Divaina - එකෙක් අල්ලන්න බැරි තුනෙන් දෙකේ ආණ්ඩුව... එක දිගටම සැ`ගවුණු අමුත්තා රිෂාඞ්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

සමන් ගමගේ

risad444

 
අපි කුඩා කාලයේ අපේ ළමා ලෝකයේදී වෙලාවක් කලාවක් නොමැතිව ඉඩ ලද ඕනෑම අවස්ථාවක රංචු ගැසී එක් සො`දුරු කී‍්‍රඩාවක් කළෙමු. එයට නම් තබා තිබුණේ හැංගිමුත්තන් කෙළිය කියාය. මෙහිදී සිදුවූයේ එකකු දෑස් වසා සිටියදී පිරිසේ අනෙක් සියලූ දෙනා දිවගොස් කොතැනක හෝ හැංඟීමය. ඉන් පසුව දෑස් වසාගෙන සිටි එකා පිරිසේ කවුරුන් හෝ සොයාගන්නා තුරු හැංඟී සිටින අය සෙවිය යුතුය. එය හරියට මේ දිනවල අපේ රහස් පොලිසිය රිෂාඞ් බදියුදීන් නම් වූ හිටපු ඇමැතිවරයා සොයන්නාක් බඳු කෙළියකැයි හැංඟිමුත්තන් සෙල්ලම ගැන නොදන්නා අයගේ පහසුව පිණිස පෙන්වා දිය හැකිය.
 
 එහිදී පුංචි වෙනසකට ඇත්තේ එදා අප කුඩා කාලයේදී කළේ එකකු පිරිසක් සෙවීම වුව ද මෙදා අපේ සී. අයි. ඞී. යේ කණ්ඩායම් හයකුත් නීතිය සැමට එකහා සමාන යැයි කියමින් බලයට පැමිණි ආණ්ඩුවත් දින කිහිපයක් තිස්සේ රිෂාඞ් බදියුදීන් සොයමින් සිටීම වන්නාහ.
 
 මේ අන්දමට හිටිහැටියේ අද රිෂාඞ් බදියුදීන් නම් වූ දේශපාලනඥයා හෙවත් වත්මන් ආරක්‍ෂක ලේකම් විශ‍්‍රමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ලොන්ඩරියට අනුව ජනතා හිතවාදී මිනිසා රටේ මාතෘකාවක් වූයේ කොතැන් සිටද?
 
 එයට ආසන්නතම සිදුවීම ලෙස පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සී. අයි. ඞී. ය මඟින් අත්අඩංගුවට ගෙන රැ`දවුම් නියෝග යටතේ තබාගෙන සිටි රිෂාඞ් බදියුදීන්ගේ මල්ලී රියාඞ් බදියුදීන්ව සී. අයි. ඞී.ය විසින් අධිකරණයට ද ඉදිරිපත් නොකොට සා පැටවකු සේ නිදහස් කර යැවීම පෙන්වා දිය හැකිය.
 
 අප එසේ කියන්නේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන්නේ රියාඞ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර වූ බැවිනි. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී අවතැන් වූවන් යැයි බදියුදීන්ලාම කියන, සමහර විට මන්නාරමේ ද නිවාස තිබිය හැකි පුත්තලම ප‍්‍රදේශයේ ජීවත් වූ පිරිසක් රජයේ මුදල් වැය කරමින් ඡන්දය දැමීම ස`දහා මන්නාරමට රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා එසේ පොලිසියට උපදෙස් දීමට හේතු වී තිබිණි. මාස ගණනාවක් ර`දවා ගැනීමෙන් පසු අනේ අපිට සාක්‍ෂි නැතැයි කියමින් සී. අයි. ඞී. ය රියාඞ් බදියුදීන් නිදහස් කර යවද්දී රිෂාඞ් බදියුදීන් දැනට දින කිහිපයක සිට දේශපාලන කරළියේත් රටේ ජනතාවගෙත් මාතෘකාවක් බවට පත්වූයේ එසේය.
 
 තවත් විදිහකට කිවහොත් අද වනවිට වසරක් ගතවීත් තවමත් ළදරු වියේ සිටින වත්මන් රජය තමන්ව බලයට ගෙන ආ හැටනව ලක්‍ෂයක් ඉදිරියේ ප‍්‍රසිද්ධියේ කළිසම තෙමාගත් අවස්ථාවක් ලෙස ද මෙකී රියාඞ් සහ රිෂාඞ් බදියුදීන් දෙබෑයන්ගේ කතාව පෙන්වා දිය හැකිය.
 
 ආණ්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද ජනතාවගේ සිත් කම්පා කෙරෙමින් තිබූ මණ්ඩලේ කචල් ඇතුළු රජයේ ඇතැම් බොළ`ද වැඩ අතරේ ආණ්ඩුව සිය දේශපාලන විලක්කුවේ දෙකොණටම ගිනි අවුළුවා ගත් අවස්ථාවක් ලෙස ද එය කාගේ කාගේත් අවබෝධයට හා ඉතිහාසයේ සටහන් වනු පිණිස ලියා තැබිය යුතුය.
 
 හිටිහැටියේ රිෂාඞ්ගේ මල්ලී රියාඞ් බදියුදීන් සී. අයි. ඞී. ය මඟින් නිදහස් කර යැවීමත් ඒ සම`ගම ඇමැති චමල් රාජපක්‍ෂ මහතා විසින් වවුනියාවේ පැවති උත්සවයකදී රිෂාඞ් බදියුදීන්ව උණුසුම් අයුරින් පිළිගැනීම මේ තත්ත්වයට එක් හේතුවක් විය. තවත් හේතුවක් වූයේ එදා රණ ම`ග ඔස්සේ නනදිකඩාල් ගිය වත්මන් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නින්දෙන් ඇහැරුණාක් මෙන් ප‍්‍රසිද්ධියේ රිෂාඞ් බදියුදීන්ගේ ගුණ ගායනාවක් සිදුකිරීමය.
 
 ඇතැම් විට එදා රණ ම`ග ඔස්සේ නන්දිකඩාල් ගොස් රටේ වීරයකු වී සිටි කමල් ගුණරත්න මේ වනවිට දේශපාලනය හමුවේ හන්දි කඩාගෙන සිටීම එසේ කිරීමට හේතු වූවාදැයි අපි නොදන්නෙමු. ඔහුගේ එකී හැසිරීමේ නියම හරය දන්නේ කමල් ගුණරත්නමය. කෙසේ වෙතත් මෙම සිදුවීම් පෙළත් සම`ග මහා සංඝරත්නය හා විශේෂයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ දේශපේ‍්‍රමී පාර්ශ්ව වෙතින් මෙන්ම වත්මන් රජය බලයට ගෙන ඒමට සමාජ මාධ්‍ය ඔස්සේ සටන් කළ පාර්ශ්ව වෙතින් එල්ල වූයේ දැඩි විරෝධයකි.
 
 නීතිපති දප්පුල ලිවේරා මහතා රජයේ මුදල් අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රිෂාඞ් බදියුදීන් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීම ස`දහා පොලිසියට දැනුම් දුන්නේ තත්ත්වය මෙසේ තිබියදීය.
 
 ඒ අනුව සී. අයි. ඞී. ය මුලින්ම කළේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත්වරයා වෙතට ගොස් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ස`දහා වරෙන්තුවක් ඉල්ලා සිටීම විය. එහෙත් පොලිසියේ එකී ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ මහෙස්ත‍්‍රාත්වරයා රිෂාඞ් බදියුදීන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ පොදු දේපළ පනතට අනුව නිසා එවැන්නකු අත්අඩංගුවට
 ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන්නේ යැයි පවසා පොලිසියේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරනු ලැබිණි.
 
 එතැන් සිටි කණ්ඩායම් හයක් හෙවත් එක් කණ්ඩායමකට හත් දෙනකු ලෙස ගණන් බැලූවහොත් රහස් පොලිසියේ නිලධාරීන් 42 ක් යොදවා රිෂාඞ් ඇල්ලීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සී. අයි. ඞී. ය කටයුතු කළේය.
 
 රිෂාඞ් බදියුදීන් යනු ඇසට නොපෙනෙන ඉ`දිකට්ටක් වැනි දෙයක් ද නොවන්නේය. ඔහු සිටියේ ද පොලිස් ආරක්‍ෂකයන් දෙදෙනකුගේ රැකවරණය සහිතවය. එහෙත් එදා වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට බියේ ඇ`දිවත පිටින් යාපනයෙන් පැන ආ රිෂාඞ් බදියුදීන්ට අද අයිති කොළඹ වැල්ලවත්තේ පිහිටි සුවිසල් නිවසකට මෙන්ම මන්නාරමේ නිවසකට හා තවත් නිවසකට බදියුදීන් අල්ලන්නට ගිය පොලිසිය මේ සටහන තබන මොහොතේත් සිටිනුයේ හිස් අතිනි. රිෂාඞ් බදියුදීන් නැත. එසේ වූද ඔහුට ආරක්‍ෂාව සැපයූ පොලිස් නිලධාරියකු හා චෝදනා එල්ල වූ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය දක්‍ෂ විය. එහිදී රිෂාඞ් බදියුදීන් භාවිත කළ වාහන දෙකක් මෙන්ම ඒවායේ තිබී ගිනිඅවි දෙකක් ද පොලිසිය සොයා ගත්තේය. අනේ ඉතින් මොකටද අපේ කට. අපි මෙහිදී සී. අයි. ඞී. යේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ මහතාට සහ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතාට කිසිදු දොසක් නොකියන්නෙමු. මන්ද වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙසුණු මේ රටේ ජනතාවගේ මෙන්ම අපේ නාඩි ද තවම හොඳින් වැඩකරන නිසාය. එහෙත් ආණ්ඩුවට නම් පැහැදිලිවම අපි දොස් කියන්නෙමු. එයට හේතුව වන්නේ එදා යහපාලන සී. අයි. ඞී. යේ රජ කළ ශානි අබේසේකරලා, නිශාන්ත කන්දප්පලා රෝපණය කළ පැළ තවමත් සී. අයි. ඞී. යේ යහතින් පවතින නිසාය.
 
 යහපාලනය සමයේ නීතිපතිවරයා මෙවන් නියෝගයක් දුන්නේ නම් වහා කි‍්‍රයාත්මක වන ශානි අබේසේකර රිෂාඞ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනවා පමණක් නොව, ඉන් නොනැවතී මේ වනවිට බදියුදීන්ට එරෙහිව රජයේ සාක්‍ෂියක් ද නිර්මාණය කර අවසන්ය.
 
 එසේ කිරීමෙන් පසු හේ ඇතැම් විට ඇමැතිවරයකුට දුරකථනයෙන් කතා කර ‘අනේ බුදු සර් කට හොල්ලන්න එපා මම සර්ගේ ගෙදර ඇවිත් වළං හෝදන්නම්’ කියනවාද විය හැකිය. එසේ කිරීම නෛතික ද අනීතික ද යන්න ශානිලා එදා කිසිදු වැදගම්මකට ගත්තේ ද නැත.
 
 පසුගිය යහපාලනය කාලයේ රට බේරාගත් රණවිරුවන් සේම වත්මන් රජයේ ඇතැම් දේශපාලකයන් එක පෝළිමට වැලිකඩ බෝඩිමට ගිය හැටි ආණ්ඩුවේ කාට හෝ මතක තිබේ නම් ඒ සත්‍යය වැටහෙනු ඇත. අදටත් සී. අයි. ඞී. ය තුළ බහුතරය ඇත්තේ එසේ කටයුතු කළ ශානි අබේසේකරලා පැළකර ගිය අංකුර පංචස්කන්ධයන්ය. ඒ හමුවේ අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී තිබියදී කොළඹ අළුත්කඬේ අධිකරණ සංකීර්ණය වෙත එන රිෂාඞ් බදියුදීන් මේ වනවිට අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අනුව නීතිඥවරයා හමුවී ලියකියවිලිවලට සිය අත්අසන ද යොදා පිටව ගොස් ඇත. එසේ සිදුවන්නේ පොලිසිය පොළොවේ පස් කමින් බදියුදීන් සොයද්දීය. ඉතින් කවර කතාද?
 
 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා රිෂාඞ් බදියුදීන් දුරකථන ඇමතුමක් දුන් බව කියමින් විපක්‍ෂ නායකවරයාගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට ද සීඅයිඞී ය ඉකුත් සිකුරාදා කටයුතු කළේය. එසේම මේ වනවිට රිෂාඞ් සොයා ගිය පොලිසිය ඔහුගේ බිරිඳගෙන් ද ප‍්‍රකාශයක් ලබාගෙන ඇත. එහෙත් රිෂාඞ් තවමත් අතුරුදන්ය.
 
 යම් ලෙසකින් මෙකී අත්අඩංගුවට ගැනීමේ උපදෙස නීතිපතිවරයා විසින් ලබාදුන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියකු සම්බන්ධයෙන් නම් සිදුවන්නේ මේ ටික ද? පොලිසිය හැසිරෙන්නේ මේ අන්දමටද?
 
 එසේ වූයේ නම් මේ මොහොත වනවිට සියල්ල සොයාගන්නා පොලිසිය අවශ්‍ය එකා කොක්කේ එල්ලා ද අවසන් ය. අද දවසේ බදියුදීන්ට එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ ජනාධිපතිවරණයේදී ඡන්දය දැමීම ස`දහා රජයේ මුදල් රුපියල් ලක්‍ෂ අනූවකට අධික ප‍්‍රමාණයක් වැයකර අවභාවිතාවක් සිදුකර ඇතැයි යන්නය. එය රුපියල් කෝටියකටත් අඩු මුදලකි. එහෙත් මේ කියන බදියුදීන්ට අවභාවිතාව පිළිබඳ චෝදනා එල්ල වී එවන් දේට පමණක්ද? නැත. ඉකුත් 2010 වසරේ මන්නාරම මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහාමාර්ග දෙකක් සෑදීමට යැයි සඳහන් කර රජයේ මුදල් රුපියල් කෝටි දහයකුත් ලක්‍ෂ පහළවක් වංචා කළේ යැයි යන චොද්නාවකුත් බදියුදීන්ගේ නම ඉදිරියේ මේ මොහොත වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ ඇත. එකී චෝදනාව ඔහුට එල්ල කර ඇත්තේ සියල්ල මැනවින් දන්නා ඔහුගේ ඥාතියකු විසින්මය. එම චෝදනාව සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පසුගිය යහපාලනය සමයේ නම් කිසිදු විමර්ශනයක් සිදු නොවීය. අද සිදු වෙමින් තිබෙන්නේද ඒ ටිකමය. සියල්ලෝ සිටින්නේ කිසිත් නොදන්නා උක්කු බබාලා සේ වන්නාහ. ආණ්ඩුවේ මේ හැසිරීම හමුවේ අද බොහෝ දෙනා කියන්නේ විස්ස නිසා ආණ්ඩුව මෙසේ පස්ස ගසන බවය. එහෙත් මේ විදිහට ගියහොත් වත්මන් ආණ්ඩුවටත් නුදුරේදීම සිදුවන්නේ විස්සට පරවන්නටය. යන විදියට එසේ සිදුවන දිනය වැඩි ඈතක නොවන බව ද පෙනෙන්නට ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles