Divaina - කොවිඞ් 19 වෛරසය සමඟ ජීවත් වීමට දේශීය දැනුමෙන් බොහෝ දේ ලබාගත හැකියි!... හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

deshiya
 
 
 
 
 
මේ වනවිට කොවිඞ්19 වෛරසය නොසිතූ විරූ ලෙස සමාජය තුළ පැතිරෙමින් පවතිනවා. නැවත වතාවක් රටම වසා තැබීමට කටයුතු කිරීම සාමාන්‍යය ජන ජීවිතය පවත්වා ගෙන යෑමට ඉතා අපහසු කාර්යයක්. ඉදිරිපත්වී තිබෙන එකම විකල්පය සමඟ කොවිඞ්19 සමඟ ජීවත්වෙමු යන්නයි. ඒ සඳහා දේශීය දැනුමෙන් උකහා ගත හැකි දේ ඇති දැයි සොයා බැලීමට හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.
 
 වරක් කොවිඞ්19 වෛරසය සාර්ථකව පාලනය කළ අප රට මේ වනවිට කලින් වරටත් වඩා වේගයෙන් මෙන්ම සංඛ්‍යාත්මකව ඉහළ අගයකින් කොවිඞ්19 වෛරසය ආසාදිතයින් සමාජය තුළින් හමුවෙන මට්ටමට ළඟාවී තිබෙනවා. මුල් වතාවේදී මාස තුනක් පමණ රට සම්පූර්ණයෙන්ම වසා දමා වෛරසය පාලනය කළ රජය මෙවර එය එසේ නොකරන බවක් තමයි දකින්නට ලැබෙන්නේ. මේ අලූත් කොවිඞ්19 වෛරස ආසාදන රැල්ල සහ ඒ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සම්බන්ධව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයෙකු ලෙස ඔබගේ විග‍්‍රහය කුමක්ද?
 
 වෛද්‍ය නිමල් කරුණාසිරි:
 
deshiya2ජාතියක් ලෙස අපි කොවිඞ්19 වෛරසය පැරදවීමට ගනු ලැබූ බොහෝ කැපකිරීම් පරාජය කරමින් කොවිඞ්19 වෛරසය අප සමාජය තුළ නැවත මතුවී තිබීම සත්‍යයක්. එහි වරද කොතැනද වරදකරුවා කවුරුද යන්න සොයා බලනවාට වඩා මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට අපගේ දේශීය දැනුමෙන් ගත හැකි ආදර්ශයන් මොනවාදැයි සොයා බැලීම අද දවසේ වැදගත් යැයි මා සිතනවා. මෙහිදී මම පූර්ව නිගමනයක සිටිනවා කොවිඞ්19 වෛරසයට බයේ පලාගොස් හැඟවෙනවාට වඩා කොවිඞ්19 වෛරසය සමඟ ජීවත් විය යුතු යැයි කියන නිගමනයට පැමිණීමට වාස්තවික තත්ත්වයන් විසින් අපේ රටට විතරක් නොවෙය,ි සමස්ත ලෝකයටම බල කර සිටිනවාය කියා. චීනය වැනි රටවල් මේ තත්ත්වය සාර්ථකව අත්හදා බලමින් යම් පමණකට සාර්ථකව මුහුණ දී සිටිනවා. ඔවුන් මේ සඳහා ඔවුන්ගේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රම සාර්ථකව භාවිතයට ගන්නවා. ඒ වගේම වෛද්‍ය නොවන වෙනත් ක්ෂේත‍්‍රවල ඔවුන්ගේ දැනුමත් මේ සඳහා යොදා ගනිමින් සිටිනවා. සංචාරක කර්මාන්තය මගින් විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගන්නා කි්‍යුබාව ලෝක ජනයා ප‍්‍රිය කරන කි්‍යුබානු සංචාරක කලාපවලට සෘජුවම සංචාරකයන් කැඳවා ගෙන විත් රටේ ජනයා සමඟ මුහු වෙන්නට තිබෙන ඉඩකඩ දැඩි ලෙස සීමා කරමින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ අනුව ලෝකය දෙස බැලූවිට පෙනී යන දෙයක් තමයි ලෝකය තිබෙන්නේ මිනිසාගේ රසවින්දනයට පමණයි, යන දර්ශනය මත පදනම්ව පාලනය වන අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට වඩා යම් පමණකට අධ්‍යාත්මික ශක්තිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන පෙරදිග රටවලට මෙම වසංගතය සමඟ පොර බැදීමේදී මෙන්ම මෙම වෛරසය සමඟම ජීවත් වීමට කරන අරගලයේදී විශාල වාසි සහගත තත්ත්වයක් ලැබී තිබෙන බව.
 
 ඔබ කොවිඞ්19 වෛරසය සමඟ ජීවත් වීම සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මික ශක්තිය මගින් කළ හැකියැයි පූර්ව නිගමණයක ඉන්න බවක් තමයි හැඟී යන්නේ. රුසියාව වැනි රටක් මේ වනවිට කොවිඞ්19 වෛරසය මර්දනය කිරීමට සාර්ථක එන්නත් පවා නිපදවා තිබෙනවා. කියුබාව ඔවුන් නිපදවූ එන්නත එළැඹෙන පෙබරවාරි මාසයේදී භාවිත කිරීමට පවා නියමිතයි. මේවා සියල්ල කරනු ලැබුවේ භෞතිකවාදී දර්ශනයක් මත පදනම්ව මිස හුදු පුද්ගල මනස දියුණු කිරීමකින් පමණක් නොවෙයි. ඒ අනුව ඔබගේ තර්කය බිඳ වැටෙනවා නේද?
 
 වෛද්‍ය නිමල් කරුණාසිරි:
 
 නැහැ! කිසිසේත් මම කියන්නේ නැහැ අධ්‍යාත්මික ශක්තියෙන් පමණක් එය කළ හැකිය කියා. මා පවසන්නේ ලෝකය තිබෙන්නේ මිනිසාගේ රසවින්දනයට පමණයි යන දර්ශනය මත පදනම්ව කොවිඞ්19 වෛරසය මර්දනය කිරීම පමණක් නොවෙයි. අද මුළු මහත් ලෝක ප‍්‍රජාව මුහුණ දෙන කිසිදු බරපතළ ගැටලූ ඉහත කී දාර්ශනික පදනම මත උත්තර සොයා ගැනීමට බැහැ කියන දේ පමණයි. අනිත්අතින් රුසියාවේ ජනාධිපති පුටින් රුසියාව සොයා ගන්නා එන්නත තමන්ටම එන්නත් කරවා ගෙන එහි ඇති විශ්වසනීයභාවය රුසියාවට පමණක් නොවෙයි මුළු ලොවටම පෙන්වා සිටියා. ඔහුට එතරම් ධෛර්යක් ලැබෙන්නේ කොහෙන්ද? ලෙනින් ප‍්‍රමුඛ රුසියානු සමාජවාදී විප්ලවයේ නායකයන්ගේ අධ්‍යාත්මය නොවෙයිද පුටින් තුළ ගැබ්වී තිබෙන්නේ? අපි කුඩා කාලයේදී කියවූ ගුරු ගීතය, ළුෑ නැවුම් පස, ‘ම්මා’වැනි මහා රුසියානු සාහිත්‍යයෙන් පෝෂණය වූ මිනිසෙක් නොවෙයිද පුටින් තුළ ඉන්නේ? ෆිදෙල් ක‍්‍රැස්ත්‍රෝ , චේ ගුවේරා ප‍්‍රමුඛ නායකයින් කියුබානු සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ප‍්‍රමුඛ කියුබානු සමාජය ගොඩනැංවීමේදී ඒ සමාජය තුළ පැළ කළ මානවහිතවාදී ගුණාංග නොවෙයිද වර්තමාන කියුබානු විශේෂඥයන් අත්හදා බලමින් සිටින කියුබාවේ නිෂ්පාදිත කොවිඞ්19 එන්නත සාර්ථකවීමට බලපා ඇත්තේ? මාවෝ සේතුං ඇතුළු චීන විප්ලවයේ නායකයන් පෙන්වූ දැවැන්ත අධිෂ්ඨානය සහ දැවැන්ත කැපකිරීමේ අධ්‍යාත්මය නොවේද වත්මන් චීන රජය මෙතරම් සාර්ථකව කොවිඞ්19 වෛරසය පාලනය කිරීමට යොදා ගෙන ඇත්තේ. ඒ අනුවයි මා පවසන්නේ කෝවිඞ්19 වෛරසය සමඟ ජීවත් වීමේදී අපට අපේ දේශීය දැනුම සහ අප තුළ වන අධ්‍යාත්මික ශක්තිය වැදගත්වනවාය කියා.
 
 ඔබ පවසන ආකාරයට කොවිඞ්19 වෛරසය සමඟ ජීවත් වීමට අපට තිබෙන දේශීය දැනුම සහ ඒ අනුසාරයෙන් කෝවිඞ්19 වෛරසය සමඟ ජීවත් වීමට හැඩ ගැසෙන්නේ කොහොමද?
 
 වෛද්‍ය නිමල් කරුණාසිරි:
 
 මා මුලින් කීව පරිදි කොවිඞ්19 වෛරසය යම් පමණකට පාලනය කරගත් රටවල් අතර ඇතැයි පැවසූ අධ්‍යාත්මික ශක්තිය මෙන් අප සතුවත් දැවැන්ත අධ්‍යාත්මික ශක්තියක් තිබෙනවා. ඒ තමයි බෞද්ධ දර්ශනයෙන් අප ලබාගත් ශික්ෂණය. මෙම වෛරසයෙන් බේරීමට තනිව කළ නොහැකියි. එසේම මෙම වෛරසයෙන් ආරක්ෂාවීමට පමණක් නොවෙයි වෙනත් ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත් මනස නිරවුල්ව තබා ගැනීම අතිශය වැදගත්. අපේ සමාජයේ පදනම වූයේ බුදුන්වහන්සේගේ මූලික ඉගැන්වීම් වල තිබෙන, මෙන්ම සියලූසත්වයෝ- නිදුක් වෙත්වා- නීරෝග වෙත්වා- දුකින් මිදෙත්වා- යන්නයි. අපි ජාතියක් ලෙස දැඩිව විශ්වාස කරනවා ”පමණක් ගැලවුණු පමණින්ම සර්වසම්පූර්ණ ගැලවීමක් නොලැබෙන බව. ඒ නිසා උදේ අවදිවුණු මොහොතේ පටන් රාති‍්‍ර නින්දට යන තෙක් සියලූසත්වයන්ට විමුක්තිය ඇතිවේවා යන ප‍්‍රාර්ථනයෙන් හදවත පුරවා ගත් සැහැල්ලූ මිනිසෙකු ලෙස දිවා කාලයේ ජීවන අරගලයේ යෙදෙමින් කරමින්, තමන් අදහන කුමන හෝ ආගමක් පිරිසිදු සිතින් පවුලේ සියලූ දෙනා එක්ව සිහිපත්කර නින්දට යෑම ඉතා වැදගත්. ඒ තමයි අපේ අධ්‍යාත්මික ශක්තිය ඒකාරාශී කරගත හැකි මූලිකම ක‍්‍රමය. දෙවනුව අපි මෙවැනි රෝගයක් වැළඳුනහොත් අපේ අසල්වැසියන්ට දැනුම් දීමට අපි අතීතයේදී අනුගමනය කළ ගොක් කොළ එල්ලීම වැනි ක‍්‍රියා මාර්ග ඔස්සේ අපේ අසල්වැසියා දැනුවත් කිරීම, ඉන්පසුව රෝගය වැළැඳුණු අය රෝහලකට රැගෙන යන තෙක් වෙන්කර තබා පවුලේ එක් අයෙකු පමණක් රෝගියාට උවටැන් කිරීම කළ යුතුය. මතක තබා ගන්න බටහිර වෙදකමේ මෙම වෛරසය ආසාදනයෙන් ඇතිවන සංකූලතාවලට වෙදකම් කරනවා විනා කොවිඞ්19 වෛරසයට ඖෂධ තවමත් නැහැ. වැදගත්ම පියවර රෝගියාට පත්‍යය ආහාර ලබාදීම, පාන්පිටි ගුලි ගිල දැමීම වහාම නැවැත්විය යුතුයි. එමගින් කිසිම ආකාරයක ප‍්‍රතිශක්තිකරණයක් වර්ධනය වන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ පටන් හැකිතරම් කොළ ආහාර පරිභෝජනයට ගැනීමට වග බලා ගතයුතුයි.
 
 සුද්දා පුරුදු කරපු ඬේ ටී එක වෙනුවට ගෙදරම හදාගන්නා උණුසුම් කොළ කැඳ වීදුරුවකින් දවස ආරම්භ කිරීමෙන් ප‍්‍රතිශක්තිකරණය ඉහළ යනවා. උණුසුම් ඔසුපැන් හැකිනම් කිතුල් හකුරු කැබැල්ලක් සමඟ හෝ දියවැඩියාව , පිළිකාව වැනි භයානක බෝ නොවන රෝග වලට අත වනන සුදු සීනි හැකිතරම් අතහැර දුඹුරු සීනි ස්වල්පයක් සමගින් දිනපතා තුන් හතර වතාවක් පානය කිරීමත් ඉතා වැදගත්. චිකන් ෆ‍්‍රයිඞ් රයිස් මනසින් ඈත්වී පිරිසිදු දේශීය වස විස නැති ආහාරම මත යැපීමට කටයුතු කිරීමෙන් වෛරසය ආසාදනය පහත හෙළීමට හැකියාව ලැබෙනවා. දෙහි කහ මිශ‍්‍ර වතුරෙන් නිතර අත සේදීම වගේම එම වතුර නිවස පුරා ඉසීමත් වැදගත්. සවස් කාලයේදී පොල්කටු පිළිස්සූ දුම් කබලකට සාම්බ‍්‍රානි කුඩු හෝ ප‍්‍රාදේශීය වශයෙන් භාවිත වන වෙනත් ඕනෑම ද්‍රව්‍යය එකතු කර දුම් ඇල්ලීම මගින් නූතන ධූමායනයෙන් කෙරෙන කාර්යයට වඩා සෞඛ්‍යයට හිතකර පරිසර හිතකාමී ධූමායන කාර්ය ඉටු කර ගත හැකියි. මෙවැනි කුඩා සම්මුඛ සාකච්ඡාවකින් ඉදිරිපත් කළ නොහැකි තරම් රෝගය වළක්වා ගැනීමේ ක‍්‍රම රාශියක් අපේ දේශීය දැනුම තුළ අඩංගුයි. එම ක‍්‍රම ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයටත් වෙනස් වෙනවා. මේ හැම ක‍්‍රමයක්ම ශාක මත ස්වභාවික දේ මත යැපෙන දෑ බව පමණක් කිව හැකියි.
 
 ඔබ ආහාර ඖෂධ සහ සෞඛ්‍යය ආරක්ෂිත ක‍්‍රම පමණයි දේශීය දැනුම ලෙස කොවිඞ් වෛරසය සමඟ ජීවත් වීමට යෝජනා කරන්නේ. ඉන් ඔබ්බට ඔබගේ යෝජනා මොනවාද?
 
 වෛද්‍ය නිමල් කරුණාසිරි:
 
 මා මුලින්ම අවධාරණය කළේ අධ්‍යාත්මය ශක්තිමත්ව තබා ගැනීමයි. ඉන්පසුයි ආහාර ගැන සඳහන් කළේ. රොගීන් සහ රෝගය කළමනාකරණයත් අපේ දැනුමට අනුව කළ හැකියි. ඊළඟට දේශීය කෘෂිකර්මාන්තයත් ඉදිරියේදී පැමිණෙන මෙවැනි වසංගත වලට මුහුණ දීමට අවශ්‍ය පරිදි සැකසිය යුතුයි. ඒ වාගේම දැනට තිබෙන තත්ත්වයෙන් වුවත් ඉහළ ඵලදායිතාවයකින් භාවිත කළ හැකියි. මූලිකම දේ අපේ දේශීය දර්ශනය තුළ මිනිසා යනු මේ මහා පෘථිවියේ තවත් එක් ජීවියෙකු මිස අනෙකුත් ජීවීන් අභිභවා යන්නෙකු නොවෙයි යන දාර්ශනික ප‍්‍රපංචය නැවත මතු කර ගත යුතුයි. ඊ ළඟට අපි තේරුම්ගත යුත්තේ මේ මහා සොබාදම තුළ හිරුගේ ශක්තිය ආහාර ලෙස ගබඩා කිරීමට අවසර දී ඇත්තේ ශාකවලට පමණයි. ඒ අනුව කුඩා හතුවර්ගයක සිට මහා රූස්ස ගසක දක්වා ගබඩා කරගන්නා ආහාර අල වශයෙන්, දලූ වශයෙන්, කොළ වශයෙන්, මල් වශයෙන්, මුල් වශයෙන් සහ පොතු වශයෙන් ආදී වූ නොයෙක් ක‍්‍රම වශයෙන් ආහාරයට ගන්නේ මිනිසුන් පමණක් නොවෙයි. ශාක මිහිපිට වෙසෙන සියලූ සත්වයන්ට අයිතියි. ඒ නිසා මිනිසුන් වන අප අපගේ අවශ්‍යයතාවයන් සීමා කරගනිමින් අල්පේච්ඡ ජීවිතයකට හුරුවීමට මෙම කොවිඞ් වෛරසය විසින් ඇතිකරනු ලැබූ වාස්තවික තත්ත්වය අනිවාර්යෙන් අපට බල කර සිටිනවා.
 
 අවසාන වශයෙන් කොවිඞ්19 සමඟ ජීවත් වීමට පුරුදු වීමට අපි කළ යුතු දේ ගැන සැකෙවින් පවසන්නේ කුමක්ද?
 
 වෛද්‍ය නිමල් කරුණාසිරි:
 
 කොවිඞ්19 වෛරසය මිනිසාට වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් හැටියටයි මම නම් සලකන්නේ. නූතන මිනිසා කෙතරම් බලවතෙක් වුවත් ඇසට නොපෙනෙන කුඩා වෛරසයකට යටත් වීමට සිදුවූ බව කොවිඞ්19 වෛරසය තහවුරු කළා. අනිත් අතට නූතන මධ්‍යම පාන්තික මනසේ විශ්මිත රාජ්‍යය ලෙස සනිටුහන් වූ අමෙරිකාවේ ජනාධිපතිට ලෝකයේ ඕනෑම රටක් සුළු මොහොතකින් සුනු විසුණු කර දැමිය හැකි වූවාට කුඩා වෛරසයකින්වත් තම ජනයාව කෙසේවෙතත් තමාටවත් ආරක්ෂා විය නොහැකි බව පසක් කළා. අපේ වගේ රටවල වෙසෙන මධ්‍යම පාන්තික ජනයාට පසක් කළා අපි ඉතිහාසය පුරාවට ආරක්ෂා කළ අපේ කම විසින් අමෙරිකාව වැනි බටහිර රටවල ජනයා පත්වුණු අසරණ වික්ෂිප්තභාවය වැනි තත්ත්වයකට පත් නොවී සිටීමට ඉඩ සැලසුණා. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles