Divaina - විල්පත්තුව යලි වවන්නේ මෙහෙමයි...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කපිල මහේෂ් රාජපක්ෂ
 
wilpaththu2

වනසා දැමූ විල්පත්තුව ආශ‍්‍රිත පරිවාර වන රක්ෂිතය නැවත ස්ථාපිත කිරීමට නම් විල්පත්තුවේ කල්ලාරුව වැනි වනාන්තරයක් නැවත පෙර පැවති වනාන්තරය බවට පත්කිරීම හුදෙක් පැළ සිටුවීමකින් පමණක් කල හැක්කක් නොවේ. ඒ ස`දහා විද්‍යාත්මක ක‍්‍රමවේදයක් පියවරෙන් පියවර ක‍්‍රියාවට නැංවිය යුතුවේ. එහි මූලිකම වැදගත්කම වන්නේ මෙම වනාන්තර දර්ශයට ආවේනිකව පැවැති ශාක සංයුතිය සහිතවම වනාන්තරය නැවත ස්ථාපිත කර ගැනීමය.
 
 ඒ ස`දහා මූලික ක‍්‍රම දෙකක් තිබේ. පළමු වැන්න ස්වාභාවිකවම නැවත සංශේනික ක‍්‍රියාවලිය සිදුවීමට ඉඩ හැරීමය. මේ ක‍්‍රමයට බොහෝ කාලයක් ගත වන අතර මෙම ක‍්‍රමයේදී ආක‍්‍රමණික ශාකවල ග‍්‍රහනයට හසුවීමද සිදුවිය හැකිය. දෙවැනි ක‍්‍රමය වන්නේ සංශේනික ක‍්‍රියාවලියට මැදිහත් වෙමින් වනාන්තරය ස්ථාපිත වීමේ ක‍්‍රියාවලිය කළමනාකරණය කිරීමය.
 

wilpaththu

 

වනාන්තරයක් ස්වභාවිකවම නැවත ස්ථාපිත වීමට ඉඩ හැරියවිට සිදුවන සංශේනික (Ecological succession) ක‍්‍රියාවලිය සැලකුවොත් නැවත වන වගාවක් සිදුකළ හැකි ආකාරය පිළිබ`දව අදහසක් ගැනීම වඩාත් පහසු වේ. මෙවැනි හානියට ලක්වූ වනාන්තර පරිසර පද්ධතියක පස තුළ තවමත් සංරක්ෂණය වී පවතින බීජ එකතුවක් (Seed Bank) එකක් තිබේ. එහි විවිධාකාර ලොකු කුඩා ශාකවල බීජ තිබෙන නමුත් මේ සියල්ලටම එකම ලෙසින් නැවත රෝපණය වීමේ හැකියාවක් නැත. ඒ ස`දහා සුදුසු පරිසර තත්ත්වයන් ගොඩනැෙඟන තෙක් එම බීජ රෝපණය නොවී පවතින අතර දීර්ඝ කාලයක් පැවතිය හොත් බීජ ක‍්‍රමයෙන් විනාශයට පත්වේ.
 

කෙසේ වෙතත් මානව ක‍්‍රියාකාරකම් නතරවූ පසු මුලින්ම ප‍්‍රරෝහණය වීමට පටන් ගන්නේ දැඩි සූර්යාලෝකය ඇල්මක් දක්වන අඩු සාපේක්ෂ ආද්‍රතාවක් සහිත හියුමස් අඩු පස් මුතුපිටක වර්ධනය විය හැකි ශාක විශේෂයන්ය. මේ ශාක වනාන්තරය නැවත ඇති කිරීමේ පුරෝගාමීන් වන බැවින් මෙම ශාක කාණ්ඩය (Pioneer Plant species) ප‍්‍රාරම්භක ශාක ලෙස හ`දුන්වනවයි.
 
 කිසිදු පල ප‍්‍රයෝජනයක් නොමැති ශාක ලෙස බොහෝ දෙනා සලකන නමුත් පාරිසරික වශයෙන් වැදගත් කාර්යක් ඉටුකරන Macaranga feltata කැන්ද Mallotus tetracoccus (භූ කැන්ද) ආදිය මේ කාණ්ඩයට අයත් ශාක විශේෂයන් වේ. වනාන්තරයක් නැවත ඇති වීමේ මුල්ම අවදියේදී මෙම ශාක හො`දින් වැඞීම නිසා විවෘතව පැවති භූමියට ආවරණයක් ලැබීම සිදුවේ. ඒ සමග පස මතුපිට දිරාපත්වන කාබනික ද්‍රව්‍ය ස්තරයක් ක‍්‍රමයෙන් ඇතිවන අතර මෙයට සමගාමීව පොළව මට්ටම ආසන්නයේ සාපේක්ෂ ආද්‍රතාව ඉහළ යෑමත් පසේ තෙතමනය ආරක්ෂාවීමත් සමග පාංශු බීජ තැන්පත්වේ (Seed Bank) ඇති තවත් බීජ කාණ්ඩයක් රෝපණය වීමට පසුබිම සකස්වනු ඇත.
 
 මෙම ශාක කාණ්ඩය අයත් වන්නේ අතරමැදි සංශේනික ශාකයන්ය. මේවාවේ කුඩා පැල Shade tolerance හෙවත් සෙවණට ඔරොත්තු දෙන අතර සෙවණ යට වැඩිම ප‍්‍රියකරයි. මෙනිසා Pioneer Plant වලින් ඇතිකල සෙවණ තුළ මේවාට මැනවින් වර්ධනය විය හැකියි. මෙසේ වර්ධනය වන ශාක විශේෂ අතර මෙම කලාපයට අයත් ආවේණික බහුවාර්ෂික කාෂ්ටීය වෘක්ෂයන් අන්තර්ගත වේ.
 
 දැන් ප‍්‍රාරම්බක ශාක (Pioneer Plant species) හෙවන යට හිතකර පරිසරයේ රෝපණය වන මෙම පැල සූර්යාලෝකය සොයාගෙන වේගයෙන් ඉහළට වැඞීම සිදුවන අතර ක`ද සිහින්ව දිගුවීම සිදුවේ. එක්තරා අවදියකදී මෙම ශාක ප‍්‍රාරම්බක ශාක (Pioneer Plant species) වල තුරු වියන අතරින් රිංගා ගෙන ඉහළින් මතුවීම සිදුවේ. මේ අවදිය Stem ejection stage ලෙස හ`දුනා ගනියි.
 
 මෙසේ පැමිණි පසු මෙම වනාන්තරයේ ආවේනික ශාක තම ශාක මස්තකය පුළුල් කරගනිමින් Pioneer Plant වල මස්තකයන්ට ඉහළින් තරගකාරීව අතුපතර විහිදුවා ගැනීම සිදුවේ. මේ නිසා මේ අවදියෙන් පසු Pioneer Plant වලට සූර්යාලෝකය සහ ඛනිජ පෝෂක ස`දහා මෙම ප‍්‍රමුඛ ශාක සමග තරගයක් ඇතිවන අතර තරගකාරීත්වය හමුවේ ප‍්‍රාරම්බක ශාක (Pioneer Plant) ක‍්‍රමයෙන් දුර්වල වීම සිදුවෙමින් ප‍්‍රමුඛ ආවේණික ශාක විශේෂ වල පැවැත්ම තහවුරු වීම සිදුවේ. මෙලෙස පසු අවදියේදී දක්නට ලැබෙන ප‍්‍රමුඛ ශාක later Succession species ලෙස හ`දුන්වන අතර මෙම ඝනයට පලූ (Manilkara hexandra), බුරුත (Chloroxylon swietenia), මිල්ල (Vitex altissima), වීර (Drypetes sepiaria), කළුවර (Diospyros ebenum) වැවරන (Alseodaphne semecapriflolia). වැනි ශාක ඇතුළත්වේ.
 
 මෙම කාලසීමාව පරිසර පද්ධතියේ ඉතාම තරගකාරී අවදියක් වන අතර විශේෂ සංයුතිය වරින් වර වෙනස් වෙමින් වනාන්තරය ඉදිරියටම වර්ධනය වීම දැකගත හැකිය. එයට සමගාමීව සත්ව වාසස්ථාන ප‍්‍රමාණය වැඩි වෙමින් ආහාර ජාල ශක්තිමත් වෙමින් වනාන්තර පරිසර පද්ධතිය ස්ථාපිත වීමද සිදුවේ. මෙම තරගකාරී ක‍්‍රියාදාමය අවසන් වන්නේ වඩාත් ස්ථායී නොවෙනස් වන විශේෂීය සංයුතියක් සහිත උත්කර්ශවත් ප‍්‍රජාවක් හෙවත් Climax Community සකස් වීම සමගයි. මේ අවදිය වන විට වනාන්තරයේ ශාක සංයුතිය, පසේ රසායනික ස්වභාවයන් ශාක පත‍්‍රවල රසායනික සංයුතින් ආදී ක්ෂේත‍්‍ර ගණනාවක විද්‍යාත්මක පරිවර්ථනයක් සිදුවී හමාරය. කෙසේ නමුත් මිනිස් ක‍්‍රියාකාරකම්වලින් හානියට ලක්වුණු වන භූමියක් නැවත සංශේනික ගමන අරඹන විට ආක‍්‍රමණික ශාක, පලිබෝධ ශාක ආදිය පැමිණීම හේතුවෙන් මේ ක‍්‍රියාවලිය වරින්වර අඩපණවීම් සිදුවන අතර ආවේනික ශාක සංයුතිය විශේෂීය විවිධත්වය අඩුවීමට හේතු වන අවස්ථා බොහෝමය.
 
 මෙම තත්ත්ව කළමනාකරණය කරගැනීම ස`දහා Pioneer Plant වෙනුවට Nurse Plant හෙවත් හෙද ශාක ලෙස හඳුනාගත් ශාක වර්ග මුලින්ම වගාකිරීම වඩාත් සාර්ථක බව ඇතැම් පර්යේෂකයන් හ`දුනාගෙන තිබේ. එම ශාක විශේෂද Pioneer Plant වල කාර්යයම සිදුකරන නමුත් වඩාත් ඉක්මණින් ස්ථාවරව වනාන්තරය සංශේනික ක‍්‍රියාවලිය වෙත යොමුකිරීමටත් වියළි කලාපයේ ආවේනික ශාක සංයුතිය තහවුරු කිරීමට පසුබිම සකසන බව තහවුරු කරගෙන තිබේ. එමෙන්ම වනාන්තරය ලැව් ගිනිවලින් ආරක්ෂාවීම ස`දහා ගිනි ව්‍යාප්තිය වළකන ආකාරයේ උපක‍්‍රමික ශාක වැටි සකස් කිරීමත් හ`දුනාගත් ජල මූලාශ‍්‍රයන්හි පෝෂිත ප‍්‍රදේශ විශේෂ සංරක්‍ෂණ ක‍්‍රමවේදයන් ඔස්සේ වැඩිදියුණු කිරීමත්, ආශ‍්‍රිත වනාන්තර සමග පරිසර විද්‍යාත්මක ඒකමිතියක් ඇතිකිරීමට අවශ්‍ය විද්‍යාත්මක පිළිවෙත් සලකා බැලීමත් අනිවාර්යෙන්ම කළ යුතුය. මේ සියල්ල මෙන්ම නැවත බිහිකළ වනයට අසල්වාසී මිනිස් ජනාවාසවලින් විය හැකි බලපෑම් අවම කර ගැනීම ස`දහා ප‍්‍රජා සහභාගිත්ව වන කළමනාකරණ ක‍්‍රමවේදයන් දීර්ඝ කාලීනව ක‍්‍රියාවට නැංවීම අතිශයින් වැදගත් වේ. එය ප‍්‍රජාවට හා වනයට යන දෙපාර්ශ්වයටම වාසි සහගත වන තරමට තිරසාර බවද තහවුරු වනු ඇත. මෙබැවින් හානියට ලක්වූ විල්පත්තුව ආශ‍්‍රිත භූමියම නැවත වන වගාවට යොමුකිරීමට තීරණය වූ විටකදී ඇතැම් පිරිස් කැමරා පිරිවරාගෙන ගොස් මෙම භූමියේද මී ගස් හෝ නිල් වෙරලූ රැල්ලට සිටුවීමට සැරසෙනු ඇත. නමුත් සිදුකළ යුත්තේ එවැනි අවිදිමත් මැදිහත්වීමක් නොව වඩාත් විද්‍යාත්මක වැඩපිළිවෙළකට අප කාගේත් සහාය ලබාදීමය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles