Divaina - මොඩලින් බිස්නස් එකේ පැජන්ට් මාෆියාව... තරුණි යන් අල්ලන්නේ සමාජ ජාලා මාධ්‍ය මගින්... අනුග‍්‍රාහකයන්ට ලිංගික අල්ලස්...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


model

රුවන් ජයවර්ධන


model2රූපලාවන්‍ය කලාව සහ මෝස්තර නිරූපණ ශිල්පය යනු ඉපැරණි වෘත්තීන් දෙකක්ය. එකිනෙකට සම්බන්ධ මෙම වෘත්තීන් දෙකෙහි නිරත විශාල පිරිසක් මෙරට ජීවත්වන අතර ඔවුන් අතරින් බහුතරයක් වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කරමින් එම කටයුතුවල නිරත වන අයුරක්ද දැක ගත හැක. රූමත් ශරීරයක් පවත්වාගෙන යෑමට රුචිකත්වයක් දක්වන බොහෝ දෙනෙක් රූපලාවන්‍ය කටයුතු පිණිස යොමුවන අතර රූමත් සිරුරක් හිමි තරුණ තරුණියන් මෝස්තර නිරූපණ ශිල්පය පිණිස වැඩි වශයෙන් යොමුවන අයුරක් දැකගත හැක.

කෙසේ වෙතත් මෑතක සිට මෙම වෘත්තීන් දෙකෙහි නිරතවන ඇතැමෙක් එය ජාවාරමක් බවට පත් කරගෙන තිබෙන අතර ඒ හරහා අහිංසක තරුණ තරුණියන්ගේ මුදල් පමණක් නොව ඔවුන්ගේ ආත්ම අභිමානයද තුට්ටුවට ඇද දමමින් ඇත. මෙම ජාවාරමේ ගොදුරු බවට පත්වූ ඇතැම් තරුණ තරුණියන් ඒ පිළිබඳ පොලිස් පැමිණිලි පවා ඉදිරිපත් කොට තිබෙන අතර ඇතැමෙක් තමන්ට වූ හානිය රහසක් ලෙස ආරක්‍ෂා කරනු ලබන්නේ එය හෙළිදරව්වීම හේතුවෙන් ඇතිවන සමාජ අවමානය වසා ගැනීම පිණිසය. මෙම ජාවාරම මුළුමනින්ම සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් සිදු කරන එකක් වන අතර බොහෝ විට එහි ගොදුරු බවට පත්වන්නේ යොවුන් වියෙහි පසුවන යෞවන යෞවනියන්ය. රටේ පිළිගත් වෘත්තීන් දෙකක් වන රූපලාවන්‍ය ශිල්පය හා මෝස්තර නිරූපණ ශිල්පයට මුවාවෙන් සුළු පිරිසක් විසින් සිදු කරන මෙම ජාවාරම ක‍්‍රියාත්මක කරනු ලබන්නේ පහත සඳහන් ආකාරයට.

වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පීන් බව කියා ගන්නා ඇතැමෙක් මෙම ජාවාරම ආරම්භ කරනු ලබන්නේ මෝස්තර නිරූපණ ශිල්ප තරගයක් සංවිධානය කිරීම තුළින්ය. ඒ සඳහා නීත්‍යනුකූල අවසරයක් හෝ විධිමත් පටිපාටියක් නොතිබීම හේතුවෙන් රූපලාවන්‍ය පිළිබඳ යම් වැටහීමක් සහිත කෙනෙකුට එවැනි දෙයක් සංවිධානය කළ හැකි අතර ඒ පිළිබඳ පූර්ව ප‍්‍රචාරක කටයුතු සිදු කරනු ලබන්නේ සමාජ ජාල මාධ්‍ය උපයෝගි කර ගනිමින්ය. ඉතාමත් ආකර්ෂණීය ආකාරයට සකසන මෙම දැන්වීම් ප‍්‍රචාරය කර හැරීමත් සම`ග තරුණ තරුණියන් විශාල වශයෙන් ඒ සඳහා අයැදුම් කරන අතර ඔවුන්ව ඒ සඳහා තෝරාගනු ලබන්නේ මූලික පරීක්‍ෂණ කීපයකින් අනතුරුවය. විශේෂයෙන් රූමත් මුහුණක් හා කඩවසම් ශරීරයක් හිමි තරගකරුවන්ට එහිදී වැඩි අවධානයක් යොමුවන අතර මූලික වටය සඳහා වැඩි සුදුසුකමක් හිමි වන්නේ ඔවුන්ටය. ජාවාරමක් ලෙස මෙවැනි තරග සංවිධානය කරන්නන් එහිදී තරගකරුවන්ගේ පෞද්ගලික වත ගොත මිල මුදල් තත්ත්වය පිළිබඳවද යම් විමසීමක් සිදු කරනු ලබන්නේ තම අරමුණු ඉටු කර ගැනීම පිණිස ඔවුන් සුදුස්සන්ද යන්න පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම පිණිසය.

model3එලෙස සිදුකරන මූලික පරීක්‍ෂණවලින් අනතුරුව තෝරා ගන්නා සීමිත පිරිස ඉන් අනතුරුව යොමු කරනු ලබන්නේ පුහුණුවීම් කටයුතු පිණිසය. තරග ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග ඇතුළු නිරූපණ ක්‍ෂේත‍්‍රයේ හිනි පෙත්ත දක්වා ගමන් කළ හැකි බව මවා පාමින් සිදු කරන මෙම කටයුත්තේදී බොහෝ දෙනෙක් මෙම ජාවාරම් කරුවන්ගේ උපායන්ට ගොදුරු වීම නිරන්තරයෙන් සිදු වන්නක්ය. කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිදුවන මෙම නිරූපණ පිණිස රටේ ඈත ප‍්‍රදේශවල තරුණ තරුණියන්ද සහභාගි වන අතර ඔවුන් සියල්ලන්ම මෙම ක්‍ෂේත‍්‍රයට ඇල්මක් දක්වන්නන් වීම විශේෂත්වයක්ය. මේ අතර ආරාධිතයන්ගේ ඡායාරූප ඇතුළත් ඇරයුම්පත් සමාජ ජාල මාධ්‍ය හරහා ඒ ඒ පුද්ගලයන් වෙත නිකුත් කරන අතර දිනය ස්ථානය ආදියද එහි සඳහන්ය. මේ සඳහා අනුග‍්‍රාහකයන් සොයා ගැනීමටද ජාවාරමක් ලෙස මෙය සිදුකරන පුද්ගලයන් අති දක්‍ෂයන්ය. රටේ පිළිගත් ආයතනයක් හෝ ව්‍යාපාරිකයෙක් ඒ සඳහා තෝරා ගනු ලබන්නේ එම තරගයේ පවතින විශ්වාසවන්ත බව ඒ හරහා තහවුරු කිරීම පිණිසය. තිරය පිටුපස ක‍්‍රියාත්මක ජාවාරම පිළිබඳ නිවැරදි වැටහීමක් නොමැති ආයතන හෝ ව්‍යාපාරිකයන් ඒ සඳහා අනුග‍්‍රාහකයත්වය ලබාදීමට සද්භාවයෙන් ඉදිරිපත් වනු ලබන්නේ නවකයන්ට පෙරට ඒමට යම් හෝ සහයෝගයක් ලබාදීමේ අරමුණු සහිතවය.

ඊට අමතරව මෙම කටයුතු සඳහා විශේෂ ආරාධිතයන් ලෙස මෙරට ජනප‍්‍රිය චරිත තෝරා ගැනීමක්ද සිදු කරනු ලබන්නේය. ඒ හරහා සංවිධායකයන් උත්සාහ දරනු ලබන්නේ තමන් රටේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හෝ මෝස්තර නිරූපණ ශිල්පීන් බව බාහිර සමාජය හමුවේ හෙළිදරව් කිරීම පිණිසය.

මතුපිට තලය තුළ එම කාරණා ඒ අයුරින් සිදුවන අතර එය ජාවාරමක් ලෙස සංවිධානය කරන සුළුතරයක් වූ පිරිස තම යටි අරමුණු පිණිස යොමුවන්නේ ඒ අතරතුරය. ඒ අනුව තරගය පිණිස තෝරාගනු ලබන සුරූපී තරුණියන්ගේ ඡායාරූප ආදිය ලබා ගැනීම සංවිධාන කටයුතුවලට යැයි සඳහන් කරමින් මුදල් ලබා ගැනීම පළමුව සිදු කරන අතර ඒ බව කල්තියා හඳුනා ගන්නා ඇතැම් තරුණ තරුණියන් තරගය අතරමැද ඉන් ඉවත්ව යන්නේ එය වංචාවක් බව ඉවෙන් මෙන් වටහා ගැනීමෙන්ය. ඊට අමතරව තිරය පිටුපස සිදුවන අනිකුත් අකටයුතුකම් අතර ලිංගික අල්ලස් ලබා ගැනීමේ අපේක්‍ෂාව සහ එම තරගකාරියන්ව බාහිර පුද්ගලයන්ට හඳුන්වා දීම මෙම ජාවාරම්කරුවන්ගේ තවත් උපායන්ය. 

model4

කොපමණ සුරූපිනියක් වුවද එම යෝජනාවන්ට එක`ග නොවන තරගකාරියන්ට ජයග‍්‍රහණය හිමි නොවනු ඇත. විනිශ්චය මණ්ඩල තීරණ පවා වෙනස් කරමින් වෙනත් තරගකාරියක් ජයග‍්‍රාහිකාව බවට පත් කරන සංවිධායකයන් ඇතැම් විට එවැනි තරුණියන්ගේ මුළු ජීවිතයම අඳුරට ඇද දැමූ සිද්ධීන්ද මෙම ක්‍ෂේත‍්‍රය තුළින් වරින් වර වාර්තා වූ සිද්ධීන් බවට පත්ව ඇත. මෝස්තර නිරූපණ ශිල්පයේ දිගු ගමනක් යෑම පිණිස ඉදිරිපත් වූ ඇතැම් තරුණියන් අතරමැද එම සිහිනය අතහැර දෙලොවක් අතර අතරමං වූ අවස්ථා බහුලව ඇතත් ඔවුන් ඒ පිළිබඳව නීතියේ පිහිට පැතීමට අකැමැත්ත දක්වනු ලබන්නේ ඒ හරහා තව තවත් අවමානයට ලක්වීම නොවැළැක්විය හැකි හේතුවක් බවට පත්වීම හේතුවෙන්ය.


මෙම අකටයුතුකම් පිණිස මෙරට තරුණ තරුණියන් යොමු කරවීම හරහා තම මඩිය තර කර ගැනීමේ ජාවාරමේ නිරතවන කීප දෙනකු කොළඹ හා ඒ අවට තවමත් නිදැල්ලේ පසුවන අතර ඔවුන් සමාජය හමුවේ පෙනී සිටින්නේ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ලෙස ව්‍යාජ රංගනයක නිරත වෙමින්ය. ඒ හරහා ඔවුන් විසින් මෙම ක්‍ෂේත‍්‍රයට පමණක් නොව එම කටයුත්තේ කලක පටන් නිරත සැබෑ ප‍්‍රවීණයන්ටද විවිධ කෙණහිළි සිදු කරමින් ඇත. තරුණ ජීවිත සිහින අතර අතරමං කරමින් මෙම ජාවාරම්කරුවන් තම අරමුණු ඉටුකර ගනිමින් සිටින අතර මේ පිළිබඳ සැබෑ වැටහීමක් නැති ඇතැම් තරුණ තරුණියන් දිගින් දිගටම ඔවුන්ගේ ‘‘ගොදුරු’’ බටව පත් වෙමින් ඇත.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles