Divaina - කෝටි 45 කුඩු තොගයෙන් ජාත්‍යන්තර ජාලයක් අසුවෙයි... අයිතිකරු ‘හරක් කටා’

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

drug
 
 රුවන් ජයවර්ධන
 
drug3වලාන දිනය 24 වැනිදාය. රත්මලාන අත්තිඩිය පිහිටි යුද හමුදා කඳවුරින් පිටතට පැමිණෙන යුද හමුදා අංක තහඩුව සහිත සුඛෝපභෝගී වෑන් රථයකි. යුද හුමුදා නිල ඇඳුමෙන් සැරසුණු රියැදුරකු විසින් ධාවනය කරනු ලබන එම වෑන් රථය ඉන් මඳ වේලාවකින් අනතුරුව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පවනට බඳු වේගයෙන් ඉදිරියට ධාවනය වේ. රථය ධාවනය කරන හමුදා රියැදුරාගේ ගමනාන්තය බවට පත්වන්නේ ඉමදුවය. වෑන් රථයට අතරමඟදී ගොඩවන තවත් පුද්ගලයකු සමග දක්ෂිණ අධිවේගයේ ඉමදුව පිවිසුම ආසන්නයට ගමන් කරන වෑන්රථයට එම ස්ථානයේ සිටි තවත් කීප දෙනකු කිසියම් පාර්සල් තොගයක් ඇසුරුම් කරන ලද ගමන් මලූ දෙකක් ලබා දෙන අතර එය රැගත් යුද හමුදා රියැදුරු සහ වෑන්රථයට අතරමඟදී ඇතුල් වූ පුද්ගලයා නැවතත් ඉමදුම ප‍්‍රදේශයේ සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ අධික වේගයෙන් වෑන්රථය ධාවනයේය.
 
 මේ අතර මෙම සිදුවීම උදාවන දින තෙක් උකුසු ඇස් යොමු කර ගත් තවත් පිරිසක් වෙනත් ස්ථානයක වූහ. ඔවුන් නම් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත ඇතුළු නිලධාරීන් පිරිසක්ය. මීට මාස කීපයකට පෙර සිට ඔවුන් විමසිල්ලෙන් පසු වූ සිදුවීම ඒ වන විට ද කි‍්‍රයාත්මක වෙමින් පැවතියේය. යුද හමුදා රියැදුරු විසින් ඒ වනවිට කි‍්‍රයාත්මක කරමින් පැවති මහා පරිමාණ මත්කුඩු ප‍්‍රවාහනය සම්බන්ධ සියලූ තොරතුරු ඒ වනවිට ද වලාන දූෂණ මර්දන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත වෙත වාර්තා වෙමින් පැවිති අතර උදා වෙමින් පැවතියේ මාස කීපයක් තිස්සේ හොර රහසේ විමර්ශනය කරමින් පැවති මහා පරිමාණ කුඩු ජාවාරමක අවසන් ප‍්‍රතිඵලය අත්පත් කර ගැනීමට නියමිත රාති‍්‍ර කාලයක්ය. එපමණක් නොව මෙතෙක් කලක් තුළ වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ද එය විය.
 
මීට මාස කීපයකට පෙර මත්කුඩු සමග අත්අඩංගුවට ගන්නා එක්තරා පිරිසකගෙන් වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් දිගින් දිගටම ප‍්‍රශ්න කරන්නට විය. එම ප‍්‍රශ්න කිරීම හමුවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් කීප දෙනෙක් හඳුනා ගන්නා දූෂණ මර්දන නිලධාරින් එතැන් සිට මාස කීපයක් ඔවුන් පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කරන්නට ගෙන ඇත. එහිදී දකුණ හා කොළඹ කේන්ද්‍රකොට කි‍්‍රයාත්මක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳවත් විදේශ රටක සිට එය මෙහෙයවන්නන් කීප දෙනෙක් පිළිබඳවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. එහිම ප‍්‍රතිඵලයක් ලෙස මීට දින කීපයකට පෙර වලාන දූෂණ මර්දන ඒකකය වෙත තවත් වැදගත් තොරතුරක් වාර්තා වී ඇත. එම පුවතින් කියවී ඇත්තේ එම පුවත දැනුම්දුන් දින සිට සතියක් ඇතුළත කිලෝ ගණනාවකින් යුත් හෙරොයින් තොගයක් කොළඹ දක්වා රැගෙන ඒමේ සැලැස්මක් කි‍්‍රයාත්මක වන බවත් එම කුඩු තොගය යුද හමුදා සෙබළකු හරහා හොරණ දක්වා ප‍්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවත්ය.
 
 
drug2ඒ අනුව දක්ෂිණ අධිවේගයේ ගමන් කරන රථ වාහන සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන වලාන දූෂණ මර්දන නිලධාරීන් වෙත එහි වැදගත්ම තොරතුරු වාර්තා වන්නේ ඉකුත් 24 දාය.
 
 
කුඩු තොගය ප‍්‍රවාහනය කරනු ලබන වෑන්රථය සහ එය කුමන ආයතනයකට අයක් ද යන්න පිළිබඳව පවා හඳුනා ගත් නිවැරදි තොරතුරු ඔස්සේ කි‍්‍රයාත්මක වන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම කි‍්‍රයාත්මක කරන අතර ඒ සඳහා 20 දෙනකුට ආසන්න නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත. ඒ අනුව ඉකුත් 24 වන දින රාති‍්‍ර 10.00ට පමණ ආසන්න මෙහොතක දක්ෂිණ අධිවේගයේ ගමන්ගත් යු.හ. 51556 දරන සුඛෝපභෝගී වෑන්රථය දක්ෂිණ අධිවේගයේ ගැලනිගමින් බැහැරව හොරණ දික්හේන ප‍්‍රදේශයට ධාවනය වීමට ගැනීමත් සමග එය නතර කරන වලාන දූෂණ මර්දන නිලධාරීන් එය පරීක්ෂා කොට ඇත. යුද හමුදා නිල ඇඳුමෙන් සැරසුන වෑන් රථ රියැදුරු පළමුව එයට විරුද්ධව ඇතත් පොලිස් නිලධාරීන් හමුවේ ඔහුට සිදුවන්නේ එම විරෝධය හකුළා ගැනීම පමණය. ඒ අනුව වෑන් රථයට ගොඩවන දූෂණ මර්දන නිලධාරීන් කීප දෙනකුට දැක ගැනීමට ලැබී ඇත්තේ ඉතාමත් සූුක්ෂ්ම ආකාරයෙන් අදාළ මත්කුඩු තොගය අසුරා අති ආකාරයක්ය. මාස කීපයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක් සාර්ථක අයුරින් නිමා කරන වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් එම මත්කුඩ තොගය පරීක්ෂා කිරීමේදී හඳුනා ගෙන ඇත්තේ එහි මත්කුඩු කිලෝග‍්‍රෑම් 45ක් පමණ ඇති බවත් එය රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුක්ත වන බවත්ය.
 
මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරම පිළිබඳව වැදගත් තොරතුරු රැසක් එම මෙහෙයුම කි‍්‍රයාත්මක කොට පැය කීපයක් ගතවීමට මත්තෙන් හෙළි කර ගැනීමට සමත් වී ඇත. ඒ අනුව වාර්තා වන තොරතුරුවලට අනුව මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙයවනු ලැබ ඇත්තේ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන දැනට ඩුබායිහි සැඟව සිටින මිදිගම චින්තක හෙවත් ‘හරක් කටා’ විසින්ය. පානදුර ප‍්‍රදේශයේ පදිංචි තවත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අරුක්ගොඩ කලිදු’ නමැත්තාගේ කල්ලිය හා එක්ව කලක් තිස්සේ ‘හරක් කටා’ විසින් මෙම ජාවාරම සිදු කොට ඇති අතර එලෙස රැගෙන එන හෙරොයින් කොළඹ හා ඒ අවට බෙදා හරිනු ලබන්නේ අරුක්ගොඩ කලිදුගේ කල්ලිය විසින්ය. අරුක්ගොඩ කලිදු යන සංවිධානාත්මක අපරාධකරු මේ වනවිට විදේශගතව මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවන අතර ඔහු මීට මාස කීපයකට පෙර ඉන්දියාවේදී මරණයට පත්වූ බවට සැක කරන අපරාධකරුවකු වූ ‘අංගොඩ ලොක්කාගේ’ ප‍්‍රධානතම ගෝලයෙකි.
 
මෙම මත්කුඩු තොගය ප‍්‍රවාහනය කළ යුද හමුදා සෙබළා පොලොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මේ වනවිට සිදු කොට ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඔහු විසින් මීට පෙර ද අවස්ථා දෙකකදී කුඩු ප‍්‍රවාහනය කර ඇති බවය. ඔහුට සහාය පිණිස මේ සඳහා සහභාගි වූ පුද්ගලයා ද යුද හමුදාවේ සේවය කොට ඇති අයෙකි. මීට මාස දෙකකට පමණ පෙර ඔහු යුද හමුදාවෙන් පලා ගොස් ඇත’ යුද හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වෑන්රථයක් උපයෝගි කර ගනිමින් මෙම මත්කුඩු තොගය ප‍්‍රවාහනය කරන ලද යුද හමුදා සෙබළා දඹුල්ල හල්මිල්ලෑව යුද හමුදා කඳවුරකට අනුයුක්තව යුද හමුදා රියැදුරෙක් ලෙස සේවය කොට ඇති අතර ඔහුව රත්මලාන අත්තිඩිය පිහිටි යුද හමුදා කඳවුර වෙත තාවකාලිකව අනුයුක්ත කොට ඇත්තේ රාජකාරි ආවරණය කිරීමක් පිණිසය. පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එම රාජකාරි ආවරණ කාලය අතරතුර ඔහු විසින් මෙම නීති විරෝධී කටයුත්ත සිදු කොට ඇති බවක්ය. මේ සම්බන්ධව වාර්තා වීමත් සමග යුද හමුදාපතිවරයාගේ නියෝග මත ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පරීක්ෂණ මගින් අනාවරණය වන කරුණු අනුව මේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා රියැදුරුට උපරිම දඬුවම් පමුණුවන ලෙස ද එහිදී යුද හමුදාපතිවරයා විසින් නියෝග කොට ඇත.
 
 පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, උ. පො. පරීක්ෂක සඳරුවන්, සැරයන්වරුන් වන ජයලාල් (428), පේ‍්‍රමසිරි (15054), විජේරත්න (409), පො. කො. අශාන් (39850), ධනුක (93425), පුෂ්පකුමාර (52380), තෙන්නකෝන් (87154), ජයරත්න (43520), කා. පො. කො. දිල්හාරා (11452) යන නිලධාරීන් පිරිස විසින් මෙම මෙහෙයුම සිදු කොට ඇත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles