Divaina - රණවිරු දඩයමේ අලූත් කතාව... නාවික හමුදාවෙන් මකා දැමූ ඩිකේපී සලකුණ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සමන් ගමගේ
 rana
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙසට තේරී පත්වීමෙන් අනතුරුව ඒ ජයග‍්‍රහණයේ උණුසුම සම`ගම හැට නව ලක්‍ෂයක ජන හදවත් තුළ බලාපොරොත්තු ඉහළ නංවමින් ඉතා වැදගත් කාර්යයක් සිදු කරනු ලැබීය.
 
 එය වූයේ මේ රටේ යහපාලනය පැවති ඉකුත් 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන වශයෙන් පළිගැනීම්වලට ලක්වූ ආරක්‍ෂක අංශ සාමාජිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු කණ්ඩායම් පිළිබ`ද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමය.
 
rana2

එසේම මුළු රටම කම්පනයට පත් කරමින් ඉකුත් 2019 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා හෙවත් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය පිළිබ`ද සොයා බලා ඊට වගකිවයුත්තන් හා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද කොමිසමක් පත් කර තිබිණි.
 
 මේ අනුව කි‍්‍රයාත්මක වූ අදාළ කොමිෂන් සභා දෙකේ විද්වත් සාමාජිකයන් වසරක පමණ කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව සිය නිර්දේශ ද දැන් ගෝඨාභය ජනාධිපතිවරයා වෙත භාරදී අවසන්ය. මේ වන විට ඒවා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇත. අදාළ ජනාධිපති කොමිෂන් සභාවන්හි අවසානය එසේ සටහන් වුවද ඉන් එහාට වූ ආරම්භය තුළ පෙනෙන්නට ඇති පරිදි නම් දැන් ආණ්ඩුව සිටින්නේ ඒදණ්ඩට ගොඩ වූවාක් සේය. මේ නිසා පය ලිස්සා නොගෙන යා යුතු බැවින්දෝ ගමන බොහෝ මන්දගාමී වී ඇතැයි කිවහොත් එය ඉතා නිවැරදි වන්නකි.
 
 පවතින තත්ත්වය එසේ වෙද්දී කොමිසමට කොමිසමක් හා කමිටුවක් ආදී ලෙසින් කොමිෂන් සහ කමිටු පැටව් ගසද්දී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ආණ්ඩුවටම පාරා වළල්ලක් වෙමින් තිබෙන බවක්ද කියැවෙමින් ඇත.
 
 තවත් කෙටි කාලයක් තුළදී එකී සත්‍යය අසත්‍ය බව කුමක්දැයි දැනගැනීමට රටේ ජනතාවට හැකි වීමද වැළැක්විය නොහැකිය. සිදුව තිබෙන්නේ පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අනාවරණය වීමක්ද නැතහොත් ඇතැමුන් කියන පරිදි අන් යමක්ද යන ප‍්‍රශ්නවලට පිළිතුරු කාලය විසින් නුදුරේදීම ලබා දෙනුු ඇත. එහෙයින් ඒ ගැන කතා කිරීම අපි පසුවට තබන්නෙමු.
 
 එහෙත් වත්මන් ජනාධිපතිවරයා පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට හා එහි නිර්දේශවලට මේ මොහොත වන විට සිදුව ඇති නස්පැත්තිය හමුවේ අද ආනන්දනීය ලෙස ආණ්ඩුවේ රෙදි ගැලවෙමින් තිබෙන බව නම් නොකියාම බැරිය.
 
 සිදුවන සියල්ල දෙස බැලීමේදී කිසියම් දේශපාලන කොන්ත‍්‍රාත්කරුවකු හෝ දෙතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන ආණ්ඩුවට සමීප වී කේවට්ට න්‍යායෙන් සමස්තයටම කෙළවමින් සිටින්නේද යන්න තවත් අතකින් රට ඉදිරියේ මතුවන ප‍්‍රබල ගැටලූවක්ද වී ඇත.
 
 පිටු දෙදහස් ගණනකින් යුතුව නිකුත් කෙරුණු දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසමේ වාර්තාවට හා නිර්දේශවලට මහා නැස්පැත්තියක් සිදුව ඇති බව මේ මොහොතේ අප කියන්නේ කුමක් නිසාද? එකී කොමිසමේ නිර්දේශවලට සහ වාර්තාවට සිදු වුණු දෙයක් මෙන්ම එහි ස`දහන් කිසිදු යථාර්ථවාදී නිර්දේශයක් කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත්ව නොවීම අපේ ඒ ස`දහනට හේතුවය.
 
 එකී කොමිසමේ නිර්දේශ අනුව එක් විශේෂිත කරුණක් අරබයා තවත් ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා  පසුගිය දිනවල කටයුතු කළේය. යහපාලන රජය සමයේ කි‍්‍රයාත්මක වූ විධායක සභාව මෙන්ම දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කිරීමෙන් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබිණි.
 
 එනිසා ඒ පිළිබ`ද විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම ස`දහා මෙම නව කොමිසම පත් කිරීම සිදුවිය. එසේ වූයේ අදාළ වරද අරබයා කි‍්‍රයාත්මක කිරීමට නෛතික කි‍්‍රයාවලියක් රටේ නොවීම නිසාය. කෙසේ වෙතත් මෙය තනිකරම දේශපාලන පලහිලව්වකි. එමගින් දේශපාලන පළිගැනීමට ලක්වූ වින්දිතයනට අත්වන සෙතක් නැත.
 
 දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසමේ නිර්දේශ හා විමර්ශන අනුව බැලීමේදී යහපාලනය තුළ අතිශය දරුණු ලෙස වින්දිතයන් බවට පත් කෙරුණු පුද්ගලයන් රැසක් ගැන පැහැදිලි අනාවරණයක් සිදු කෙරිණි. ඒ අතර වත්මන් රජයේ අවධානය වහා යොමුවිය යුතු පිරිසක්ද වූහ. ඒ අන් කිසිවකුත් නොව, වත්මන් ආණ්ඩුව විසින් බලය ලබා ගැනීම ස`දහා දෙක පහනට වෙන්දේසි කළ ‘රණවිරු දඩයම’ නම් වූ යහපාලන කුමන්ත‍්‍රණයේ ගොදුරු බවට පත්ව අපා දුක් වි`දි රණවිරුවෝය.
 
 ඔවුන් වි`දි දුක් කන්දේ බරට එදා යහපාලනය තැලී පොඩිවී සුණු විසුණු වී යද්දී එයම වත්මන් රජයට බලයට පැමිණීමේ මාවත විවිර කළේය. එය කිසිවකුටත් එසේ නොවේ යැයි කිව නොහැකි රටම දන්නා සත්‍යයකි. මොහොතකට පපුවට අත තබා කල්පනා කළහොත් ජනාධිපතිවරයා ඇතුළුව ආණ්ඩුවේ සෑම දේශපාලනඥයකුගේ හෘද සාක්‍ෂිය ඔවුන්ට එය යළි යළිත් සිහි ගන්වනු නියතය.
 
 පැහැදිලි ඇත්ත එය වුවද අඩුම තරමින් දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම මගින් යහපාලන දඩයමේ ගොදුරු බවට පත්වූ එකී රණවිරුවන් අරබයා ලබා දුන් නිර්දේශවත් කි‍්‍රයාත්මක කර ඔවුන්ට සහනයක් ගෙන දෙන්නට මේ දක්වා ආණ්ඩුව සමත්ව තිබේද? නැත. ආණ්ඩුව පැහැදිලි ලෙසම අසමත්ව ඇත. ආණ්ඩුවේ ඒ අසමත් බවට ඇති හො`දම උදාහරණය ලෙසින් හරියටම වයස අවුරුදු පනස්පහ ලබද්දී යහපාලන රණවිරු දඩයමේ ප‍්‍රබල ගොදුරක් වූ රියර් අද්මිරාල් ඞී.කේ.පී දසනායකව විශ‍්‍රාම ගන්වා ගෙදර යැවීමම මේ මොහොතේ කිසිදු විවාදයකින් තොරවම අපට පෙන්වා දිය හැකිය. රට වෙනුවෙන් උපරිමය සිදු කරමින් තිස්තුන් වසරක් පුරාවට ශී‍්‍ර ලංකා නාවික හමුදා ඉතිහාසයේ රනින් සටහන් කළ යුතු සේවාවක් සිදු කළ රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායකයන්ගේ 55 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ ඉකුත් 16 වැනිදාටය.
 
 එදින නාවික හමුදා මූලස්ථානයට කැ`දවූ ඔහුට මුලින්ම වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු උසස් නිලධාරීහු එක්ව උපන්දින සුබපැතුම් පිළිගන්වා දෙවනුව සම්මාන මුරයක් පවත්වා ගෙදර යවනු ලැබූහ. ඉතාම සරලව කිවහොත් කලගුණ හා අගමුල වටහා නොගත් පාලනයක් තුළ සුවහසක් නාවික හමුදා සෙසු සියලූ නිලයන්ගේ බලාපොරොත්තුවක් වූ රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායකව විශ‍්‍රාම ගැන්වීම සිදු වූයේ එසේය. රියර් අද්මිරාල් දසනායකව මෙසේ විශ‍්‍රාම ගන්වා ගෙදර යැවෙන්නේ යහපාලනයේ දඩයමක් ලෙස සිරගතව සිටි කාලයට සරිලන සේවා දිගුවට ඔහුට ලබා දිය යුතු බව ජනාධිපතිවරයා විසින් පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම මගින් පැහැදිලි නිර්දේශයක් ඉදිරිපත් කර තිබියදී වීමද මෙහිදී සටහන් කළ යුතු විශේෂිත කරුණකි. එසේම ඞී.කේ.පී. දසනායකව මෙසේ විශ‍්‍රාම ගැන්වීම හමුවේ ආණ්ඩුවට ඇ`ගිල්ලෙන් ඇන පෙන්වා දිය යුතු තවත් ඉතා වැදගත් දෙයක්ද ඇත. එදා යහපාලනය පැවැති ඉකුත් 2017 වසරේ ජුලි 4 වැනිදා ත‍්‍රස්තවාදී ගැටුම් හා මානව අයිතීන් පිළිබ`ද එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් දින දහයක සංචාරයක් ස`දහා මෙරටට පැමිණුනි.
 
එසේ පැමිණි බෙන් එමර්සන් ජුලි 14 වැනිදා සංචාරය නිම කර මෙරටින් නික්ම යෑමට නියමිතව තිබුණු අතර ඔහු එසේ පිටත්ව යෑමට දින දෙකක් තිබියදී හරියටම 2017 වසරේ ජුලි මස 12 වැනිදා ඥානේන්ද්‍ර ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු සීඅයිඞීයේ රජ කළ කුජීත කල්ලිය ඞී.කේ.පී. දසනායකයන්ව අත්අඩංගුවට ගත්හ.
 
 ඔහුව එසේ අත්අඩංගුවටගනු ලැබුවේද කප්පම් ගැනීමට මිනිස් ඝාතන සිදු කළේය යැයි ලෙසින් වූ පොළොව පලාගෙන යන තරමේ නින්දිත චෝදනාවක් ද එල්ල කරමිනි. මේ අත්අඩංගුවට ගැනීමත් සම`ග ඉන් දෙදිනකට පසු ශී‍්‍ර ලංකාවෙන් නික්ම යෑමට සූදානමින් සිටි ත‍්‍රස්තවාදී ගැටුම් හා මානව අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවා වූ බෙන් එමර්සන කළේ කුමක්ද? දසානායක අත්අඩංගුවට ගැනීම හමුවේ පී‍්‍රතියෙන් මුසපත්ව සිටි හේ යහපාලන රජයට විශේෂ ස්තුතියක්ද පුද කරමින් මෙරටින් නික්ම ගියා කාට නැති වුවත් අපට නම් හො`දටෝම මතකය. බෙන් එමර්ෂන් එසේ පිටව ගිය පසු අත්අඩංගුවට ගත් ඞී.කේ.පී. දසනායකව වැලිකඩ බන්ධනාගාරයට යැවීමට සීඅයිඞී කල්ලිය කටයුතු කළහ. එසේ බන්ධනාගාරගත කෙරුණු ඞී.කේ.පී. දසනායකට සිදු වූයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 39 වැනි මානව හිමිකම් සැසිවාරය නිමා වන තෙක්ම සිරබත් බුදින්නටය. යහපාලනය එදා ජිනීවා දෙස බලා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සහ විදේශීය බලවේගයන්හි මනදොළ සපුරන්නට නින්දිත ලෙස රණවිරු දඩයමේ යෙදෙද්දී උපන් රටට උපරිමය කළ දසනායකලා වැනි රණවිරුවෝ රැසක් එහි ගොදුරු බවට පත් වූයේ එසේ වූහ. ඒ අන්දමට එදා ජිනීවා ගොදුරක් ලෙසින් ද`ගගෙට ගිය රියර් අද්මිරාල් දසනායකට මෙදා සිදු වූයේ කුමක්ද? වත්මන් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ ඇතුළු පිරිස ජිනීවා නාඩගම ර`ගද්දී මෙදා ඞී.කේ.පී. දසනායකට සිදුව ඇත්තේ තිස්තුන් වසරක් සේවය කළ නාවික හමුදාවට ආයුබෝවන් කියා ගෙදර යන්නටය.
 
 ඒ අනුව බලන කල ‘උනුත් එකයි මුනුත් එකයි’ යනුවෙන් මේ රටේ පොදු ජනතාව අපේ දේශපාලනඥයන් දෙස බලා කියන වටිනා කතාව මේ සිද්ධියේදී අපූරුවටම නොගැලපෙන්නේද?
 
 යහපාලනය හමුවේ මිනීමරුවන් යැයි නිගරු කොට හිරගෙදරට යැවූ දසනායකලාට ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවක් බලයේ තිබියදීත් සිදු වන්නේ මේ ආකාරයට ගෙදර යන්නට නම් කාට කාටත් අප එකී ගැලපීම පෙන්වා දෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද නැත. එහෙන් මෙහෙන් ඇසෙන කතා අනුව නම් කියැවෙමින් තිබෙන්නේ මේ දිනවල පවතින ජිනීවා උණුසුම නිසා රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායකට මේ අන්දමට නාවික හමුදාවට සමු දීමට සිදුවූවේ යැයි යන්න නිසා අපි එසේ කීවෙමු.
 
 එහෙත් අපට එය විශ්වාස කළ නොහැකි කරුණකි. සිදු වූයේ එය නම් මේ වන විට ආරක්‍ෂක අංශවල ඉහළ පුටු කීයක් හිස්ව තිබිය යුතුදැයි යනුවෙන් ඒ පිළිබ`ද ගැඹුරින් කල්පනා කිරීමේදී ගැටලූ ගණනාවක් ඇතිවීම අපේ ඒ අවිශ්වාසයට හේතුවය. එසේ නම් ඞී.කේ.පී. දසනායකට මෙවන් ඉරණමක් අත්වූයේ කුමක් නිසාද? ඒ පිළිබ`ද සිතිමේදී අපේ මතකයට එක්වරම නැගෙන්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාව තුළ තිබූ ඞී.කේ.පී. දසනායක යන සලකුණය. එල්ටීටීඊ ත‍්‍රස්තතවාදයට එරෙහිව දියත් කෙරුණු ඉකුත් මානුෂීය මෙහෙයුම දක්වා වූ බොහෝ කි‍්‍රයාන්විතයන්හිදී නාවික හමුදා කාර්යභාරය තුළ මුහුදේ මෙන්ම ගොඩබිමදීද යුද්ධයේ සැබෑ කොටස්කරුවකු ලෙසින් රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක සිය ඉදිරි ගමන පිළිබ`ද පෙන්වූ පෙරම`ග සලකුණු බොහෝ ප‍්‍රශංසනීය ඒවා විය. ඔහු බොහෝ දුර ගෙවමින් එසේ පැමිණි ගමනේදී ඞී.කේ.පී. දසනායක යන්න ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ බලාපොරොත්තුවක් බවට පත්ව තිබුණේද ඒ ප‍්‍රශංසනීය බව නිසාමය. ඇතැම්විට විශ‍්‍රාම ගැන්වීමකින් තොරව සේවා දිගුවක් ලබන ඞී.කේ.පී. දසනායක මෙරට නාවික හමුදාවේ මුල් පුටුව දක්වා පැමිණියේ නම් එය නාවික හමුදාවේ යෝධ ඉදිරි පිම්මක් වීමට ද ඉඩ තිබුණකි. ඔහු සැබෑ රණකාමියකු මෙන්ම අති දක්‍ෂ බුද්ධි නිලධාරියකු බව ඔප්පු කර පෙන්වා තිබූ නිසා එලෙස දසනායකව ඔසවා තබන්නට අපට අයිතියක් ඇත.
 
 ඇත්ත එසේ වෙද්දී ඞී.කේ.පී. දසනායකට මෙවන් විශ‍්‍රාම ගැන්වීමක් තුළින් නාවික හමුදාවට සමු දෙන්නට සිදුවූයේ ඔහු නාවික හමුදාවේ මුල් පුටුවට පැමිණියහොත් තම තමන්ගේ පුටු රත්වනු ඇතැයි කිසියම් කණ්ඩායමකට කල්පනා වූ නිසා විය නොහැකිද? එය මේ මොහොතේ අපට මෙන්ම දසනායක ගැන දන්නා හැමෝටම ඇති ප‍්‍රබල ගැටලූවක් වී අවස්නය.
 
 නිලය හමුවේ ලැබෙන බලයට ලෝබයෙන් රට මෙන්ම සියල්ල අමතක කරමින් මමත්වය තුළ ගිලී තම තමන්ගේ රාජධානි තනන්නට වෙහෙසෙන්නෝ මේ රටේ අති බහුලය. එය හෙළ ජානවල ඇති බරපතළ අවුලක්දැයි සිතෙන තරමටම ඔඩුදුවා තිබෙන්නක් බවද ස`දහන් කළ යුතුය. එසේ නම් ඞී.කේ.පී. දසනායකට මේ අන්දමින් නාවික හමුදාවෙන් සමුගෙන යන්නට සිදුවූයේ එවැනි අදෘෂ්‍යමාන බලවේගයක ගොදුරක් බවට ඔහු පත්වූ නිසාද? කවුරු මොනවා කීවත් අපේ ටිකිරි මොළවලට නම් කල්පනා වන්නේම කිසිසේත්ම සිදු නොවිය යුතු එවන් යමක් ඞී.කේ.පී. දසනායක අරබයා සිදුවූ බවය.
 
 මෙහිදී සටහන් කළ යුතු තවත් වැදගත් කතාවක්ද මේ මොහොතේ සිහියට නැගෙමින් ඇත. දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසමේදී හෙළිවූ ආකාරයට මෙන්ම අප හො`දින්ම දන්නා පරිදි ද ඉකුත් යහපාලන සමයේ සිදු වූ රණවිරු දඩයමේ ප‍්‍රබල අවසන් ඉලක්කය බවට පත්ව තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨභය රාජපක්‍ෂ මහතා බව කාටත් රහසක් නොවන්කි.
 
 ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පිරිසක් පැහැරගත්තේ යැයි කියන සිදුවීම, ආදී ලෙසින් එදා ඥානේන්ද්‍ර ශානි අබේසේකරලා සිදු කළ සෑම විමර්ශනයකදීම අවසාන ඉලක්කය ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට පත්කරගෙන තිබුණේ සංසාරගත වෛරයක් පරිදිය.
 
 වත්මන් පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පති ධුරයේ සිටින අතරේ ජනාධිපතිවරණයට දෙදිනක් තිබියදීත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිරගත කිරීම ස`දහා අධිකරණවලට බී වාර්තා ඉදිරිපත් කරමින් එදා ශානි අබේසේකරලා ගත් වෙහෙස අති බිහිසුණුය. මේ තත්ත්වය තුළ එල්ටීටීඊ ත‍්‍රස්වාදය අතුගා දැමීමේදී උපන් රට වෙනුවෙන් බොහෝ දේ කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාද දැඩි කලකිරීමකට පත්ව සිටියේය. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අතලොස්සක් වූ පිරිස අතරේ එදා ඞී.කේ.පී. දසනායක වූයේ කැපී පෙනෙන තැනකය. ඒ සත්‍යය මේ මොහොතේ හෙළි කළ යුතුව ඇත.
 
 අද දවසේ කිසිදු සේවා දිගුවකින් තොරව හරියටම වයස අවුරුදු පනස්පහේදී නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගන්වා ඇත්තේ අන්න ඒ දසනායක බවද මෙහිදී සඳහන් නොකළහොත් එය බරපතළ අඩුපාඩුවක්ම ජනාධිපතිවරයාගේ අවධානය පිණිස කිවයුතුවම ඇත.
 
 මේ ආකාරයට දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම් වාර්තාවේ ඇති රණවිරුවන් අරබයා වූ සියලූ නිර්දේශ ගෙන බැලූවද අද දවසේ ඒවාට අත්ව තිබෙන්නේ ශෝචනීය තත්ත්වයකි. වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු කඩිනම් පියවරක් ගන්නා බවක්ද පෙනෙන තෙක් මානයක නැත.
 
 ශානි අබේසේකර ඇතුළු කල්ලියේ ගොදුරු බවට පත්වූ සියලූ රණවිරුවන්ට එරෙහිව පවරා තිබෙන නඩු ඉවත් කර ඔවුන් නිදොස්කොට නිදහස් කළ යුතු යැයි ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණද එකී නඩු තවමත් විභාග වෙමින් ඇත. දේශපාලන පළිගැනීම්වලට ලක්ව ඇතැයි කොමිසම තීන්දු කළ පොලිස් නිලධාරීන්ට අදාළ උසස්වීම් ලබා දෙන ලෙසින් නිර්දේශයක් ජනාධිපති කොමිසම ලබා දී තිබුණද එකී උසස්වීම් ලැයිස්තුව මේ මොහොතේත් ඇත්තේ පොලිස් ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ හමස් පෙට්ටියේය. එයද එළියට එන පාටක් පෙනන්ට ඇත්තෙම නැත.
 
 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල සිද්ධියේ ගොදුරු ලෙස සිරබත් කෑ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු වැටලීම් ප‍්‍රධානී පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ
 
 බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අද දවසේ කොයි මොහොතේ උරුම වේදෝයි යන සැකයෙන් බලා සිටින්නේ අවසන් හුස්ම පොද උදුරා ගන්නා එල්ලූම් ගස දෙසය.
 
 එදා දංගෙඩියට ගිය ඔවුහු තවමත් බෙල්ලට වැටුණු තොණ්ඩුව ගලවාගත නොහැකිව විඳවමින් සිටින්නාහ. ඒ අඹුදරුවෝද එසේම වෙති. ඉතින් තවත් කුමන කාතාද? මේ සියලූ දේ දෙස බලන කල අපට ආණ්ඩුවෙන් අවසන් වශයෙන් දැන් අසන්නට ඉතිරිව ඇත්තේ තවමත් රට කරවන්නේ යහපාලනයම ද යන ප‍්‍රශ්නය ය. එසේ කියනු හැර වෙන කියන්නට දෙයක් තවත් ඉතිරිව නැත.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles