Divaina - වසර හතළිහක් රටට සේවය කළ වීරයා සහ ජගතා විශ‍්‍රාම ගන්වයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

navy

 

රුවන් ජයවර්ධන
ඡායාරූප අනුග‍්‍රහය ශ‍්‍රී ලංකා නාවික
හමුදා මාධ්‍ය අංශය

navy3එය සුවිශේෂී සමුදීමක් පිණිස සංවිධානය කළ උත්සවයක් විය. එම උත්සවය සංවිධානය කරනු ලබන්නේ තිස් වසරක් පුරා පැවැති යුද්ධයේදී ශ‍්‍රී ලංකාවටත් ශ‍්‍රී ලංකා නාවික හමුදාවටත් යෝධ බල යෝධ ශක්තිය සැපයූ යෝධයන් දෙදෙනකුට සමු දීම පිණිසය. එබැවින් එදින ශ‍්‍රී ලංකා නාවික හමුදාවටත් ත‍්‍රිකුණාමලය නාවික තටාකාංගණයටත් සුවිශේෂී දිනයක් විය. එම සුවිශේෂී දිනය බවට පත් වූයේ ඉකුත් 12 දාය. ධජ පතාක, ආචාර වෙඩිමුර ආදිය මධ්‍යයේ එදින විශ‍්‍රාම ගන්වනු ලැබුයේ වසර හතළිහකට අධික කාලයක් සාගර ජලය මත අභිමානවත් සේවාවක් සිදුකළ ශ‍්‍රී ලංකා නාවික නෞකා ද්විත්වයක්ය.

එම නෞකා දෙක බවට පත්වූයේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව පමණක් නොව නම කියූ පමණින් බොහෝ දෙනෙකු හඳුනන රටේ නාවික හමුදාව සතුව පැවති ප‍්‍රධානතම නෞකාවන් දෙකක්ය. වීරයා සහ ජගතා යනුවෙන් නම් කරන ලද එම නෞකා නාවික හමුදා සම්ප‍්‍රදායානුකූලව ඉකුත් 12 දා විශ‍්‍රාම ගන්වනු ලැබූ අතර ඉහත සඳහන් උත්සවය සංවිධානය කරනු ලබන්නේ එම සුවිශේෂී අවස්ථාව උත්කෘෂ්ඨයට නංවනු පිණිසය.

නාවික නෞකා ඉතිහාසය

70 දශකයේ දී පමණ අවි රහිත විශාල නෞකා භාවිතයෙන් ඉවත්කොට ඒ සඳහා අවි සහිතව ඉහළ වේගයකින් ගමන් කළ හැකි එමෙන්ම ඵලදායි නව නාවික මෙහෙයුම් පිණිස උචිත උපාය මාර්ගික තෝරා ගැනීම පිණිස ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ අවධානය යොමු වන අතර එහි ප‍්‍රථම අත්හදා බැලීම බවට පත් වන්නේ Her majesty's Ceylon ship weeraya නෞකාව මෙරට ජනරජයක් බවට පත් වීමෙන් අනතුරුව ”ශ‍්‍රී ලංකා නාවික නෞකා වීරයා” නමින් අධිකාරියට පත් කිරීමය. එවකට නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ රියර් අද්මිරාල් ඞී.වී. හන්ටර් මහතාය. එම වකවානුව තුළම සූරයා, රණකාමි, දක්ෂයා හා බලවතා යන වේග මුර යාත‍්‍රා හතර ද ශ‍්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණිය ශක්තිමත් කරමින් සේවයට එක් වූහ. කුළුඳුලේ අධිකාරියට පත් වීරයා නෞකාවේ පළමු අණදෙන නිලධාරියා ලෙස ලූතිනන් කමාන්ඩර් ජේ.එච්.එම්.පී. ඇලිකේවල කටයුතු කළ අතර වීරයා සිය සේවාව ආරම්භ කොට වසර අටක් ගතවන තැන ශ‍්‍රී ලංකා නාවික නෞකා ”ජගතා” සේවයට එක් වෙමින් අධිකාරියට පත් විය. එවකට නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ඒ.ඩබ්.එච්. පෙරේරා කටයුතු කළ අතර ”ජගතා” නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ලූතිනන් එන්.එන්.වී.බී. ද සිල්වාය. එමෙන්ම ශ‍්‍රී ලංකා නාවික නෞකා ”රක්ෂක” ද මෙම අවධියේ ම නාවික බලය ශක්තිමත් කිරීම පිණිස නාවික නෞකා බල ගණයට ඇතුළත් කොට ඇත.

navy2මෙම යාත‍්‍රා අතරින් වීරයා හා ජගතා එක සමාන ශක්තීන්ගෙන් යුත් නෞකා දෙකක් වූ බැවින් එම නෞකාවන් 2 ශ‍්‍රී ලංකා නාවික හමුදාව සතු සහෝදරයන් දෙදෙනකු බවට පත්වන්නට වැඩි කලක් ගත වන්නේ නැත. මෙම නෞකාවන් චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදනයන් වන අතර එම නෞකාවන් අයත් වූයේ ශ‍්‍රී ලංකා නාවික හමුදා තුන්වන වේග මුර බල ගණයටය.

රටක් තම නාවුක බලය ප‍්‍රදර්ශනය කිරීම පිණිසත් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීම පිණිසත් නාවික හමුදා නෞකාවන් යොදා ගන්නා අතර 1980 දශකය පමණ වනවට මෙරට නාවික හමුදාවේ ප‍්‍රධානම නාවික නෞකා වර්ගය ලෙස වේග මුර යාත‍්‍රා යොදාගනු ලැබීය. ඒ හේතුවෙන් රාජ්‍ය තාන්ත‍්‍රික සුහද සංචාර පිණිස සහ ධජ ප‍්‍රදර්ශනාත්මක සංචාර පිණිස වීරයා සහ ජගතා යන වේග මුර නෞකාවන් යොදා ගැනීම එකල බහුලව සිදු කළ කටයුත්තක් බවට පත් වී ඇත. ඒ අනුව 1978 වර්ෂයේදී වීරයා නෞකාව මාලදිවයින රාජ්‍ය බලා සංචාරය කරන අතර ජගතා නෞකාව 1981 වර්ෂයේදී මාලදිවයින රාජ්‍ය බලා ගමන් කොට ඇත. තම අවි බලය ප‍්‍රදර්ශනය කළ අභිමානවත් මුහුදු සංචාරයන් ලෙස එම සංචාරයන් මේ වන විට ඉතිහාසයට එක් වී හමාරය.

යුද සමයේ දී වීරයා සහ ජගතා කළ හපන්කම්

navy51980 දශකය මුල් භාගය වන විට යාපනය අර්ධද්වීපය කේන්ද්‍රකොට ගනිමින් කොටි ත‍්‍රස්තවාදය වර්ධනය වෙමින් පැවති අවධියක එකල උතුරු ප‍්‍රදේශයේ ප‍්‍රධාන නාවික මර්මස්ථානය බවට පත්ව තිබූ කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත සේවාවන් හා පහසුකම් සැපයීමේ සිට යුද්ධය අවසාන වන තෙක් ඒ සඳහා සක‍්‍රීය දායකත්වය සැපයීම මෙම නෞකා දෙක මගින් සිදුකළ ප‍්‍රධානතම රාජකාරිය වන අතර ඊට අමතරව 1987 වර්ෂයේ සිට සිදුකළ යුද මෙහෙයුම් රැසක් සඳහා තම සක‍්‍රීය දායකත්වය ලබාදීමටද වීරයා සහ ජගතා යන නෞකාවන් සමත් වූහ. ඒ අතරින් 1991 වර්ෂයේ ජූලි මස දියත් කරන ලද බලවේගය මෙහෙයුම එම වර්ෂයේ දීම සිදු කළ වාලම්පුරි මෙහෙයුම 1993 වර්ෂයේදී සිදු කළ පුනරින් සංග‍්‍රාමය, 1996 වසරේ සිදුකළ රිවිරැස දෙක සංග‍්‍රාමය, ආදී මෙහෙයුම් පිණිස මෙම නෞකාවන් දෙක ඉහළ දායකත්වයක් ලබාදීමට සමත් වන අතර එහිදී ගොඩබිම පිහිටි සතුරු කඳවුරු සහ මුහුදු ඉලක්කයන් වෙත මෙම නෞකා දෙක මගින් එල්ල කරන ලද ප‍්‍රහාරයන් නිමාවට පත්වන්නේ 

ශ‍්‍රී ලංකා හමුදාවන් වෙත සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් අත්පත් කර දෙමින්ය.

එලෙස දශක හතරකට අධික කාලයක් ශ‍්‍රී ලංකා නාවික හමුදාව අනුපමේය මෙහෙයක් සිදු කළ මෙම නෞකාවන් දෙක 2020 ඔක්තෝම්බර් මස 12 වැනි දින නාවික අධිකාරියෙන් ඉවත් කළ අතර වීරයා සහ ජගතා නමින් හඳුන්වනු ලැබූ නාවික නෞකාවන් දෙක සිය අමිල මෙහෙවර නිම කරනු ලබන්නේ ඉහත සඳහන් සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කිරීමෙන් අනතුරුවය. ඒ නිමිත්තෙන් එදින නාවික සම්ප‍්‍රදායානුකූලව එම උත්සවය සංවිධානය කර තිබූ අතර එහි ආරම්භක දිනය වූ ඉකුත් එකොළොස් වැනි දින උදෑසන ධජ ආචාරයන් සමග නෞකාවන් අධිකාරියට පත් කිරීමේ ධජයන් පහත හෙළන අතර නාවික සම්ප‍්‍රදායානුකූලව නෞකාවන් ගේ දිගට සමාන වන ලෙස සකස් කරන ලද අධිකාරියට පත් කිරීමේ ධජය සංකේතවත් කරනු ලබන ධජයන් ප‍්‍රධාන කුඹ ගසයන්හි එසවීම සිදු කරන ලදී. ඉන් අනතුරුව දොළොස් වන දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධිකාරියෙහි ඉවත් කිරීමේ උත්සවය පවත්වන ලදී. එදින වීරයා සහ ජගතා නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් නැව් මුළුවන් සඳහා මංගල භෝජන සංග‍්‍රහයක් ද පැවැත්වීම විශේෂත්වයකි. එදින සම්මාන මුර උත්තමාචාරය මැද නෞකාවන්ගේ ධජයන් පහත හෙළීම ද සිදු කරන ලදී. ඊට සමගාමීව එම නෞකාවන්හි අණදෙන නිලධාරීන් විසින් නෞකාවන් අධිකාරියෙන් ඉවත් කළ බවට සම්ප‍්‍රදායානුකූලව නාවික හමුදාපතිවරයා වෙත දැනුම් දීමක්ද සිදු කරන ලදී.

navy6මෙම උත්සවයේ අවසාන අංගය ලෙස අධිකාරියෙන් ඉවත් කරන ලද නෞකාවන් හි ධජ (paying of pennant) නැව් මුළුවේ සාමාජිකයන් ගණනට සමාන කොටස්වලට කපා වෙන්කොට නෞකා ද්විත්වයේ නැව් මුළුවන් වෙත සමරුවක් ලෙස බෙදා දීම ද සිදු විය.

නාවික නෞකා වීරයා සහ ජගතා නෞකා අධිකාරියෙන් ඉවත් කිරීමේ උත්සව අවස්ථාව සඳහා 1980 ජනවාරි මස 01 වැනි දින සිට 1981 ජනවාරි මස 25 වැනි දින දක්වා වීරයා නෞකාවේ එවකට සිටි අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) ජේ.ටී.ජී. සුන්දරම් විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි විය. නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා ධජ නිලධාරී නාවික දියත් විධායක රියර් අද්මිරාල් වයි.එම්. ජී.බී. ජයතිලක නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල ශ‍්‍රී ලංකා නාවික නෞකා වීරයා ලංකාවේ වත්මන් අණදෙන නිලධාරී කොමාන්ඩර් ආර්.පී.සී.ජේ. රාජපක්ෂ ශ‍්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ වත්මන් අණදෙන නිලධාරී ලූතිනන් කමාන්ඩර් කේ.එස්. රණසිංහ නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආයතන හා නෞකාවන් ට අයත් අණදෙන නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

navy4

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles