Divaina - මොකක්ද මේ සෞඛ්‍ය රක්ෂණය කියන්නේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

whatසෞඛ්‍ය රක්ෂණයට සහ ක‍්‍රමානුකූල පුද්ගලීකරණයට තිත

ග‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ සෞඛ්‍ය රක්ෂණ වේගයෙන් වර්ධනය වෙමින් පවතී. රජය විසින් ”සුරක්‍ෂා” නම් වූ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමය සියලූ පාසල් යන්නන්ගේ (පෞද්ගලික) සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට 2017 හි හඳුන්වා දුනි. විවිධ පෞද්ගලික රක්ෂණ සමාගම්ද සෞඛ්‍ය රක්ෂණ වෙළෙඳ පොළ තුළ තරගයක යෙදී සිටිති. උදාහරණ ලෙස මිලියන 20 ක ප‍්‍රතිලාභ සමග ලොව පුරා රෝහල්වල ක‍්‍රියාත්මකවන AIA ඉන්ෂුවරන්ස් Health Protector යෝජනා ක‍්‍රමයදීද Softlogic Life හි මිලියන 50 ක ආවරණයක් සහිත සුවිශේෂී Premier Health Benefit ක‍්‍රමයද මෑතකදී හඳුන්වාදී ඇත. අන් අඩු හා මධ්‍යම ආදායම් රටවලද සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රම ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් පවතී. පසුගිය සැප්තැම්බර් මාසයේ, ඉන්දියාවේ අගමැති මෝඩි විසින් Ayushman Bharat යෝජනා ක‍්‍රමය, ඉලක්ක පවුල් සඳහා වසරකට ඉන්දීය රුපියල් 500,000 ක ආවරණයක් සහිතව හඳුන්වාදෙන ලදි. රජයන් හා ජාත්‍යන්තර ආයතන විසින් සෞඛ්‍ය රක්ෂණ මත පදනම් මිශ‍්‍ර රාජ්‍ය-පෞද්ගලික සෞඛ්‍ය ආකෘතියක් අනුමත කොට ඇති මෙම අවස්ථාවේදී, අපි අපගේ සෞඛ්‍ය ක‍්‍රමය තුළ සෞඛ්‍ය රක්ෂණ භූමිකාව පිළිබඳ සැලකිලිමත් වියයුතු වේ.

සෞඛ්‍ය රක්ෂණ යනු කුමක්ද?

රක්ෂණ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා අරමුදල් යෙදවීමේ ක‍්‍රමයකි. රක්ෂණය සඳහා වාරික ආණ්ඩු, සේවායෝජකයන් හෝ පුද්ගලයන් විසින් ගෙවනු ලබන අතර රක්ෂණ වාරික භාවිත කොට රක්ෂණකරු රෝගීන්ට සුවසේවා සැපයීමේ වියදම් පියවා ගනියි. රක්ෂණකරු විසින් ගෙවීම් සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය සේවා සපයන්නන් වෙත හෝ සේවයට තමා විසින් මුදල් ගෙවා ඇති පරිශීලකයන් වෙතය. මෙහිදී රක්ෂණ ක‍්‍රමයෙන් ආවරණය ලබන සියලූ දෙනා අසනීප තත්ත්වයන්ට ගොදුරු නොවන නිසා රෝගී තත්ත්වයකට භාජන වීම හා සම්බන්ධ අවදානම ‘සමූහයේ’ බෙදීයෑමක් සිදුවේ.

සෞඛ්‍ය රක්ෂණයේ ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ සෞඛ්‍ය පද්ධතිය තුළ සෞඛ්‍ය සේවා මිලදීගැනීම සහ සැපයීම වෙන්කිරීමයි. තෝරාගත් සෞඛ්‍ය සේවා සපයන්නන්ගෙන් රක්ෂණකරු සේවා ලාභීන් සඳහා සේවාවන් මිලදී ගනී. මෙහිදී සේවා මිලදීගැනීම සහ සැපයීම වෙන්කිරීම මගින් රජයට පෞද්ගලික ආයතන වෙත මිලදී ගැනීම සහ සැපයීම පැවරීමට අවස්ථාවක් ලැබේ.එමගින් (පෞද්ගලික) සේවා සපයන්නන් අතර තරගකාරීත්වයක් ඇතිවී සේවා වල ගුණාත්මකභාවය වැඩිවී පිරිවැය අඩු වනු ඇතැයි විශ්වාස කරනු ලැබේ. එනමුත් තොරතුරු අසමමිතිය සහ ‘වෙළෙඳපළ අසාර්ථකත්වය’ (‘market failures’) නිසා දුර්වල සෞඛ්‍ය සේවා නියාමන පද්ධති පවතින අවස්ථා වන්හිදී බොහෝවිට ඉහළ පිරිවැයක් සහ අඩු ගුණාත්මකභාවයක් සහිත පෞද්ගලික සේවාවන් දක්නට ඇත.

‘නිදහස්’ සෞඛ්‍ය සේවය බිඳවැටීම

කොළඹ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනය විසින් පළ කර ඇති දත්ත අනුව 2015 දී ග‍්‍රී ලංකාවේ සෞඛ්‍ය වියදම්වලින් 54% ක් පෞද්ගලික මූලාශ‍්‍රවලින් පැමිණ ඇති අතර, එයින් 85% ක්ම රෝගී පාර්ශ්වය විසින් තම පසුම්බියෙන් ගෙවා තිබේ. ඉතිරි 15% අතරින්, සේවායෝජකයන් විසින් 5-8% ක් පමණ දායක වූ අතර රාජ්‍ය නොවන ආයතන විසින් 2-3% අතර ප‍්‍රමාණයක් ආවරණය වී ඇත. ඉතිරි 5% ක ප‍්‍රමාණය සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වී ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවනු ලබන කොටස සැලකිය යුතු ලෙස පෙනෙන්නට නොතිබුණද පෞද්ගලික මූල්‍ය සම්පාදනය සඳහා සෞඛ්‍ය රක්ෂණ දායකත්වය 1990 සිට 2015 කාල පරාසය තුළ 1% සිට 5% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම 2015 ඇස්තමේන්තුව තවදුරටත් ඉහළ යමින් පවතී.

2017 වසරේදී රජය විසින් හඳුන්වාදුන් ”සුරක්‍ෂා” වැඩසටහන මගින් අවුරුදු 5 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ සිසුන් හට රෝහල්ගත කිරීම සඳහා රුපියල් 200,000 ක්ද (රු. 100,000 ක උපරිමයකට යටත්ව, රජයේ රෝහලකට ඇතුළත් කිරීමකදී දිනකට රු. 1000 ක්ද, රජයේ රෝහල මගින් නොලැබෙන ඖෂධ / පරීක්ෂණ සඳහා රු. 10,000 ක්ද ඇතුළත්ව), විශේෂ නිදන්ගත රෝග හා සම්බන්ධ බාහිර රෝගී සේවා සඳහා රු. 10,000 ක් ද සමහර අනතුරු/ආබාධිත තත්ත්වයන් සඳහා සීමිත ප‍්‍රතිලාභ ගොනුවක් ද 2018 ඔක්තෝබර් මාසය දක්වා මෙම සිසුන්ගේ දෙමාපියන් වෙත සපයන ලදී. මෙහිදී, රජය විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත රක්ෂණ වාරික ගෙවූ අතර ග‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාසල් ළමුන්ගේ සෞඛ්‍ය වියදම් සඳහා ආවරණය සිසුන් හට ලබා දුනි.

සුරක්‍ෂා වැනි යෝජනා ක‍්‍රම, නිදහස් සෞඛ්‍ය ක‍්‍රමය නොමැති තැන නිෂ්පල වේ. උදාහරණයක් ලෙස යාපනයේ මා හඳුනන නිවසක සේවයේ යෙදෙන ස්ත‍්‍රියකගෙ දියණිය වන තෙනුජාගේ කතාව ගෙන බලමු. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වූ ශිෂ්‍යාවක් වන තෙනුජා මසකට වැඩි කාලයක් පුරා අඛණ්ඩ උණෙන් පෙළීම නිසා යාපනය ශික්ෂණ රෝහලට කීප වතාවක් ඇතුළත් වූ අතර, විශේෂඥයන් විසින් තරයේ පරීක්ෂා කර අවසානයේදී නිදන්ගත බෝවන රෝගයක් ඇතිබව හඳුනාගනු ලැබීය. තෙනුජාගේ මව හට තම දුව රෝහලේ රැඳී සිටියදී රෝහලෙන් ලබාගත නොහැකි පරීක්ෂණයකට සහ ඖෂධ සඳහා රු. 2600 ක් ගෙවීමට සිදුවිය. ඇය ඉන් අනතුරුව මෙම වියදම් පියවා ගැනීමට සහ නේවාසික ප‍්‍රවේශ සඳහා දිනකට රු. 1000 ක දීමනාව ලබා ගැනීමට අයැදුම් කරන ලදී. මෙම අවස්ථාවේදී සුරක්‍ෂා ක‍්‍රමය තෙනුජාගේ මවට සහනයක් වුවද, නිදහස් සෞඛ්‍ය ක‍්‍රමය නොතිබුනේනම් ඇය බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.

අප රටේ පවතින නිදහස් සෞඛ්‍ය පද්ධතිය සහ මෙවැනි රක්ෂණ ක‍්‍රම වෙන් කොට හුදකලාවේ සැලකිය නොහැක. පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ට ප‍්‍රවේශවීමට විවිධ උපකණ්ඩායම්වලට රජය විසින් සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රම හඳුන්වාදීමෙන් නිසැකයෙන්ම පොදු නිදහස් සෞඛ්‍ය පද්ධතිය අනාගතයේ දුර්වල කරනු ඇත. සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රම සඳහා මහජන සම්පත් ආයෝජනය කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීමට යෙදවන මුදල් ප‍්‍රමාණය අඩුවනවාත් සමගම පෞද්ගලික සෞඛ්‍ය සේවාවලට ඉල්ලූම ඉහළ නැංවෙන බැවින් පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වර්ධනය වනවා ඇත. තවද සෞඛ්‍ය සේවකයන් හට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන්ද සැලසෙන බැවින් නාගරික පහසුකම්, පාසල් අභිමතයන් සහ උසස් වැටුප් වැනි විවිධ සාධක හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් රාජ්‍ය සේවයෙන් ඉවත්ව යෑමත් සමගම මහජන සෞඛ්‍යය පද්ධතිය තවදුරටත් දුර්වල වී ඉහත සඳහන් තේනුජා වැනි රෝගීන් හට ‘ආරක්ෂිත ජාලයක්‘ ලෙස ක‍්‍රියා කිරීමට නොහැකි වනු ඇත.

තවද, සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රම මෙන් නොව, නිදහස් සෞඛ්‍ය පද්ධතිය සැලකුවහොත්, ‘මිලදී ගන්නන්‘ සහ ‘සැපයුම්කරුවන්‘ යන දෙපිරිසම රජය වේ. වෙළඳපොළ ඉලක්ක කරගත් ලාභ ඉපයීමකින් තොරව සෞඛ්‍ය සේවා සැපයීමෙන් රජයට සෞඛ්‍ය සේවා සම්බන්ධ පිරිවැය පාලනය කිරීමට හැකිවේ. එපමණක් නොව, කවර සේවා ආවරණය කරනු ඇත්ද, කුමන තරමකින් සහ කවරෙකුටද වැනි කරුණු සලකා බැලීමකින් තොරව සෞඛ්‍ය සේවා පරිශීලකයන් හට තම අවශ්‍යතා සපුරාලීමට නොමිලේ රාජ්‍ය අංශයට පිවිසිය හැක.

මීට අමතරව, නිදහස් සෞඛ්‍ය පද්ධතිය පුළුල් පරාසයක රෝග වැළැක්වීම සඳහා සේවාවන් (උදා: මව්වරුන් සහ දරුවන් හට ලබාදෙන ප‍්‍රජා මූලික සේවාවන්) ද මහජනතවට ලබාදෙයි. එනමුත් රාජ්‍ය පද්ධතිය තුළ නොමැති සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත පිවිසීමට සිදුවන බව පිළිිගත යුතු කරුණකි. මෙය රාජ්‍ය ආයෝජනවල හිඟකමේ සෘජු ප‍්‍රතිඵලයක් වන අතර මෙතරම් අඩු සෞඛ්‍ය වියදම් ප‍්‍රතිශතයකින් වුවද නේවාසික සත්කාරයෙන් 90% කට වැඩි ප‍්‍රමාණයක් නිදහස් සෞඛ්‍ය සේවාව ආවරණය කරනු ලබන බැවින් දැනට ලංකාවෙන් වාර්තා වන දරාගත නොහැකි පිරිවැය ප‍්‍රතිශතය අන් අඩු සහ මධ්‍යම ආදායම් රටවලට වඩා සාපේක්ෂ වශයෙන් පහළය.

සැමදෙනාටම පරිපූර්ණ සෞඛ්‍ය සේවාවක්

කැනඩාව සහ ඔස්ටේ‍්‍රලියාව වැනි බටහිර රටවල ව්‍යාප්ත වී ඇති සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයෙන් (social health insurance) සැමදෙනාටම එක් ක‍්‍රමයක් යටතේ එක් මට්ටමක ආවරණයක් ලබාදෙන බැවින් සෞඛ්‍ය සේවා පාරිභෝගිකයන්හට සැලකියයුතු බාහිර වියදම් නොමැතිව වඩාත් පරිපූර්ණ සහ සාධාරණ සේවා ආවරණයක් ලබා ගත හැක. ග‍්‍රී ලංකාවේ පවත්නා නිදහස් සෞඛ්‍ය පද්ධතියට විකල්පයක් වශයෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයන් යෝජනා කරන්නේ බටහිර රටවල්වල පවතින මේ සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයයි.

කෙසේ වෙතත්, අරමුදල් හිඟකම සහ පෞද්ගලික අංශය මත යැපීම හේතුවෙන්, අඩු සහ මධ්‍යම ආදායම් රටවල ක‍්‍රියාත්මක වන බොහෝ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමවේදයන් සෑමදෙනාටම සමාන මට්ටමක පරිපූර්ණ සෞඛ්‍යසේවා ලබාදීමට අසමත් වේ. එපමණක් නොව, මෙම ක‍්‍රමවේදයන් හරහා විවිධ ජනකොටස්වලට හිමි වන ප‍්‍රතිලාභ වෙනස් වේ. ඇතැම් පිරිස්වලට, නිදසුනක් වශයෙන් සේවායෝජකයා මත පදනම් වූ රක්ෂණ ලබන්නන් හට, සුපිරි ආවරණයන් හිමිවන අතර අඩුආදායම් පවුල්වලට බොහෝ විට අවම ප‍්‍රතිලාභ ලැබේ. එම නිසා දුගී ජනකොටස් සෞඛ්‍ය සේවා සඳහා ලබන ආදායමට සාපේක්ෂව වැඩිපිරිවැයක් දරයි. තවද මෙවැනි රක්ෂණයන් මගින් ලබා දෙන ආවරණය අවශ්‍ය වූ විගස රජයන් විසින් කප්පාදු කර සෞඛ්‍ය වියදම් සීමා කළ හැකි බැවින් සෞඛ්‍ය සේවා වල පරිපූර්ණභාවය කෙමෙන් කෙමෙන් පිරිහී යෑමට ඉඩ තිබේ. පාසල් යන සිසුන් සඳහා ඉලක්කගත සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් ලෙස සුරක්‍ෂා සමස්ත පාසල් ජනගහනය හට ආවරණය ලබාදුන් නමුත්, උපරිම සීමවකට යටත්වන බැවින් පරිපූර්ණභාවය අතින් සීමා සහිත වේ. ඇත්ත වශයෙන් ග‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ශිෂ්‍යයන්ට මෙවැනි ‘විශ්වීය’ ආවරණයක් ලබාදිය හැක්කේ එබැවිනි. තවද පාසල් ජනගහනය සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වන නිසා රෝහල් නේවාසික ප‍්‍රවේශයන්ද බොහෝ දුරට අඩුවේ.

රෝගී තත්ත්වයන් වැළඳීමේ සම්භාවිතාව වැඩිවනවිට සෞඛ්‍ය රක්ෂණ සමාගම් විසින් සුදුසුකම සහ ලබාදෙන ප‍්‍රතිලාභ මත පදනම් වූ සීමාවන් ක‍්‍රියාත්මක කරයි. නිදසුනක් වශයෙන්, AIA හි Health Protector යෝජනා ක‍්‍රමයට සුදුසුකම අවුරුදු 61 ට අඩු අයට පමණක් සීමා කර ඇති අතර අවුරුදු 70 ඉක්මවූ පසු ආවරණය ලබා නොදෙයි. එපමණක් නොව, එමගින් ආවරණය කරනුයේ සැත්කම් 250 ක් සහ බරපතළ රෝග 37 ක් පමණි. එම ලෙඩරෝග තත්ත්වයන් අතර තමාට වැළඳී ඇති රෝගය නොවේනම් සෞඛ්‍ය සේවා සඳහා තම පසුම්බියෙන් ගෙවීම හෝ පොදු සෞඛ්‍යසේවා මත යැපීමට පරිශීලකයා හට සිදුවනු ඇත.

(ලේඛකයා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රජා හා පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටී. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. පරිවර්තනයි. පියුමි මධුවන්ති)

ලබන සතියට

වෛද්‍ය රම්‍යාකුමාර් 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles