Divaina - 2021 ට ඉතාලියෙන් රැකියා තිස් දහසක්...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

italy
 
 ලලිත් හෙට්ටිආරච්චි ඉතාලියේ සිට
 
කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව අතිශය පීඩාවට පත් රටවල් අතර ඉතාලිය ප‍්‍රමුඛය. එමෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරටද ඉතාලිය එක්වේ. එහෙත් එවැනි තත්ත්වයක් යටතේ වුව ඉතාලිය අතිශය වැදගත් තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ. ඉතාලිය කෝටි 60 කට අධික ජන සංඛ්‍යාවක් ජීවත් වන රටකි. එය යුරෝපයේ සුන්දරම රටවල් අතර ඉදිරියෙන්ම සිටී. ඉතාලිය මේ වනවිට ලෝකවාසී රැකියා අයදුම්කරුවන් සඳහා නැවත වතාවක් සහයෝගිතාවයේ දෑත දිගුකරමින් Decreto 2020 Fluusi යටතේ රැකියා අවස්ථාවන් 30850 ක ප‍්‍රමාණයක් ලබාදීමට සූදානම් වේ. ඉතාලි රජය මගින් මේ වනවිට ඊට අවශ්‍ය නීති කෙටුම්පත් දැනටමත් ප‍්‍රකාශයට පත්කොට තිබේ.
 
ඔක්තෝබර් මස 12 දින මේ සඳහා අවශ්‍ය ගැසට්පත‍්‍රය නිකුත්වන්නේ අදියර 3 ක් යටතේ නිර්දේශීත ඇබෑර්තු සඳහා ඊට අදාළ ක්‍ෂේත‍්‍රයන්ගෙන් සහ දැනටමත් ඉතාලිය තුළ රැකියාවල නියුතු ශ‍්‍රමිකයන් සතුව ඇති රැඳී සිටීමේ කෙටිකාලීන බලපත‍්‍රයක් සහ අධ්‍යාපන කටයුතු සඳහා නිකුත් කර ඇති බලපත‍්‍රයක්” ස්වයං රැකියා සහ අලූත් කිරීමේ පදනම මත ලබාදෙන ස්ථිර රැකියා බලපත‍්‍රයක් සඳහා පරිවර්තනය කර ගැනීමට අවස්ථාවන් ලබාදීම හරහාය.
 
 Decerto 2020 Fluusi යටතේ ප‍්‍රකාශයට පත්කොට ඇති රැකියා අවස්ථාවන් 30850 න් රැකියා අවස්ථාවන් 6000 ක් ලබාදීමට ඉතාලි රජය මගින් කටයුතු කරන්නේ (Lavoro non Stagionale) දිගුකාලීන රැඳී සිටිමේ සහ රැකියා කිරීමේ බලපත‍්‍රය යටතේ (Auto Trasporto) ඉතාලිය තුළ බඩු ප‍්‍රවාහනය කිරීමේ ක්‍ෂේත‍්‍රයේ ආයතනයක හිමිකරුවෙකු නම් එම ආයතනයට අවශ්‍ය බරවාහන රියදුරුවරුන් (රියදුරු බලපත‍්‍ර CE) සඳහා අයදුම් කිරීමට අවස්ථාවන් ලබා දී ඇති අතර ඒ සඳහා ශ‍්‍රී ලාංකීය රියදුරු බලපත‍්‍රය ඉතාලි රියදුරු බලපත‍්‍රය සඳහා පරිවර්තනය කර ගැනීමට අවුරුද්දක කාලයක් රජය මගින් ලබා දී ඇත.
 
italy2මීට අමතරව (Edilizia) ඉතාලිය තුළ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට අදාළව ආයතන හිමිකරුවෙකුට සිට ආයතනය සඳහා ජලනළ” පෙදෙරේරු” වඩු හා විදුලි කාර්මිකයන් සඳහා අයදුම් කිරීමට හැකියාව ලබා දී ඇති අතර නිර්දේශිත අවසාන රැකියා අවස්ථා අංක යටතේ Touristco Albergheru ඉතාලිය තුළ Bed and Breakfast ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඊට අදාළව සූපවේදියෙක්” වේටර්වරුන්” පිරිසිදු කරන්නන්” සහ වතු පිරිසිදු කරන්නන් සඳහා ද අයදුම් කිරීමටද අවස්ථාවක් ලබා දී ඇත. මේ සඳහා පසුගිය ඔක්තෝබර් මස 13 සිට අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඔක්තෝබර් මස 22 දින උදේ 9 ට විද්‍යුත් මාර්ගයෙන් (Online) අයදුම් කළ යුතු අතර නියමිත් වේලාවට අයදුම්පත් යොමු කරන්නන් සඳහා වැඩිම ප‍්‍රමුඛතාවය හිමිවෙන බව පැහැදිලිව පෙන්වා දිය යුතුය.
 
 රැකියා අවස්ථා 30850 න් අවස්ථාවන් 18000 ක ප‍්‍රමාණයක් (L avoro Stagonato) වර්ෂයකදී මාස හයකට කෘෂිකාර්මික අංශය සඳහා ලබාදෙන රැකියා අවස්ථාවන්ය. මේ සඳහා ඉතාලියේ වතු වගාවන් සඳහා නිර්දේශිත වූ කෘෂිකාර්මික ආයතන ඒ සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයන් වෙනුවෙන් අයදුම් කළ හැකි අතර මීට අමතරව වසන්ත කාලය (Summer) සඳහා පමණක් විවෘත වෙන අවහන්හල් සහ Hotel සඳහාද අවශ්‍ය ශ‍්‍රමිකයන් සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත. මේ රැකියා අවස්ථාවන් සඳහා ඔක්තෝම්බර් මස 27 දින උදේ 9 ට විද්‍යුත් මාර්ගයෙන් (Online) අයදුම් කළ යුතු වන අතර ලබා දී ඇති රැකියා අවස්ථාවන් තුළට ඇතුළු වීමට වැඩිම ප‍්‍රවනතාවයක් හිමිවන්නේ නියමිත වේලාවට අයදුම් කරන අයදුම්කරුවන් සඳහා පමණක් බව ඉතාලි රජය මගින් පැහැදිලිවම පෙන්වා දී ඇත.
 
 මේ සඳහා රැකියා අවස්ථාවලට අමතරව දැනට ඉතාලියේ තාවකාලිකව රැඳී සිටීමේ බලපත‍්‍රයන්ට (Permesso Soggiorno Stagionato) හිමිකම් කියන ශ‍්‍රමිකයන් මෙන්ම (Motibo Studio) අධ්‍යාපන කටයුතු සඳහා ද ලබා දී ඇති රැඳී සිටීමේ තාවකාලික බලපත‍්‍රයක් (Lavoro Subordinato) දිගු කාලීන රැඳී සිටීමේ සහ රැකියා කිරීමේ බලපත‍්‍රයකට පරිවර්තනය වීමේ අවස්ථාවද ඉතාලි රජය මගින් Decreto 2020 Flussi මගින් ලබාදීමට කටයුතු කර ඇත. මේ වසරේ ජුනි” ජුලි” සහ අගෝස්තු මාස තුළදී ඉතාලියේ රැඳී සිටින නීත්‍යානුකූල නොවන රැඳී සිටීමේ බලපත‍්‍රයක් අහිමි පුද්ගලයන් සඳහා රැකියා කිරීමේ හා රැඳී සිටීමේ බලපත‍්‍රයක් ලබාදීමට කටයුතු කළ අතර රැකියා කිරීමේ හා රැඳී සිටීමේ බලපත‍්‍රයක් මස 12 දින ප‍්‍රකාශයට පත් කළ ගැසට්පත‍්‍රය මගින් තවත් රැකියා අවස්ථාවන් 30850 ක ප‍්‍රමාණයක් ඉතාලියට පැමිණීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා ලබා දෙන්නේ සහයෝගිතාවයෙන් පිරී පරාර්ථකාමී ලොව පිරිපුන්ම ජාතිය ඉතාලිය බව යළි යළිත් පසක් කරමින්ය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles