Divaina - දොරේඅප්පා මැරූ ත්‍රස්තවාදයට ආයෙත් දොර අරින යාපනයේ දැන් නගරාධිපති.... පොලිස් බලතලත් නැතුව පොලීසියක් පිහිටුවේ කොහොමද?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 jeffna
 
උදේශ සංජීව ගමගේ
 
jeffna2සංහිඳියාව පිළිබඳ අපට උපදෙස් දෙන්නේ වෙනත් රටවල්ය. සාමය පවත්වාගෙන යායුතු ආකාරය ගැන අපට පැහැදිලි කරන්නේ විවිධ රාජ්‍ය නොවන සංවිධානයි. ජිනීවා ගොස් රටට එරෙහිව ගතු කියන්නේද මේ උදවියමය. එහෙත් ඉඳහිට හෝ මුව හම පොරවාගෙන සිටිනවූන්ගේ කොටි පුල්ලි මතුවන හැටි කියන්නට කිසිවෙක් නැත.
 
 2009 වර්ෂයේ යුද්ධය නිමවූ බව සැබෑය. දකුණට පමණක් නොව උතුරටත් නැෙ`ගනහිරටත් නිදහස ලැබුණු බව කීවේ, උතුරුකරයේ හා නැෙ`ගනහිර වෙසෙන දෙමළ ජනතාවය. එහෙත් සමහර ජාතිවාදී දෙමළ දේශපාලනඥයන්ට වුවමනා වූයේ නැවත එල්. ටී. ටී. ඊ.යක් උපද්දවන්නටය. ඒ නිසාම ඩයස්පෝරාව සමඟ එකතුවී විවිධ උපක‍්‍රම යොදන්නට මේ දේශපාලනඥයෝ නිරන්තරයෙන් කටයුතු කළහ. ඊට ආවඩන්නට එල්.ටී.ටී.ඊ. වලිප්පුව වැළඳුණු අතළොස්සක්ද ඉතිරිව සිටින්නේය. යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්තන් එවැන්නකු බව අපි විශ්වාසයෙන් කියමු. එයට හේතුපාදක වූ කතාව මෙසේය.
 
 
 

* යාපනයට අලූත් පොලිසියක්
 
 jeffna3

 

පසුගිය අපේ‍්‍රල් 07 වැනිදා යාපනය නගර සභාවට සුවිශේෂී දිනයක් විය. ඒ අමුතු වර්ගයේ ‘‘බළකායක්’’ හඳුන්වාදීමේ අවසථාවක් එහි පැවැති නිසාය. යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් සංකල්පයකට අනුව එම ‘‘බළකාය’’ හඳුන්වාදී තිබිණි. පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මේ බළකායට ඇතුළත්ව සිටියහ. බළකායේ නිල ඇඳුම ලා නිල් පැහැති කමිසයක් හා තද නිල් පැහැති කලිසමක්ය. එම නිල ඇදුම දුටු මතින් සිහියට නැගෙන්නේ එල්.ටී.ටී.ඊ.යේ (කොටි) පොලිසියේ නිල ඇඳුමය. එම නිල ඇඳුමේ අඩුවකට තිබුණේ එල්.ටී.ටී.ඊ. නිල ලාංඡනය පමණි. නැතිනම් එහි වෙනසක් නැත. එම බළකායට ඇතුළත්ව සිටි පස්දෙනා යාපනය නගර සභාවේ ඩෙංගු හා මැලේරියා මර්දන වැඩසටහනට දෛනික වැටුපට ගත් සේවකයන් බව කියති. ඒ පස්දෙනාට පැවරී තිබුණු රාජකාරිය වූයේ නගරයේ රථ වාහන පාලනය හා පවිත‍්‍රතාවය සොයා බලා දඩ නිකුත් කිරීමය. ඒ සඳහා නියෝග ලබා දෙන්නේ නගරාධිපතිවරයාය.


 
jeffna4

 

යුධ සමයේ කොටි පොලිසියේ ප‍්‍රධානියාව සිටියේ ‘‘බාලසිංහම් නඬේසන්’’ය. එනම් එල්.ටී.ටී.ඊ. පොලිසියේ පොලිස්පතිය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්නට පෙර ‘‘නඬේසන්’’ ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුව සිටියේය. ඔහුගේ බිරිඳ සිංහල ජාතික කාන්තාවකි. නමින් විනීතා ගුණසේකරය. ගම කඹුරුපිටියේය. එවකට ඇය සේවය කළේ ද ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේය. මේ දෙදෙනාම ප‍්‍රභාකරන් යටතට පත්වන්නේ 1983 වර්ෂයේදීය. 1992 වර්ෂයේදී යාපනය අර්ධද්වීපය කලාපය තුළ පිහිටුවන ලද එල්.ටී.ටී.ඊ. පොලිසිය නඬේසන්ගේ ‘‘කොටි පොලිස් සේවයේ’’ ආරම්භයයි. 2002 වර්ෂයේදී නෝර්වේ රාජ්‍ය මැදිහත්කරුවකු ලෙස ගෙන එන ලද සටන් විරාම ගිවිසුමත් සමඟම, නැෙ`ගනහිර පළාත් තුළ ද නව පොලිස් ස්ථාන පිහිටුවීම සිදු කෙරුණේ බාලසිංහම් නඬේසන්ගේ අධීක්‍ෂණයෙනි. නඬේසන් විසින් පිහිටුවූ ඒ කොටි පොලිසියේ නිල ඇඳුම සහ වර්තමානයේ යාපනය නගරාධිපති මනිවන්නන් ඇරඹූ බළකායේ නිල ඇඳුමේ බොහෝ සමානකම් තිබේ. එමෙන්ම නඬේසන්ගේ කොටි පොලිසියට පැවරී තිබූ රාජකාරි වන දඩ ගැසීම්, වේග සීමා පැනවීම් වැනි රාජකාරි මනිවන්නන්ගේ බළකායේ රාජකාරිවලටද අයත්ය. ‘‘බළකායක්’’ ලෙසින් හැඳින්වූවාට එය මනිවන්නන්ගේ වචනයෙන් කිවහොත් නාගරික දෙමළ පොලිසියයි. munciple Tamil Police (MTP) ය. නගරාධිපති මනිවන්නන් මෙවැනි පොලිසියක් ආරම්භ කරන්නේ,  ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් ඕනෑතරම් යාපනයේ සිටියදීය.
 
 පෙරකී පරිදි රථ වාහන පාලනයත්, නගරයේ පවිත‍්‍රතාව සොයා බැලීම මෙන්ම දඩ ගැසීම්ද ඔවුන්ගේ රාජකාරි අතර විය. නගරාධිපති මනිවන්නන් මාධ්‍යවලට ප‍්‍රකාශ කර තිබූ ආකාරයට පොදු ස්ථානවල වාහන නැවැත්වීම, කෙළ ගැසීම, දුම්බීම ආදී කරුණු වලට රුපියල් දහසේ සිට පන්දහස දක්වා දඩ මුදලක් කි‍්‍රයාත්මක වේ.කොටි පොලිසියේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසීගත් පිරිස බොහෝ දෙනකුගේ උද්දාමයට හේතුවී ඇති වගක් ද පෙනෙන්නට තිබිණි. ඒ එල්.ටී.ටී.ඊ. මානසිකත්වයෙන් නොමිදුණු අය තුළය. එහෙත් යාපනය නගරයේ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන්ට මෙහි අමුත්තක් පෙනෙන්නට තිබිණි. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජකාරි කරන පසුබිමක, මේ අමුතු පොලිස් බළකායේ වැඩකටයුතු ගැන ඔහු විමසිල්මත් විය. ඒ නිසාම අරුන් සිද්ධාර්ථන් මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරට මේ බව ඉක්මනින්ම දැනුම් දීමට කටයුතු කළේය. ඔහු පෙන්වාදී තිබුණේ අප විසින් ඉහත මතුකළ කාරණාවමය. මෙය නීති විරෝධී කටයුත්තක් බවත්, මෙම නීත්‍යනුකූල නොවන පොලිස් බළකාය නගරයේ ඊනියා රාජකාරියේ යෙදෙන විට යාපනයේ ජනතාවට කොටි පොලිසිය සිහිපත් වන බවද අරුන් සිද්ධාර්ථන් පෙන්වා දී තිබිණි.
 
 මහජන ආරක්‍ෂක ඇමැතිවරයා එසැණින් පොලිසියට නියෝග කළේ මේ පිළිබඳව සොයා බලන ලෙසය. ඒ අනුව යාපනයේ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා යාපනය පොලිසිය හා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය යොදවා මේ ගැන විමර්ශනය කළේය. පොලිස් බළකායේ පස්දෙනා පොලිසියට කැඳවා, එම නිල ඇඳුම් පොලිසිය භාරයට ගැනුණි. ඒ ගැන කිහිපදෙනෙක්ගෙන් ප‍්‍රකාශ ද ලබාගන්නට කටයුතු කළේය. ඒ වනවිට නිරෝධායනය වෙමින් සිටි යාපනය නගරාධිපතිවරයාගේ නිරෝධායන කාලසීමාව අවසන්වූ සැණින් පසුගිය 08 වැනිදා ඔහු අත්අඩංගුවට පත්විය.
 
 මෙම කි‍්‍රයාවලියේ සංකල්පය තමාගේ බව නගරාධිපතිවරයා පොලිසියේදී පිළිගෙන තිබිණි. වෙනම පොලිසියක් ස්ථාපිත කිරීමට හේතුව කවරේදැයි දැනගැනීමට තවදුරටත් නගරාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබිණි.
 
 * පොලිස් බලතල දී තිබුණා නම්...
 
මේ වනවිට පළාත් සභාවට ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබාදෙන්නේ නැත. 1988 දී උතුරු නැගෙනහිර ප‍්‍රථම මහ ඇමැතිවරයාව සිටි වර්ධරාජා පෙරුමාල් ඉඩම් බලතල ලබාගැනීමට උත්සාහ දැරීය. එමෙන්ම වර්ධරාජා පෙරුමාල් සිය පාලන ප‍්‍රදේශයේ දෙමළ හමුදාවක් නිර්මාණය කරන්නටද කටයුතු කළේය. 1993 දී එවකට බස්නාහිර මහ ඇමැතිවරිය වශයෙන් කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පොලිස් බලතල ලබාගැනීමට වෙහෙසක් දැරීය. 1987 ජූලි 29 වැනි දින ඉන්දු ලංකා ගිවිසුම අනුව පළාත් සභා පිහිටුවීය. ඒ අනුව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය හඳුන්වා දුන්නේය. ඒ අනුව 1987 අංක 42 දරන පළාත් සභා පනත හඳුන්වා දෙන ලදී. 13 වැනි සංශෝධනය මගින් ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවට හිමිකර දී තිබුණද මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් පළාත් සභා ගෙනඒමෙන් පසු පත්වූ හැම ආණ්ඩුවක්ම එම බලතල පළාත් සභාවට ලබානොදීමට කටයුතු කිරීම ජාතියේ වාසනාවක් බව කිව යුතුය. ඒවා කි‍්‍රයාත්මක වූයේ නැත. යාපනයේ ‘‘පොලිස් බළකායේ’’ කතාව හුදෙකලා සිදුවීමක් ලෙස අපි විශ්වාස නොකරමු. අප දිය කොරහේ කිඹුලන් දකින්නේද නැත. එහෙත් සූදානම් ශරීරයෙන් සිටීම කාගෙ කාගෙත් ඇඟට ගුණය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles