Divaina - යතුරුපැදි ක්ෂේත‍්‍රය අනතුරේ... රටපුරා යතුරුපැදි හිඟයක්...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

bike
 
 රුවන් ජයවර්ධන
 
covid-19 වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සමාජ, ආර්ථික අර්බුදයන් රැසකට ලක්ව අවසන්ය. covid පාලනය කිරීමේ අරමුණින් නව ආනයන අපනයන නීතීන් හඳුන්වාදීමට ද ඒ ඒ රටවල් කටයුතු කර ඇති අතර මෙරට සම්බන්ධයෙන් ද එහි වෙනසක් දකින්නට නැත. ඒ හරහා covid වෛරසය පාලනය කිරීමට රජය විසින් සාර්ථක උත්සාහයක් ගෙන තිබීම රටක් ලෙස ශ‍්‍රී ලාංකිකයන්ට සතුටු විය හැකි කාරණාවක් බවට පත්ව ඇත.
 
 කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ බොහෝ දෙනෙක් තවමත් පොදු ප‍්‍රවාහන සේවා පහසුකම් ලබා ගැනීම කෙරෙහි පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් ආකල්පයක් දරන අතර වැඩි දෙනකුගේ මතය බවට පත්ව ඇත්තේ පෞද්ගලික ප‍්‍රවාහන පහසුකම් භාවිතය covid 19 වැළඳීමෙන් වැළකී සිටීම පිණිස භාවිත කළ හැකි හොඳම විකල්පයක් ලෙසය. එහිදී බහුතරයක් වන මෙරට මධ්‍යම පාන්තික ප‍්‍රජාව යතුරුපැදි භාවිතය පිණිස වැඩි නැඹුරුතාවක් දැක්වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. එහිදී අන් කවරදාකටත් වඩා යතුරුපැදි මිලදී ගැනීමේ නැඹුරුතාවට බොහෝ දෙනෙක් යොමු වී ඇතත් ගැටලූව බවට පත්ව ඇත්තේ එම අවශ්‍යතාව සැපිරීම පිණිස අවශ්‍ය වෙළෙඳපොළ මේ වනවිට මුළුමනින්ම අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබීමයි.
 
 covid 19 හමුවේ ආනයනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක‍්‍රියාත්මක නීති රීති හේතුවෙන් මෙරට යතුරුපැදි වෙළෙඳපොළ අකර්මණ්‍ය වීමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති අතර එහි ප‍්‍රතිඵලයක් බවට පත්ව ඇත්තේ අවම පිරිවැයක් යටතේ සෞඛ්‍යාරක්‍ෂිත ප‍්‍රවාහන පහසුකම් ලබාගත හැකි යතුරුපැදි මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව අහිමි වී යෑමය. මේ වනවිට මෙරටට මෝටර් බයිසිකල් හා ස්කූටර් ගෙන්වීම තාවකාලිකව නතර කර තිබීම ඊට මූලික හේතුව බවට පත්ව තිබෙන අතර ඒ හරහා මෙරට තුළ ක‍්‍රියාත්මක සමස්ත යතුරුපැදි ක්‍ෂේත‍්‍රයම බරපතළ අර්බුදයකට ලක්ව අවසන්ය.
 
 covid 19 වසංගතයට පෙර මෙරට තුළ මාසිකව දළ වශයෙන් යතුරුපැදි 23500 ක පමණ අලෙවියක් දක්නට තිබූ අතර ඒ හරහා කල්බදු හා රක්‍ෂණ යන ක්‍ෂේත‍්‍ර දෙකෙහි ආදායම් මට්ටමේ ඉහළ වර්ධනයක් දකින්නට ලැබිණි. ඊට අමතරව මෙරටට යතුරුපැදි ගෙන්වා බෙදාහරින ආයතනයන්ට අනුබද්ධව රැකියාවේ නිරත පිරිස 30,000 ඉක්මවන අතර රට පුරා ව්‍යාප්ත යතුරුපැදි අලෙවි නියෝජිත පිරිස 3,500 ඉක්මවා ගොස් ඇත. ඒ ආශ‍්‍රිතව වක‍්‍ර රැකියා කරන පිරිස ද ගත් කල ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් මේ වනවිට තම රැකියා අහිමිවීමේ හා ආදායම් උත්පාදනයේ දැඩි අර්බුදයකට ලක් වී හමාරය.
 
 මෙම අර්බුදය විසඳීම පිණිස යතුරුපැදි අලෙවිකරුවන් සේවා හා පහසුකම් සපයන්නන් පමණක් නොව බහුතර පාරිභෝගික ප‍්‍රජාව රජය වෙත අවධාරණය කර සිටින්නේ ඉල්ලූමට සරිලන සැපයුමක් පිණිස අවශ්‍ය කරන පහසුකම් ලබාදීමේ ක‍්‍රියාවලියක් රට තුළ හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක කරන ලෙසය. ඒ හරහා යතුරුපැදි මෙරටට ගෙන්වා බෙදාහැරීමේ ආයතන යළි බලගන්වන ලෙසය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles