Divaina - ව්‍යවස්ථා අභියෝග හමුවේ නව පෙරමුණක්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

peramuna

සේනාරත්න ද සිල්වා
සභාපති - පරපුරක උරුමය


1977 න් පසු කරළිගත වූයේ මේ ලූම්පන් යටත්විජිත ධනවාදය යි. එය අප තවම කර තබාගෙන යන්නෙමු. (එනම් දියුණු ධනවාදී රටවලට සේවා සපයන නව වහල් මෙහෙයයි.) උන්ගේ වෙළෙඳපොළේ ඩොලර් 75 ට 80 ට විකුණන ඇඳුමක් රෙදි පිළි, නූල්, බොත්තම් ද ඇතුළු ව ඩොලර් 10 කට අපි අඩුවෙන් සපයන්නෙමු. දෙවැනි කොරෝනා රැල්ල මේ වහල් මෙහෙය (අඟලූම්) ආශ‍්‍රයෙන් ව්‍යාප්ත ව ඇත. අසාර්ථක හා දුර්වල රාජ්‍යයක් ලෙස ලංකාව පැවැතීම මගින් ලෝක භූ දේශපාලන උපාය මාර්ග තුළට ශී‍්‍ර ලංකාව ඇතුළු කිරීමේ දැනුවත් මෙහෙයුමක් අප අත්දකිනවා විය හැකිය. මේ යථාර්ථය තුළ අපේ ගමන් මඟ කෙබඳු විය යුතු ද? අපි අපේ මාතෘකාවට පිවිසෙමු.

‘‘ජාතියක් ලෙස රැකෙන්නට නම් අසත්‍යය යටපත් කර සත්‍ය මතු කර ගත යුතු ය. ’’

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් දෙසට සමාජ සාකච්ඡාව යොමු වී ඇති මේ මොහොතේ රට ගැන හිතන අනාගත පරපුර ගැන සිතන සියලූ ජාතිමාමක දේශපේ‍්‍රමී ජනයා රටේ ඉදිරිමඟ කෙසේ විය යුතු ද යන්න සාකච්ඡාවට ගැනීම වැදගත් වෙයි. 1815 දී ආරම්භ වූ කි‍්‍රයාකාරකම්වල දෘෂ්ටිපථය වෙනස් වී ඇති ද? නැතිනම් අප තවමත් දිව යන්නේ 1833 සැප්තැම්බර් 01වැනි දා රාජකීය ආඥාවකින් කි‍්‍රයාවට නැඟුන ආර්ථික, දේශපාලන, අධ්‍යාපන හා සංස්කෘතික මගේමද? වෙස්ට්මිනිස්ටර් සම්ප‍්‍රදායේ ව්‍යවස්ථා සංශෝධන 1972 දී ත් 1927 දීත් ඊට පසු අවස්ථා 19 ක දී ත් සිදු කළත් ඉන් සෙතක් අත් වීද? 2015 දී ආසන 50 ක් වත් නොතිබුණ එක්සත් ජාතික පක්ෂය 19 තුනෙන් දෙකකින් සම්මත කළේ කාගේ උදව්වෙන් ද? විස්සෙන් සියලූ ආර්ථික, සමාජ, දේශපාලන ප‍්‍රශ්න විසඳේ ද? 1947 අගෝස්තු සිට 1949 ජනවාරි දක්වා පැවැති ඉන්දීය ඉංගී‍්‍රසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙන්කොට නව ඉන්දීය ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ, ඉන්දියාව ලෝක බලවතෙක් දක්වා පැමිණි ගමනේ දී නව ඉන්දියානුවෙකු ගොඩනඟා ගැනීම ස`දහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලද පිටිබලය කුමක් ද? අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ, ශී‍්‍ර ලාංකිකයෙකු නිර්මාණය කිරීමට ඉතිහාසයේ පිටිබලය ලැබීමට නොවේ ද? 1956 දී ජාතිමාමක ජනයාට නව බලාපොරොත්තුවක් ඇති කළ වර්තමාන පරපුරේ (පනස් හයේ දරුවන්) අය ඒ ගැන සලකා බැලිය යුතු නොවේ ද? තවදුරටත් වෙස්ට්මිනිස්ටර් සම්ප‍්‍රදායේ ව්‍යවස්ථා ආකෘතීන් අනුගමනය කිරීමෙන් කවර ඵලයක් ද?

‘‘යුග පිරිහෙන විට සියලූ ආකල්ප පුද්ගලබද්ධ වේ. එහෙත් අනිත් අතට නව යුගයක් සඳහා තත්ත්වය මෝරන විට සියලූ ආකල්ප විෂයබද්ධ වේ.’’ - ගර්තේ

සෘජු යටත්විජිත යුගය පිරිහෙනවිට නැඟී ආ ව්‍යාපාරය පුද්ගලබද්ධ විය. එය ජාතියේ පියවරු, බත් දුන් පියවරු, ධර්මිෂ්ඨ පිං පියවරු සහ බෝසත් බණ්ඩාරනායකලා නිර්මාණය කළ පිරිහුණු යුගයක් විය. මේ සියල්ල පුද්ගලබද්ධ විය. දැන් එම මගේ අවසානය සනිටුහන් කොට තිබේ. තවදුරටත් සමාජයට කැපී පෙනෙන්නට පුද්ගලබද්ධ ආකල්ප තනන්නට නොහැක. එක්සත් ජාතික පක්ෂය කැඞී බිඳී විසිරී ගොස් ඇත. පනස් හයේ් දරුවන් පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස දෙකඩ ව ඇත. පනස් හහේ දරුවන්ට වගේ වගක් ඇති නැති ගාන ය. හැමවිට විෂයබද්ධ ව මතු ව එන වාමාංශය දිගුකලක සිට දකුණට බඩගාමින් තිබේ. තමා කැමැති වුවත් නැතත් වෙළෙඳපොළේ මාළු ලෑල්ලේ මාළු ගන්නවා හැර මහජනතාවට තමාට වුවමනා මාළුවෙකු සොයා මුහුදු ගිය නොහැක. ජාතිය දිගු කලක සිට පෙළෙන යටත්විජිතවාදී දේශපාලන න්‍යායපත‍්‍රයෙන් රට ගොඩගැනීමට නම්, ජාතියට අවැසි මාළුවා සොයා එම මාළුවා ගැවසෙන ගැඹුරු මුහුදට යෑමට සුදුසු යාත‍්‍රාවන් තනා එම මාළුවා අල්ලා ගැනීමට අවශ්‍ය දැල් ආම්පන්න බිලීිකොකු රැගෙන මුහුදට යා යුතු ය. සැබෑ යටත්විජිත විරෝධී වාමවාදී ජාතිකවාදී, සටන්කාමී එක්සත් පෙරමුණක් සඳහා සාකච්ඡාවක් ප‍්‍රබුද්ධ ජනයා එක් ව පෙළ ගැසී ගොඩනැඟිය යුතු ය. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් ගැන හෝ සාකච්ඡාවක් වෙනුවට ප‍්‍රබුද්ධ ජනයාගේ විමසුමට භාජනය විය යුත්තේ ලාංකේය ජනමනස හා ඔවුන්ගේ කි‍්‍රයා පිටුපස ඇති චින්තනයත් ඔවුන්ගේ පරිකල්පන ශක්තියත් එහි පරිමාව හා ගුණය ඉහළට ගෙන එන්නේ කෙසේ ද යන්නත් පිළිබඳ ව බව පෙනී යා යුතු ය. 1948 න් පසු දේශපාලන පෙළගැස්ම මේ කරුණු වටහා ගැනීම සඳහා උපකාරී වෙයි.

ලංකාවේ යටත්විජිත පාලනය නිර්මාණය කළ ඉංගී‍්‍රසීන් ධනපති කණ්ඩායම්වලට රට භාර දෙනවිට ජනවර්ග පදනමින් යුත් ප‍්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකක් විය. එක්සත් ජාතික පක්ෂය හා සෝල්බරි කොමිසම හමුවේ 50 ට 50 ට ඉල්ලූ දෙමළ සංගමය මෙම පක්ෂ දෙකයි. මෙම පක්ෂ දෙක ම ඉතා කෙටි කලකින් දෙකඩ විය. දෙමළ සංගමය 1949 දී ඞී.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව ගෙන ආ පුරවැසි පනත මුල්කොට ගෙන දෙකඩ වී එස්.ජේ. බී. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් තමිල් අරසුකච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය බිහි විය. එය දකුණේ ජනතාව හැඳින් වූයේ ෆෙඩරල් පක්ෂය හැටියට ය. ඊට වසර දෙකකට පසුව 1951 සැප්තැම්බර් 02වැනි දා කොළඹ නගර ශාලාවට රැස් වූ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බිඳීී ආ පිරිසක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්හ. මේ සඳහා සෝල්බරි හා ඞී.එස්.ගේ රහස් ගිවිසුම බලපෑවේ ය. උතුරේ ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂ දෙකක් ද දකුණේ ජාතිකත්වය පදනම් කරගත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ද, ඊට පසු වර්ධනය වන්නට විය. තම පන්ති ප‍්‍රතිමල්ලවයා පරදවා වැඩි ඡුන්ද ලබා ගැනීමට උපාය මාර්ගික, දීර්ඝකාලීන අවාසි නොතකා උපක‍්‍රමික (බලය ලබා ගැනීමට) පටු වාසි තකා අධිරාජ්‍යවාදී හාම්පුතුන් අනුකරණය කරමින් බෙදා වෙන් කර පාලනය කිරීමටත් ජාතිකත්වයන්ට වෙනස් අයුරින් සැලකීමටත් ජාතික සතුරුභාවයේ ගිනි ඇවිලීමටත් මොවුන් සියලූ දෙනා කටයුතු කළහ.

යටත්විජිත අර්ථක‍්‍රමයත් එම දේශපාලන තන්ත‍්‍රයත් උන්ගේ අධ්‍යාපනයත්, අපේ කර ගනිමින් රට ණය උගුලක හිර කර තබන්නටත් නැඟී එන ලෝක බලවතාට රටට අත තැබීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව නිර්මාණයේ දී ඇමෙරිකානු උපදෙස් ලැබීමෙත් කොළඹ ක‍්‍රමය නිර්මාණය කිරීමත් පී.එල්. 480 ඇමෙරිකන් තිරිඟු පිටි සඳහා රුපියල්වලින් ගෙවීමට එකඟ වීමෙන් එම මුදල් ලංකාවේ ආයෝජනය (සැක කටයුතු කි‍්‍රයා සඳහා) කිරීමටත් ඉඩ ප‍්‍රස්ථා ලබා දුන් හ.

1956 සිට 2019 දක්වා අධිරාජ්‍ය විරෝධී එක්සත් පෙරමුණු කීයක් අප නිර්මාණය කොට ඇත් ද? වසර 72 කට පසුවත් අධිරාජ්‍යවාදී සතුරා තවමත් ගෙය තුළත් ගෙමිදුලේත් රැඳී සිටියි. එන සෑම අනෝරා වරුසාවකට ම කුඩ ඉහිලීම හැර වැස්සෙන් බේරීමට ස්ථිර නිවහනක් සෑදීම අපේ මාතෘකාවක් වී නැත.

‘‘වැස්සට කුඩ ඉහලීම වෙනුවට වලාකුළු උඩින් පියෑඹීමේ කලාව සොයා දැන එය ඉගෙන ගනිමු.’’

අපේ රටේ ජාතික දේශපාලනයක් නැත. ආරම්භයේ සිට ම ඇත්තේ පක්ෂ දේශපාලනය යි. පොදු ජනතාව, පාලක කණ්ඩායම්, වෘත්තික කොටස්, දේශපාලන පක්ෂ එම පිරිහිණු දේශපාලනයේම කොටස්කරුවෝ වෙති. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපාරයකට දේශපාලන න්‍යායපත‍්‍රයක් නැත. වාමවාදී දේශපාලනවලට ද දේශපාලන මණ්ඩලයක් හෝ න්‍යායපත‍්‍රයක් ඇතැයි පැවසුව ද ඇත්තේ පක්ෂන්‍යාය පත‍්‍ර පමණ’. පොදුවේ ලංකාවේ දේශපාලනයෙහි ඇති දූෂිත හා ගතානුගතික බවත් මන්දබුද්ධික භාවයත් වාම දේශපාලනයෙහි ද ඇත. හැම එකා ම මැතිවරණ අභියස කුඩ ඉහළති. පොදු ජනයා ද ඒ හැම අවස්ථාවක ම තමාගේ සුපුරුදු කුඩයක් යටට හෝ අලූත් කුඩයක් යටට යති. එහෙත් හැම වැස්සකට ම පසු තමා තෙමුන බව දැන ගනිති. ජාතියත් රටටත් ටික ටික විනාශ මුඛයට ගමන් කරයි. වැස්සෙන් බේරීමට කුඩ ඉහළීම වෙනුවට හා කුඩ යටට යනවා වෙනුවට වලාකුළුවලට ඉහළින් පියඹා යෑමට උපාය මාර්ගයක් සොයා ගත යුතු ය. වසර දෙසීයකට වැඩි කාලයක් සමාජ ගත වී ඇති ඉංගී‍්‍රසීන් හා ඔවුන්ගේ පසුපරම්පරාව මත වපුරා ඇති මිත්‍යා මතිමතාන්තර සුව කිරීම, පිළිකා දහයක් වැළඳුන රෝගියෙකු සුව කිරීමට වඩා අපහසු කරුණකි. යුරෝපීය ප‍්‍රතිමානයන් අපේ බුද්ධිසම්ප‍්‍රදාය වී 1833 සිට ඔවුන් ඇති දැඩි කළ අධ්‍යාපන ආයතන මගින් අපේ ඇටමිදුළු තුළට කාවද්දන ගිරාපෝතක සම්ප‍්‍රදායක් නිර්මාණයකොට ඇත.

අපේ බේදබින්න වීම් ද ඒවායේ අක්මුල් ද අපේ විශ්වාසයන් හා අනන්‍යතාවන් ද අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සමග ගැට ගැසී ඇත. ආර්ථික, දේශපාලන. සමාජ සංස්කෘතික මූලමණ්ඩලයත් උත්තර නිර්මිතයත් සඳහා යටත්විජිත හාම්පුතුන් තවමත් සිය මඟ පෙන්වීම සිදුකරනු ලබයි.

අලූත් ව්‍යවස්ථාවක් කුමකට ද? අලූත් රටක් නිර්මාණය සඳහා නම් අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙයි. මේ සූදානම හැත්තෑ දෙකේ හැත්තෑ අටේ සිදු කළාක් මෙන් තවත් ව්‍යවස්ථාක් සකස් කිරීමට ය. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස මහජන අදහස් ලබා ගැනීමට විශේෂඥ කමිටුවක් දැනටමත් පත්කොට තිබේ. වැස්සෙන් බේරීමට තවමත් කුඩය ඉහිළීම පමණකි, සිදුවන්නේ. දූෂිත ආත්මාර්ථකාමී ගතානුගතික මන්දබුද්ධික දේශපාලන ගමනට තවත් රැවටීමක් පමණක් හැටියට මෙය හඳුන්වා දිය හැක. රටේ හා ජනතාවගේ අභිලාෂයන් වෙනුවට පක්ෂ අභිලාෂයන් ඉටුකිරීම පමණක් මෙයින් සිදු වෙයි. අපට අවශ්‍ය වන්නේ අතීතයෙන් ඉගෙන ගෙන අනාගතයට යන අලූත් ව්‍යවස්ථාවකි. අපේ අතීතය විසල් ශිෂ්ටාචාරයක පහස ලැබූ එකකි. අතීත සභ්‍යත්්වයෙන් පෝෂණය ලත් සමාජ හර පද්ධති තවමත් පවතියි. අපේ බහුතරයක් මිනිසුන් හසුරුවනු ලබන්නේ ඒ සභ්‍යත්ව විඥානයෙනි, සභ්‍යත්ව විඥානය යනු දීර්ඝ කාලයක් ගලා ආ පොදු ඇවැතුම් පැවැතුම් සම්ප‍්‍රදායයි. නීතියේ මූලාශ‍්‍රය නැතිනම් අර්ථාන්විත නීතියේ උල්පත කාන්ට් නමැති දාර්ශනිකයා පැහැදිලි කළ ආකාරයට නම් එය මිනිසාගේ හද මනස තුළ නෛසර්ගික ව උපදින කුසලාකුසල විඥානය යි. ලංකාවේ දී එය සිංහල බෞද්ධ විඥානය යි. රටක ඇති නීති හා අධිකරණය ඉක්මවා යන ධර්මාධිකරණය මේ සභ්‍යත්ව විඥානයයි. අද කොවිඞ් වසංගතය ලෝකයට ම විදාරණය කර පෙන්වන්නේ චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය” හොංකොං, තායිවානය, ජපානය, කොරියාව, භූතානය, ශ‍්‍රී ලංකාව වැනි රටවල් එය යම් පමණකට පාලනය කර තිබෙන්නේ බෞද්ධ සභ්‍යත්වයේ බලපෑම ඒ පසුපස සැඟව කි‍්‍රයාත්මක වන නිසා ය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට පෙර ඊට අවශ්‍ය කතිකාව හෙවත් වලාකුළුවලට උඩින් පියඹා යෑමේ කලාව සාකච්ඡා කළ යුතු වන්නේ මේ පසුබිම තුළ ය.

ලංකාවේ දැනට ක‍්‍රියාවට නැෙඟන සියලූ ජාතික බලවේගයන් ද සියලූ වාමවාදී බලවේගයන් ද එක් ව සාකච්ඡා කළ යුත්තේ රට ගොඩනැඟීම සඳහා අප සියවස් ගණනාවක් රැක ගෙන ඉන්නා පුරුෂාර්ථ පද්ධතිය, ආකල්ප, චාරිත‍්‍ර ඇතුළත් චින්තන ප‍්‍රවාහය තුළ නව දේශපාලන ධාරාවක් නිර්මාණයකොට ගැනීමටයි. නව යටත්විජිත ආර්ථික හා දේශපාලන ප‍්‍රවාහයෙන් රට ජාතිය බේරා ගැනීමට නව සාකච්ඡාවක් නිර්මාණයකර ගැනීමයි.

අනගාරික ධර්මාපාලතුමන් එදා මේ රට තුළ වපුල ජාතික බීජ නැතිනම් සභ්‍යත්වයේ බිජුවට මුල් ඇල්ලීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් එක්දහස් නවසිය හතළිස් පනස් ගණන්වල යළි ජාතික පුනර්ජීවන ව්‍යාපාරයක් බිහි වීමත් වෙස්ට්මිනිස්ටර් මොඩලය අනුව යමින් ගොඩනැඟූ පාර්ලිමේන්තුව එම වැදගත් අවස්ථාව මඟ හැරීමත් බමුණු කුලය බිඳ වැටුණා යැයි උදම් ඇනූ බණ්ඩාරනායක මහතාගේ ආගමනයත්් 1971 දී සහ 1989 දී දෙවරක් ම සිදු වූ සාමූහික සිය දිවි නසාගැනීම් ද ඇතුළු ව ගෙවුණ සියවසක දේශපාලන ගමන්මඟ විමර්ශනය කිරීම මේ මොහොතේ වැදගත් වෙයි. බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ද මේ නිරර්ථක ගමනේ මේ ඛේදවාචකය පැහැදිලි කිරීමට හොඳ ම සක්ෂීන් ය.

ඒ සඳහා අපේ ඉතිහාසයෙන් ලැබෙන පිටිබලය අතිමහත් ය. පරිණත හා සංකීර්ණ ශිෂ්ටාචාරයක් වූ අනුරාධපුර, පොලොන්නරුව නඩත්තු කළ, එම දේශපාලන සමාජ සංස්කෘතික ප‍්‍රවාහය සොයා යා යුතු කාලය පැමිණ ඇත. මනු නීතී සංග‍්‍රහයත්, කෞටිල්‍යය අර්ථශාස්ත‍්‍රයත් බෞද්ධ සභ්‍යත්වයට මනාකොට සංකලනය කළ පොලොන්නරුව දේශපාලන සම්ප‍්‍රදාය අදට ගැළපෙන ලෙස ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතු වෙයි.

සිංහලේ අවසාන රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන් මේ සඳහා හොඳ පර්යේෂණයක් කර ඇතත් ඩොයිලිගේ උපාය මාර්ග හමුවේ එය ඉංග‍්‍රීසීන් විසින් සුනුවිසුණු කරනු ලැබ, බටහිර දේශපාලන අධ්‍යාපන හා සංස්කෘතික පෙළ ගැස්ම මුළු ලංකාවට ම ආදේශ කෙරිණි. සියවස් හතර හමාරක් තරම් බටහිර විදේශීය ආක‍්‍රමණවලට ගොදුරු වී අවසානයේ ඍජු පරාධීන ජාතියක් බවට පත් වූ අප, ආර්ථික ආක‍්‍රමණයට මෙන් ම සංස්කෘතික ආක‍්‍රමණයට ද ගොදුරු විය. සඳහට ම වහලූන් බවට අප ව පෙරළීමට නම් සංස්කෘතික ආක‍්‍රමණයක අවශ්‍යතාව ඉංග‍්‍රීසීන් තේරුම්ගෙන සිටියහ. ඒ සඳහා ඔවුන් අනුගමනය කළේ අධ්‍යාපනයයි. අපි තවමත් උජාරුවෙන් නඩත්තු කරන උන්ගේ විශ්වවිද්‍යාලයීය පද්ධතිය එය මනාව තවමත් ඉටු කරමින් සිටියි.

‘‘සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනාසීමට හෝ හඬා වැළපීමට නොවේ. එයින් යමක් ඉගෙන ගැනීමට ය.’’

- ස්ටිනෝසා

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles