Divaina - සුමන සමන් දෙවිවරු දෙදෙනෙක් ගැන තොරතුරු

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

na8 1සමන්ත භද්‍ර බෝධිසත්වයන් ලෙසද සැලකෙන සුමන සමන් දෙවියන් සමන්තකූට පර්වතයේ අධිපතියා ලෙසද සැලකේ. මහා සුමන සමන් බොක්සැල් යක්ඛ සුමන නම්වලින් ද හැඳින්වෙන සුමන සමන් දෙවියන් ශ‍්‍රී ලාංකීය ප‍්‍රබල දේවාත්මයක් වේ. මෙම දෙවිදුන්ට අමතරව සමිද්ධි සුමන නමින් දෙවි කෙනෙකුන්ද සිටී. සමිද්ධි සුමන දෙවියන් ජේතවනාරාමය අභියස වූ කිරිපළු රුක්‍ෂයට අරක් ගත් දෙවියකූ බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.
 
 බුදුරදුන් ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සමිද්ධි සුමන දෙවියන්ගේ වාස භවනය වූ රාජායතනය යොදා ගනිමින් මෙම දෙවියන් බුදුන් වහන්සේට සෙවන සැලසූ බව දේව පුරාණයේ සඳහන් වේ. (මහාවංශය 52 සහ 54 ගාථා * මෙම දෙවිදුන් එක් මිනිස් ජන්මභාවයක පසේ බුදුවරුනට පාත‍්‍රා පිරිසිදු කර ගැනීමට කොළඅතූ කඩා පූජාකොට එපිනෙන් බුදුන් වැඩ සිටි ජේතවනාරාම පුද බිමේ පිහිටි වෘක්‍ෂ විමානයක දේවාත්මයක් ලැබූ බව දේව පුරාණයේ සඳහන්වේ.
 
 බුදුන්වහන්සේගේ ප‍්‍රථම ලංකාගමනයේදී සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම මත ලබාදුන් කේශධාතූ නිධන්කොට මහියංගනයේ ඉදි කළ චෛත්‍ය භූමියේ ප‍්‍රධාන සමන් දේවාලයක් පවතී. මුල් කාලයේ සිටම ලංකාවේ ඉදිවුණ වෙහෙර විහාර රාශියකම සමන් දේවාල පවතී. බුදුන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ බුදු සිරිපතූල සමන්ගිර මුදුනේ පිහිටුවන ලෙසට ඇරයුම්කොට සමන් ගිරෙහි ඇති සෞන්දර්ය වර්ණනා කළ අයුරු සමන්ත කූට වර්ණනාවේත් පූජාවලියෙත් සඳහන් වේ. බුදුන් වහන්සේ සමනල පව්වේ සිරි පතුල පිහිටුවන වෙලාවේ ශ‍්‍රීපාදපත්මය වන්දනාවට යන බැතිමතූන්ට ආරක්‍ෂාව සලසන බවට සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේට පැවසූ බවද පැවසේ. සුමන සමන් දෙවියන්ගේ කීර්තිය පිළිබඳ සැවුල් සංදේශයේ සඳහන් වන්නේ මේ අයුරිනි.
 
 සමන් කෙනෙකූ නොවු බඹ සුර තන තුරෙන සමන් බදුරු සිරිපදලස නම දිමින සමන් ගිර නිවෙස්කැර නිරතුරු වෙසෙන සමන් සුරිඳු දැකැ මෙහසුම් දෙව් බැතින  සුමන සමන් දෙවියන්ගේ කීර්තිය මෙනැයි එහිම කියවේ.
 
 මෙම දෙවිදුගේ හිස පළඳි ඔටුන්න අංජන පර්වත මුදුනෙහි ස්වර්ණ හංස මොණරකු වැසූ ලෙසින් දර්ශනය වන බව කීමෙන් සැවුල් සංදේශ කතුවරයා සමන් දෙවි කාල වර්ණ බව පවසයි. ක‍්‍රි. වර්ෂ 1234 දඹදෙණි රාජධානි සමයේ රජ පැමිණි දෙවන පැරකුම් රජතුමාගේ අණින් දේවප‍්‍රතිරාජ ඇමතීන් ගම්පොලදී සමන් දෙවියන්ගේ ප‍්‍රතිමාවක් නෙලා මහපෙරහරින් වැඩමවා ගෙනවුත් සිරිපා මළුවේ පිහිටි සමන් දේවාලේ තැන්පත් කළ බව පූජාවලියේත් චූලවංශයේත් සඳහන්වේ.
 
 වර්තමාන රත්නපුර මහ සමන් දේවාලය කරවා තිබෙන්නේ ද දෙවෙනි පැරකුම්බා රජු විසිනි. ඒ රජු විසින් සමන් දේවාල සඳහා ගම් බිම් පවරා දීමෙන් එකල සමන් දෙවියන් ඇදහීම ජනප‍්‍රියව පැවති බව පෙනේ.
 
 සුගතිª සිරි සරණසර පැළදි මදුනත
 පරසිª සුර රදුගෙ මුළු තෙදියවෙත ගෙන
 පැහැවිදු රන් පටින් හෙබි සොඳුරු නලලත
 විදුකිª තොර නොවන ගන කුලෙක සිරිගත
 
 බුදුන් වහන්සේගේ ශ‍්‍රී පාද පත්මය සුමන සමන් දෙවිරජුගේ හිස මුදුනෙහි පැළඳි යන්නෙන් සැවුල් සංදේශ කතුවරයා පැවැසීමෙන් සුමන සමන් දෙවියන් මහත් භක්තියෙන් යුතුව තෙරුවන් සරණ ගිය දෙවිකෙනෙකුන් බව මොනවට පැහැදිලි වේ. සමන් දෙවියන්ගේ නීල වර්ණ නෙත් සඟළ නිතරම සියලූ සතුන් වෙත එක ලෙසින් පවතින මත්ස්‍යන් දෙදෙනෙක් යැයි කීමෙන් සමන් දෙවියන් මහත් කරුණා ගුණයෙන් යුතු දෙව් කෙනෙක් බව පැහැදිලි කරයි. දෙවන පරාක‍්‍රමබාහු රජතුමා දේව ප‍්‍රතිරාජ ඇමතින් ලවා සිරිපා වන්දනාව පිණිස ගමන් මග සකස් කළ බවත් මහා පරාක‍්‍රමබාහු රජතූමා විසින් සිරිපා මළුවේ පැරණි සමන් දේවාලය කරවන ලද බවත් දේව පුරාණයේ සඳහන් වේ. සමන්තකූට පර්වතයේ පිහිටි සිරිපා පත්මය සුමන සමන් දෙවියන් දිව්‍යාංගනාවන් සපිරිවරා ගෙන පරසතූ මදාරා දිව්‍යමලින් නමදින අයුරු තොටගමුවේ සිරි රහල් හිමියන් සැළලිහිණි සංදේශයේ දක්වා ඇත්තේ මේ අයුරිනි.
 
 සුරරද සමන් සමගින් සුරගන එවර
 පැහැනද මදාරා පරසතූ මල් පතර
 කරපුද වඳින ?ඳි මුනි සිරිපා තඹර
 සකිසඳ පෙනේ සමනළ ගල නැගෙන හිර
 
n8 2 සුමන සමන් දේව ප‍්‍රතිමාවෙහි උඩුකය සළු පිළියෙන් වසා නොතිබුණ බව වසා රොද ගැන පැවසීමෙන් පෙනේ. උරමඩලක වසාරොද පැතිර පැවතීම කරුණාබරිත පුරුෂයෙකු හඳුන්වන ලකුණකි. සමනල කන්ද පාමුල සමන් දෙවියන්ගේ උයනක් පවතින බවද සිරිපා වන්දනාවට ගොස් අතරමංවන අය එම උයනට යැවෙන බවද ඔවුන් සමන් දෙවියන්ගේ පිහිටෙන් අතරමං නොවී නැවතත් මහජනතාව අතරට පැමිණෙන බවත් පැවසේ. උයනේදී අතරමංවූවන්ට රස මිහිරි පලතුරු ලැබෙන බවත් එම පලතුරු උයනේදීම කෑවොත් මිස පිටතට ගෙන ඒමට නොහැකි බවත් ජනප‍්‍රවාදයේ පවතී.
 
 සමන්තකූට පර්වතයට ශ‍්‍රී පාද පත්මයට දිවාගුහාවට බෑන සමනලට සබරගමු දේවාලයට එල්ලක්කලට නිවිතිගලට දැරණියගලට බොල්තුඹේට උණවටුනට රන්තැඹිලි විමානෙට සමන් දෙවියන් ගේ අණසක පවතින බව සමන් දේව කන්නලව්වේ කියවේ. එමෙන්ම මෙම දෙවිදුන් හිමාල වනයට ද පංච මහා ගංගා වන්ටද දිවස් හෙලන බවත් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස ඇපකැපවී සිටින බවත් නෙළුම් මලක් සොජෟන් ගත් සුදු ඇතෙකු පිට සැරිසරන සෞම්‍යවූ කරුණා බරිත දෙවි කෙනෙකු ලෙස බැතිමත්හු විශ්වාස කරති.
 
 සරණපාල නුවරපක්‍ෂ
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles