Divaina - දෙවන පෙළ ජේලර්ගෙන් පළමු පෙළ ගේමක්... බන්ධනාගාරයට කුඩු ගිය ගේමක් මාට්ටු...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 bandana

 

අමරනන්ද විජේසේකර
මහවැව

වර්තමානයේ සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වූ දූෂිත ආයතනයක් වන්නේ බන්ධනාගාරයයි.

දැවැන්ත තාප්පවලින් වට වූ බන්ධනාගාරය වෙනම ලෝකයකි. බන්ධනාගාර තුළ සිදුවන අභ්‍යන්තර සිදුවීම්වලින් බාහිර සමාජයට අනාවරණය වන්නේ ඉතා අතළොස්සකි. එය අබ ඇටයක් තරම් වූ ප‍්‍රමාණයක් යැයි කිව හැකිය. එය අල්ප ප‍්‍රමාණයක් වුවත් සමාජය විනාශයට ඇද දමන බලපාන කරුණු කාරණා කොතරම් අන්තර්ගතද?

bandana2

බන්ධනාගාරයේ සේවය නිම කොට නිළ ඇඳුම ගලවා හෝ නොගලවා අතිකාල රැකියාවක් වශයෙන් මත් කුඩු ජාවාරමේ නිරත වන පුද්ගලයන් සම්බන්ධව නිරන්තරයෙන් පසුගිය කාලය පුරාවටම අපට අසන්නට දැක ගන්නට ලැබිණි.

එවැනි සිදුවීම් මාධ්‍ය තුළින් කොතෙකුත් අනාවරණය කළත්, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචනාත්මක කරුණු සංසරණය වුණත් කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව හෙරොයින් ජාවාරමේ නිරත බන්ධනාගාර නිලධාරීන්ගේ අඩුවක් නොවන බවයි වාර්තා වන සිද්ධීන්වලින් හෙළිවන්නේ.

මීට ආසන්නම සිදුවීම වාර්තා වන්නේ ඉකුන් 19 දින පුත්තලම ප‍්‍රදේශයෙන්ය. ඒ රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් ග‍්‍රෑම් 40 ක ප‍්‍රමාණයක් සමග බන්ධනාගාර දෙවන පෙළ ජේලර්වරයකු පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තලම ඒකකයේ නිළධාරීන් විසින් 18 දින රාත‍්‍රියේදී අත්අඩංගුවට ගැනීමෙනි.

මෙසේ අත්අඩංගුවට ගැණුනේ කළුතර බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලර්වරයකු වන කොස්වත්තගේ ගයාන් පද්මසිරි නැමති 33 හැවිරිදි අයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන්ට කළුතර බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර ජේලර්වරයකු හෙරොයින් මත් ද්‍රව්‍ය රැගෙන එන බවට තොරතුරක් ලැබුණේ මීට දින කීපයකට පෙරය. ඔහු පැමිණෙන්නේ යතුරුපැදියකින් බවත් පැමිණෙන්නේ අනුරාධපුර ප‍්‍රදේශයේ සිට බවටත් ලද තොරතුරේ සඳහන් විය. පුත්තලම අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ පුත්තලම නගරයට ආසන්නයෙන් පිහිටි විල්වලූවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකුට හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා දීමට පැමිණෙන බවට ද එහි සඳහන් විය. ඒ අනුව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තලම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. ඒ. ජයලත් සුජීව මහතා එම ඒකකයේ නිලධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කර තොරතුරට අනුව වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගත්තේය. ඔහු පැමිණෙන යතුරුපැදියේ වර්ණය, යතුරුපැදියේ වර්ගය සහ පැමිණෙන අයගේ හැඩරුව සම්බන්ධව විමසීමකින් අනතුරුව ඉකුත් 18 වැනි දින රාත‍්‍රියේ විල්ලූවත්ත ප‍්‍රදේශයේ පොලිස් කණ්ඩායමක් රඳවා තැබීමටත්, විල්ලූවත්ත ප‍්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට කිලෝමීටර් කීපයකට ඉදිරියෙන් තවත් පොලිස් කණ්ඩායමක් රැඳවීමටත් උප පොලිස් පරීක්ෂක ජයලත් සුජීව මහතා කටයුතු කළේය.

bandana3

 

එදින රාත‍්‍රී 10.50 ට පමණ සැකකටයුතු යතුරුපැදිය පැමිණෙන අයුරු අතර මඟ රැකවල් යොදා සිටි පොලිස් කණ්ඩායමට හඳුනා ගැනීමට හැකි විය. වේගයෙන් පැමිණි යතුරුපැදිය නවතාලීමට නිලධාරීන් උත්සාහ කළ ද යතුරුපැදිය නොනවත්වා ධාවනය කෙරිණි. ඒ සමගම වහා පොලිස් නිලධාරීන් ක‍්‍රියාත්මක විය. සැකකරුගේ යතුරුපැදිය පසුපස හඹා යෑමට නිලධාරීන් පියවර ගත්තේය. මෙලෙස විනාඩි කීපයක් ගමන් කර සැකකරු විල්ලූවත්ත මංසන්ධිය ආසන්නයේ හැරවීමට උත්සාහ කිරීමේදී පොලිස් කණ්ඩායම මාර්ගය හරස් කර ඔහු නවතාලීමට කටයුතු කළේය. අනතුරුව ඔහු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී ග්‍රොසරි බෑග් එකක බහා තිබූ හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔහුගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේ දී සඳහන් කළේ එය කළුතර බන්ධනාගාරයේ තාප්පය අසල තිබී සොයාගත් බවය. ‘සර් මම මේ පාර්සලය බන්ධනාගාරේ තාප්පෙ ළඟ තිබිල ඇහින්දෙ තාප්පයට උඩින් විසිකරන්න ගෙනාපු එකක් වෙන්න ඇති’ ඔහු නිලධාරීන් සිදුකරන ප‍්‍රශ්න හමුවේ නොපැකිලිව එසේ පිළිතුරු දුන්නේය. ”උඹ බබා මොකුත්ම දන්නෙ නෑ” ඒ වචනය පිටවූ නිමේෂයකින් පොලිස් කණ්ඩායම් නිලධාරියෙක් උස් හඬින් කියා සිටියේය. අනතුරුව පොලිස් නිලධාරීන් දිගින් දිගටම ප‍්‍රශ්න කළ ද ඔහුගෙන් ලැබූ පිළිතුරුවලට නිලධාරීන් සෑහීමකට පත් නොවීය. සැකකරු පවසා සිටියේ මෙම පාර්සලය සම්බන්ධව විල්ලූවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකුට පැවසීමෙන් පසුව මිලදී ගැනීමට කැමැත්ත පළ කළ නිසා පැමිණි බවය.

කෙසේ වෙතත් සැකකරුගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළේය.

වයස අවුරුදු 33 ක් වූ සැකකරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී මේ වන විට අවුරුදු 12ක් ගත වී ඇති බව අනාවරණය විය. අවසන් වරට සේවය කරමින් සිට ඇත්තේ කළුතර බන්ධනාගාරයේය. එහෙත් මාසයකට ආසන්න කාලයක් බන්ධනාගාරයේ සේවයට වාර්තා කර නොමැතිවීම හේතුවෙන් ඔහු සේවය අතහැර ගියා සේ නියෝගයක් නිකුත් කර ඇති බවද අනාවරණය විය.

bandana4කොච්චිකඬේ වැලිකන්ද ප‍්‍රදේශයේ පදිංචි සැකකරු විවාහකයෙකි. ඔහුගේ විවාහක බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂකවරියකි. විවාහයේ දරුවන් දෙදෙනෙකි. ඔවුන් වයස අවුරුදු 8 සහ 12 වයසේ පසුවන දියණියන්ය.

සැකකරු පුත්තලම බන්ධනාගාරයේ කාන්තා නියාමකවරියක සමග කලක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටින බවද එම නිවසට යමින් එමින් මෙම ජාවාරම සිදු කරන බවටද තොරතුරු ලැබී ඇති බවත් සැකකරු විසින් භාවිතා කරන යතුරු පැදියද එම කාන්තාවගේ බව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිළධාරීන්ගේ වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය විය. මෑත කාලයේදී ටිපර් රථයක් ද මිලදී ගෙන ඇති බව සඳහන්ය.

ඔහු විසින් භාවිතා කරන ලද ජංගම දුරකථනවල විශ්ලේෂණ වාර්තා රැගෙන පැතිකඩ කීපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි මත්ද්‍රව්‍ය කාර්යාංශ නිළධාරින් පවසන්නේ.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 දින දක්වා රඳවා ප‍්‍රශ්න කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් ආර්. එස්. මහ්ෆි මහත්මිය නියෝග කළාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තලම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජේ. ඒ. ජයලත් සුජීව මහතා, පොලිස් සැරයන් 37476 ජයසුන්දර, පොලිස් කොස්තාපල් වරුන් වන 11861 ගමගේ, 83134, 83197 ධනපාල, 88669 ජයසිංහ, 30946 විජේරත්න යන නිළධාරීන් මෙම වැටලීම සිදුකළහ.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles