Divaina - රට හදන්න නම් (මරු කැඳවන) කාණු පද්ධතිය හදන්න

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

kanu

ශ‍්‍රීලාල් ධනන්ජය පෙරේරා
මෙල්බර්න්, ඕස්ටේ‍්‍රලියාව.


අනතුරු අවම කරමින්, වාහන සඳහා පාරේ වැඩි ඉඩ ප‍්‍රමාණයක් සලසමින් පදිකයන්ට පහසුවෙන් ගමන් කළ හැකි වැසි වතුර ගලා යෑමට ක‍්‍රමවත් කාණු පද්ධතියක් සකස් කිරීම නව රජය විසින් ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මෙය ඉතා පහසුවෙන් අඩු වියදමින් සාර්ථකව කළ හැකි කාර්යයකි. අවශ්‍ය වන්නේ ඍජු අවංක දූෂණයෙන් තොර දේශපාලන නයකත්වයත්, දේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිකත්වයත් පමණි. අවශ්‍ය දේශපාලන නායකත්වය ජනාධිපතිතුමාට ඇත. එසේ නම් ක‍්‍රමවේදය ගැන සිතා බලමු. අද ලෝකයේ බොහෝ රටවල් ඉදිකිරීම් සැලසුම් කිරීමේදී ප‍්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නේ ඉදිකිරීම් කටයුතුවල නිරත වන සේවකයන්ගේත් ඉදිකිරීම් නිම වූවායින් පසුව ඒවා පාවිච්චි කරන පරිශීලකයන් නොහොත් මහජනතාවගේ ආරක්ෂාවයි. මාර්ග සහ කාණු පද්ධති සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදීද මෙම ප‍්‍රධාන කරුණු සැලකිල්ලට ගනී. ලෝකයේ දියුණු රටවල නම් මහජනතාවගේ අරක්ෂාව නොසැලකා හැර යම්කිසි පාරක්, කාණු පද්ධතියක් හෝ පදික වේදිකාවක් ඉදිකර ඇත්නම් එම පළාතේ ජනතාව විසින් ඒවාට වගකියන රජයට හෝ පළාත් පාලන ආයතනයට නඩු පවරා වන්දි අයකරනු ලබයි.

kanu2අද ලෝකයේ රටවල වැසි කාණු පද්ධති (Stormwater drainage) ඉදිකිරීමේදී නොයෙකුත් සාර්ථක ආරක්ෂාකාරී ක‍්‍රමවේදයන් අනුගමනය කරයි. විවෘත කාණු පද්ධති වෙනුවට පෙර ඉදිකළ (Precast) කොන්ක‍්‍රීට් හෝ PVC පයිප්ප පොළොව යට වළලා, පෙර ඉදිකළ වැසි ජල වළවල් (Precast Storm Water Pits) යම් පරතරයකින් පොළොව යටට වළ දමා ඉහත පයිප්ප හා සම්බන්ධ කරනු ලැබේ. පාරේ මට්ටමේ සිට පොළොව යටට වළලා ඇති මෙම වැසි ජල වළවල් වලට (Stormwater pits) පාරේ ඇති ජලය එකතු වනුයේ පාරේ අයිනෙන් පාර හා මට්ටමින් සමාන්තරව නමුත් මදක් බෑවුම්ව දිව යන කුඩා කාණු වෙනි. මෙම කුඩා කාණුව සාමාන්‍ය වශයෙන් මිලි මීටර් 450ක් පළල වන අතර පාර පැත්තට ඇති උස මිලි මීටර් 150ක් ද පදික වේදිකාව පැත්තට ඇති උස මිලි මීටර් 300ක් ද වේ. (පින්තූරය දෙස බලන්න). මෙය ඉංග‍්‍රීසියෙන් Kerb) Channel යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම ක‍්‍රමය තුළින් පාරේ කුඩා කාණුව දිගේ ගලා යන ජලය වැසි ජල වළවල්වලට (Stormwater pits) එකතු වනුයේ එම වැසි ජල වළවල්වල පාරේ පැත්තෙන් විවෘතව ඇති විවරයෙනි. මෙයට ඉංග‍්‍රීසියෙන් Side entry stormwater pits යැයි හඳුන්වති.

මෙවැනි එදිකිරීම් ක‍්‍රම තුළින් වළලා ඇති පයිප්ප උඩින් පස් තදකර පුරවා මට්ටම් කර කොන්ක‍්‍රීට් ගල් හෝ ස්ලැබ් ඇතිරීමෙන් පදිකයන්ට පහසුවෙන් ආරක්ෂාකාරීව පාරේ ගමන් කිරීමට හැකියාව ලැබේ. මෙම ක‍්‍රමය ඉතා සාර්ථකව අඩු වියදමින් ලංකාවේ කළ හැකි අතර දීර්ඝ කාලයක් පවතිනු ඇත. නඩත්තු කිරීමට ඇත්තේ වැසි ජල වළවල්වලට (Stormwater pits) වැසි කාලයේදී එකතු වන කොළ රොඩු සමග මිශ‍්‍ර දූවිලි පස් පිට් එකේ කොන්ක‍්‍රීට් කවරය (Manhole cover) විවෘත කර කලින් කලට පිරිසිදු කිරීමයි. කොළරොඩු පිට් එකට යෑම අවම කිරීමට පිට් එකේ විවරයට ගැල්වනයිස් යකඩ වලින් සෑදූ දැලක් (Mesh) සවි කළ හැක. ඉහත සඳහන් වනුයේ එක් ක‍්‍රමවේදයක් වන අතර තව ක‍්‍රමවේද බොහෝ පවතී.

විවෘත කාණුවලට කුණු සමග පස් වැටී ජලය ගලා යෑම අවහිර වීමෙන් ඩෙංගු මදුරුවා බෝ වී දහස් ගණන් ජීවිත බිලි ගනී. තද වැසි දාට ජලය පිරුණු විවෘත කාණු වලට වැටී ජීවිත අහිමි වූ අහිංසක ජනතාව ගැන අප කොපමණ අසා ඇත්ද. මෙවැනි ඛේදජනක උවදුරු නැවත සිදුවීම වැළැක්වීමට සෞභාග්‍යයේ දැක්ම තුළින් අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමයි.

(මෙම ලිපිකරු ගොඩනැ`ගිලි ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරුවකු Project Manager ලෙස ඔස්ටේ‍්‍රලියාවේ වසර 20 ක අත්දැකීම් ඇත).

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles