Divaina - කොරෝනා දෙවන රැල්ලේ ආර්ථික බලපෑම්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  corona

 

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කොරෝනා වසංගතය ලෝකයේ පැතිර යෑමත් සමග එහි ආර්ථික බලපෑම් ගැන මෙන්ම පශ්චාත් කොවිඞ් - 19 ආර්ථික උපායමාර්ග ගැන ද බොහෝ සාකච්ඡා සිදුවෙමින් තිබේ. එහෙත් පශ්චාත් කොවිඞ් යුගයකට වඩා අපට කිසියම් සැලකිය යුතු කාලයක් ගත කිරීමට සිදු වන්නේ කොවිඞ් - 19 සමගමය. කොවිඞ් -19 වසංගතය සමග අපට මෙන්ම ලෝකයට ද වසර කිහිපයක් ජීවත් වීමට සිදුවන බව මේ වන විට පැහැදිලි වී තිබේ. මේ ස`දහා එන්නතක් සොයා ගතහොත් සහ ඒ අනුව වෛරසය අපට සාර්ථකව මර්දනය කළ හැකි වුවහොත් එවිට අපට කොවිඞ්වලින් පසු කාලය ගැන කතා කළ හැකිය. එතෙක් කොරෝනා සමග ගත කිරීමට අකමැත්තෙන් වුවත් හිත හදා ගැනීමට සිදුව තිබේ.

මෙරට ආරම්භ වූ කොවිඞ් - 19 වසංගතයේ පළමු රැල්ල ආරම්භ වූයේ මේ වසරේ (2020) මාර්තු මාසයේ අග භාගයේ සිටය. ඇතැම් අඩුපාඩු මධ්‍යයේ වුවත් එය සෑහෙන දුරකට සමාජ පැතිරීමක් නොමැති තත්ත්වයට පාලනය කර ගැනීමට අප සමත් විය. ඒ අනුව රජයේ අය මෙන්ම සෞඛ්‍ය අංශ ස`දහන් කළේ කොවිඞ් - 19 වසංගතයේ සමාජ පැතිරීමක් නොමැති බවයි. මේ බව සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ද ඒ දිනවල ප‍්‍රසිද්ධියේ කීවේය. ඒ අවස්ථාවේ එය සත්‍යයක් වුව ද එහි අදහස වන්නේ ඊට පසුව මෙහි සමාජ පැතිරීමක් වීමට කිසිදු ඉඩක් නොමැති බව නොවේ. ලෝකයෙන් මේ වෛරසය තුරන් වී නැත. එසේම අපේ ගුවන්තොටුපළ වසා තිබුණත් විටින් විට අපේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගන්නා නිසා මේ වෛරසය අප රට තුළට පැමිණේ. මේ නිසා කෙතරම් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කළත් මේ වෛරසය කිසියම් අතපසු වීමකින් හෝ සමාජගත වීමට ඉඩකඩක් නැතුවා නොවේ. වරද කාගේ වුවත් මේ වන විට එය සිදුව තිබේ. දැන් අප කොරෝනා දෙවන රැල්ලක් ගැන කතා කරන්නේ ඒ නිසාය. මිනුවන්ගොඩ ඇ`ගලූම් කම්හලේ කොවිඞ් පොකුර නිසා වැඩිම ආසාධිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර එය තවදුරටත් සිදුවෙමින් ද තිබේ. ඒ නිසා අප නම් සිතන්නේ මෙයට සාර්ථක ප‍්‍රතිකාරයක් හෝ එන්නතක් ලෝකය සොයා ගන්නාතුරුම මේ අවදානම දිගටම පවතින බවයි. එනම් කිසියම් අවස්ථාවක ස්මාජ පැතිරීමක් නොමැති තත්ත්වයකට මේ වසංගත තත්ත්වය අප හෝ ලෝකයේ ඕනෑම රටක් පාලනය කර ගත්තද ඉදිරියේ දී යළි සමාජයෙන් කොරෝනා රෝගීන් හමු නොවන බවට කිසිදු සහතිකයක් දිය නොහැකිය. මේ නිසා කිසියම් අවස්ථාවක කෙතරම් හො`දට මේ වසංගත තත්ත්වය පාලනය කර ගනු ලැබූවද එය අදාළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුගත නොවී අනාරක්ෂිතව කටයුතු කිරීම අනාගතය අවධානමට පත්කර ගැනීමකි. ඒ අවධානමට අප දැන් මුහුණ දී සිටින්නේය. මේ නිසා කොරෝනා ආර්ථික බලපෑම් හේතුවෙන් මේ වසරේ (2020) අපේ ආර්ථිකය ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව මේ ලියුම්කරුගේ තක්සේරුවයි.

2018 වර්ෂයේ මහ බැංකු වාර්ෂික වාර්තාවේ ස`දහන් වූයේ මේ වසරේ (2020) දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 4.5 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් මහ බැංකුව මේ වසරේ (2020) අපේ‍්‍රල් මාසයේ නිකුත් කළ 2019 වර්ෂය ස`දහා වන මහා බැංකු වාර්තාවෙන් පුරෝකථනය කර තිබුණේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 1.5 දක්වා අඩු වනු ඇති බවයි. ඒ පළමු කොරෝනා රැල්ලේ ආර්ථික බලපෑම් ද සලකමිණි. එහෙත් ඒ අවස්ථාවේදී පවා අපගේ තක්සේරුව වූයේ කොවිඞ් - 19 වසංගත තත්ත්වය හමුවේ සියයට 1.5 ක ආර්ථික වර්ධන අගයකට ගමන් කිරීමට අපහසු වනු ඇති බවයි. මේ වසරේ පළමු කාර්තුවට කොරෝනා වසංගතයේ බලපෑම තිබුණේ අවම වශයෙනි. වැඩිම බලපෑම ඇති වූයේ දෙවැනි කාර්තුවටය. මේ අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2020 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ සියයට 1.6 ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි. එය තරමක් අනපේක්ෂිත අගයක් විය. ශ‍්‍රී ලංකා මහ බැංකුව ඒ වන විට 2020 දෙවන කාර්තුවේ ආර්ථික සංකෝචනයක් වාර්තා කරනු ඇතැයි පවසා තිබුණත් කිසිවිටෙකත් මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වනු ඇති බව පවසා තිබුණේ නැත. මෙසේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කළ පරිදි පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ සියයට 1.6 ක් නම් සහ කොරෝනා වැඩිම ආර්ථික බලපෑම සිදු වූයේ දෙවන කාර්තුවට නම් දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සැලකිය යුතු ඍණ අගයක් ගැනීමට ඉඩ තිබේ. ඒ වන විට මේ මිනුවන්ගොඩ කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී තිබුණේ ද නැත. එසේ නම් කොරෝනා දෙවන රැල්ලේ බලපෑම් ද සමගින් සමස්ත 2020 වර්ෂයේ ආර්ථික වර්ධනයට ඉතා අහිතකර බලපෑමක් සිදුවන බව පැහැදිලිය.

2020 දෙවන කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් කිරීම 2020 දෙසැම්බර් 15 දින දක්වා ප‍්‍රමාද කරනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා කීවේය. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ 2020 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු එදිනට ප‍්‍රකාශයට පත් කරනු ලබන බවයි. මෙහිදී වැඩිදුරටත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ කියා සිටී.

‘‘2020 දෙවන කාර්තුව (අප‍්‍රියෙල් 1 සිට ජුනි 30 දක්වා) ශ‍්‍රී ලංකාවේ කොවිඞ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා තිබූ කාර්තුවයි. එම කාලය තුළ බොහෝ ආර්ථික ක‍්‍රියාකාරකම් අඩපණ වී ඇති බව පැහැදිලිය. වෙනත් ආර්ථික ක‍්‍රියාකාරකම් වෙනදාට වඩා වෙනස් ආකාරයකින් සිදු වූ අවස්ථා තිබේ. සමහර ආර්ථික ක‍්‍රියාකාරකම් කොවිඞ් - 19 විසින් දිරිමත් කරන ලදී.’’

‘‘මෙම සන්දර්භය තුළ, ඇතැම් කර්මාන්ත හා සේවා ක‍්‍රියාකාරකම්වල නිමැවුම් වටිනාකම තක්සේරු කිරීමේ ක‍්‍රම ජාත්‍යන්තර උපදේශකයන් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් ආර්ථික ක‍්‍රියාකාරකම් පිළිබඳ දත්ත වෙනත් ප‍්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ද තීරණය විය. 2020 තුන්වන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප‍්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු.’

මෙසේ කුමන හේතු මත හෝ ආර්ථික වර්ධන දත්ත ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාද කිරීම නම් හො`ද දෙයක් නොවේ. කෙසේ හෝ කලින් ස`දහන් කළ පසුබිම තුළ මේ ලියුම්කරුගේ තක්සේරුව වන්නේ අනිවාර්යෙන්ම මේ වසරේ (2020) සමස්ත ආර්ථික වර්ධනය ඍණ අගයක් ගනු ඇති බවයි. එයට හේතුව පළමු සහ දෙවන කාර්තු දෙකේම වාර්තා කරන ඍණ ආර්ථික වර්ධන අගය ඉක්මවා ගිය ධන ආර්ථක වර්ධනයක් මේ වසරේ දෙවන භාගයේ දී අත්පත් කර ගත හැකි යැයි සිතීමට කිසිසේත්ම අපහසු වීමයි.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර පටන් ගැනීමට පෙර මහ බැංකුව පැවැත් වූ පසුගිය මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය හැර අනෙකුත් බොහෝ අංශවලින් ආර්ථිකය පූර්ව කොවිඞ් තත්ත්වයට පත්ව තිබූ බවයි. මේ නිසා දෙවන කොරෝනා රැල්ල ආරම්භ වූයේ මෙසේ අපේ ආර්ථිකය පළමු කොරෝනා රැල්ලෙන් පසු ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් තිබියදීය. එය ඉතා කනගාටුවට කරුණකි. මේ නිසා කවුරුන් නමුත් මිනුවන්ගොඩ කොරෝනා පොකුර ජනිත කිරීමට වගකිව යුත්තන් සිදුකර ඇත්තේ බලවත් හානියකි. මේ නිසා ගම්පහ දිස්ත‍්‍රික්කයට පමණක් නොව මුළු මහත් රටවැසියාටම පීඩා වි`දින්නට සිදුව තිබේ. ඊට අමතරව කොරෝනා විපතින් යන්තම් ගොඩ එමින් තිබූ ආර්ථික ක‍්‍රියාවලියට බලවත් බාධා ජනිත කර තිබේ. එහෙත් මේ කොරෝනා පොකුර ජනිත කිරීමට වගකිව යුතු බලවතුන්ට පියවර ගැනීම කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ සාමාන්‍ය ජනයාට කොවිඞ් ආසාදිතයන් වීමට අමතරව ඔවුන්ට කොරෝනා පාලනය කිරීමේ දැඩි නීතිරීතිවලට ද යටත් වන්නටය. සියලූ දෙනාට නීතිය එක ලෙස ක‍්‍රියාත්මක වන්නේ නම් ගැටලූවක් නැත. නමුත් කනගාටුවට කරුණ වන්නේ එය එසේ සිදුවන බව පෙනෙන්නට නොතිබීමයි. මේ සම්බන්ධයෙන් නම් මහජනයා තුළ ඇත්තේ ප‍්‍රසාදයක් නොවේ. මෙසේ කොරෝනා විපතින් නැවත පණගැන්වෙමින් තිබූ ආර්ථිකය යළි ආපදාවට පත්ව තිබේ. මේ සමස්ත ආර්ථික වර්ධනය ඍණ තත්ත්වයට පත්වනු ඇතැයි අප කියන්නේ මේ නිසාය. මේ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2020 වර්ෂය ස`දහා වන නවතම සංශෝධිත ආර්ථික වර්ධන ඇස්තමේන්තුව මහ බැංකුව විසින් නොවැම්බර් මස නිකුත් කරන ‘මෑත කාලීන ආර්ථික ප‍්‍රවණතා’ වාර්තාව මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles