Divaina - දියවැඩියාව සුවකළ හැකි අවස්ථා මෙන්න

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

suwa1 1ප‍්‍රශ්නය - දියවැඩියාවට හේතුව රුධිර සීනි ප‍්‍රමාණය ඉහළ යෑම බවත් කාබෝහයිඞ්රේට මගින් නිපදවන සීනි දහනය කිරීමට අවශ්‍ය ඉන්සියුලින් නිපදවීමට අග්න්‍යාශයට ඇති නොහැකියාව බවත් ඒ අනුව රුධිරයේ සීනි ප‍්‍රමාණය අතිශයින් ඉහළ ගොස් ශරීරයේ පටකවලට හානි වන බවත් ඉකුත් සතියේ කළ සාකච්ඡුාවේදී අපට පැහැදිලි වුණා. ලෝක ජනගහනයෙන් සුවිශාල පිරිසක් මූණ දෙන පොදු රෝග තත්වයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකියි. දියවැඩියා රෝගයෙන් පීඩා විඳින ජනගහනය ගත වූ අවුරුදු විස්ස තුළ සිව් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියානු ජනගහනයෙන් තුන්කෝටි දාහත්ලක්ෂ පන්දහසක් දියවැඩියාවෙන් පෙළෙන බව මීට අවුරුදු විස්සකට පෙර වාර්තා වුණා. දෙදහස් තිහ වනවිට මේ ගණන සියයට සියයකටත් වඩා එනම් රෝගීන් හත් කෝටි අනූහතරලක්ෂ හතළිස්එක්දාහ දක්වා වර්ධනය වන බව වාර්තා වෙනවා.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ආයුර්වේදයට අනුව දියවැඩියාව හෙවත් මධුමේහය කියන්නේ මහා රෝග වලින් එකක්. අප ගිය සතියේත් සාකච්ඡුා කළ පරිදි පැණි රස සහ කාබෝහයිඞ්රේට පමණ ඉක්මවා ගැනීම මේ රෝගයට හේතුවක් විය හැකියි. ඊට අමතරව ජාන උරුමයෙන් එන හේතු ඇතුළුව තවත් හේතු රැුසක් මේ රෝගයට බලපානවා. දියවැඩියා රෝගියෙක් නිතරම හරිත එළවළු වර්ග අනුභව කළ යුතුයි. ආයුර්වේදයට අනුව දියවැඩියාව හැදෙන්නේ වාත, පිත, කප යන තුන්දොස් කිපීමෙන්. සෞඛ්‍ය සම්පන්න ආහාර  ගැනීමෙන් මේ ත‍්‍රිදෝෂය සමතුලනය කරගත හැකියි. උදාහරණයක් වශයෙන් තමන්ගේ ආහාර වේලට වැඩිපුර කහ එකතු කරගත හැකි නම් දියවැඩියා රෝගියාට ඉතා හොඳින් රෝගය කළමනාකරණය කරගත හැකියි.
 
 ප‍්‍රශ්නය - දියවැඩියාව සුව කළ හැක්කේ රෝගයේ කවර අවස්ථා වලදීද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ආරම්භක අවස්ථාවේදී සහ මධ්‍යම අවස්ථාවේදී දියවැඩියාව සුව කළ හැකි බව තමයි අපේ පාරම්පරික අත්දැකීම. මෙම රෝගයේ තුන්වන අවස්ථාවේදී හෙවත් අවසන් අවස්ථාවේදී රෝගය කළමනාකරණය කරගත හැකියි.
 
 ප‍්‍රශ්නය - දියවැඩියා රෝගීන් තඹ බඳුනක දමා ජලය පානය කිරීම සුදුසු බව ඇතැම් වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහි ඇත්තක් තිබෙනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මෙය පුරාණයේ සිට පැවත එන මතයක්. තඹ බඳුනක දමා වතුර බීමෙන් ශරීරයේ ක‍්‍රියාකාරිත්වය පුනර්ජීවනයක් ලබන බවට මතයක් ඉපැරණි ලෝකයේ තිබුණා. ඒ මතය තමයි නූතන ලෝකය පැත්තට ඇවිත් තිබෙන්නේ. ඔබ දන්නවා ගස් වැල් වලට පවා තඹ අවශ්‍යයි. තඹ අඩු වුණාම ඇතැම් ශාඛවල කොළ හැකිලීමේ රෝගයකට බඳුන් වෙනවා. මනුෂ්‍ය ශරීරයට කුඩා ප‍්‍රමාණ වලින් තඹ ඇතුළු වුණහම රුධිර සීනි මට්ටම් ඉහළ පහළ යාමේ තත්ත්වය නැතිවී සමාන්තර ගමනක යෙදීම සිදුවෙනවා. වතුර බොන තඹ භාජනයට ආයුර්වේදයේදී කියන්නේ තම්ර ජල් කියලයි. ඔබ දන්නවා මනුෂ්‍ය ශරීරයේ සියයට හැත්තෑවක්ම තිබෙන්නේ ජලය බව. මේ ජලයට තඹ අංශු එකතු වුණහම ශරීරයට ලොකු ශක්තියක් ලැබෙනවා. මුළු ලෝකයේම ගැමි ගෙවල්වල අතීතයේ ජීවත් වූ ජනයා තඹ බඳුනක් පරිහරණය කළා. තඹ බඳුනක ජලය දැමුවහම එම ජලයේ තිබෙන ක්ෂුද්‍ර ජීවීන්, පුස් වර්ග, ඇල්ගී හෙවත් ප්ලවාංග සහ බැක්ටීරියා මිය යනවා. මේ විදිහේ ජලය ශරීර ගතවීම දියවැඩියා
 
 රෝගියකුට ලොකු වාසියක්.
 (ලබන සතියේ තව කොටසක්)

weda9 47
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles