Divaina - ගුණරතන හාමුදුරුවෝ ගමන් කරන ගුවන්යානය ගිනි ගනී... ‘අම්මට ආසාධ්‍යයයි ඉක්මනට එන්න’ ගුණරතන හාමුදුරුවන්ට නංගිගෙන් ලිපියක්...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 dalai
 

 තරංග රත්නවීර
 
‘‘නිතර මිනිස්සු පැමිණෙන විහාරස්ථානයේ අනිවාර්යෙන්ම ස්වාමීන්වහන්සේ නමක් වැඩසිටිය යුතුයි. ඒ වගේම වොෂින්ටන් විහාරය දියුණු වීගෙන ආවා විතරයි. මමත් නැති අවස්ථාවක උන්වහන්සේත් විහාරයෙන් යන එක අනුමත කරන්න බෑ...’’ මගේ හිතේ එවැනි සිතුවිලි මතු වෙනකොට මයිකල් රෝම්ට දුරකථන ඇමතුමක් අරගෙන සිද්ධිය පැහැදිළි කරලා වියට්නාම සරණාගතයන් සමඟ පැමිණි භික්‍ෂූන්වහන්සේ නමක් ඉන්නවද? හොයා බලන්න කියලා දැනුම් දුන්නා. ඒ මොහොතේම මයිකල් රෝම් සරණාගත කඳවුරු කිහිපයකට කතා කරලා වියට්නාම හෝ කාම්බෝජ භික්‍ෂූන් වහන්සේනමක් හොයලා තිබුණා. ෆෙන්ෂුලියාවේ සරණාගත කඳවුරක වියට්නාම භික්‍ෂූන්වහන්සේ නමක් ඉන්න බව ආරංචි වෙලා මයිකල් රෝම් ඒ කඳවුරට ගිහින් භික්‍ෂූන් වහන්සේගේ වගකීම භාරගෙන වොෂින්ටන් විහාරයට එක්කරගෙන ඇවිත් තිබුණා.
 
 උන්වහන්සේ පැවිදි වුණාට ධර්මය ගැන කිසිදු අවබෝධයක් තිබුණේ නෑ. ඒ වගේම එයාට දරුවෝ අටදෙනෙක් හිටියා. සේරම ගැහැණු දරුවෝ. ඒ භික්‍ෂූන් වහන්සේගේ එකම රජකාරිය වෙලා තිබුණේ දරුවෝ අටදෙනාට රැකියා සොයාදීම සහ හොඳ විවාහයන් කරදීම. වොෂින්ටන් විහාරය උපකාර කරගෙන උන්වහන්සේගේ ඒ වැඩකටයුතු ටික කරගෙන ගිහින් තිබුණා. ඒත් වොෂින්ටන් විහාරස්ථානයේ භික්‍ෂූන්වහන්සේ නමක් නොසිටි අවස්ථාවක උන්වහන්සේගේ පැමිණීම විශාල උපකාරයක් වුණා. ඔය අතර කාලයේදී වජිරාරාමයේ පියදස්සී හාමුදුරුවොත් වොෂින්ටන් විහාරයට වැඩම කරලා තිබුණා. මම ඒ වෙනකොටත් ෆ්ලෝරිඩා සරණාගත කඳවුරේ රාජකාරි කරනවා. ඒ කඳවුර විසුරුවාහරින තෙක් රාජකාරියෙන් බැහැර වෙන්න හිත දුන්නෙම නෑ. ඒ අසරණ බෞද්ධ ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලා එම අවස්ථා ඉටුකරදීම විශාල පුණ්‍යකර්මයක් විදිහට මම සැලකුවා. ඒත් ඔක්තෝම්බර් මාසෙ කුණාටු සහිත වැහි කාලේ පටන් ගන්න පෙර කඳවුර සම්පූර්ණයෙන් සුද්ධ කර දිය යුතු බවට අපව දැනුවත් කර තිබුණා.
 
 කාලය වේගයෙන් ගෙවී ගිහින් ඔක්තෝම්බර් වෙනකොට කඳවුර විසුරුවාහැරීමට අවශ්‍ය වැඩකටයුතු අවසාන කරලා තිබුණා. ඇමෙරිකාවේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවත් අපේ රාජකාරිය ගැන නොසෑහෙන්න ප‍්‍රසංශා කළා. ඒ වගේම රාජකාරිය අගයමින් මට සහතික පත‍්‍රයකුත් ලබා දුන්නා. ඒ වෙනකොට ෆ්ලෝරිඩාවලට කුණාටු තත්ත්වයත් පටන් ගෙන තිබුණා. මම දන්න හඳුනන වියට්නාම ජාතිකයන්ට කතා කරලා සරණාගතයන්ට උදව් කරන්න කියලා දැනුම් දුන්නා. ඩෝ ඩින් ලොග් කියලා හිතවත් වියට්නාම ජාතිකයෙක් සරණාගතයන් සීයකට රැකියා ලබා දුන්නා. ඒ සියලූ දෙනාටම ඉන්න හිටින්න තැනුත් ලබා දුන්නා. වියට්නාම සරණාගතයන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය කර අවසානකොට මම නැවත වොෂින්ටන් විහාරයට පැමිණියා. විහාරයට ඇවිත් සතියක් යෑමටත් පෙර ඇමෙරිකාවේ පුරවැසි භාවයත් මට ලැබුණා. එතකොටත් මම වොෂින්ටන් ඇමෙරිකා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා. ෆ්ලෝරිඩා සරණාගත කඳවුරේ රාජකාරියට ගියේ විශේෂ නිවාඩුවක් ලබාගෙන. එම රාජකාරිය අවසාන කර පැමිණ නැවත විශ්විවද්‍යාලයට ගිය හැටියේ ශාස්ත‍්‍රපති උපාධියට ඉල්ලූම් කළා...
 
 ශාස්ත‍්‍රපති උපාධිය සම්පූර්ණ කරන්න විශාල මුදලක් වියදම් වෙන බව මට තේරුණා. සරණාගත කඳවුරේ කළ සේවයට ලැබුණු මුදල ශාස්ත‍්‍රපති උපාධිය සම්පූර්ණ කිරීමට ප‍්‍රමාණවත් නෑ කියලත් මට හැඟුණා. වොෂින්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පළමු අවුරුදු කිහිපයේ විතරයි මයිකල් රෝම් වියදම් කළෙත්. ඊට පස්සේ ඉගෙනීම් කටයුතු කරගෙන ගියේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල පවත්වන දේශනවලට ලැබෙන මුදල්වලින්. මගේ වාසනාවට ඇමෙරිකාවට ගිහිල්ලා අවුරුද්දක් විතර යද්දී දේශන පැවැත්වීමට විවිධ විශ්වවිද්‍යාලවලින් ආරාධනා ලැබෙමින් තිබුණා. ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල බෞද්ධ දේශන පවත්වන්න කියලා නියෝග කරලා තිබුණේ එරට රජයෙන්. ඒකට ප‍්‍රධාන වෙලා තිබුණේ වියට්නාම යුද්ධය. එතකොට වියට්නාමයේ ජනාධිපති මෝ ඩිම් ඩියම්. කතෝලික පූජකවරයෙක්. ජනාධිපති බිරිඳ නූ. අතිශය දරුණු ක‍්‍රිස්තියන්කාරයන්. බෞද්ධ ආගමට බොහෝම විරුද්ධයි. වියට්නාම බෞද්ධ ජනතාවට වෙසක් උත්සවයක් පවත්වන්නවත් අවසර දීලා තිබුණේ නෑ. බුද්ධාගම යටපත් කරන්න දැඩි නීති දාලා තිබුණා. ඒ නීතිවලට විරුද්ධව වියට්නාම බෞද්ධ ජනතාව සටන් කළා. ‘මේ රට ක‍්‍රිස්තියානි කරන්න ඉඩ දෙන්නෙ නෑ... ආගම වෙනුවෙන් ජීවිතය පූජා කරනවා’ කියාගෙන ස්වාමීන්වහන්සේ නමක් ගිනි තියාගෙන තිබුණා...
 
 වියට්නාම මිනිස්සු මරාගෙන, මැරෙන්න තරම් දරුණු වෙන්න අදාහන ආගම මොකක්ද කියලා ඇමෙරිකාව සොයන්න පටන් ගත්තා. වියට්නාම බහුතරය බෞද්ධ. වියට්නාම බුද්ධයන් සටන් වැදුණේ තම ආගම බේරාගැනීමට. සාමාන්‍යයෙන් බෞද්ධ ජනතාව යුද්ධයට කැමති නෑ. ඒත් ආගම බේරාගැනීමට ඔවුන්ට සටන් කරනවා හැරෙන්න වෙන විකල්පයක් තිබුණේ නෑ. ඔය කාලේ වෙනකොට වයස 18 ට වැඩි සියලූම තරුණයන් යුද්ධයට බඳවා ගන්නා බවට ඇමෙරිකා රජය විසින් එරට පුරවැසියන්ට නියෝගයක් පනවා තිබුණා. ඇමෙරිකන් ජාතිකයන් බහුතරය ඒකට කැමති වුණේ නෑ.
 
 මම ඉගෙනගත්ත ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේ බෞද්ධ ආගම පිළිබඳ අනුශාසක විදිහට පත් වුණාට පස්සේ අපේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න සමහර ඇමෙරිකන් ජාතික ළමයි ඇවිත් ‘බෞද්ධයෙක් හැටියට යුද්ධ කිරීම හෘද සාක්‍ෂියට විරුද්ධයි... මගේ ආගම යුද්ධය අනුමත කරන්නෙ නෑ...’ බෞද්ධ ආගමිකයන් හැටියට මගෙන් සහතික ඉල්ලූවා. විශ්වවිද්‍යාලයේ ක‍්‍රිස්තියානි පූජකවරුන් සමඟ සාකච්ඡා කරලා සහතික ඉල්ලගෙන පැමිණි සියලූ ළමයින්ට සහතික ලබා දුන්නා. ඒ සහතිකය තිබුණු ළමයින්ව යුද්ධයට අරගෙන ගියේ නෑ. ඇමෙරිකාව පුරා එවැනි විශාල බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති වෙන්න හේතුව මොකක්ද කියා සොයාබැලීමටත් ඇමෙරිකා රජය විසින් එරට විශ්වවිද්‍යාලවල බෞද්ධ දේශනා පවත්වන්න කියලා නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඒත් බුද්ධාගම ගැන විශ්වවිද්‍යාලයක දේශනාවක් පවත්වන්න තරම් දැනුම තිබුණු භික්‍ෂූන්වහන්සේලා ඇමෙරිකාවේ හිටියේ නෑ. මම ඇමෙරිකාවට ගියෙත් ඔය සන්දියේ. දුක්විඳගෙන ඉංග‍්‍රීසි ටිකක් ඉගෙනගෙන හිටිය නිසා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීමේ වගකීම මට පැවරුණා...
 
 වගකීම් භාරගැනීමට මම හරිම කැමැතියි. බෞද්ධ ආගම පිළිබඳ දේශන පැවැත්වීමට ඇමෙරිකාවේ සෑම විශ්වවිද්‍යාලයකට මම ගියා. ඒ, ඒ විශ්වවිද්‍යාලවලින් ගුවන් ටිකට් පත් ලබා දුන්නා. කෑම බීම, ඉඳුම් හිටුම් ලබා දුන්නා. පන්තියක පැයක් දේශන පවත්වනවට ඩොලර් සීයක් දීමනාවක් ගෙව්වා. දවසකට පැය හතරක්, පහක් පන්ති කළා. ඒ ලැබෙන මුදල තමයි මගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කළේ. ඒත් සරණාගත කඳවුරේ රාජකාරියට යෑමත් සමඟ විශ්වවිද්‍යාවල දේශන පැවැත්වීමට යෑම නතර වුණා. ඒ නිසා තමයි ශාස්ත‍්‍රපති උපාධිය හැදැරීමට සල්ලි නැති වුණේ. ශාස්ත‍්‍රපති උපාධිය සම්පූර්ණ කරන්න උපකාර කරන්න කියලා බෞද්ධ තානාපතිවරුන්ට, සමාගම්වලට ලිපි කිහිපයක්ම යොමු කළා. කිසිකෙනෙක් තඹ ශතයක් දුන්නෙ නෑ. ඒත් මම බලාපොරොත්තු අතහැරියේ නෑ. ඇමෙරිකා විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ඉල්ලූම් කළා. මගේ අධ්‍යයන කටයුතු ගැන සැලකිලිමත් වෙලා එකට දෙකක් ශිෂ්‍යත්ව ලබා දුන්නා. 1975 අවුරුද්දේ ශාස්ත‍්‍රපති උපාධිය පාඨමාලාව ආරම්භ කළා. උපාධි පාඨමාලාව අවුරුදු දෙකයි. ශිෂ්‍යත්වයක් ලබා දුන්නම ෆුල් ටයිම් විශ්වවිද්‍යාලයේ පන්තිවලට සහභාගි වෙන්න ඕනෑ. සියලූ බාහිර ක‍්‍රියාකාරකම් අතහැර උපරිම කැපවීමෙන් උපාධි පාඨමාලාව කරගෙන යනකොට 1976 අවුරුද්දේ දවසක ‘අම්මට බොහෝම අසනීපයි’ කියලා නංගි ලිපියක් එවලා ලැබුණා...
 
 ‘‘ඒ කතාව අහපු මොහොතේ ඉඳලා මගේ හිත කිව්වේ ‘ඉගෙනගන්න තව කාලය තියෙනවා. ඉක්මනට අම්මා බලන්න යන්න ඕනෑ’ කියලා. ඒ අනුව ඇමෙරිකා විශ්වවිද්‍යාලයටත් දැනුම් දීලා නිවාඩු ලබාගෙන ලංකාවට එන්න සූදානම් වුණා. වොෂින්ටන් ඉඳලා කෙළින්ම ලංකාවට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. වට වන්දනාවක් ගිහින් තමයි ලංකාවට එන්න වෙලා තිබුණේ. වොෂින්ටන්වලින් හවායිවලට ගියා. ඒකත් ගුවන් ගමනක්. ඊට පෙර මම හවායිවලට ගිහින් තිබුණේ නෑ. ඒ ගමනේදී හවායි දූපතේ ගිනි කඳු සේරම බලාගෙන හූවාම් දූපතට යන්න ෆලයිට් එකට ගොඩ වුණා. පැය අටහමාරක විතර ගුවන් ගමනක්. මම වාඩිගෙන හිටියේ දකුණු පැත්තේ ජනේලයක් ළඟ සීට් එකක. මම ෆලයිට් එකක ගමන් කරනකොට ජනේලයක් අයිනෙ වාඩිගෙන හොඳට එළිය නරඹමින් යන්නෙ. එදත් එළිය බලාගෙන යනකොට ගුවන් යානයේ දකුණු පැත්තෙ එංජිමෙන් දුම් දානවා මම දැක්කා. ගුවන් යානය වේගයෙන් පියාසර කරනකොට එහෙම වෙනවා ඇති කියලා හිතාගෙන ඒ දිහා හොඳට බලාගෙන හිටියා. ඉඳ, හිට ගිනි දැල් මතු වෙනවත් මම දැක්කා. ගිනි දැල් මතු වෙනවා දැකලා විනාඩි දෙකක්වත් ගියේ නෑ. ‘ගුවන් යානයේ ඇන්ජිම ගිනි ඇවිළෙනවා... හූවාම් එයාර්පොට් එකට ගමන් කරන්න බෑ. සියලූ මගීන් ආරක්‍ෂිත සීට් බෙල්ට් දාගෙන විමසිලිමත්ව ඉන්න... අපි කියන දේට හොඳට ඇහුම්කන් දීලා වැඩ කරන්න... දැන් නැවත අපි ගුවන් යානය හවායි ගුවන් තොටුපළට අරගෙන යන්න සූදානම් වෙනවා...’ කියලා ප‍්‍රධාන ගුවන් නියමුවා දැනුම් දුන්නා...
 
 විශාල ගුවන් යානයක්. සියලූ ආසන මගීන්ගෙන් පිරිලා. සියලූ දෙනා දැඩි අනතුරක. මාරයා සමඟ ගමන් කිරීමක්. ළමයි සමඟ හිටිය දෙමවුපියෝ දරුවෝ තුරුළු කරගෙන. සියලූ මගීන් තුෂ්ණිම්භූත වෙලා ඉදිරිය බලාගෙන ඉන්නවා. මගීන් අතරින් ‘හූම්’ ශබ්දයක්වත් නැෙඟන්නෙ නෑ. ගුවන් යානය නැවත හැරවූ බවත් ගුවන් නියමුවන් දැනුවත් කළා...
 
 ‘ගුවන් යානය හවායි ගුවන් තොටුපළට බස්සවන්න පුළුවන් වුණොත් කලබල නොවී, ස්වයංකී‍්‍රයව විවෘත වන හදිසි දොරවල්වලින් බහින්න සූදානම්ව සිටින්න... එම දොරවල් විවෘත වීමත් සමඟ මගීන්ට බිමට බැසීමට වායු පිරිණු මෙට්ටයක් පහළට බෑවුම් වේ. ඒ මෙට්ටය දිගේ බිමට ලිස්සා යන්න. කිසිම ගමන් මල්ලක් අතට ගන්න එපා... මුලින්ම බහින්නෙ බඩදරු අම්මලා සහ පුංචි දරුවෝ. දෙවනුව වයසක අය... සෑම මගියෙක්ම හැකි ඉක්මනින් ගුවන් යානයෙන් බැහැලා පසුපස අයටත් බහින්න අවස්ථාව ලබා දෙන්න... ඒ වගේම ගුවන් යානයෙන් බිමට බහින මගීන් ඈතට දුවන්න ඕනෑ...’’ ගුවන් නියමුවන් විටින් විට මගීන්ව දැනුවත් කළා. යානයේ සිටි සියලූදෙනා දෑස් දල්වාගෙන ඒ හඬට සවන් දීගෙන සිටියා. මම කිසිම හැලහොල්මනක් නැතිව ඇන්ජින් එකෙන් මතු වන ගිනි දැල් දිහා බලාගෙන හිටියා...
 
 මතුසම්බන්ධයි
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles