Divaina - දෙවියන්ට මුල් තැන දෙන රටවලදී කොවිඞ් භයානකයි... කර්මයක්ද? ලෝක විනාශයක්ද? ඊළඟට වෙන්නේ මොකක්ද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝ හෙළි කරන අලූත්ම කතාව

 

covid

* දැන් කොරෝනා වෛරසය වෙනස් වෙලා තත්ත්වය භායනකයි පුළුවන් තරම් පරිස්සම් වෙන්න...
* ඇමරිකාවේ කොරෝනා ආසාදිත රතු ඉන්දියානු ළමයි මිය යෑම වැඩි වෙලා...

 

තරංග රත්නවීර

covid3තවත් කාලයකට අපට ගැලවීමක් නැති ගාණය. මොහොතින්, මොහොත කොරෝනා සමාජය තුළට රිංගමින් මහා ව්‍යසනයක් සිද්ධ කිරීමට අර අදිමින් සිටින සේය. මිනුවන්ගොඩ කොවිඞ් පොකුරට දිනෙන් දින ආසාදිතයන් එකතු වනවා විනා අඩුවීමක සේයාවක් හෝ නැත. මේ ලිපිය සටහන් තබන මොහොත වන විට මිනුවන්ගොඩ කොවිඞ් පොකුරේ ආසාදිත පුද්ගලයන් එක්දහස් හත්සීය ඉක්ම ගොස් තිබිණි. ආසාදිතයන්ගේ සීග‍්‍ර වර්ධනයත් සමඟ කොරෝනා රෝගීන් සඳහා ප‍්‍රතිකාර කරනු ලබන ප‍්‍රධාන රෝහල් දොළහ තුළ පවතින ඇඳන් 1581 න් මේ වන විට එක්දහස් හත්සියකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

උද්ගතව ඇති තත්ත්වය අතිශය භයානකය. පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත, තම ජීවිතයේ සහ පවුලේ සෙසු ජීවිතවල වගකීම ඇත්තේ තමා සන්තකයේය. කොපමණ මිල මුදල් තිබුණ ද පිටරටකට පැන ගිහින් හෝ කොරෝනාවෙන් ගැලවී සිටීම අසීරුය. මේ වන විටත් කොරෝනා මුළු ලෝකයම තම ග‍්‍රහණයට ගෙන අවසානය. පැතිර යන වසංගතය හමුවේ යම් හෝ සරණක් ඇත්තේ බෞද්ධයන් විදිහට දැහැමි දිවිපෙවතක් ගත කිරීම තුළ පමණක් බව ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝ ද අප සමඟ පැවසූහ.

‘‘කොරෝනා වසංගතය හමුවේ එදා විසාලා මහනුවරට වෙච්ච විපතටත් වඩා භයානක ව්‍යසනයක් අද ලෝකයට උරුම වෙලා තියෙනවා. මේ වෙනකොට ලෝකය පුරා දසදහසකට වැඩි පිරිසක් මිය ගිහින්. කෝටි හතරකට ආසන්න පිරිසකට කොරෝනා වසංගතය ආසාදනය වෙලා තියෙනවා. මම ජීවත් වන ඇමරිකාවේ මොහොතකටවත් සමාජයට යන්න බයයි. හැම තැනම කොරෝනා රෝගීන්. ඇසෙන තරමක් ඇසෙන්නේ ඛේදජනක කතා...’’

‘‘පහුගිය දවසක නිව්යෝර්ක් නගරයේ ප‍්‍රධාන රෝහලක හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ විදිහට සේවය කළ ලොරිනා පේන් වෛද්‍යවරිය සියදිවි නසාගෙන තිබුණා. ඒ වෛද්‍යවරිය සියදිවි හානි කරගැනීමට හේතුව වෙලා තිබුණේ කොරෝනා රෝගීන් මැරනවා දැකලා, මිනී දැකලා ඇති වෙච්ච කම්පනය දරාගැනීමට නොහැකිවීම. ඒ වෛද්‍යවරිය ජීවිතය නැති කරගෙන තිබුණේ ඇයටත් කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වෙලා නැවත සේවයට වාර්තා කරලා සිටියදී. එවැනි දක්‍ෂ වෛද්‍යවරියක් මීට වඩා බුද්ධියෙන් කටයුතු කළ යුතුව තිබුණා. ඒත් දැන් ඒ ගැන කතා කර ඵලක් නෑ. ඒ වගේම කොරෝනා ආසාදන වෙච්ච ඇමරිකාවේ මුල් උරුමක්කරුවන් වෙච්ච රතු ඉන්දියන් ළමයින් මිය යන ප‍්‍රවණතාවය වැඩි වෙලා තියෙන බවත් වාර්තා වෙනවා. වෛද්‍ය විද්‍යාවෙන් ඉතාම දියුණු රටක මෙවැනි දුක්ඛිත මරණ අසන්න ලැබීම ඉතාම ඛේදජනක තත්ත්වයක්. දැන් මේ රටේදී කොරෝනා ආසාදනය වන රෝගීන්ව ලංකාවේ වගේ රෝහල් ගත කරන්නෙ නෑ. තමන්ගේ ගෙදර ඉඳගෙනම ප‍්‍රතිකාර කරගන්න තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. රෝගය උත්සන්න තත්ත්වයට පත් වුණහම තමයි රෝහල් ගත කරන්නේ. ඒ වෙනකොට රෝගියාගේ සුවපත් වන ප‍්‍රවණතාවය බින්දුවේ...’’

covid2‘‘මේ රටේ ඊයේ පෙරේදා ඉඳලා කොරෝනා රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන්න ගත්තා. ඒත් මැරෙන ප‍්‍රමාණයේ අඩුවක් නෑ. කොච්චර රෝගීන් වාර්තා වුණත්, මැරුණත් ඇමරිකාව ඇතුළු යුරෝපයේ මිනිසුන්ට ගාණක්වත් නෑ. ඒ මිනිස්සු එම රටවල සෞඛ්‍ය අංශවලින් ලබා දෙන උපදෙස් පිළිපඳින සේයාවක්වත් නෑ. යුරෝපීය රටවල කොරෝනා වසංගතය පැතිරෙන්න ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නෙත් එම රටවල වැසියෙන්ගේ ඇහුන්කම්දීමේ මදිකම. බෞද්ධ රටවල වැසියන් ඒ ඒ රටවල ආණ්ඩුව විසින් ලබාදෙන වෛද්‍ය උපදෙස් පිළිපදිනවා. චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, හොංකොං, තායිවානය, ජපානය, කොරියාව, භූතානය වගේ රටවල කොරෝනා වසංගතය යම් මට්ටමක පාලනයක් තියෙනවා. වියට්නාමය, කාම්බෝජය, ලා ඕසය, හොංකොං භූතානයේ ඉතා මනා පාලනයක් තියෙනවා. ශ‍්‍රී ලංකාවේත් ඉතාම හොඳින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය වෙලා තිබුණා. ඒත් යම් තැනක වෙච්ච වරදකින් නැවතත් කොරෝනා වසංගතය පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා...’’

‘‘හිටි හැටියේ මතුවෙච්ච මේ කොවිඞ් පොකුර අපිට පාලනය කරගන්න පුළුවන්. රජයටත්, සෞඛ්‍ය අංශවලටත් ශක්තියක් ලබාදෙමින් රටවැසියන් විදිහට සිහිබුද්ධියෙන් යුක්තව වැඩ කරගෙන යා යුතුයි. බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට සංවර, පහාණ, භාවනා, අනුරක්ඛණ යන පිළිවෙත් මේ මොහොතේ අපි පිළිපැඳිය යුතුයි. සංවරයක් ඇති කෙනා වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපඳිනවා. ‘පහාණ’ අයින් කිරීමෙන් අදහස් කෙරෙන්නේ අපේ සිතේ ඇති තරහා ඉවත් කිරීමයි. අත් සෝදා, ඇඳුම් සෝදා නිතරම පිරිසිදුව සිටීමත් පහාණ ගණයට අයත් වෙනවා. භාවනාව යනු සෑම මොහොතකම කල්පනාවෙන් සිටීම. අනුරක්ඛණ යනු නිතරම ආරක්‍ෂාව ඇති කරගැනීම. බුදුපියාණන් වහන්සේ දේශනා කරන ධර්මය නිසියාකාරව පිළිපඳිනවා නම් මේ කොරෝනා වසංගතයට බිය වෙන්න දෙයක් නෑ. ඒ වගේම ‘අත්තාහි අත්තනො නාථො’ තමාට තමා පිහිට යන බුදු වදන පිළිගන්නා ජන කොටස් ජීවත් වන සෑම රටක්ම ඉතා හොඳින් කොරෝනා පාලනය කරගෙන යනවා. දෙවියන්ගේ කැමැත්ත පරිදි වැඩ කරන හැම රටකම වැඩි දෙනෙක් සිතන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවන නිසා කොරෝනා ආසාදනය වී මිය යන්නෙත් දෙවියන්ගේ කැමැත්තට බවයි. අවාසනාවට දෙවියන්ට මුල් තැන දී ඇති හැම රාජ්‍යයකම කොරෝනා පාලනය කරගැනීමට අසීරු වෙලා තියෙනවා...

මේ මොහොතේ අපේ රටේ පැතිර යන වසංගත තත්ත්වය හමුවේ බෞද්ධයන් විදිහට මනා සිහියෙන් යුක්තව අපි වැඩ කළ යුතුයි. කායික රෝගයට වඩා මානසික රෝගයන් සනීප කරන්න අපහසුයි. ඒ නිසා ඕනෑම රෝගයකින් මිදීමට සිත ශක්තිමත්ව තබා ගත යුතුයි. අනවශ්‍ය බියකින් සිත ලෙඩ කරගත්තොත් වෛරසයට ශරීරගත වෙන්න පහසුයි. ඒ නිසා දවසකට වරක් නිවසේ සියලූදෙනා රතන සූත‍්‍රය ශ‍්‍රවණය කිරීමෙන් හෝ සජ්ඣායනා කිරීමට පුරුදු විය යුතුයි. රතන සුත‍්‍රය සජ්ඣායනා කිරීමෙන් ඕනෑම බිඳුණු සිතක් ශක්තිමත් වෙනවා. ඒ වගේම බුදු බණේ දේශනා වෙනවා ‘අත්තව්‍යාබාධාය හොති පරව්‍යාබාධාය හෝති තං අකුසලං අකුසල විපාකං’ කියලා. තමන්ගේ ආරක්‍ෂාවට, පැවැත්මට හා දියුණුවට බාධා කරගැනීමත් අනුන්ගේ ආරක්‍ෂාවට පැවැත්මට හා දියුණුවට බාධා කිරීමත් පාපයකි. අනවශ්‍ය විදිහට තැන්, තැන්වල ගැවසෙමින් කොරෝනා ශරීරගත කරගැනීම අකුසල කර්මයකි. ඒ වගේම අපේ විනාශය තුරුලූ කරගෙන, අනුන්වත් විනාශයට තල්ලූ කිරීමකි. ඒ නිසා හැම කෙනෙක්ම වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් තමන්ටත්, අනුන්ටත් කරදරයක් නොවන ආකාරයට ජීවත් වෙන්න වග බලාගත යුතුයි.

ඒ වගේම ලෝකයේ බොහෝදෙනා කතා වෙනවා කොරෝනා රෝගය වැළඳෙන්නේ කරන පාප කර්මයන්ගේ විපාක විදිහට කියලා. ගිරිමානන්ද සූත‍්‍රයේ රෝග තිස් එකක් පෙන්නා දීලා තියෙනවා. ඒ රෝග වැළඳීමට බලපාන හේතු අතර වා, පිත්, සෙම් යන තුන් දොසින් සෘතු විපර්යාසයෙන් විෂම පැවැත්මෙන්, උපක‍්‍රමයෙන්, කර්ම විපාකයෙන්, සීත උෂ්ණ, බඩගින්න, පිපාසය, ආහාර, මළ, මුත‍්‍ර ආදිය රෝග වැළඳීමට මූලික වේ. සෑම රෝගයක්ම වැළදෙන්නෙ කර්ම විපාකයෙන් නෙමෙයි. ඒත් අපි එකක් මතක තබාගත යුතුයි. තණ්හාවෙන් භරිතව ස්වභාවධර්මය විනාශ කරන්නේ නම්, තමන්ටත්, අනුන්ටත් හිරිහැරයක් වෙන විදිහට ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ පව් පඩිසන් දෙනවා. ඒ නිසා ගෙවතුවල ගහක් කොළක් සිටුවා තම අඹුදරුවන් සමඟ කාලය ගත කිරීමට මේ කොරෝනා සමය භාවිත කළ යුතුයි. ධාර්මිකව ජීවත් වෙනකොට කොරෝනා ඔබ සමීපයෙන් ගියත් ඇඟට එන්නෙ නෑ. ඔබේ ඇඟට ඇතුළුවීමට තරම් කොරෝනාට ශක්තියක් නෑ...’’ වල්පොළ පියනන්ද හාමුදුරුවන්ගේ කාලීන ධර්ම දේශනාව අවසානය. උන්වහන්ගේ දේශනය සමාජ පාඩමක් විනා ඉවත දැමීමට වචනයකුදු නොවේ.

වල්පොළ පියනන්ද හාමුදුරුවන්ගේ කෙටි දේශනාව ඇසෙන විට මට අපූරු සිද්ධියක් මතකයට නැඟිණි. ඒ අන්තර්ජාල වෙබ් පිටුවකින් කියැවීමට ලැබුණු අපූරු කතාවකි. එම කතාවෙන් කියැවෙන්නෙ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආදරණීය සංවාදයකි.

තාත්තෙ ඔයාට පඩි කීයක් විතර ලැබෙනවද?

පැයකට ඩොලර් විස්සයි පුතේ...

පියා ලබා දුන් පිළිතුරත් සමඟ පුංචි පුතා නැවත ප‍්‍රශ්න නොඇසුවේය. ඔහු තම සන්තකයෙත්, නැඟණිය සන්තකයෙත් නිවසේ තැන, තැන තිබූ ඩොලර් විස්සක් එකතු කර ගත්තේය. රාත‍්‍රිය පහන් විය. සීත සළු ඉරාගෙන උදා හිරු නිවසට ඇතුළු විය. උදෑසනින්ම අවදි වූ තාත්තා රැකියාවට යෑමට සූදානම් විය.

‘තාත්තෙ... මෙතැන ඩොලර් විස්සක් තියෙනවා. පැයක් තාත්තා අපිත් එක්ක ඉඳලා යන්න. ඒ පැයෙ මමයි, නංගියි එක්ක හොඳට සෙල්ලම් කරන්න...’ පුංචි පුතුගේ ආදරණීය ඉල්ලීම හමුවේ පියාගේ් දෑස් තෙත් විය. එකම පුතාව පමණක් නොව චූටි දියණියවත් තුරුලූ කරගත් ඒ පියා මොහොතක් කඳුළු සැලූවේය. අනතුරුව එදා සිට සෑම දවසකම දරුවන් වෙනුවෙන් පැයක් ගත කිරීමට ඔහු අමතක නොකළේය. කොරෝනා පැමිණ මුළු ලෝකයම හුදෙකලා කිරීමත් සමඟ ඒ පුංචි කැදැල්ලෙ මා පිය සෙනහස දොරේ ගලා විත් පුංචි පුතා සහ දියණිය සතුටින් ඉපිළෙන බව ද එම කෙටි සටහනේ පෙළගැසී තිබිණි. නොසිතූ අයුරින් මුළු ලෝකයම වෙළාගත් කොරෝනා ව්‍යසනය හමුවේ මෙවැනි කතා නිරන්තරයෙන්ම ඇසේ.

ජීවිතයේ කාර්ය බහුලත්වයත්, අරමුණු, පරමාර්ථ සාක්ෂාත් කරගැනීමට දැරූ වෑයම හමුවේ ලෝකයේ බොහෝ මිනිසුන්ට යුතුකම් මඟහැරුණු බව සැබෑය. ඒ අතර ප‍්‍රධාන අපගේ පවුල තුළ තිබූ ආදරණීය බැඳීම පවත්වාගෙන යෑමට තිබූ බාධාවය. ඇතැම් පවුල්වල මවුපියන් හිමිදිරියේ රැකියාවලට ගිය පසු, නැවත නිවසට පැමිණියේ රෑ බෝවීය. මවුපියන් පැමිණෙන අවස්ථාවල ඇතැම් විට දරුවෝ නිදිය. හිමිදිරියේ අවදි වුවද දරුවන් සමඟ සතුටු සාමීච්චියේ යෙදීමට කාලය ඉඩ නොදේ. ලහි, ලහියේ මවුපියන් රැකියාවලට යෑමට සූදානම් වන අතර දරුවන් පාසල්වලට යෑමට ලකලෑස්ති වෙති. එම කාර්යබහුල ජීවිතය තුළ අඹු සැමියන්ට යුග දිවිය සතුටින් විඳින්නට ද අවස්ථාව නොලැබිණි. කොරෝනා ඇවිදින් මිනිසුන්ව නිවෙස් තුළ හුදෙකලා කිරීමත් සමඟ බොහෝ කුටුම්බයන්හි ගිලිහී තිබූ බැඳීම වර්ධනය වීමට පටන් ගත් බව ද සැබෑය. එහෙයින් අපේ රට තුළ මේ මොහොතේ පැතිරෙමින් තිබෙන කොරෝනා වසංගය හමුවේ පවුලේ සතුට රිසි සේ විඳිමින් තම නිවසේම රැඳීමට හැකි නම් යහපත්ය. නිවසෙන් බැහැරට, සමාජයට මුහුවන සෑම විටම වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමට ද අමතක නොකළ යුතුය.

කොරෝනා ආසාදනය වීම යනු විඳවීමකී. මිය යෑමේ සම්භාවිතාව අවම වුවද කොරෝනා ආසාදනය වී ප‍්‍රතිකාර ලබා සුවපත් වන තෙක් මාස ගණනකට අඹුදරුවන් දැකගැනීමටවත් අවස්ථාව නොලැබෙන කාලකණ්ණි වසංගතයකි. අවාසනාවකට කොරෝනා රෝගී තත්ත්වය උත්සන්නව මියැදුණොත් තම ඥාතීන්ට මුහුණවත් නොපෙන්වා, පාංශුකූලයක්වත් නැතිව මෙලොවින් සමුගන්න සිදු වන බවද සිහි තබාගත යුතුය.

පෘතුගාලයේ ධනවත්ම බිලියනපතියකු හා එරට විශාලතම බැංකුවක හිමිකරුවකු වූ ඇන්ටෝනියෝ පියෙර් කොරෝනා වෛසරය ආසාදනය වී පසුගිය දිනක ජීවිතක්‍ෂයට පත් විය. ඔහුගේ වියෝවෙන් ශෝකයට පත් දියණිය, ඇයගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි.

‘‘අපි ඉතාමත් ධනවත් පවුලක්. ඒත් අද මගේ පියාට වේදනාත්මක මරණයක් උරුම වුණා. ඒ හැමෝටම නොමිලේ ලැබෙන හුස්ම පියාට ලැබෙන්න නැතුව

ගිහින්. අවසාන වරට අපිට පියාගේ මුහුණවත් දකින්න ලැබුණේ නෑ. මිල මුදල් කොපමණ තිබුණත් අපිට පියාව බේරගන්න බැරි වුණා. ජීවිත කාලයක් හම්බ කරපු කිසිම දෙයක් පියා අරගෙන ගියෙත් නෑ. පියාව බේරාගැනීමට මුදල්වලට කළ හැකි කිිසිවක් තිබුණෙත් නෑ...’’

ධනයට, බලයට කොරෝනාගෙන් සමාවක් නැත. කොරෝනාට අපගේ ජීවිතයට ඇතුළුවීමට ඉඩ නොතබා අප පරිස්සම් විය යුතුය. දැහැමින් ජීවත්විය යුතුය. ඒ වගේම සියලූ දේ අනිත්‍යයි. ‘ඇති වෙනවා, නැති වෙනවා...’ කොරෝනා වසංගතයට ද සදාකාලිකවම අපට පීඩා ගෙන දීමට නොහැකිය. තව ටික කාලයකින් කොරෝනා ද මියැදෙන බව නියතය. ඒ කාලය උදා වන තෙක් මනා සිහියෙන් යුක්තව, පිරිස්සමින් අපි කාලය ගත කරමු...

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles