Divaina - ඊයේ පෙරේදා ඌවෙන් මතුවුණේ නිට්ටෑවන්ද?... ලංකාවේ නිට්ටෑව්න් ඉන්නවාමයි... මෙතෙක් හෙළි නොවූ සම්පූර්ණ කතාව මෙන්න...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 nitta
 
 * නියෑන්ඩර්තාල් මානවයා වඳ වූයේ කෙසේද?.. නිට්ටෑවන්ට අත්වූවේ ඒ ඉරණමද?
 
 ඔසිත අත්තනායක
 
කාලයෙන් කාලයට පැමිණෙන සංසිද්ධි අතරට එක්ව ඇති නිට්ටැවන් පිළිබඳ කතාවට යළිත් පණ ලැබී තිබේ. මෙවර ඒ සඳහා වන නිධාන කතාව මතුවන්නේ ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින්වත්ත ආශ‍්‍රිත කැලෑ ප‍්‍රදේශයෙනි. මෙම ප‍්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුමිටෙක් නේත‍්‍රාගම වැසියෝ කිහිපදෙනෙක් දැක තිබේ.
 
 වලහෙකුගේ බාහිර පෙනුමට සමාන අකාරයෙන් දිගු කොණ්ඩයකට හිමිකම් කියන මෙම සත්ත්වයා, අඩි දෙකහමාරක පමණ උසකින් යුත් අඟුටුමි ශරීරයකින් හෙබි බව මෙම දර්ශනය දුටු ගම් වැසියෝ පවසති. භීතියට පත් එම ගම්වාසීහු පවසන ආකාරයට මේ ‘නිට්ටැ දර්ශනය’ මුලින්ම දැක ඇත්තේ ජලනල සකස් කිරීමක් සඳහා ගොස් ඇති ඞී. ඉන්ද්‍රසිංහ මහතාය.
 
 ”අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුණ උල් ඇස් දෙක රතුපාටයි. දැක්ක ගමන් මට බයක් ඇති වුණා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න ඕනේ කියලා ක්ෂණිකව මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළ`ගට යන්න යනකොට පස්ස නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා. අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ. ඊට පස්සේ ගමේ තවත්, අය මේ අඟුමිට්ටා දැකලා තියෙනවා ඉන්ද්‍රසිංහ මහතාගේ කතාව එසේය.
 
 ඉන්ද්‍රසිංහ මහතාට අමතරව තවත් කිහිපදෙනෙක් මේ අඟුමිට්ටාව දැක ඇති අතර ඒ සියලූ නිරීක්ෂණයන්ගේ කතාව ඉන්ද්‍රසිංහගේ නිරීක්ෂණයට සමානය.
 
 දාහතර හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, ”මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලූවා. හරිම භයානක මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා යනුවෙනි.
 
 ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ තවත් විස්තර කරන්නට විය.
 
 ”මල්ලි කෑගහගෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලූවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස, කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.”
 
 එම සිදුවීමත් සමග නේත‍්‍රාගම ගම්වැසියෝ බොහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.
 
 මේ කතාන්දරය වාර්තා වන්නේ පසුගිය සතියේය. සාමාන්‍යයෙන් මෙවැනි අද්භූත රැළි හමා යන්නේ කිසිසේත්ම විස`දුමක් නොදී අමුතුම තාලයකටය. එක් සිද්ධියකින් මතුවන මේ රැළි, එකවරම අද්භූත කාණ්ඩයට දමා, කාලයට විස`දා දෙන ලෙස භාර කළ යුතුද...? නැතිනම් සරසවි පර්යේෂණ කණ්ඩායමකට එම කටයුත්ත භාර දිය යුතුද...? මෙවැනි තර්ක ගණනාවක් නිට්ටෑවන් විෂයෙහි දැන් ගොඩනැෙ`ගනවා ඇත.
 
 නිට්ටෑවන් පිළිබඳව කතාව ඉතා පහසුවෙන් ගැලපී එන්නේ පරිණාමවාදය පිළිබඳ වූ මතවාදයටය. මානව පරිණාමයේදී ශේෂ වූ සත්ත්ව විශේෂයක් ලෙස මේ නිට්ටෑවන් හ`දුන්වාදී විද්‍යාවට නම් ගැළවීමක් ලබාගත හැකි වනු ඇත. එසේ වුවත් ලක්දිව නිට්ටෑවන් සිටිනුයේ එවැනි සරල තැනක නොවේ.
 
 නිට්ටැවන් පිළිබඳ අතීත කතා
 
 නිට්ටෑවන් පිළිබඳව පළමු වරට අදහසක් ඉදිරිපත් කර ඇත්තේ මහා දාර්ශනික ප්ලිනි (ඡකසබහ එයැ ැකාැර)ය. නිට්ටෑවා යනු ලංකාවේ වෙසන කුරුමිටි මිනිසුන් විශේෂයක් බව ප්ලිනි පැවසුවේ මීට සියවස් විස්සකට පෙර දී ය. ප්ලිනිට අනුව නිට්ටෑවන් මිනිස් හැඩයම ගත්, ව`දුරන්ට ද යම් සමාන කමක් ඇති කුරුමිටි මානව වර්ගයකි. නිට්ටෑ පිරිමින් අඩි හතරක් පමණ උස්වූ බව වාර්තා වේ. මේ කුරුමිටි මිනිසුන්ට වලිගයක් නොතිබූ බව ද, ඔවුන් ද්විපාද සංචරණයෙහි සමතුන් වූ බව ද ප්ලිනි වාර්තා කොට ඇත. එසේම නිට්ටෑවන් දුඹුරු ලෝම සමක්වූ බව ද මේ තොරතුරුවලට ඇතුළත් ය. ප්ලිනි යනු ස්වභාවික විද්‍යාව පිළිබඳව වියතෙකි. ඔහුගේ රචනා ගණනාවක එදා පැවති සිංහලදීපය පිළිබඳව තොරතුරු ඇතුළත්ය. ප්ලිනිගේ නිරීක්ෂණය අනුව පෙනී යන්නේ නිට්ටෑවා යනු මෙරට ආවේනික සත්ත්ව විශේෂයක් හෝ මානව විශේෂයක් බවය.
 
 .............................
 
nitta2ස්පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස් 2004 දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සැරිසරයි. දෙසැම්බර් 25 වැනිදා දහවල් කාලයේදී වනයේදී ඇතිවන හදිසි වැස්සකදී ගල්ගුහාවකට දිවයන ඔහු වැස්සෙන් බේරීම සඳහා ගුහාව තුළට එන අමුතු ජීවියෙකු දකී. අඩි 3 ක් පමණ උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති මේ ජීවියා ගුහාව තුළ වෛද්‍ය මාටිනස් සිටින බව ඉවෙන් දැනගෙන මහ වැස්සෙම පලා යයි. මේ සත්ත්වයා කවරෙක්ද?
 
මහාචාර්ය මාටිනස් විසින් දක්නා ලද අර්ධ මනුෂ්‍යයා ශ‍්‍රී ලංකාවට ආවේණික මෙයට වසර 150 කට පමණ පෙර වඳ වී ගිය නිට්ටෑවා නමැති සතා බව විශ්වාස කරනු ලැබේ. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීත් සිටි නිට්ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමු වැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක් තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්ත‍්‍රීය මෙහෙවරක් කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක් මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක් කළේය. ඔහුගේ පර්යේෂණ පත‍්‍රිකා දහස් ගණනක් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප‍්‍රවීණයකු වූ හියු නෙවිල් නිට්ටෑවන් ගැන ඉංගී‍්‍රසි පොතක් ලියා තිබේ.
 
 නිට්ටෑවන් ගැන අනෙක් පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්වැල්ලය. ශ‍්‍රී ලංකාවේ නිට්ටෑ ප‍්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක් 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්ටමින් අඩි 100 ක් උසින් පිහිටි මහලේනම ප‍්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලූගස්වැව කැලය)
 
 බඹරගස්තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආරු නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප‍්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්හිල් 1945 දී ශ‍්‍රී ලංකාවට පැමිණ නිට්ටෑවන් ගැන පර්යේෂණයක් කළේය. ඔහුගේ අදහස වූයේ නිට්ටෑවන් යනු මෙයට වසර ලක්ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්ඨාසය ලෙස නිට්ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන යේටි නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)
 
 වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්ටෑවන්ට ප‍්‍රමුඛ තැනක් හිමිවේ. සිංහලයන්ගේ ජන කතාවල ප‍්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන්ම වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්ටෑවෝ වූහ. නිට්ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්ටෑ රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 - 200 අතර කාලයකට පෙර සංහාරය කරන ලද බව පැවසේ.
 
 මෙයට වසර 100 - 150 කට පෙර ලේනම සහ අවට වනාන්තරයේ ජීවත් වූ වැදි ජනතාවගේ භයානකම සතුරා වූයේ ලේනම කොටියාය. මෙයට වසර දෙතුන් සියයකට පෙර කතරගම පෙරහැර නැරඹූ ලේනම වැද්දන් ආපසු වනයට ගොස් පෙරහැර අනුකරණය කර සිය බිරියන්ට සහ දරුවන්ට පෙන්වීමට උත්සාහ කළ බවත් එහිදී පන්දම් පත්තු කිරීම සඳහා ඔවුන් වල් ඌරු තෙල් භාවිත කළ බවත් එම අපහාසය නිසා සිත් වේදනාවට පත් දෙවිවරුන් වැද්දන්ගෙන් පළි ගැනීම සඳහා ලේනම කොටියා මැවූ බවත් පුරාවෘත්තවල සඳහන්ය. මේ කොටියා ඉතා බියකරුය. ශරීර ප‍්‍රමාණයෙන් විශාලය. එහෙත් වැදි ජනතාව ලේනම කොටියාටත් වඩා බය වූයේ නිට්ටෑවන්ටය. නිට්ටෑවන් විසින් තනිවූ වැද්දන් මරාගෙන කන විටත් වැද්දන් විසින් වියළනු ලැබීමට තැබූ මස් සොරකම් කරන විටත් වැද්දන් මීපැණිවල දැමූ වියළි මස් ගබඩා කිරීම සඳහා පාවිච්චි කළ වේ හුඹස්කඩා එම ද්‍රව්‍ය සොරාගත් විටත් සහ තනිව ගමන් කළ වැදි ගැහැනු දූෂණය කර මරා අනුභව කළ විටත් තවදුරටත් ඉවසා සිටීමට බැරි තත්ත්වයක් වැද්දන්ට ඇතිවිය. මේ නිසා එක්තරා දවසක බදුල්ලට දකුණින්ද, පොළොන්නරුවට උතුරින්ද, කල්මුණේට සහ අම්පාරට නැගෙනහිරින් ද නුවරට බටහිරින්ද පිහිටි හෝලිකේ නමැති වැදි ගම්මානයේ වාසය කළ නායක වැද්දෙක් තම කණ්ඩායම රැස්කරවා නිට්ටෑවන් සංහාරය කළ යුතු බවට තීන්දු කළේය. මේ නායක වැද්දාගේ ඥාති මී මුණුබුරා මිනියක් මරා හෝලිකේ වනාන්තරයට පැන වැදි ගැහැනියක සමග ජීවත් වූ ගම්පහ සිටි සිංහල මිනිහෙකු වන තිසාහාමිය. වැදි ජනතාවගේ හොඳම මිතුරා වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ මිත‍්‍රයෙකි. තිසාහාමිගේ පුතා ගමා නමැති වැද්දාය. හෝලිකේ වන්නකු තිසාහාමි සහ මෙයට වසර කිහිපයකට පෙර මියගිය වැදි නායක තිසාහාමි (නූතන වැදි නායක ඌරු වරිගෙ වන්නියාගේ පියා සමග පටලවා නොගත යුතුය) එම සාකච්ඡාවේදී නිට්ටෑවන් මැරීම සඳහා ඔවුහු උපක‍්‍රමයක් කතාකර ගත්හ.
 
nitta4හෝලිකේ කැලය සහ ලේනම කැලය එකට සම්බන්ධය. 1800-1850 අතර ලේනම කැලය තුළ නිට්ටෑවන් 30 ක රංචුවක් වාසය කළහ. එසේම අවට පිහිටි තවත් වනාන්තරවල නිට්ටෑවන් 4 - 5 යනාදී වශයෙන් කුඩා කණ්ඩායම් ජීවත් වූහ. දිනක් 50 ක පමණ වැදි කණ්ඩායමක් දුනු හී තල, පොරෝ කෙටි සහ වෙඩි කොටන තුවක්කු කිහිපයක් රැගෙන නිට්ටෑ කණ්ඩායම් වට කළහ. මේ කණ්ඩායම්වල නිට්ටෑවන් 25 ක් පමණ සිටි බව විශ්වාස කරනු ලැබේ. ඉන් පසු වැද්දෝ වන සතුන් කොටු කරන ආකාරයට නිට්ටෑවන් පසුපස පන්නාගෙන ගොස් ගල් ගුහාවක් තුළට යොමු කළහ. මේ ගුහාව ඉදිරියෙන් හටගත් විවරයක් තිබූ අතර පසුපසින් විවරයක් නැති තැනකි. නිට්ටෑවන් ගුහාව තුළට ගිය පසු වැද්දෝ මුලින්ම කටු අකුල් යොදා ගුහා දොරටුව හරස් කළහ. ඉන් පසු වියළි දර ගෙන ගුහා දොරටුව වැසී යන පරිදි ගොඩගසා ගිනි තැබූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ගුහාව තුළ සිටි නිට්ටෑවන් සියලූ දෙනා මියයෑමය.
 
 ගිනිගොඩ නිසා ගුහා විවරය අවට තිබූ ඔක්සිජන් සියල්ල දහනය විය. මේ නිසා ගුහාව තුළ වූ ඔක්සිජන් නිම වීමත් සමග නිට්ටෑවන් මරුමුවට පත්වූහ. වැද්දන් විසින් ගුහාව තුළ සිටි නිට්ටෑවන් පණ පිටින් පුළුස්සා මැරූ බවටද මතයක් පවතී. එනමුදු එය ප‍්‍රායෝගික මතයක් නොවේ. ගුහා ද්වාරයේ දල්වන ලද ගින්දර ගුහාව තුළට ගෙන යෑමට සුදුසු මාධ්‍යයක් හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් ගුහාව තුළ තිබීමක් හෝ සිදුව නැත. ඒ බැවින් නිට්ටෑවන් මියයන්නට ඇත්තේ හුස්ම ගැනීමට නොහැකිවය. පසු කාලයේදී ගුහාව තුළට රිංගූ වන සතුන් නිට්ටෑවන්ගේ මළ කඳන් අනුභව කරන්නට ඇත.
 
 
 වත්මන් වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ මතය
 
 මේ මතය සපුරා බැහැර කරමින් වත්මන් වැදී නායකයා බීබීසී සේවයට ප‍්‍රකාශ කර තිබුණේ, නිට්ටෑවන් එක් තැනකට කොටු කළ ආදිවාසීන් ඔවුන් සමූල ඝාතනය කළ බවට පවතින මතය තමා පිළිනොගන්නා බවය. නිට්ටෑවන් ආදිවාසී දරුවන් කා දැමූ නිසා ඔවුන්ව විනාශ කළ බවක් තමාට තමාගේ පියා හෝ වෙනත් මුතුන් මිත්තෙකු කිසි දිනෙක පවසා නැති බව ද ඔහු එහිදී පවසා සිටියේය.
 
 ‘‘නිට්ටෑවන් එකතු කරල ගල් ගුහාවකට දාල ගිනි තියල මරල දැම්ම කියන ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒ ඇත්තො මීයෝ වගේ නෙමේනෙ, එකතු කරල ගන්න. අනික එහෙම කණ්ඩායමක් මේ රටේ හිටිය නම් ඒ අය එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කට්ටියක් ඉන්න ඕන. ඒ අයගෙත් පරම්පරාවක් තියෙන්න ඕන.
 
 ඉතින් මේ ඔක්කොම නිට්ටෑවන් එකතු කෙරුවයි කියල විශ්වාස කරන්න අමාරුයි.’’ කෙසේ වෙතත්, නිට්ටෑවන් අතීතයේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ බවට ඇති මතය තමා පිළිගන්නා බව ඔහු පවසා තිබුණි.
 
 ‘‘අප්පිල ඇත්තන්ගෙ මුත්තිල ඇත්තන්ටයි කිරි අප්පිල ඇත්තන්ටයි කැළෑවෙදි හමුවෙලා තියෙනව මේ නිට්ටෑවො. හැබැයි මටවත් මගේ අප්පිල ඇත්තන්ටවත් මේ නිට්ටෑවන් හමුවෙලා නම් නෑ.’’ ආදිවාසී නායකයා හෙළි කළේ මීට දශක ගණනාවකට පෙර සිය ගමේ ද ‘‘වැඩිය උස නැති පවුලක්’’ වාසය කර ඇති අතර ඔවුන්ගේ උස අඩි 3 ක් පමණ වූ බවය. ඒ හින්ද ඒ අයටත් නිට්ටෑවන් කියල නමක් දාල තිබ්බ. ඒ මගේ අප්පිල ඇත්තන්ගෙ අප්පිල ඇත්තන්ගෙ කාලෙ ඒ කියන්නෙ අවුරුදු 200කට විතර එහාදි. ඔවුන්ගෙන් පැවතෙන අය තවමත් ජීවත් විය හැකි බව වැදී නායකයා මෙහිදී පවසා තිබුණි.
 
 ‘‘කවද හරි නිට්ටෑවන් මගේ ඇස් දෙකින් දැක්කොත් මෙන්න නිට්ටෑවන් කියල ලෝකෙටම ප‍්‍රකාශ කරනවා. ඔය නිට්ටෑවන් සම්බන්ධව මේ දක්වාම අපේ රැහේ කොහෙන්වත් නම් ආරංචි වෙලා නෑ. අම්පාරේ ඇතැම් කැළෑබද ප‍්‍රදේශවල නිට්ටෑවන් දුටු බවට පැතිරෙන අදහස් ගැන ඔහු දක්වා තිබුණේ මෙවන් අදහසකි.
 
 ‘‘නිට්ටෑරතුගල අම්පාරෙදි මුණ ගැහුණ, කැළැවෙදි දැක්ක කියල කතාවක් තියෙනව. ඒ කතාව ඇත්ත නම් මම හිතනව ඒ නිට්ටෑවන් කියන පරම්පරාවෙ තවත් ඈයො ඉතුරු වෙලා ඉන්න ඇතැයි කියල. ඒ ඇත්තන්ගෙන් කැකුළියො කැකුළො ඇති වෙන්න ඇති,’’ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පවසා තිබුණි.
 
 මුලදී නිට්ටෑ නමක් නොතිබූ බවත් වැද්දන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ ‘යකුන්’ යනුවෙන් බවත් පසුව ඔවුන් නිට්ටෑවන් (ස්ථිර ලෙසට) සංහාරය කරන ලද නිසා නිට්ටෑ යන වචනය බිහි වූ බවත් කියනු ලැබේ. එසේම මේ සත්ත්වයා අග්නිදිග ආසියානු ගොඩබිම් වූ අන්දමන් දූපත්, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය යනාදියෙහි මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ නෙගි‍්‍රටෝස් ප‍්‍රාථමික මනුෂ්‍ය වර්ගයක ලාංකීය ඥතියකු බවටද මතයක් පවතී.
 
 1886දී හියූ නෙවිල් විසින් පළකළ මතය
 
 නිට්ටෑවන් පිළිබඳ හියු නෙවිල් සොයාගත් කරුණු මෙසේය. නිට්ටෑවන් යනු අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්ටෑ ගැහැනිය අඩි දෙකහමාරක් උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්තිමත් බාහු, ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහර නිට්ටෑවන්ගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප‍්‍රාථමික ගල් ආයුධයක් හෝ ලී ආයුධයක් ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන මුව කුළු හරක් වැනි විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්ටෑවන් එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස් අමුවෙන්ම අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙයි. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්ටෑවන් පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්ටෑවන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්වා රංචු වශයෙනි.
 
 හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියැවිල්ලකට අනුව නිට්ටෑවන්ගේ වාසස්ථානය වූයේ ගල්ගුහාවක් හෝ ගහක්මත තනන ලද වේදිකාවක්. මෙයට වහළක් තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් න`ගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක් සහිත තෙළිඟු හා සමාන භාෂාවක් ඔවුහු කතා කළහ.
 
 මෙයට අවුරුදු 200 කට පමණ පෙර ඉන්දියාවේ මලබාර් ප‍්‍රදේශයේ අපූරු මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වූහ. නියාඩි යන නමින් හැඳින්වුණු ඒ මිනිසුන් සම්පූර්ණ නිරුවතින් ජීවත් වූ අඩි තුනහමාරකට වඩා උස නැති අර්ධ මනුෂ්‍ය වර්ගයකි. මලබාරයේ ගම්මානවල මායිමේ වනාන්තරය පටන් ගන්නා තැන ඔවුහු ගැවසුනාහ. මලබාරයේ වෙසෙන හින්දු ආගමිකයන් කතා කරන මලයාලම් භාෂාව කතා කිරීමට ඔවුන්ට බැරි විය. ඒ වෙනුවට ඔවුන් කතා කළේ ඔවුන්ට පමණක් වැටහුණු අමුතු බසකි. එම බස සෑදී තිබුණේ යටි උගුරෙන් කරන ශබ්ද, උඩු තල්ලෙන් කරන ශබ්ධ, මුව තුළට වාතය පුරවා දෙතොල් තදකර ආපසු පිටකිරීමේදී ඇතිවන ශබ්ද. විසිල් ශබ්ද වැනි සීමා සහිත ශබ්ද කිහිපයකිි. මලබාරයේ සිටින මිනිසුන් මේ අර්ධ මනුෂ්‍යයන්ට ආහාර දුන්හ. ගම සහ වනය අතර මායිමේ ඔවුන් කුඩා රංචු වශයෙන් එක්වී ගම දිහා බලාගෙන සිටින විට විවිධ ආහාර රැගත් මලබාර් මිනිසුන් එහි ආහ. එවිට නියාඩි නමැති අර්ධ මනුෂ්‍යයන් කරන්නේ තමන් සමීපයට නොඑන ලෙස මලබාර්වරුන්ට සංඥා කර කැලය තුළට වැදී ඈතට වී බලා සිටීමය. මලබාර් මිනිසුන් කැලෑ සීමාවේ ආහාර තබා ගිය විට නියාඩි මිනිසුන් පැමිණ ඒවා රැගෙන ගියහ. එසේ නොවන අවස්ථාවල ඔවුහු ඉබ්බන්, කබරගොයින් සහ තලගොයින් අනුභව කළහ. ඔවුහු කිසි විටෙකත් ආයුධ පරිහරණය නොකළහ.
 
 මලබාරයේ නියාඩි අර්ධ මනුෂ්‍යයන් සහ ශ‍්‍රී ලංකාවේ නිට්ටෑවන් එකම මූලයකින් එන අර්ධ මනුෂ්‍ය කොට්ඨාස දෙකක් බව සිතිය හැකිය. ශරීරයේ උස, අදහස් හුවමාරු කර ගන්නා භාෂාව, ආහාර සහ ආයුධ පරිහරණය නොකිරීම යන කාරණාවලදී මේ දෙගොල්ල ඉතා කිට්ටුය.
 
nitta3ලංකාවේ නිට්ටෑවන් හා සමාන මනුෂ්‍ය කොටසක් ඉන්දුනීසියාවේ ජීවත් වූ බවට සාක්ෂි තිබේ. මෙයට අවුරුදු 12000 කට උඩදී ඔවුන් වඳ වී ගිය බව විශ්වාස කෙරුණ ද ඔවුන්ට සමාන අර්ධ මනුෂ්‍යයෝ මෙයට වසර 300 කට පෙර ද ඉන්දුනීසියානු කැලෑවල කුඩා රංචු වශයෙන් සිට ඇත. HOMO FLORESIENSIS යන මානව වර්ගයට අයත් ඔවුන් ඉන්දුනීසියානු ජනයා විසින් හඳුන්වන ලද්දේ EBU GOGO (එබු ගෝගෝ) යනුවෙනි. 1922 - 30 අතර එබු ගොගෝ මනුෂ්‍ය කණ්ඩායමක් දුටු ඉන්දුනීසියානුවෙක් කියන කතාව මෙසේය.
 
 එබු ගොගෝ මිනිස්සු සාමාන්‍ය මනුෂ්‍යයන් වැනිය. ඔවුහු හරි කෙලින් ගමන් කළ අතර, අඩි 3 කට වඩා උස්නොවූහ. ඔවුන්ට වලිග නැත. සිරුර ලෝමවලින් වැසී තිබිණ. මුහුණ වඳුරකුගේ හෝ ඔරං උටන් සතුන්ගේ මුහුණට සමාන විය. සුනඛ දත් වැනි තියුණු විශාල දත් ඔවුන්ට තිබිණ. ඔවුන්ගේ ගැහැනු සතුන්ගේ පියයුරු විශාලය. මහත් ශක්තියක් ඔවුන්ට තිබූ අතර වේගයෙන් දිව යෑමට ඔවුනට හැකිවිය. මිනිසුන් ඔවුන් අල්ලා ගැනීමට තබා ඒ ගැන සිතීමටත් කලින් ඔවුහු දිවගොස් අතුරුදන් වූහ.
 
 LIA VLA නැමති ගල් ගුහාවක් ඉන්දුනීසියාවේ තිබේ. එරට VA Bron නමැති ගමේ පිහිටි එම ගුහාව කිලෝ මීටරයක් පමණ දිග, උමගක් වැනිය. එබු ගොගෝ රංචු පිටින් එහි ජීවත් වූහ. ඔවුන් ආයුධ ගැන හෝ ගින්දර ගැන දැන සිටියේ නැත. එබැවින් අතට හසුවන සතුන් අමුවෙන්ම කෑම ඔවුන්ගේ සිරිත විය. ඔවුන් කවදාවත් නෑවේ නැත. එබැවින් මේ අර්ධ මනුෂ්‍යයන් වෙතින් අමුතු කුණු ගඳක් වහනය විය. උරුලෑ ගඳින් උන් ගිය පාර හඳුනාගත හැකියාවක් මෙන් එබු ගොගෝ මිනිසුන් ගිය පාර එම කුණු ගඳින් හඳුනාගත හැකි විය. රාත‍්‍රි කාලයේදී ගම්වදින ඔවුහු ගැමියන්ගේ හරකුන්, කුකුලන් හොරෙන් ගෙන ගියහ. ගැමියන් පවත්වන සාම්ප‍්‍රදායික එළිමහන් උත්සවවලදී පිසිනු ලබන ආහාර කෑමේ බලාපොරොත්තුවෙන් එබු ගොගෝ මිනිසුන් ඈතට වී බලා සිටියහ. ගැමියන් ඔවුනට අත පෙවිය හැකි හරියේ ආහාර තැබූ විට ඔවුහු ඒවා නොසපාම ගිල දැමූහ. සමහර විට ලබුකැට පොල්කටු පවා හපා ගිල දැමීම ඔවුන්ගේ සිරිත විය. ගැමියන් උත්සවවලදී බෙර වයන විට එබු ගොගෝ ජනයා තමනට ආවේණික නැටුමක් නටන්නට පටන් ගනිති. මෙය, එම අර්ධ මනුෂ්‍යයන් කවයක් වටා සිටගෙන ඇඟ සොලවා කරන ඒකාකාරී නැටුමකි. ඔවුනට භාෂාවක් තිබිණ. එය අන් අයට හරියකට තේරුණේ නැත.
 
 මේ අතර එබු ගොගෝ මනුෂ්‍යයන්ගෙන් ගැමි ජනයාට සිදුවන කරදර එන්න එන්නම වැඩි විය. දිනක් ගමේ මිනිසුන් උත්සවයක් සංවිධානය කළහ. ආහාර පාන ආදියෙන් කුස පුරවා ගත් එබු ගොගෝ ජනයා තම ගුහාව තුළට වැදුනාහ. එවිට ගැමි ජනයා තම ගුහාව වෙත ගොස් විශාල පිදුරු මිටි ඔවුන්ට දී ඒවා මත නිදාගත හැකි බව සංඥා භාෂාවෙන් කීහ. එබු ගොගෝ මිනිසුන් එවැනි පිදුරු මිටි 500 ක් ගුහාව තුළට ගෙන ගියහ. ඉන් එක පිදුරු මිටියක් තුළ ගිනි පෙනෙල්ලක් සඟවා තිබිණි. අර්ධ මනුෂ්‍යයන් ගුහාව තුළට ගිය විට එහි කට වසා දමන ලද අතර ගිනි පෙනෙල්ලේ තිබූ පිදුරු මිටියට ගිනි ගත්තේය. ඉන්පසු ගුහාව තුළ සිටි සියලූ දෙනා පිළිස්සී මළහ. ඉතිරි වූයේ වනය තුළ දඩයම් සොයා ගොස් සිටි එබු ගොගෝ යුවලක් පමණි. ඔවුහු කඳුකරයට පලාගියහ. ගුහාවට ගිනි තැබූ විට එබු ගොගෝවරුන්ගේ සිරුරුවල වසා සිටි මැක්කන් කෝටි ගණනක් එළියට පැමිණි බවත්, ඔවුන් යාබද ගමෙහි කිලෝමීටර් භාගයක් දුර ප‍්‍රමාණයක ගහකොළ සම්පූර්ණයෙන්ම වසා ගෙන සිටි බවත් කියනු ලැබේ.
 
 ලංකාවේ නිට්ටෑවන්ගේ සහ ශ‍්‍රී ලංකාවේ එබු ගොගෝ මිනිසුන්ගේ ඉරණම එක හා සමාන වීම පුදුම සහගත නොවේද?. මෙයට වසර සිය ගණනකට පෙර ඇමෙරිකාවේ ජීවත් වූ අර්ධ මනුෂ්‍ය වර්ගයකට ද මේ හා සමාන ඉරණමක් හිමි විය.
 
 දහනව වැනි ශතවර්ෂයේදී ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයන් අතුරින් කෙනකු වූද පරිණාමවාදය පිළිබඳ අදහස ලොවට හෙළි කළා වූද, චාල්ස්ඩාවින් මුල සිටම කීවේ මනුෂ්‍යයා බිහිවූයේ අප‍්‍රිකාවෙන් බවය. එයට හේතුව, වානරයන්ගේ මුල් බිම ද අප‍්‍රිකාව වීම ය. මේ අනුව, අප‍්‍රිකාවෙන් වානරයා බිහි විය. වානරයාගෙන් මනුෂ්‍යයා බිහි විය. ඉන් පසු ඒ මිනිස්සු අප‍්‍රිකාවෙන් එළියට බැස ලොව පුරා පැතිර ගියහ.
 
 එක් වානර වර්ගයක් නූතන මනුෂ්‍යයා බවට පරිණාමනය වන විට තවත් වානර වර්ග කිහිපයක් වෙනත් මනුෂ්‍ය වර්ග බවට පරිනාමය වෙමින් ලොව පුරා ඇවිදින්නට වූහ.
 
 පසුගිය සති කිහිපය තුළ මේ ලිපි පෙළ ඔස්සේ අප විසින් විස්තර කරන ලද නිට්ටෑවන් ද එවැනිම සත්ත්ව කොට්ඨාසයක් විය හැකිය. මෙයට වසර 40000 කට පෙර මිහිතලය වෙතින් සදහටම වඳව ගිය නියෑන්ඩර්තාල් මනුෂ්‍යයා ද එවැනිම පිරිසක් වෙති. නියෑන්ඩර්තාල් මානවයා වඳ වූයේ කෙසේද? ඇතැමෙකුගේ අදහස වන්නේ ‘අපද අයත් වන’ හෝමෝ සේ්පියන්ස් මනුෂ්‍ය වර්ගයා විසින් නියෑන්ඩර්තාල් මනුෂ්‍ය වර්ගයා සංහාරය කර දමන ලද බවය. තවත් අයකු කියන්නේ ජානමය දුර්වලතා නිසා ඔවුන් වඳ වූ බවය. තවත් අදහසක් වන්නේ ඔවුනගේ ආහාර රටාව, එනම් පෝෂ්‍යදායක ආහාර ලබාගැනීමට ඔවුන් නොදත් නිසා පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් කායිකව පරිහානියට පත්ව ඔවුන් වඳ වූ බවය. වැදගත්ම මතය වන්නේ නියෑන්ඩර්තාල් මනුෂ්‍යයන් සිය වර්ගයා බෝ කිරීමේදී ලේ නෑයන් අතර කායික සම්බන්ධතා පැවැත්වූ නිසා දුර්වල දේහයන් ඇති, ලෙඩවලට ඔරොත්තු නොදෙන දරුවන් බිහි වූ බැවින් පරම්පරා කිහිපයක් තුළ මිහිතලයෙන් අතුගෑවී ගිය බවය.
 
 වානරයන් වෙතින් පරිණාමය වෙමින් පැමිණ මඟදී අතරමං වූ එකම අර්ධ මනුෂ්‍ය වර්ගය නිට්ටෑවන් නොවන්නේ නම් එවැනි වර්ග තව බොහොමයක් සිටිනවා විය යුතුය. මලබාරයේ ජීවත් වූ නියාදි නමැති අර්ධ මනුෂ්‍ය කොට්ඨාසද ඉන්දුනීසියාවේ ජීවත් වූ එබු ගෝගෝ අර්ධ මනුෂ්‍ය වර්ගය ද එවැනි පිරිසක් බව පසුගිය සතියේදී අපි සඳහන් කළෙමු. නිට්ටෑවන් මෙන්ම ඉහත සඳහන් අර්ධ මනුෂ්‍ය වර්ග දෙක තවමත් සම්පූර්ණයෙන් වඳ වී ගොස් ඇති බවට සාක්ෂි නැත. අද අප විස්තර කරන්නේ ඇමෙරිකන් සහ මහාද්වීපවලින් හඳුනා ගැනීමට හැකි වූ අර්ධ මනුෂ්‍ය වර්ග කිහිපයක් ගැනය.
 
ඉන් පළමුවන වර්ගය වූ කලී ගෝතමාලාව නමැති ලතින් ඇමෙරිකානු රට සහ මැක්බොක් ආශ‍්‍රිත යුකටාන් සානුවේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ්කමං නමැති අර්ධ මනුෂ්‍ය කොටසය. ඔවුන්ගේ උස අඩි එකහමාරක් වූ බවත් ඔවුන්ගේ දේහය මනුෂ්‍ය හැඩරුවට සමාන වූ බවත් කියනු ලැබේ. පූර්ණ කාලයෙහි ඉහත සඳහන් ප‍්‍රදේශවල ජීවත් වූ මායා සහ ඇස් මනුෂ්‍යයන්ගේ ගොවිතැන් කටයුතුවලට සහයෝගය දීම මෙකී ඇලූ මනුෂ්‍යයන්ගේ ප‍්‍රධාන වගකීම වී තිබේ. මේ අතර ඇතැමෙකු තර්ක කරන්නේ ඇලූයනු මනුෂ්‍ය වර්ගයක් නොව භූත ප‍්‍රාණීන් විශේෂයක් බවය.
 
nitta5අප‍්‍රිකා මහාද්වීපයට අයත් ටැන්සානියාවට ආවේනික අර්ධ මනුෂ්‍යයන්ගේ නම Agogwe ය. ඔවුන් උසින් ලංකාවේ නිට්ටෑවන්ට සමානය. ඔවුන්ගේ අත් ඉතා දිගය. සිරුර ලොම්වලින් වැසී තිබෙන අතර ඒවා කහ සහ රතු වර්ණ මිශ‍්‍රණයකින් සෑදී ඇත. මේ අර්ධ මනුෂ්‍යයන් පිළිබඳ ලේඛනගත සාක්ෂි 1938 අවුරුද්දේ නිකුත් වූ Discovery සඟරාවේ පළ විය. 1900 අවුරුද්දේ අවසාන කපිතාන් විලියම් හයිෂන්ස් නමැත්තා විසින් එම විස්තරය සටහන් කර තිබේ. කපිතන්ගේ වචනවලින් ඒ මෙසේය. ‘‘නවසිය ගණන්වල මුලදී සිංහ දඩයමක් සඳහා මම ටැන්සානියානු කැලයට ගියෙමි. එය මිනීකන සිංහයකු මැරීම සඳහා ආණ්ඩුව විසින් මට පවරන ලද රාජකාරි කටයුත්තකි. මා සමඟ ටැන්සානියානු ජාතික දඩයක්කරුවෙක්ද විය. වනය තුළදී හිටි ගමන් කුඩා මිනිසුන් දෙදෙනෙක් අපට දිස්විය. අඩි 4 කට වඩා උස නැති, ඒ මිනිසුන්ගේ සිරුරු හැඩපලූගෙතුනු ලොම්වලින් වැසී තිබිණ. ඔවුන් සිටියේ නිරුවතිනි. මේ මනුෂ්‍යයන් දුටු මගේ දඩයක්කාර සගයා වෙවුලන්නට විය. අගෝග්වි මිනිසකු දැක ගැනීමට හැකි වන්නේ ජීවිත කාලයේ එක් වතාවකදී පමණක් බව ඔහු මට කීවේය.
 
 හයිෂෙන්ස්ගේ ලිපිය පළවූ පසු එය කියවූ මානව විද්‍යාඥයෝ ඔහු බොරුකාරයකු බව කියමින් අපහාස කරන්නට පටන් ගත්හ. ඒ සමගම ජපන් නාවිකයන් පිරිසක් 1927 දී නැගෙනහිර අප‍්‍රිකාවේ දී දුටු සිද්ධියක් පිළිබඳ ලිපියක් ඩිස්රි සඟරාවේ පළවිය. කන්බර්ට්බර්ගොයින් එහි ලේඛකයාය. ඔහු සිය පිරිස සමඟ ජපන් නැව් බඩු බෝට්ටුවක නැගී නැගෙනහිර අප‍්‍රිකානු වෙරළ පසු කරමින් සිටියේය. එම වෙරළ සම්පූර්ණ වනාන්තරයකි. එහි බැබුන් වානරයන් සිටින බව නැවියෝ දැන සිටියහ. මේ අතර කත්බර්ට්බර්ගොයින් දුර දක්නයකින් වෙරළ දෙස බැලූවේය. ඒ බැබුන් වානරයන් දකිනු පිණිසය. ඔහු සැබැවින්ම බැබුන් රැලක් දුටුවේය. එසේම ඒ රැළ පසුපසින් ගමන් කරමින් සිටි කුඩා මනුෂ්‍යයන් තිදෙනකු ද දුටුවේය. ඒ මිනිසුන්ගේ උස අඩි 4 ට අඩුය. පසුව කන්බර්ට් මේ ගැන සිය මිතුරන් සමඟ සාකච්ඡා කළේය. එවිට නැගෙනහිර අප‍්‍රිකානු වනාන්තරයේදී මෙවැනි මිනිසුන් පවුලක් මුහුණටම හමුවූ දඩයක්කාරයෝ ඉදිරිපත් වී සිය අත්දැකීම කත්බර්ට්බර්ගොයින්ට විස්තර කළේය.
 
 වියට්නාම් සහ ලා ඕස් යන රටවලත් බෝනියෝ නමැති දූපතෙහිත් Batutut නමැති අර්ධ මනුෂ්‍ය වර්ගයක් වෙසෙති. සිරුර පුරා දුඹුරු ලෝම ඇති, අඩි 6 ක් උස මේ මනුෂ්‍ය වර්ගය සිටින්නේ නිරුවතිනි. ඔවුන්ගේ හිසකෙස් අලූ පාටය. නැත්නම් දුඹුරු පාටය. ඔවුන් ජීවත් වුණේ කුඩා කණ්ඩායම් ලෙස ය. මේ අය නියෑන්ඩර්තාල් මානවයන්ගෙන් ශේෂ වී පැවත එන කුඩා කොටසක් බව විස්තර කෙරේ.
 
 සයරේ නමැති අප‍්‍රිකානු රාජ්‍යයෙහි ද මෙවැනිම අර්ධ මනුෂ්‍ය පිරිසක් වෙසෙති. ඔවුන් හඳුන්වන්නේ ්ච්ප්බාස යන නමින් ය. මේ මනුෂ්‍ය වර්ගය ප‍්‍රමාණ තුනකින් සමන්විතය. පළමු ප‍්‍රමාණය අඩි 3 සිට 5 දක්වා උසය. දෙවැනි ප‍්‍රමාණය අඩි 5 සිට 8 දක්වා උසය. තුන්වන ප‍්‍රමාණය අඩි 8 සිට 15 දක්වා උසය. එහෙත් මනුෂ්‍යය ඇසට හසු වී ඇත්තේ අඩි 3 සිට 5 දක්වා උස සත්ත්වයන් පමණි. සෙසු ප‍්‍රමාණවල සතුන් හමු වන්නේ සයරේ රටේ ජනප‍්‍රවාදවලය. අඩි 15 ක් උස වානර විශේෂ ලොව සිටින්නට ඇති බව විශ්වාස කෙරෙන නමුදු මෙයට වසර පන් ලක්ෂයකට පමණ පෙර ඔවුන් සහමුලින්ම වඳ වී ගිය බව කියනු ලැබේ.
 
 ති‍්‍රකෝණමඩු වනාන්තරයේදී පුද්ගයන් තිදෙනෙක් නිට්ටෑවන්ට කොටුවෙති
 
 ශ‍්‍රී ලංකාවේ වනගහනය තුළ ඇති අදටත් නොවිසඳුණු ලොකුම අබිරහස නිට්ටෑනක් නැගෙනහිර පළාතට අයත් වනාන්තරය හා බැඳුණු පුරාවෘත ගණනාවක නිට්ටෑවන් සිටින නමුත් මේ අර්ධ මනුෂ්‍ය කණ්ඩායම් අදටත් වාසය කරන්නේය යන තර්කය සනාථ කිරීමට ඇති සාක්ෂි ප‍්‍රමාණය අල්පය. නැගෙනහිර පළාතේ වාකරේ ප‍්‍රදේශය ආසන්නයේ පිහිටි ත‍්‍රිකෝණමඩු වනාන්තරය මැදින් ගලා බස්නා මහවැලි ගං ඉවුරකදී නිට්ටෑවන් පිරිසකට මැදි වූ සිංහල මිනිසුන් තුන්දෙනෙක් ගැන කලකට පෙර අපට දැනගන්නට ලැබිණ. මෙය සිදු වී ඇත්තේ වසර 10 කට පමණ පෙරය. ලබු කැට සහ මස්තොග අතින් ගත් නිට්ටෑවන් පිරිස ඉහත සඳහන් පිරිස පසුපස පන්නාගෙන පැමිණි බවත් එම පිරිස මහවැලි ගඟට පැන පණ බේරා ගත් බවත්, දැනගන්නට තිබේ. ගං ඉවුරට වී බොහෝ වේලාවක් බලා සිටි නිට්ටෑවන් කණ්ඩායම ආපසු වනය තුළට ගිය බව ද ඔවුන් කිසිදු අවස්ථාවක ගංගාවට නොබැස්ස බව ද වාර්තා විය. අතීතයේ විසූ වැදි ජනයා ද මොනම හේතුවකටවත් ගඟකට හෝ ඇළටක බැස නැත. ගං දිය තුළින් පෙනෙන තම ප‍්‍රතිබිම්බය ඔවුන් සැලකුවේ යක්කු ලෙස ය. එහෙත් නූතන වැදි ජනතාව එසේ නොවෙති. ඔවුහු සෞඛ්‍ය සම්පන්න ජීවිතවලට තැනක් දෙති. අර්ධ මනුෂ්‍යයන් වන නිට්ටෑවන් ශරීර සෞඛ්‍ය හෝ පිරිසිදුකම ගැන හැඟීමක් නැති අතර, රැස්කිරීමේ අවශ්‍යතාවක්ද නැත. එබැවින් ඔවුහු ගං දියට බිය ඇත්තාහ. ත‍්‍රිකෝණමඩු කැලෑවේදී නිට්ටෑවන්ට මැදි වූ තිදෙනා ගැන අපට තොරතුරු ලැබුණේ දුරකථන මාර්ගයෙනි. ළඟදීම අප හමු වී ඒ අත්දැකීම සවිස්තරාත්මකව හෙළි කිරීමට ඔවුන් සූදානම් ය.
 
 ලංකාවේ නිට්ටෑවන් යනුවෙන් අර්ධ මනුෂ්‍ය කොට්ඨාසක් වාසය කරන බව මුල් වරට සඳහන් කළේ ක්ව්සියස් නමැති ග‍්‍රීකයා ය. කි. පූ. පස්වන ශත වර්ෂයේදී, එනම් මෙයට වසර 2500 කට පමණ පෙර ජීවත් වූ ඔහු පර්සියන් රාජ සභාවේ රාජකීය වෛද්‍යවරයා ය. ඊට අමතරව ඔහු ඉතිහාසඥයෙක්ද විය. ඉන්දියාව ගැන ඔහු ලියූ ෂබාසජ් නමැති ග‍්‍රන්ථයේ ඔහු ටැප්‍රොබේන් (ලංකාව) දූපත ගැන ලියා තිබේ. සුනඛයන්ගේ මුහුණු සහිත මනුෂ්‍ය ශරීරයක් සහිත අමුතු සත්ත්ව වර්ගයක් මේ දූපතේ වෙසෙන බවත් (ක්ව්සියස්මේ සතුන්ට කීවේ ජහබදජැචය්කස යනුවෙනි) වන සතුන්ගේ සම්වලින් සැදූ ඇඳුමකින් ඔවුන් විලි වසාගෙන සිටින බවත් ඔහු ලියුවේය. ‘භාෂාවක් නැත. ඔවුහු බල්ලන් මෙන් බිරූහ. සාමාන්‍ය සුනඛයන්ගේ දත්වලට වඩා විශාල දත් ඔවුන්ගේ මුඛයෙහි විය. ඔවුන්ගේ නියපොතු සුනඛ නියපොතුවලට යම් තරමකින් සමාන වුවද, ඒවාට වඩා බෙහෙවින් දිගු විය...’ යි ඔහු සඳහන් කළේය.
 
 ඉන්දියාව හා ලංකාව යන කලාපවල මනුෂ්‍ය වෙස්ගත් අද්භූත සතුන් වාසය කරන බව ප්ලිනි නමැති ඉතිහාසඥයා ද ලියා ඇත. ක‍්‍රි. පූ. පළමුවැනි ශත වර්ෂයේ ඉතාලියේ ජීවත් වූ ඔහු ක‍්‍රි. පූ. 79 අගෝස්තු 25 වැනිදා විසූවිසස්ගිනි කන්ද පුපුරන විට එය බැලීමට ගොස් ගෙන්දගම් විෂ වායුව ශරීරගත වී මළේය. එහෙත් ඉන් වසර හාරසිය ගණනකට පසු ප‍්‍රංශයට අයත් ගෝල් දේශයේ ජීවත් වූ රෝමානු කතෝලික බිෂොප්වරයකු වූ පැලේඩියස් (ඔහු පසු කාලයේදී සාන්තුවරයකු ලෙස ද නම් කෙරිණි.) ටැප්‍රොබේන් දූපතෙහි ප‍්‍රාථමික වර්ගයේ මනුෂ්‍ය කොට්ඨාස වාසය කරන බව කීවේය. මේ කියන කාලයේදී ශ‍්‍රී ලංකාව රජවරුන් විසින් පාලනය කෙරෙන සෞභාග්‍ය සම්පන්න පෞර රාජ්‍යයකි. පැලේඩියස් බිෂොප්තුමා කියන ප‍්‍රාථමික මනුෂ්‍යයන් ජීවත් වූයේ ශිෂ්ට මනුෂ්‍යයන්ට අමතරවය. කෙසේ වුවද බිෂොප්තුමා ප‍්‍රාථමික මනුෂ්‍යයන් ලෙස හඳුන්වන ලද්දේ වැද්දන් ද යන සැකය තවමත් තිබේ.
 
 1886 දී බි‍්‍රතාන්‍ය ජාතික සිවිල් සේවා නිලධාරියකු වූ හියු නෙවිල් ලංකාවේ නැගෙනහිර පළාතට ගොස් නිට්ටෑවන් ගැන පර්යේෂණ කරන විට පළාතේ ගම්මුලාදැනියකු වූ මඩකලපුවේ ඒ. ද සිල්වා ඔහු හමුවිය. මේ ගම්මුලාදෑනියා රාජකාරි සඳහා වනගහනය මැදින් නිතර ගමන් කළ කෙනෙකි. අවස්ථා කිහිපයකදීම නිට්ටෑවන් ඔහුට මුහුණටම හමු වී තිබිණි. පසුව හියු නෙවිල්ට කොරලියා නමැති වැද්දෙක් හමුවිය. නිට්ටෑ රංචු ගැන ඔහුට අපූරු තොරතුරු මේ වැද්දාගෙන් ලැබිණ. 1958 දී බෙල්ජියානු ජාතික සත්ත්ව විද්‍යාඥයකු වූ බර්නාඞ් හුවෙල්මාන්ස් ආසියාවේ අබිරහස් මනුෂ්‍ය වර්ගය ගැන ග‍්‍රන්ථයක් සම්පාදනය කළේය. මේ මිනිසුන් වඳ වී ගිය නියෑන්ඩර්තාල් මානවයන්ගේ තත්ත්වයෙහිම සිටින අය බවත් ඔවුන්ගේ පරිණාමය කිසියම් තැනකදී නැවතී ඇති බවත් ඔහු තර්ක කළේය. ඔස්ටේ‍්‍රලියානු ආදිවාසීන්, අප‍්‍රිකානු බුෂ්මන් ආදිවාසීන් හා ලංකාවේ වැද්දන්ට වඩා බොහෝ පසුපසින් මේ ප‍්‍රාථමික මිනිසුන් ජීවත්වන බව ඔහුගේ මතය විය. රෝමානු කතෝලිකයකු ලෙස උපන් හුවෙල්මාන්ස් මියයන විට බෞද්ධයෙකි. ඔහු කර්ම ශක්තිය තරයේ විශ්වාස කළේය.
 
 1907 දී පුරාවිද්‍යාඥයන් දෙදෙනකු වන පෝල් සරසින් සහ ෆ‍්‍රිරට් සරසින් යන දෙමස්සිනාලා යුරෝපයෙන් ලංකාවට පැමිණ නැගෙනහිර පළාතේ වනගහනයේ සංචාරය කළහ. මේ ගමනේදී පුංචි දත්වලින් ඇල්ලූ, වසර දහස් ගණනක් පැරැණි ගල් ආයුධ කිහිපයක් ඔවුන්ට හමුවිය. මේ ගල් ආයුධ ඇල්ලූ පුංචි දත්වල හිමිකාරයන් වූයේ පුංචි සිරුරු සහිත ප‍්‍රාථමික මනුෂ්‍යය කොට්ඨාසය. මේ ගල් ආයුධ අදටත් කොළඹ කෞතුකාගාරයේ ඇත. ඒවා පාව්චිචි කළේ නිට්ටෑවන්ද? එහෙත් නිට්ටෑවන් කවදාවත් කිසිදු ආයුධයක් පාවිච්චි නොකළ බවත්, ඔවුන් තම දත්වලින් හා කටින් පමණක් වැඩගත් අය බවත් පිළිගත් මතයය.
 
 නිට්ටෑවන්ගේ බල ප‍්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතෙකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප‍්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්ටෑවන් සතකු අනුභව කළේ ඒ සතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්ටෑවන් පුරුදුව සිටියහ. එබැවින් නිට්ටෑවන්ගේ බල ප‍්‍රදේශ තුළ ගෝනුන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දෝ එහි ඇතුළු නොවීමට වගබලා ගත්හ. නිට්ටෑවන් පිළිබඳ තවත් විශේෂ කාරණයක් වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක් නොතිබීමය. ඒ නිසා මස් වර්ග පිළිස්සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පුළුස්සන ලද මස් කෑමට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වන මැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස් පුච්චන විට ඔවුන් වට කළ නිට්ටෑවෝ වැද්දන් මරා දමා පුච්චන ලද මස් අනුභව කර වැදී මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්ටෑවන් කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශ අනුභව කළේ නැත. මෙයට වසර 150 - 200 කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිප දෙනකුවත් වනය තුළ ජීවත් වන බවය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles