Divaina - රස්සාවත් පාරස්තාවත් අලකලංචි... කොරෝනා අස්සේ සැඟවුණු කතාවක්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

rassa
 
 මොහමඞ් අක්රම්
 
අද ලෝක වසංගතයක් වෙලා තියෙන කොරෝනා හේතුවෙන් ලෝක ආර්ථිකය වගේම හැම දෙයක්ම කඩන් වැටිලයි තිබෙන්නේ. මේ හේතුවෙන් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයන්ට ද විශාල ලෙස බලපෑමක් එල්ලවී අවසන්.
 
 අද වෙද්දි මෙම ප‍්‍රශ්නය ලෝකයේ සියලූම රටවල්වලට පොදුවේ බලපාන ප‍්‍රශ්නයක් වෙලා අවසන්. මෙම වසංගතය හේතුවෙන් අපේ රටේද ආර්ථිකයට වගේම මිනිසුන්ගේ ආර්ථිකයන්ට ද විශාල හානියක් සිදු වෙමින් පවතිනවා. කොරෝනා පළමු රැල්ලෙන් මාස ගාණක් බැටකාපු ජනතාව යම් විදියකින් සැනසුමක් ලැබුවේ මාසයක් වගේ කාලයක්.
 
 එම කාලය තුළදීත් මිනිසුන්ට හරියමන් දෙයක් කරගැනීමට වාතාවරණයක් උදා වුණේ නෑ. එය එසේ තිබියදී නැවතත් රටේ පළාත් කීපයකින්ම නැවතත් කොරෝනා දෙවැනි රැල්ල පටන් ගෙන සති දෙකක් ගෙවී අවසන්. නමුත් මෙම වසංගතය හමුවේ අපිට නොපෙනෙන, අපි නොදකින අසරණ වෙලා ඉන්න මිනිසුන් කොච්චරක් ඉන්න ඇද්ද?
 
 අන්න ඒ වගේ ඉතාමත්ම අසරණභාවයට පත් වෙලා, අද කන්න බොන්නවත් විදියක් නැතුව දුක් විඳින පවුලක් ගැන තමයි මේ කතාව. වාද්දුව කියන්නේ ඉතාමත්ම සුන්දර පළාතක්, මේ සුන්දර වාද්දුවේ ලස්සන ගමක තමයි මේ කතාවේ ප‍්‍රධාන චරිතයන් වන මේ ලස්සන පවුල ජීවත් වෙන්නේ. හැම මිනිසුන්ටම, හැම පවුලකම තියෙන ලොකුම සිහිනය තමයි තමන්ට කියලා ලස්සන ගෙයක් හදාගෙන යහතින් ජීවත් වීම. මෙන්න මේ සිහිනය අමිලටත් චමිලත් තිබ්බා.
 
 ඒ සිහිනයට තමන්ගේ එකම පුතාත් දායක වුණා.
 
 කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දි චමිලා අමිලට කියනවා අපේ පුතත් දැන් අවුරුදු 20ක තරුණයෙක්.
 
 කොල්ලට හොඳ අනාගතයක් අපි හදලා දෙන්න ඕනි.
 
 අපි ගේ පොඞ්ඩ පොඞ්ඩ හදාගත්ත නම් හොඳයි නේද?
 
 බලන්න පුතාගේ යාළුවෙක්වත් ගෙදරට ගෙන්න ගන්න විදියක් නෑ.
 
 තව අවුරුදු කීපයකින් කොල්ලට කසාදයකුත් කරලා දෙන්න වෙනවා.
 
 ඒ දේවල් දිහා හිතලා අපි දැන්ම ගේ හදන්න පටන් ගත්තොත් හොඳයි නේද?
 
 චමිලාගේ මෙම යෝජනාවට හොඳින් සවන් දුන් අමිලටත් හිතුනා චමිලා කියපු දේවල් හරි. මොනවා හරි කරලා ගේ කෑල්ල හදාගත්ත නම් හොඳයි කියලා.
 
 නමුත් ස්ථිර ආදායම් මාර්ගයක් නැති අමිලට තිබුණේ එකම විකල්පයයි. ඒ තමන්ගේ ඉඩම ඇපයට තියලා බැංකුවකින් නිවාස ණයක් ගන්න එක විතරයි.
 
 එහෙත් අමිලට තව ප‍්‍රශ්නයකුත් මතු වුණා.
 
 ඒ තමන් බැංකුවකින් ණයක් අරගෙන ගේ හදන්න පටන් ගත්තත් නැවත එම ණය ගෙවන්නේ කොහොමද කියලා.
 
 දීර්ඝ ලෙස කල්පනාවේ යෙදුනු අමිලට හොඳ අදහසක් ආවා. ඒ මාලදිවයිනේ රැකියාව කරන තමන්ගේ හිතවතෙක්ගේ මාර්ගයෙන් මාලදිවයිනට රැකියාව සඳහා පිටත්වෙලා ගියා නම් ගේ හදාගන්න ගත්ත ණයත් ගෙවන්න පුළුවන් වගේම තමන්ගේ ආර්ථිකයත් යම් මට්ටමකට ගොඩ දාගන්න පුළුවන් කියා. තමන්ගේ අදහස චමිලා සමගත් සාකච්ඡා කරලා මාලදිවයිනේ සිටින තමන්ගේ හිතවතාටත් තමන්ගේ අදහස කියා සිටිනවා.
 
 අමිල සමග ඉතාමත් ලෙංගතු මාලදිවයින හිතවතා එකපාරින්ම කියන්නේ ‘මචන් උඹ බය වෙන්න එපා, දැන්ම බැංකු ලෝන් එකකට ට‍්‍රයි කරපන්. ලෝන් එක පාස් වෙනවත් එක්කම උඹට මෙහේ එන්න හැම දෙයක්ම මං සූදානම් කරලා දෙන්නම්. මට පාස්පෝට් එකේ කොපියක් එවපන් ඉතුරු දේවල් මං බලාගන්නම්’ කියලා.
 
 තම ආදරණීය කැදැල්ලෙන් වෙන් වෙලා සයුරෙන් එතෙර රටකට යෑම අමිලට වගේම චමිලාටත් විශාල දුකක් ගෙනදුන්නා සේම ඔවුන්ගේ සිහිනය සැබෑ කරගන්නට තිබ්බ හොඳම විසඳුමක් නිසා යම් සැනසීමක් සිතට දැනෙන්නට විය.
 
 දවස් කීපයකින් නිවාස ණය වෙනුවෙන් අවශ්‍ය සියලූ ලිපිලේඛනයන් අදාළ බැංකුවට ඉදිරිපත් කර ටික දවසිකින්ම ඉල්ලූම් කළ ණය ද ලැබෙන්නට විය. දහසක් සිහින මැද ගේ හැදීමේ වැඬේ පටන් ගත් සති කීපයකින්ම මාලදිවයිනට යෑම සඳහා වීසා එක ද චමිලගේ අතට පත්විය. තමන්ගේ සියලූ බලාපොරොත්තුවන් එකින් එක ඉෂ්ට වෙද්දි හිතේ කොනක දුකක් ද තිබුණා නොවේ.
 
 කාටද එහෙම දුකක් දැනෙන් නැත්තේ?
 
 කවුද කැමති තමන්ගේ ලස්සන පුංචි කැදැල්ලෙන් වෙන් වෙලා පිට රටකට පියමං කරන්න?
 
 නමුත් මධ්‍යම පාන්තික මිනිසුන් තමන්ගේ අරමුණ කරා යෑමට නම් යම් යම් කැපවීම් කළ යුතුය. ඒ කැපවීම අමිල සහ චමිලාටත් එසේය. තමන්ගේ ගමන සඳහා සියලූ කටයුතු සූදානම් කර අවසන්ය. මාලදිවයිනට යෑම සඳහා ද ඉතිරිව ඇත්තේ තව දින දෙකක් පමණය. නමුත් තරුණ පුතෙක් චමිලාගේ තනියට සිටීම අමිලට මහත් අස්වැසිල්ලක් විය.
 
 ‘පුතේ මං මේ ගමන යන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන් හිතලයි. ඔයා පරිස්සමින් ඉන්න. දැන් ගෙදර වගකීම ඔයාට බාරයි පුතේ. ඔයා පොඩි ළමයෙක් නෙමෙයි. ඔයා දැන් ඉළන්දාරියෙක්, ඔයා තමයි දැන් අම්මවත් බලාගෙන, ගේ වැඩෙත් බලාගෙන වගකීම් ඇතුව වැඩ කරන්න ඕනි.
 
 චමිලා... ඔයා කොල්ලව හොඳන් බලාගන්න. දුක් වෙන්න එපා, අඬන්න එපා, මං මේ යන්නේ අපි හැමෝගේම අනාගතය වෙනුවෙන්.
 
 මං ඔයාට ගාණක් දීලා යන්නම් ඇන්ටන් අයියගේ කඬේටත් මං කියන්නම් ඔයා ඉල්ලන හැම දෙයක්ම දෙන්න කියලා. මං
 
 ගිහින් මාස් පතා සල්ලි එවන්නම් ඔයාට පුළුවන් කඬේ ණය බේරලා, බැංකු ලෝන් එක ගෙවලා අවශ්‍ය වැඩ කටයුතු ටික කරගෙන යන්න.’
 
 ඒ දවස් දෙකම ගෙවුනේ ඔවුන් තිදෙනාටම හරියමන් නින්දක් ද නැතුවය.
 
 දහසක් බලාපොරොත්තු මැද මාලදිවයිනට ගිය අමිලට හෝටල් ක්‍ෂේත‍්‍රයේ රස්සාවක් ද ලැබුණේය. ඒ තමන්ගේ හිතවතා සේවය කරන හෝටලයේමය. කාලය ටිකෙන් ටික ගෙවී යද්දි අමිලගේ නිවසේ සිහිනයත් සැබෑ විය. පොඩියට ලස්සනට නිවසක් දැන් ඔවුන් සතුය. බැංකු ණය වාරිකය ද කිසි කරදරයක් නොමැතිව ගෙවන්නට ද විය.
 
 මේ අතරේ අමිල සහ චමිලා දෙදෙනාගේ තරුණ පුතා ද පවුලේ ආර්ථිකයට සහනයක් වන්නට තීරණය කරමින් ඔහුද හෝටල් කේෂ්ත‍්‍රයේ රස්සාවකට යොමුවිය. දැන් දැන් අමිලගේ හිතට යම් සැහැල්ලූවක් දැනෙන්නට විය. මාස ගාණක් ගෙවී අවුරුදු දෙක තුනක්ද ගෙවී ගියේ හිත් සතුටින්ය. අමිලගේ තරුණ පුතා ඉෂාන්ට ද පෙම්වතියක් හමුවිය. දෙදෙනාගේ ආදරයට ද නිවෙස්වලින් කිසිදු තහංචියක් නොවිය.
 
 කෙමෙන් කෙමෙන් හෝටල් ක්‍ෂේත‍්‍රයේ යම් තැනකට එමින් සිටි ඉෂාන්ගේ විවාහය තීන්දු කරන්නට අමිල සහ චමිලා තීරණය කළේය.
 
 හැම දෙයක්ම වැඩිහිටියන් අතරේ කතාබහ කරලා 2020 ඔක්තෝබර් මස 14 වැනි දින ඉෂාන්ගේ විවාහය ගැනීමට ද සියලූ කටයුතු තීන්දු කර තිබුණේය. තමන්ගේ පුතාගේ විවාහය වෙනුවෙන් තම රටට පැමිණීමට ද අමිල සියල්ල සූදානම් කරමිනුයි සිටියේ.
 
 නමුත් ඔවුන්ගේ සතුටු කැදැල්ලට ඇස්වහක් වැදුනා මෙන් මෙතුවක් කාලයක් කෙමෙන් කෙමෙන් ඉදිරියට සතුටින් ගලාගෙන ගිය ඔවුන්ගේ ජීවිතයට ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න දංවැලක් සේ එන්නට විය. ඒ ලෝක වසංගත කොරෝනා උවදුරයත් එක්කමය. ඔව් කොරෝනා ලෝක වසංගතය හමුවේ අමිලගේ බලාපොරොත්තුවන් ටිකෙන් ටික සුන් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන්ගේ  රැකියාවත් දවසින් දවස අවදානම් තත්ත්වයකට පත් වෙනවා. සංචාරකයින්ගේ පැමිණීම දවසින් දවස අඩු වෙනවත් එක්කම දවසින් දවස අමිලගේ ආදායමත් පහත වැටෙන්නට පටන් ගන්නවා.
 
 එහෙත් කොහොම කොහොම හරි ලැබෙන පොඩි වැටුපෙන් බැංකු ණය වාරිකය ට වඩා අඩුවෙන් ගෙවාගෙන ආවත් යම් සැනසීමක් තිබුණේ ගෙදර කෑම බීම වියදමට පුතාගේ පඩියෙන් පිරිමහගන්න පුළුවන් කියන එක විතරයි. නමුත් ගහෙන් වැටිච්ච මිනිහාට  ගොනා ඇන්න කතාව වගේ හෝටල් ක්‍ෂේත‍්‍රයේ රැකියාවේ නියුතු ඉෂාන්ට ද රැකියාව අහිමි වෙනවා. ඒ ලංකාවෙත් කොරෝනා වසංගතය නිසා සංචාරකයින්ගේ පැමිණීම අඩුවීමත් එක්කම.
 
 අමිල දැන් මොකද්ද කරන්නේ?
 
 පුතාටත් දැන් රස්සාව නෑ. බැංකු ලෝන් එකේ වාරිකෙත් දැන් දැන් ගෙවන්නේ ඉතාම අඩුවෙන්.  මට නම් බයේ බෑ අමිල බැංකුවෙන් ඇවිල්ලා ඉඩමයි ගේයි සින්නක්කර කර ගනීද කියලා?
 
 ඒ මදිවට දැන් ඇන්ටන් අයියගේ කඩෙන් ණයට බඩු දෙන්නේ නෑ. කඬේටත් ණය  ගෙවන්න තියෙනවා. ගෙදර හාල් හුන්ඩුවක් නෑ.
 
 අපි දැන් මොකද්ද කරන්නේ අමිල?
 
 ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න එක දිගට ගලාගෙන එද්දි අමිලට ඇමතුමක් අරන් චමිලා හඬා වැලපෙන්නට විය.
 
 තමන්ද ඉතා අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න මොහොතක තමන්ගේ බිරිඳගේ සිත සනසවන්න ද නැතිනම් තමන් පත් වෙලා ඉන්න අසරණ තත්ත්වය බිරිඳට කියා සිතේ දුක නිවාගන්නද කියා දෙලොවක් අතර අමිල අතරමංවී සිටියේය.
 
 මාලදිවයිනේ රැකියාවත් නොමැතිව, ලංකාවට පැමිණීමටත් නොහැකිව ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය මෙන් හිර වෙලා ඉන්න අමිල කල්පනා කරේම තමන් ගැන නොව තමන්ගේ බිරිඳ සහ පුතා ගැනය. මේ යම් විදියකින් තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න වෙර දැරූ අහිංසක පවුලකට කොරෝනා කරපු හදියකි.
 
 කොරෝනා වසංගතය පමණක් නොමැති නම් මේවනවිට ඉෂාන් ද විවාහවී අවසන්ය. අමිල ද තමන්ගේ ආදරණීය පුතුනුවන්ගේ විවාහය සඳහා නිවාඩු දමා ලංකාවට පැමිණ ඇතිය. තමන් අවුරුදු ගාණක් සිහින මව මවා නිම කෙරූ නිවසද බැංකුවට සින්නවීමට යන අවදානම ද නැතිය. තුන්වේලක් අගහිඟකම් නොමැතිව කුසගින්න නිවාගත් මේ අහිංසක පවුලට අද වේලක් කන්නවත් නැතිය.
 
 රැකියාවත් නොමැතිව පිටරටක තනිවෙලා ඉන්න අමිලට වගේම අද මහ පාරට වැටීමට නියමිතව සිටින චමිලාට සහ ඉෂාන්ට කාගේ පිහිටද?
 
 කොරෝනා වසංගතය හේතුවෙන් රජයෙන් දීපු රු. 5000ක දීමනාව ද මෙම අසරණ පවුලට ලැබුණේ ද නැත. හේතුව අමිල ඉන්නේ පිට රට නිසාය. හැමෝම දන්නේ පිට රට රැකියාවට ගොස් කියා පමණි. එතනින් එහාට ඔවුන් කොරෝනා වසංගතය හේතුවෙන් විඳින දුක කිසිවක් නොදනී.
 
 ග‍්‍රාමසේවකලාට ද එය අදාළම නැතිය.
 
 ඔවුන්ගේ මුවෙන් පිට වන්නේ ‘ආ ඔයාගේ මහත්තයා රටනේ? ඔයාලට රු. 5000 දෙන්න බෑ. මේක දෙන්නේ දුප්පත් මිනිසුන්ට’
 
 ඔව් ඒ 5000 දෙන්නේ දුප්පත් මිනිසුන්ටය. නමුත් ග‍්‍රාමසේවකලා නොදන්න ඇත්ත පිටරටවල්වලට රැකියාවට යන්නේ දුප්පත් මිනිස්සු මිස පොහොසතුන් නොවේ කියන එක. ඒ වගේම කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා නොමැතිව අන්ත අසරණතාවයට පත් වෙලා සිටින රටවිරුවන් අද හිඟන්නුන්ට වඩා අන්තය. ඔවුන්ගේ දරු පවුල් වලට ද ලංකාවේ ද කිසිම පිහිටක් නොමැතිය. මේ කොරෝනා වසංගතය තව කොච්චර කාලයක් ලෝකය තමන්ගේ ග‍්‍රහණයේ තියාගනීද කියා අපි නොදන්නේය. නමුත් අමිල වගේ චමිලා වගේ ඉෂාන් වගේ ලක්ෂ ගාණක් අසරණ මිනිසුන් අපේ රටේ තවත් සිටී.
 
 ඒ මිනිසුන් අද නොමැරී ජීවත් වෙමින් සිටින්නේ කොරෝනා වසංගතය අද ඉවරයක් වෙයි හෙට ඉවරයක් වෙයි කියන අහිංසක බලාපොරොත්තුවක් නිසාය.
 
 එම බලාපොරොත්තුවවත් නොමැති නම් මේ වගේ අසරණ මිනිසුන්ට මේ වන විටත් මොකෙන් මොකක් හෝ සිදුවී හමාරය. මෙහෙමවත් ජීවත් වෙන මිනිසුන්ට තව මාසයකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් කුමක් සිදු වේවිද?

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles