Divaina - අද වට්ටෝරුව පීනසට... බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ බෙහෙත් වට්‌ටෝරු....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 balangoda

 

සංඛනාද වෙදගේවත්ත

පීනස කියන්නේ අතීතයේ පටන්ම මිනිසාට වධ දුන් රෝගයකි. ගෙලෙන් ඉහළ උගුර සහ නාසය ආශ‍්‍රිතව හටගන්නා මේ රෝග තත්ත්වය නිසා දෛනික ජීවිතයේ පැවැත්ම කඩාකප්පල් වූ කෝටි සංඛ්‍යාත පිරිස් ලොව වෙසෙති. පීනස දුර දිග ගියාම හිස් කබල වටා ඇති වාතය පිරුණු හිඩැස් වන කෝඨර ආසාදනය වී ප‍්‍රදාහ තත්ත්වයන් හට ගනී. පීනස් රෝගයේ රෝග ලක්ෂණ මෙසේ දැක්විය හැකිය.

1. අධික ලෙස කිවිසුම් යෑම

2. ඉන්පසු නාසයෙන් සොටු දියර ගැලීම

3. එසේ සොටු දියර ගැලීම දිගින් දිගටම පැවැතීම

4. නාසය සිරවීම

5. හිසේ කැක්කුම, හිසේ පීඩාකාරී තත්ත්වයක් ඇතිවීම සහ හිසේ බර ගතියක් දැනීම

6. මුහුණේ වේදනාවක් හට ගැනීම සහ පීඩාකාරී බර ගතියක් ඇතිවීම

7. ඇස්වලින් කඳුළු ගැලීම

8. ගඳ සුවඳ නොදැනීම

9. කැස්ස

10. උණ

11. කට ගඳ ගැසීම

12. අධික විඩාව

13. දත්වල වේදනාවක් ඇතිවීම

balangoda2පීනස් රෝගය සහ කෝඨරක ප‍්‍රදාහය යන රෝග දෙකට පොදු වූ රෝග ලක්ෂණ තිබේ. ඉහත සඳහන් රෝග ලක්ෂණවලින් වැඩි හරියක් කෝඨරක ප‍්‍රදාහ රෝගීන්ට ද ඇත. ආයුර්වේද අර්ථකථනයට අනුව පීනස් රෝගය මර්දනය කිරීම සඳහා ශරීරයේ අග්නිය සමහන් කළ යුතුය. දෙවනුව හිසෙහි කප දෝෂය සහ වාත දෝෂය සමතුලිත කළ යුතුය. ඊළඟට ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගත යුතුය.

බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හාමුදුරුවන් වහන්සේ ආයුර්වේදයට වඩා දේශීය වෛද්‍ය ක‍්‍රමයට ප‍්‍රිය කළ කෙනෙකි. තමන් වහන්සේ දන්නා තැන්වල මෙන්ම නොදන්නා තැන්වල ද ඇති සිංහල වෙදකමේ පුස්කොළ පොත් ගැන උන්වහන්සේ මහත් සේ උනන්දු වූහ. ඝර්ම කලාපික රටවල බහුල වශයෙන් පවත්නා පීනස් රෝගය මැඩපවත්වන බලගතු දේශීය බෙහෙත් වට්ටෝරු රැසක් උන්වහන්සේගේ පුස්කොළ පොත් එකතුවෙහි තිබිණ. එවැනි එක් වට්ටෝරුවක් මෙසේය. නාමල් රේණු, එනසාල්, කුරුඳු පොතු, කොල්ලන් කොළ යනාදිය සමසමව ගෙන හොඳින් පොඩිකොට තලා එය ගිනි අඟුරු කබලකට දමා හිල් පොල් කට්ටකින් වසා එයින් නැගෙන දුම් කුඩා නළයකින් නාසයට ඉරිය යුතුය. සඳුන්, දේවදාර වැනි සුගන්ධ ද්‍රව්‍යය මෙකී දුම් කබලට දමා හිල් පොල් කට්ටකින් වසා නාසයට දුම් දුන් විට යහපත් ප‍්‍රතිපල ලැබේ. තිප්පිලි සහ කළු දුරු දැවූ දුම නාසයට ඉරීමෙන් ද පීනස සුවපත් වේ.

සෙම්ප‍්‍රතිශ්‍යාව සමග නැග එන පීනස් තත්ත්වය සුවපත් කරන වට්ටෝරු ද බලංගොඩ මෛත්‍රෙය නාහිමියන්ගේ පුස්කොළ පොත්වල තිබිණ. සිද්ධි ඉඟුරු, මිරිස්, තොටිල මුල් යනාදිය කසාය කර උදේ වරුවේදී බොන්ට දීමෙන් පීනස සුවපත් වන බව උන්වහන්සේ ගේ දැනුම විය.

ප‍්‍රතිශ්‍යා පීනසට සුදුසු කසාය වර්ග කිහිපයක්ද උන්වහන්සේ හඳුන්වා දුන්හ. ඒවා මෙසේය.

1. සිද්ධි ඉඟුරු කලං දොළහක් ගෙන පත අට එකට සිඳ උදේ වරුවේ පානය කළ යුතුය.

2. සුදු ලූනු කලං දොළහක් ගෙන පත අට එකට සිඳ උදේ වරුවේ පානය කළ යුතුය.

3. තිප්පිලි, සිද්ධි ඉඟුරු, මිරිස් යනාදිය කලං දොළහක් ගෙන උදේ වරුවේ පානය කළ යුතුය.

4. නෙල්ලි, දේවදාර, අරළු, සිද්ධිඉඟුරු යනාදිය සම සමව ගෙන පත අට එකට සිඳ උදේ වරුවේ පානය කළ යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles