාවක් හුස්ම අල්ලාගෙන ඉන්න බැහැ. ඒත් මේ හැමදේම ඔබට තිබෙන ආදරය නිසයි. හැම දිනකම මම ඔබට ආදරය කරමි. ස්ටීවන්ගේ සටහන එයයි. මේ ආදර සටහන කෙන්ෂාට ප‍්‍රදර්ශනය කිරීමට පෙරාතුව ස්ටීවන් විසින් ඔහු ඒ අවස්ථාවේ ඇඳ සිටි කලිසමෙන් විවාහ යෝනාව වෙනුවෙන් තිලිණ කරන මුද්ද පිටතට ගෙන එයත් කෙන්ෂාට පෙන්වූ අන්දමත් ඡායාරූපවල සටහන් වී තිබේ.

රංගනයේ එක් පැතිකඩක් එසේය. දැන් ඇත්තේ කෙන්ෂාගේ වාරයයි.

ස්ටීවන්ගේ යෝජනාව වෙනුවෙන් ඇගේ මනාපය ඉදිරිපත් කරන අවස්ථාව දැන් එළැඹ තිබේ. ඇගේ සටහන වූයේ ‘‘ දශලක්ෂවාරයක් ඔව්. මම එකඟයි. ඔබට ආදරෙයි.

කෙන්ෂා මෙම සටහනත් අතැතිව ස්ටීවන් එන පෙරමඟ සැදී පැහැදී බලා සිටියාය. එහෙත් කාලය පමණටත් වඩා ගෙවී ගිය බවක් කෙන්ෂාට තේරුම් ගියත් උදව් ඉල්ලා සිටින්නටත් කිසිවකුත් අසලක නොවීය. ඇය වහාම හෝටලයේ බලධාරීන් වෙත ඒ බැව් දැනුම් දුන්නාය.

ඒත් ඔහු යළි දිය පත්ලෙන් පිටට ආවේ නැත. මාන්ටා නිවාඩු නිකේතනය විසින් මේ බව දන්වා තිබුණේ දිය යට පිහිටි හෝටලයෙන් පිටත දියෙහි තනිවම කිමිදෙමින් සිටියිදී ඉතා කේදනීය ලෙසින් ඔහු ගිලී මරණයට පත් වූ බවයි. මෙම මාරාන්තික අනතුර ගැන අප දැඩි ලෙසින් කනගාටු වෙන බැව් මාන්ටා නිවාඩු නිකේතනය විසින් නිකුත් කරන ලදි. නිවේදනයේ සඳහන් විය.

අපේ ජීවිතයේ හොඳම දිනය නරකම තත්ත්වයට පත්වීමත් ඉරණම කුරිරු ලෙස වෙනස්වීමත් නිසා අපේ ජීවිතයේ ඉතිරි කාලය එකට වැළඳගෙන සැමරීමට අපට කිසිම දිනක නොලැබෙනු ඇත. ඔහු යළිත් දිය පත්ලෙන් මතුපිටට ආවේ නැහැ.
 


බීබීසී ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles